ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක් අත්කරදෙමිනි. “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ලෝක සිනමාවේත් ලොව හොඳම නිළිය බවට පත්වූ ඇය පසුගියදා මෙරටදී 9 වැනි දකුණු ආසියානු කලාපීය ජාත්‍යන්තර සිනමා උළෙලේදීත් (SAARC) හොඳම නිළිය බවට පත්වූවාය. එපමණක් ද නොව පසුගියදා පැවැති 9 වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේදීත් ඇය වසරේ හොඳම නිළිය බවට පත්වූවාය.
ඇය නමින් අනෝමා ජිනාදරීය. විවෘතව ප්‍රශ්න ගැන කතා කරන ඒ වෙනුවෙන් නිතරම පෙනී සිටින ඇය, සමාජ මාධ්‍ය ජාලවල ජනප්‍රිය ශිල්පිනියක් වී හමාරය. ඒ තරමට ඇය ආන්දෝලනාත්මක පුවත් මවන්නියකි. පිටපිට එක ළඟ හොඳම නිළිය සම්මාන ද්විත්වයක් හිමිකරගත් මේ ප්‍රතිභාපූර්ණ රංගනවේදිනිය මෙවර අපි ආරාධිත කතාබහට එක්කර ගත්තෙමු. මේ එහිදී අපි නැගූ ප්‍රශ්නවලට ඇය විවෘතව කළ ප්‍රකාශවල සටහනයි.
● මගේ මතයේ හා සෙවීමේ නිගමනය හැටියට මේ පොළොවේ ගැහැනියට විඳීමට සිදුවන අනවරත දුක් ගැහැට පිළිබඳව සවිඥානක රඟපෑමෙන් මාලිනී,අනෝජා,ස්වර්ණා අභිබවන නිර්භය නිළියක් ඔබ.මා එසේ කියන්නේ ඔබේ රඟපෑමට තිර නාටකයේ සඳහන්,අධ්‍යක්ෂණයේ උපදෙස් ඉක්මවූ සමාජ දේශපාලන යටි පෙළ ගැඹුරින් අන්තර් ඥානය කර ගැනීමේ හසල බුද්ධියක් ඔබ විශද කරණ නිසායි, ඔබේ නග්න සිරුර අභීතව සිනමා කැමරාවට සම්මුඛ කරවන නිසායි. ඒ අර්ථයෙන් ඔබ අනෙක් නිළියන්ට වඩා ඉදිරියෙන් සිටින නිසායි. ඔබේ පිළිතුර කුමක් ද...?
2004 දී මායා ශක්ති රංග ශිල්ප ශාලිකාව විසින් පළ කරණ ““කසාය”පුවත් පතට සම්මුඛ සාකච්චාවක් දෙමින් මා කියා හිටියා මාලිනී,ස්වර්ණා,අනොජාට දේශපාලන දෘෂ්ටියක් නැහැ කියලා.මේ ශ්‍රේෂ්ට නිළියන් තිදෙනා අද වනතුරු මට අබමල් රේණුවකින් වෙනසක් නැතිව සිනහපානවා, හමු වුණු විට වැළඳ ගන්නවා.ඒ තමයි ඔවුනගේ පරිණත ශ්‍රේෂ්ටත්වය.එතැන් පටන් මේ යෂ්ටිය මා ඇතුළු වර්තමාන නිළියන් අතට ගන්නා විට ඔවුනට අතපසු වූ දෑ සහ එකතු කළ යුතු දෑ අප විසින් එකතු කිරීමේ වගකීම අප පරම්පරාව සතු යි.දැන් මා කරමින් සිටින්නේ ඒ සමාජ දේශපාලනික කාර්ය භාරය යි.
මා වෙත තිර නාටකයක් පවරන්නට කලින්ම එය ලියන කාලයේ දී එහි අභියෝග ජවනිකා ජය ගැනීමට නම් අනෝමාට මේ චරිතය පැවරිය යුතුයි කියා හිතන අධ්‍යක්‍ෂ තමයි මට කතා කරන්නේ. (නග්න ජවනිකා පමණක් නෙවෙයි “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ කුසුම් පසුපස මැරයන් හඹා එද්දී ට්‍රැක්ටර් අංගනයේ දුවන ජවනිකාව සිහිපත් කරගන්න)ඒත් ඒ නිසාම ඒ සියලු දෙනාම සමඟත් මා කටයුතු කර නැහැ.
ඉන්දියානු නිළියක් වන කන්ගනාට මා සම කරමින් රන්ජන් රාමනායක වරක් කීවේ අනෝමා අධ්‍යක්ෂ සමඟ මේ විරසක ඇති කරගන්නේ හිතාමතාම බවත් එය චිත්‍රපටයේ ප්‍රවර්ධනය දක්වාම පවත්වාගෙන යන බවත් කියලයි.
කෙසේ වුවත් ඔබ කියූ ආකාරයට සමාජ දේශපාලන යටි පෙළ ගැඹුරින් තේරුම් කර ගැනීමේ රහස තිර නාටක රචකයාට /අධ්‍යක්‍ෂට වඩා මා සතු වන්නේ එකම එක කාරණාවක් නිසායි. ඒ මා රඟපෑමට නියමිත චරිතය -ගැහැනියක් වීමත් එය ලියු පුද්ගලයා /අධ්‍යක්‍ෂවරයා පිරිමියකු වීමත් ඔහුගේ පිරිමි චින්තනය ඉක්මවූ දැනුමක් ,සංවේදනාවක් ගැහැනියක,නිළියක වන මා සතුවන නිසාත් හින්දයි.
● එහෙත් වතුකරයේ තේ දළු නෙළන්නිය , මැද පෙරදිග ශ්‍රමය වගුරුවන ගැහැනිය,මධ්‍යම පංතියේ සැමියාගෙන් ගුටි බැට කමින් දරුවන් හදා වඩා උස් මහත් කරණ ගැහැනිය වගේම ඔබත් ශ්‍රම සුරා කෑමේම ගොදුරක් වුණා නේද...?
පළමු ප්‍රශ්නයෙන්ම ඉහළට ඔසවා දෙවැනි ප්‍රශ්නයෙන් ඔබ මා බිම හෙලුවා නේද...(කල්පනා කරයි) ඔව් ! මම බය නැහැ ලජ්ජා නැහැ කියන්න.ඔබ ඉහතින් සඳහන් කළ නිළියන් වගේම දම්මි ෆොන්සේකා, චන්දි රසිකා, නිලුපුලී ජයවර්ධන, ශ්‍යාමලී වරුසවිතාන වැනි නිළියන් තේ දළු නෙළන්නියන්,මැද පෙරදිග ශ්‍රමය වගුරුවන ගැහැනුන්ටත් අන්ත ආකාරයට රවටා ඔවුනගේ නිළි ශ්‍රමය සුරා කා එපමණකින් නොනැවත ඝාතනයට මර්දනයට නොතකා හැරීමට උන් හිටි තැන්වලින් එළවා දැමීමට තරම් සාහසික ක්‍රියාවන්ට නිළියන් ගොදුරු වී තිබෙනවා. ඒ තමයි සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ හා නිෂ්පාදකයින්ගේ මෙන්ම වෘත්තීය පසුබිමක් සකස් නොකරණ ජාතික චිත්‍රපට සංස්ථාවේ අත්තනෝමතිකත්වයේ හැටි. දරදිය ඇද දරුවන් හදා වඩා නිර්මාණවල ශ්‍රමය වැගිරූ මට තේ දළු නෙළන ගැහැනියක දිනකට ලබන රු.500/=වැටුපවත් ලැබුණා ද?
● බොහොමයක් නිළියන් අධ්‍යක්ෂකවරයාගේ අනියම් යටත් වැසියන්.එහෙත් ඔබගේ රඟපෑම් නිවහල්.ඒ නිසාම කෘතියට ඔබගේ රඟපෑම ආලෝකයක්.එය තිර නාටකය / සිනමා අධ්‍යක්ෂණයේ ප්‍රති රූපණ බිඳ දමනවා. තනි තටුව - දැවෙන විහඟුන්” හොඳම උදාහරණ.ඉන් පෙර ටෙලි නාට්‍යවලදීත් ඔබගේ රඟපෑම් එහෙම යි.මේ පෞරුෂයට අකමැති වන්නෝ ඔබේ දායකත්වය පිළිබඳ විවිධ මුසාවාද(ගොසිප්) බෙදා හරිනවා.මෙය නිළියක් විදිහට ඔබගේ දක්ෂතා පෙන්වීමට තිබෙන ඉඩ ප්‍රස්ථා අහුරා ගැනීමක් නොවේ ද...?
ගාමිණී ෆොන්සේකා රඟපෑම වාගේම සිනමා තාක්ෂණය ගැඹුරින් දත් නළුවෙක්,අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමුන්ගේ නිර්මාණයකට ගැනීමට තුන් වැනි කැරැල්ලේ විප්ලවකාරී අධ්‍යක්ෂකවරු පවා බියෙන් පසු වුණේ ගාමිණී ගත්තොත් තමුන්ට අධ්‍යක්ෂක පුටුවෙම වාඩි වී චිත්‍රපටය ගාමිණී අතින් නිම වන තුරු සිටීමට සිදුවන බව දන්නා නිසා යි...මම රඟපෑම දන්නවා.එහෙත් මම අධ්‍යක්ෂණයට අත නොතියන්නේ ඒ ගැන මම නොදන්නා නිසා.එනමුත් මේ රටේ අධ්‍යක්ෂකවරු රඟපෑම දන්නෙත් නැහැ...අධ්‍යක්ෂණය හරිහැටි දන්නෙත් නැහැ.ඔවුනට කැමරා අධ්‍යක්ෂකගේ පිහිටම තමයි.
මම කියන්නේ මට අධ්‍යක්ෂකගේ අනියම් යටත් වැසියෙක් වී කෘතියට අවංක වෙන්න බැහැ.කැමරාවෙන් පසුපස අන් නිළියන්ට ඇති ගනුදෙනු පවත්වන්නටත් මට බැහැ.වෘත්තීයමය ගනුදෙනුව හරියාකාරව ඉෂ්ට කරනවා කියන්නේ සිනමාකරුවාගේ දෘෂ්ටිය ප්‍රශ්න කරමින් දයලෙක්තිකයක් ගොඩ නඟනවා කියන එක යි. එමඟින් පුළුවන් කියලා මම හිතනවා කෘතියට වඩා වැඩි සාධාරණයක් ඉෂ්ට කරන්න.ඒ වගේම තිර නාටකය ඉතා වැදගත් සාධකයක්. තිර නාටකයක්වත් හරියට ලියන්න බැරි අධ්‍යක්ෂකවරු,සහය අධ්‍යක්ෂකවරු මා ගැන මුසා ගෙතුවාට මගේ මොකෝ...?
● ඔබ ලොව හොඳම නිළිය වගේම දකුණු ආසියානු කලාපයේත් හොඳම නිළිය වෙලා.නිළියකට හිමි ඉහලම ගෞරවය ඔබ ලබා ගත්තා කියා හිතනවා ද...?
ඔබේ අර්ථ නිරුපණයට ස්තුතියි.විදෙස් විචාරකයින් වගේම ගුණසිරි සිල්වා,ගාමිණී වේරගම,නන්දන වීරරත්න ඇතුළු දේශීය විචාරකයින් මා කෘතියට ඉටු කරනු ලැබූ ශිල්පීය දායකත්වය තක්සේරු කිරීම මගේ ශ්‍රමය ගැන මට ලබා දෙන සහතිකයන්.නිළියක හැටියට ඉහළම ගෞරවය මා ලබන්නේ මා රඟපාන චරිත නියෝජනය කරණ මේ පොළොවේ ගැහැනුන්ගේ අපරිමිත වේදනා ඔවුන්ගෙන් මුදා හැරීමට පෙළ ගැසෙන සමාජ දේශපාලන තන්ත්‍රයක් බිහිවුණු දවසක යි.එය ශ්‍රී.ල.නි.ප ය ,එ.ජා.ප.ය,ජ.වි.පෙ.ය හෝ සන්ධානයක් හෝ වෙනත් සභාගයක් වේවා ගැහැනිය පෙළන මේ පොළොවේ සකල විධ දුක් වේදනා පලවා හැර, ඔවුනට හිමි අයිතිවාසිකම්,සොඳුරු මානවවාදී ප්‍රාර්ථනා සඵල වන පාලන තන්ත්‍රයක් වෙනුවෙන් මම රඟපානවා.එදාටයි මම ලබන ඉහළම ගෞරවය හෝ සම්මානය.ඒ දක්වා මෙතෙක් මා රඟපෑ චරිත පුරුෂ මුලික සමාජයේ ඇස් අරවන ප්‍රඥාව ලෝකනයක් වේවා කියන ඒකයි මගේ ප්‍රාර්ථනය.
● ඔබ “දැවෙන විහඟුන්”වෙනුවෙන් කළ කැප කිරීමට අද ප්‍රතිඵල ලැබී තිබෙනවා.ඒ ගැන මොකද ඔබට හිතෙන්නේ...?
සහමුලින්ම මගේ රසිකයා ප්‍රේක්ෂකයා නොමඟ යවන ප්‍රශ්නයක්. “දැවෙන විහඟුන්” වෙනුවෙන් කළ කැප කිරීමට මොනවාද මට ලැබුණේ...? සම්මාන ,සමරු සිහිවටන මගේ බඩගින්න නිවනවා ද...? මාස තුන හතරක නොගෙවූ ගෙවල් කුලී වෙනුවෙන් කුලී හිමියා කෑ ගසනවා,දරුවාගේ පාසල් ගාස්තු නොගෙවීම නිසා දරුවා පාසල් නොඑවන්නැයි පාසලෙන් රතු නිවේදන ඇවිත්,ලයිට් බිල,වතුර බිල,ටෙලිෆෝන් බිල් ගෙවන හැටි මගේ මිතුරන්,හිතවතුන් දන්නවා.ලෝකයේ,ආසියාවේ හොඳම නිළියට ප්‍රවාහනය සඳහා මරුටි රථයවක්වත් නැහැ...
අශෝක හඳගමගේ “තනි තටුවට”ශත 5ක් අද වෙනතුරු ගෙවා නැහැ.දැවෙන විහඟුන් ගිවිසුමට පිටින් වාචිකව පොරොන්දු වූ ලක්ෂ 5 තවම ගෙවා නැහැ. ඒත් බඩගින්නේ මළත් බඩගෝස්තරවාදයට නම් රඟපාන්නේ නැහැ,නැහැමයි.එහෙම කළොත් ඒවා නරඹන මගේ රසිකයා,ප්‍රේක්ෂකයාගේ රසය වින්දනය මොට වෙනවා. ඒක පවක් නෙවෙයි,පාරිභෝගික පනත උල්ලංඝනය කිරීමක්. හැබැයි ඔබ හිතන්නේ මගේ කැප කිරීමට සියල්ල ලැබී මම කිම් කාර්ඩීෂියන් කෙනෙකු සේ වැජඹෙනවා කියල යි.
සංවාද සටහන - සමන්ත යහම්පත්
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මේ කුහකයන් අතරේ මගේ කාරිය ඉවරයි
max Friday, 12 July 2019 10:30 AM
ඔබේ ශ්‍රමය නිහීන ලෙස සූරා කෑ වගට ඔබ චෝදනා කරන අයත් ජවිපෙ වේදිකාවේ. ඔබත් ඒ වේදිකාවේ. කලාකාරිනියකට සාධාරණය ඉටු කිරීම යන කාරණාවේදී ප්‍රේක්ෂක අප, ඔබ විශ්වාස කරන්නද? ජවිපෙ විශ්වාස කරන්නද? නැත්නම් මේ ප්‍රපංච තුනම, තම පැවැත්ම සඳහා අපව කඩේ යවනවද?
කපිල Friday, 12 July 2019 03:55 PM
රඟපෑමෙන් හොඳම නිළිය. කථා කරොත් වෟෂභ නිළිය...
Amara Wednesday, 17 July 2019 02:29 AM
රංගනය ට ගෙවන ගෙවීමට අමතරව වෙන වරප්‍රසාද අවශ්‍ය නම් ඡන්දෙ ඉල්ලන්න.