භික්ෂුන් වහන්සේ ඇතුළු පූජ්‍ය පක්ෂය පාර්ලිමේන්තු පැමිණීම වළකන නව පනත හා ෆොන්සේකාගේ ආගමනය තුළ විපක්ෂයේ භූමිකාව ගැන එජාප මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂගේ මතවාදයයි මේ. ප‍්‍රශ්නය:- භික්ෂුන් හා පූජක පක්ෂය මැති සබයට පැමිණීම වැළැක්වීමට ඔබ ගෙනෙන පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවේ අරමුණ හෙළ උරුමය හා ආණ්ඩුව අර්බුදයකට තල්ලූ කිරීම ද නැත්නම් ආණ්ඩුවේ අවශ්‍යතාව මත රටේ ප‍්‍රශ්න යටපත් කිරීම ද? පිළිතුර:- මම මේ ඉටු කරන්නේ මේ රටේ සියලූ මහ නාහිමිවරු ප‍්‍රමුඛ සමස්ත ජනතාවගේම අවශ්‍යතාවයි. රාජ්‍ය නායකයා හා මහ නාහිමිවරු ඉටුකළ යුතු ජාතික වගකීමක් ඉටු කරන්නයි මම මේ හදන්නේ. මම මේ කරන්නේ බුදු දහම ගරු කරන ගුණවන්ත සිල්වන්ත සියලූ භික්ෂුන්ගේ අපේක්ෂාවයි. බුදු දහමට ගරු කරන ඒ අනුව ජීවිතය මෙහෙයවන බෞද්ධයන්ගේ අවශ්‍යතාව ඉටුකිරීමත් මගේ අරමුණයි. එහෙම නැතුව ආණ්ඩුව හා හෙළ උරුමය අර්බුදයට යවන්න හෝ ආණ්ඩුවට කඬේ යන්න මම මේක ගේනවා නෙවෙයි. ආණ්ඩුව ඇතුළෙ අර්බුද හදන්න මට පුළුවනි නම් හොඳයි. ඒත් අර්බුද හදන දේශපාලන සත්වයෙක් වෙන්න මම ආසත් නෑ. කි‍්‍රයාකරන්නෙත් නෑ. රටට ජනතාවට අවංකව යමක් කරන දේශපාලනයකුයි මම කරන්නේ. ප‍්‍රශ්නය:- මේ යෝජනාව මේ වෙලාවෙම ගෙනාවෙ ඇයි? කාලවකවානුව තීන්දු කළේ කවර සාධක මතද? පිළිතුර:- 2004 දී භික්ෂූන් වහන්සේ බුරුත්තක් පාර්ලිමේන්තු ආ වෙලාවෙයි මේක ගේන්න තිබුණේ. ඒත් එදා මම මේක ගෙනාවා නම් සමහරු හිතන්න බැරි නෑ උන්නාන්සේලා පාර්ලිමේන්තු ඇවිත් මේක ධර්මරාජ්‍යයක් සුර පුරයක් කරන්න හදන එකට මම විරුද්ධයි කියලා. මම වසර 08ක් බලා හිටියා. දැන් රටේ කාටත් තේරෙනවා ධර්මරාජ්‍ය හා සුරපුර හදනවා වෙනුවට ඊට හාත්පසින් විරුද්ධ දෙයක් සිදුවෙනවා. හෙළ උරුමයේ භික්ෂුන් සතර අගතියෙන් බේරාගන්නයි මම මේ හදන්නේ. භික්ෂුන් දේශපාලනයට ඒමෙන් රටට හොඳක් නෑ. විපතක් විතරයි වෙන්නේ කියලා ජනතාවට තේරුම් යනකම් ඉඳලයි මම මේ යෝජනාව ගෙනාවේ. ප‍්‍රශ්නය:- එජාපය ඇතුළේ ගැටුම් තවම නිම නොවී තිබෙන පසුබිමක එය නිරාකරණයට අවධානය යොමු නොකර භික්ෂුන් වහන්සේ ගැන වැඩි අවධානයක් යොමු කිරීම තේරුම් ගැනීම මඳක් අසීරුයි නේද? පිළිතුර:- මම පක්ෂ හා පෞද්ගලික දේශපාලනයේ වෙනස හොඳට අඳුනාගෙන කටයුතු කරන කෙනෙක්. එජාප දේශපාලනය හා ගැටුම් නිරාකරණය අපි කරගෙන යනවා. ඒත් මේක මගේ පෞද්ගලික දේශපාලන යෝජනාවක්. මම මේක පුරුදු වෙන්න ගෙනාවෙත් නෑ. 2005 දී මම 19 වන සංශෝධනය ගෙනාවේ විධායක ජනපතිකම වෙනස් කිරීමේ යෝජනාවයි. මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්නත් සංශෝධන ගෙනාවා. ඒත් 2006 නොව ජනපතිවරණය 2005 බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ නිසා ඒක යට ගියා. මේ පනතත් ඒ වගේ තවත් එකක් විතරයි. ප‍්‍රශ්නය:- යම් පනතක් හෝ යෝජනාවක් ගෙනා යුත්තේ ජයග‍්‍රාහීව නිමා කරන්නයි. එවැනි හැකියාවක් ශක්තියක් තිබෙන නිසා හා යම් පාර්ශ්වවලින් ලැබුණු ප‍්‍රතිචාර මතද මේ පනත ගෙනාවේ? පිළිතුර:- ඔව්. දැඩි විශ්වාසයක් සහිත දැඩි සහායක් හා ශක්තියක් හැම පැත්තෙන්ම මට එළිපිට හා එසේ නොවන ක‍්‍රම හරහා මට ප‍්‍රකාශ වෙලා තියෙනවා. ප‍්‍රශ්නය:- අද මේ රටත් ජනතාවත් දැඩි ලෙස ප‍්‍රශ්නවලින් මිරිකී පීඩනයට පත්ව තිබියදී එනම් ජීවන බර, විරැකියාව, නීතිය ස්වාධීන නොවීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවීම, නාස්තිය, දූෂණය ආදී දේ තිබියදී ඔබ ඒ ගැන අවධානය යොමු නොකොට භික්ෂුන් ගැන අවධානය දැක්වූයේ ඇයි? පිළිතුර:- ඔබ කී හැම ප‍්‍රශ්නයටම සම්බන්ධ ව්‍යසනයක් තමයි මේක. කිසිදා නොවූ තරම් අපරාධ අද සිදුවෙනවා. ගිහියන් යහ මගට ගන්න පැවිදි පක්ෂය අපොහොසත්ව තිබෙනවා. විනය පිරිහිලා. සංඝ සමාජයත් බෙදිලා. අපරාධ රැල්ලක් අද ඇතිවීමටත් මුල ඒකයි. එහෙව් රටක ආර්ථිකය බිඳ වැටෙනවා. එතකොට සමාජ ප‍්‍රශ්න ඔඩු දුවනවා. ජනතාව අනාථ වෙනවා. ඒ එක්කම භික්ෂුන් වහන්සේ සමහරෙක් දේශපාලන බලය සීමාව ඉක්මවා පාවිච්චි කරනවා. අන්‍ය ආගම්වල පූජ්‍ය පක්ෂය මේක දැක්කාම ඔවුන්ට අසාධාරණයක් වෙන බව හිතුවාම ආගම් අතර විරසක හා භේද ඇතිවීමේ ඉඩකඩ මතු වෙනවා. භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තු ආපු නිසා අපිත් යා යුතු යයි අන්‍ය ආගම් පූජ්‍ය පක්ෂත් පාර්ලිමේන්තු ඒවි. ඔවුනොවුන් අතරේ වාද විවාද ඇතිවී ඒවා ගැටුම් දක්වා ගියොත් මොකද වෙන්නේ. එතකොට යූඇන්පී ශ්‍රීලනිප නොවෙයි පූජ්‍ය පක්ෂයයි ගහ මරා ගන්නේ. එතකොට ආගමික විරසකයක් යුද්ධයක් පවා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. වර්ගවාදී යුද්ධයෙන් වසර 30ක් බැටකාපු අපට එහෙම යුද්ධයක් ඕනෑද හිතල බලන්න. ඊශ‍්‍රායලය හා පලස්තීනයට වෙච්ච විනාශය මේ රටට අවශ්‍ය දැයි හිතල බලන්න. ඒවා වළක්වන්නයි මේ පනත ගෙනාවේ. ප‍්‍රශ්නය:- භික්ෂූන් වහන්සේට ඡන්ද බලය හිමි නම් ඡන්දය ඉල්ලා ඒ ඒ ආයතනවලට පත්වීමේ අයිතියත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක තිබෙනවා. ඒත් කළු කබා ඇඳගත් ඔබ වැනි නීතිඥයන්ට උන්වහන්සේලාගේ එම මානව හිමිකම නැති කරන්න ඇති අයිතිය කුමක්ද? පිළිතුර:- දැනට තිබෙන නීතිය අනුව භික්ෂූන් වහන්සේට විවාහයක් කරගන්න බාධාවක් නැහැ. හැබැයි හාමුදුරුවරු කසාද බඳින්න ගත්තොත් නීතිය වෙනස් වේවි. අනික මේ රටේ ව්‍යවස්ථා හදපු අය මේ රටේ භික්ෂූන් මෙච්චර නින්දා සහගත තත්ත්වයට පත්වේවි කියල හිතුවෙ නෑ. පූජ්‍ය පක්ෂය ඉන්නේ ගිහියන්ට උඩිනුයි. ගිහියන්ගේ මූලික අයිතීන් පූජ්‍ය පක්ෂයටත් ඕනෑ යයි ඒ අය කියනවා නම් ඔවුන් ඒ එක්කම අඟවන්නේ තමන්ට ගිහියන්ගේ මට්ටමට පල්ලම් බහින්න අවශ්‍ය බවයි. මොනතරම් විලි ලැජ්ජා නැති ඉල්ලීමක් ද? පූජ්‍ය පක්ෂයේ අයිතීන් බලන්නේ ගිහියන්ට සාපේක්ෂව නෙවෙයි පූජ්‍ය පක්ෂයේ අය අතරිනුයි. නීතිඥයො වෙන්න, රියැදුරු බලපත‍්‍ර ගන්න භික්ෂූන් ඉල්ලූවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා ප‍්‍රතික්ෂේප කළේ පූජ්‍ය පක්ෂයේ ගෞරවය රකින්න මිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිය ගැන නොතේරෙන නිසාද? තායිලන්තයේ ලක්ෂ 03ක් භික්ෂූන් ඉන්නවා. ඡන්ද ඉල්ලීම තියා ඡුන්ද බලයක් ඒ අයට නෑ. අපේ හාමුදුරුවරු ථෙරවාදී හොඳ බෞද්ධ රටක් ලෙස ඒ රට වර්ණනා කරනවා නේද? දේශපාලනය නිසා තායිලන්ත සංඝ සමාජය කැඩිල බිඳිල කුජීත වෙලා කිළිටිවෙලා නෑ. ඡන්ද බලය නෑ කියල ඒ භික්ෂුන් අඬන්නෙ නෑ. පාර්ලිමේන්තු යා යුතුයි බිස්නස් කළ යුතුයි කියල අරගල කරන්නෙ නෑ. ප‍්‍රශ්නය:- මේ පනත ඔබ ගේන්නේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවෙකු ලෙස බවටත් හෙළ උරුමය විග‍්‍රහ කරනවා. රට කඩන ත‍්‍රස්තවාදය මර්දනය කරන අතරේ පිල් මාරු කළ ඔබ දැන් මේ හරහාත් එවැනි කුමන්ත‍්‍රණයක හවුල්කරුවෙකු ලෙස කි‍්‍රයා කරන බවට ඇති බරපතළ චෝදනාව ගැන මොකද කියන්නේ. පිළිතුර:- ආණ්ඩුවෙන් සුර සැප හා වැටුප් වරප‍්‍රසාදවලට අමතරව තමන්ගෙ ගෙදර ඉඳගෙන ගෙයි කුලිය ලෙස රු. ලක්ෂයක් ආණ්ඩුවෙන් අරගෙන හදිසි නීතියට ඡුන්දය දීපු හෙළ උරුමයේ අය අපට මේ චෝදනා කිරීම විහිළුවක්. තවත් සමහරු මාළිගාව හදන්න ආණ්ඩුවෙන් කප්පම් අරගෙනයි ඡන්දය දුන්නේ. මම ආණ්ඩුවෙන් විපක්ෂයට ගියත් හදිසි නීතියට පක්ෂව ඡන්දය දුන්නේ නොමිලේයි. එතකොට කුමන්ත‍්‍රණකාරයො බඩගෝස්තරවාදියො හා අවස්ථාවාදියො කවුද කියල මම අහනවා. මම වසර 06ක් මන්තී‍්‍රකමට ගත්ත වැටුපෙන් පිළිකා රෝහලට ශල්‍යාගාරයක් පූජා කළ කෙනෙක්. මම දේශපාලනයෙන් ජීවත්වන කෙනෙක් නෙවෙයි. රට වටේ ගිහින් බෑංකිමූන්, ඔබාමාගේ පඹයො පුච්චමින්, සිංහලෙන් බනිමින් ආණ්ඩුව ජාත්‍යන්තරව අපහසුතාවට පත් කළේ මේ අය මිසක් මම ද? ජිනීවාවලදී ලංකාවට ලැබුණු ඡන්ද 15න් වැඩි හරියක් මුස්ලිම් රටවලිනුයි ලැබුණේ. ඊළඟ පාර ඒකත් නෑ. ඡන්දවලදී විතරද මුස්ලිම්වරු හා එම රටවල් ඕනෑ කියල ඔවුන් බෝඞ් ඇල්ලූවා. ඒ නිසා හෙළ උරුමය හා ඒ හිමිවරු ජාතික මෙන්ම ජාත්‍යන්තරවත් මේ රට අනාථ කරනවා. ජිනීවාවලදී පැරදුණේ ඇමෙරිකාව ඉන්දියාව බි‍්‍රතාන්‍ය තරහ වුණේ ආණ්ඩුවේ ඉන්න ඔය සමහරුන්ගේ අඥාන වැඩ නිසා නෙවෙයිද? මම හදන්නේ ඒ වැරැදි යළි සිදුවීම නවත්තන්නයි. ආණ්ඩුවට ඒ රාජ්‍ය තාන්ති‍්‍රක මෙහෙයුම කරන්න නොදී වාචාලකම් දොඩලා මේ රට විනාශ කරන්නේ කවුද? ඒ නිසා මේ රට වනසන්න ඕනෑ නම් කළ යුතු හොඳම දේ භික්ෂූන් තව තවත් දේශපාලනයට තල්ලූ කිරීමයි. මම හදන්නේ ඒක නවත්තන්නයි. ගිය සතියේ ජනාධිපතිතුමා ඉදිරියේ ලොකුම රැුස්වීමකදී අස්ගිරිනාහිමි කිව්වෙ මොකද්ද? භික්ෂූන් දේශපාලනයට ඒමෙන් වුණේ භික්ෂූන් අවමානයට පත්වීම විතරක් නිසා උන්වහන්සේලා දේශපාලනයට ඒම වහාම නවතන ලෙස කිව්වා. ප‍්‍රශ්නය:- ඒත් ”අද” පුවත්පතට රතනහිමි පැහැදිලි ලෙස කියා තිබුණේ ඔබේ පනත පරාජය කිරීමට ආණ්ඩුව පැහැදිලිවම තීන්දුකොට ඇති බව අඟවන ප‍්‍රකාශයක් නේද? පිළිතුර:- රතන හිමි යනු ආණ්ඩුව නෙවෙයිනේ. උන්වහන්සේ අඩුගානේ ආණ්ඩුව කියන එන්ජිමේ ඇන මුරිච්චියක්වත් නෙවෙයි. මේ අය ආණ්ඩුවෙන් යැපෙන පරපුටු මට්ටමේ අයයි. ආණ්ඩුව මේ පනතට විරුද්ධ වේවිය කියලා. ව්‍යාජ ප‍්‍රකාශ කරන්න උන්වහන්සේට බලයක් නෑ. මම පෞද්ගලිකව දන්නවා මේ පනත පරාජය කළ යුතුය යන්න ආණ්ඩුවේ මතය නෙවෙයි කියලා. ආණ්ඩුවේ බලවත් අය එක්ක අපි මේවා කතා කළා. ඒ නිසා හෙළ උරුමය පාර්ලිමේන්තුවේ ඡන්ද 02ක් තියා ගෙන අපි බලෙන් හරි මේවා කරනවා කියල කයිවාරු ගැහීම හාමුදුරුවන්ට සුදුසු නෑ. අපි කොහොම හරි පරාජය කරනවා කියන්නෙ ත‍්‍රස්තයනුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල කොහොම හරි කරන ක‍්‍රමයක් නෑ. අනිත් මන්තී‍්‍රවරුන්ගේ අයිතිය පිළිගන්න ඕන නේද? එයාලා ධර්ම රාජ්‍යයට අදාළ පනත ගෙනාවා. ඔවුන් අන්‍යාගමික පනත ගෙනාවා. අන්‍යාගමිකයො හරි වෙනත් අය හරි ඒකට විරුද්ධ පෝස්ටර් ගහල අවලාද කිව්වෙ නෑ. ඒත් මම රටට විශාල සේවයක් කරන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කි‍්‍රයා කරන කොට ඒකට විරුද්ධව රට පුරා පෝ්ස්ටර් ගහන නින්දිත තත්ත්වයට හෙළ උරුමය වැටිලා. භික්ෂූන් සිල්වත් හෝ දුසිල්වත් වුණත් බුදු දහමට සලකළා ගිහියන් ඔවුන් විවේචනය කරන්නෙ නෑ. ඒක ගිහියන්ගේ දුබලකමක් ලෙස භික්‍ෂූන් සලකන්න නරකයි. ප‍්‍රශ්නය:- සුළු පිරිසක් මේ පනතට එරෙහි වුවත් ජනතාව ඊට පක්ෂ බව සමාජ ප‍්‍රතිචාර කියාපානවා. ඒ පසුබිම තුළ එජාපය ඇතුළේ ගැටුම්වල නිමක් නැතිවීම හා ෆොන්සේකා ගේ නිදහස මෙන්ම විපක්ෂයේ අනාගතය ගැන ඔබේ දැක්ම කෙබඳු ද? පිළිතුර:- දැනට තියෙන තත්්ත්වය අනුව නම් ෆොන්සේකා මහතාට දේශපාලන අනාගතයක් නෑ. ඔහුට නිදහසක් ලැබිලත් නෑ. ගෙදර ඇඳක් උඩ නිදා ගැනිීමේ නිදහස විතරයි ෆොන්සේකාට ලැබුණේ. මේකෙන් ඇත්තටම නිදහස් වුණේ ජනාධිපතිතුමායි. දේශපාලන හිරකාරයො තියාගෙන ඉන්නවාය මානව හිමිකම් කඩනවා කියල ජාත්‍යන්තරයෙන් අපවාද ආවා. දැන් එතුමා යම් තරමකට ඉන් නිදහස්. මේ ව්‍යාජ නිදහස තුළ වසර 07ක් යන තෙක් ෆොන්සේකාට ඡුන්ද බලයත් නෑ. පූර්ණ නිදහස ලබාගන්න එජාපය ලෙස අපි උද්ඝෝෂණ සාකච්ඡුා කළා. පූර්ණ නිදහස ඉල්ලලා පනතක් ගේන්නත් එජාපය හැදුවා. මමයි පනත හැදුවේ. ෆොන්සේකාම ඒක ගේන්න එපා කිව්වා. පැහැදිලි හේතුවක් කියල නෑ. ඊට කලින් කතා කරල නිදහස ලබාදෙන්නත් මම මැදිහත් වුණා. විරසක අමතක කරන්නැයි මම පැයක කතාවක් පාර්ලිමේන්තුවේ දී කළා. මනුස්සයො හා බෞද්ධයො ලෙස ජීවත්වෙමුයි මම යෝජනා කළා. ජනාධිපතිතුමා ෆොන්සේකා හෝ පවුලේ කාගෙන් හරි ලියුමක් ඉල්ලූවා. අප අතර දේශපාලන ප‍්‍රශ්න තිබුණත් රටේ නායකයා දෙවැනියා වෙනවට මමත් කැමැති නෑ කියලාත් මම කිව්වා. ෆොන්සේකාට දෙවැනියා වෙන්න කියලයි මම කිව්වේ. ඒත් එතුමා මට කිව්වෙ තව අවුරුදු 7-8 ක් ඇතුළෙ ඉන්න එක මට ප‍්‍රශ්නයක් නෑ. ඒ නිසා කවදාවත් ඉල්ලීම් කරන්නෙ නෑ කිව්වා. එහෙම කියපු එතුමා ටිරාන් අලස්ගේ මැජික් පොල්ලෙන් බාගෙට නිදහස ලබල තියෙනවා. ප‍්‍රශ්නය:- මේ බාගෙ නිදහස හෝ ලබාදී විපක්ෂය තුළ ඇති බෙදීම් හා හැලහැප්පිලි තව වැඩි කරන්න ආණ්ඩුව තුළ අරමුණක් තිබුණා නම් එය සාර්ථක වේවි යයි ඔබ හිතනවද? පිළිතුර:- ෆොන්සේකා හරහා නම් විපක්ෂයේ භේද වැඩි කරන්න පුළුවන් වේවි කියල මම හිතන්නෙ නෑ. ආණ්ඩුවේ යටි හිත තුළ එවැනි යටි අරමුණු තියෙන්න ඇති. ඒත් ඒව හරියන්නෙ නෑ. ඒත මට හිතෙන්නෙ ජනාධිපතිතුමා හිතුවෙ ටිකක් වෙනස් විදියටයි. ෆොන්සේකා වීරයෙක් වෙන්නේ හිරේ හිටියොත් විතරයි. එළියට දැම්මාම ඔහුත් සාමාන්‍ය කෙනෙක් බවට පත්වෙන බව දැනගෙනයි මේක කළේ. එජාපය ගැනත් ඔබ ඇහුවා. ඇතුළේ අනවශ්‍ය ගැටුමක් තියෙනවා. අපි මේක සමනය කරන්න හැදුවත් තාම හරි ගිහින් නෑ. තව කොච්චර කාලයක් මේක යාවිද කියන්නත් අමාරුයි. මේක රටේ සියලූ ජනතාවට ඉතා අහිතකරයි. විපක්ෂය ගහගත්තොත් ආණ්ඩුව හිතෙන හිතෙන වැරැදි කරනවා. අද ජනතාවට සහන නැත්තෙත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අඩාලවීමටත් හේතුව එයයි. සමගි කරන්න අපි හුඟක් උත්සාහ කළා. ඒක බැරි නම් කළ යුත්තේ දැඩි විනය කි‍්‍රයාමාර්ගවලට යන එක විතරයි. එතකොට කට්ටියක් විසිවේවි. ඒ හැර විකල්පයක් නෑ. 70 දශකයේ රුක්මන් සේනානායක එජාපයට විරුද්ධව කි‍්‍රයා කළා. රුක්මන් ඞී.ඇස්. ගෙ මුණුබුරා කියල බැලූවෙ නෑ. ජේ.ආර්. කළේ රුක්මනුයි එයා එක්ක හිටපු නියතපාල හා සූරියප්පෙරුමලාට එළවලා 77 දී 5/6ක බලයක් ගත්තා. අද එජාපයේ ප‍්‍රශ්න ඇති කරන අයට පයින් ගහල එළවන්න කියල ජනතාව කියන දවස අත ළඟයි. එදාට එජාපයත් උඩින් දිනනවා.
කොළඹ දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී විජයදාස රාජපක්‍ෂ
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඅන් මෙයා යන්න යන්න.. මේවද රටේ දැවෙන ප්‍රශ්ණ??
අපි ඇත්තටම ඔබට සුභ පතනවා
එතකොට විජේදාස මහත්තයෝ ලැබෙන වරප්‍රසාද, සැප වාහන, අනිත් දේවල් අපේ හාමුදුරැවන්ට අකැපයිද? ඒවා දුප්පත් දායකයන්ගෙන් ලබා ගන්න බැහැනෙ..??
මේ ගැන දවසක්ම හිතන්න වෙයි...
මාගේ එකම තීරනය භික්‍ෂූන්වහන්සේලා දේශපාලනය නොකල යුතුයි. සීලය ආරක්‍ෂා කරගතයුතුයි. ධර්මානුකූලව වැඩසිටිය යුතුයි.
අපිට නම් ස්වාමීන් වහන්සේලාගෙන් අවැඩක් උනේ නෑ....ගිහියන්ගෙන් වගේ..
මහනෙනි,෴ බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා,සන්වරව,පිරිසිදු සීලයෙන් අසරන ලෝකයා වෙනුවෙන් ගම් දනව් වලට ගොස් මාගේ ධර්මය දෙසන්න. සසරෙන් මුදවගන්න. තන්හාව,ආසාව සසර ගමනට බාධාවක්, භික්‍ෂුව සියලු සැප සම්පත්, කෙලෙස් තුලින් මිදුනු පිරිසිදු සීලවන්ත පරිපුර්න උතුමන්ලාය, මේ මන්තිර්‍ර පට්ටම්, මොකටද, මොන ලැජ්ජ් නැතී දේවල්ද? හාමු වරුන්නේ, කරුනාකරලා බුද්ධ චීවරය ගලවලා කොන්ඳක් නැති,මොලයක් නැති පාර්ලිමේන්තු පුටුවේ වාඩිවෙන්න.
මෙයා මට පේන්නෙ තායිලන්තෙ බෞද්ධයෙක් එහේට යැව්ව නං හරි සවුදිය පාලනය කරන්නෙ මුස්ලිම් පූජකවරු රටේ ඉහළම නීතිය ඔවුන්ගේ ෆත්වා එකයි වතිකානුව ක්රිස්තියානු පූජකවරු පාලනය කරයි පිරිසිදු බුදුදහම ඇති එකම රට අනේ මගේ රටේ හාමුදුරුවනේ තව ටික දවසකින් ඔබ වහන්සේලාගේ ඡන්ද බලයත් මේ අය නැති කරයි
ඔහොම අත් හැරීම දියුනු කරගෙන කරගෙන යනකොට යනකොට රටම බෞද්ධයන් ගෙන් අත හැරෙයිද දන්නෑ හොඳේ !
බුදු දහම හරි හැටිදන්නා කෙනෙකු වේවා, දහම් පොත් කියවන්නෙකුවේවා, සුලූ බුද්දියක් හෝ තිබෙන්නෙකු වේවා, බුදු දහමට ආදරය කරන්නෙකු හෝ ගරුකරන්නෙකු, මේ කිසිවෙක් මහා සංඝරත්නය දේශපාලනයට සුදුසු යයි අනුමත නොකරනු ඇත. අපගේ ගුරු දේවයන් වහන්සේලාට දේශපාලන මඩ ගොහොරුවට වඩා මහගු ආගමික ජාතික සේවයක්කිරිමට ඇතිබව අමතක නොකරන්න. සාදූ, සාදු,සාදු. (ධර්මාශෝක)
විජාතික බලවේග,විජාතික ආගම් කාරයෝ හරි කැමතියි අපේ මහා සංඝරත්නය ජරාජිර්න දේශපාලනයේ ඉන්නතාක්කල්. බුදුදහම හරිහැටි දන්නා,ගරුකරනා, කිසිම බුද්දිමතෙක් භික්‍ෂුන් දේශපාලනයට සුදුසු යයි අනුමත නොකරයි, අනෙක් පූජකවරු හා සමානවත් ඔවුන් කරන කීදේවල් භික්‍ෂුන් කලයුතුයි යන්න මහා විහිලුවකි. සංඝරත්නය ඊට හාස්පසින්ම වෙනස්, සියල්ල අත්හළ උත්තමයෝය. සවුදිය පාලනය: කෝ ස්‍ත්‍රින්හට නිදහස.කෝ ප්‍රජා අයිතිය???????? වතිකානුව: මොකද්ද දියුනුව, ?????ආර්තික අර්බු ඉතාලිය. අපගේ යුතුකම සංඝරත්නය ආරක්ශාකිරීමයි, මනා බුද්දියෙන් දැකීමයි
භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවේ සිටීම අපේ ආගමටත් ජාතියටත් ලොකු ශක්තියක්
විපක්ෂයට බලය ලබාගන්න තිබෙන එකම ක්‍රමයයි මේ අත් හදා බලන්න යන්නේ. ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවේ සිටින තුරු තීරනාත්මක මොහොතේදී තමන්ට ඡන්දය පාවිච්චි නොකරන බව ඔවුන් පැහැදිලිව දනී. මේවා ගැන මීට වඩා සිතා බැලිය යුතුය !
මෙයාටත් සිවුරක් ඇන්දුව නම් කොහොමද?
නියම බුද්ධපුත්ත්‍රයන් වහසේලා, පාර්ලීමේන්තු නොයයි,ඡන්දය නොඉල්ලයි,සැප යානවාහන තමන්ගේ අයිතියට නොගනි. සැප සම්පත් නොවිදියි. සරලව මහනදම් පුරයි. පාර්ලීමේන්තුවට යන්නේ තන්හාව ආසාව ඇති මිනිස්සු. වෙනද වගේ ගම්මුන්ට බනක්දහමක් කියාල සිල් සුවදත් එක්ක පන්සලේ හිටියනන් මොකද වෙන්නෙ දෙවියනේ. සංසාරෙන් එගොඩ වෙන්න පිං නැහැ.
සංඝයා වහන්සේලාගේ කාර්යය මිනිස්සුන්‍ගේ ආධ්‍යාත්මික දියුණුව වැඩි කරන එක.ඒ අයට මොකටද දේශපාලනය?
මගෙත් අදහස භික්ෂූන් දේශපාලනය නොකළ යුතුයි කියන එකයි. නමුත් ඒක තීරණය කරන්න ඕනෙ මහ සංඝ රත්නය මිසක් ගිහියො නොවෙයි.
විජේදාස මාහතානෙනි, ඔබ තුමානන්ගැන අප දන්නෙමු, අසා ඇත්තෙමු. මේ පාර්ලීමේන්තු මන්තිරි හාමුදුරුවරුවරුන්ට අම්මපා ලැජ්ජා නැද්ද මේ නාඩගම ගැන වැදිබන කියන්න. තන්හාව ආශාව පිරිලා, කාර් එකෙන් බහින්නේ හරිම උජාරුවෙන්. බුදුබන අමතකවෙලා, පින්ඩපාතය දන්නෙ නැහැ. මානෙන් උදම්වෙලා, දුරකතනය නිදාගන්නෙත් අතේම තියාගෙන. ඒ මදිවට ක්‍රෙඩිටි කාඩි. බුදු පියානනී ඔබ වහන්සේ දෙසූදහම මෙයද. මේ උත්තරීතර බුදු දහමේ මුවාවෙන් ; බඩ ගෝස්තරය,පුහූමාන්නය මන්තිරි හාමුදුරුවරු බුක්ති විදීම, නියම පිරිසිදු බුදුදහම රකින බුද්ධ පුත්ත්‍රයන්ට කරනා නිගරුවකී. බුදුදහමට ගරුකරන හැම මන්තිරි හාමුදුරුවගේම අපිරිසිදු පුටුවට රතු තිත තියනූ.
භික්ෂූන්වහන්සේලා ධර්මයේ සහ විනයට අනුව හැසිරිය යුතුය..!
මෙයාලට පක්ෂව භික්ෂූන් හිටය නම් ඔන්න එතකොට භික්ෂු දේශපාලනය හරි හොදයි
එතකොට ගිහි පැවිදි කියලා කොටස් නැති ආගම් වලට කොහොමද නීතිය බලපාන්නේ?
2004 දී භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු ආ වෙලාවෙයි මේක ගේන්න තිබුණේ. බුදු දහමට ආදරේ තරම මෙයාගෙ අදහස් පල කරන තරමින් පෙනේ පුහුල් හොරා කරෙන් දැනේ කිව්වය කියනවනේ බොලන්ඩ !
පූජනීය කහ සිවුර විකුණල ඡන්දෙ ගත්තා....
මුලින්ම අවධාරණෙයෙන් කියන්න ඕනි මේ උතුම් සංඝරත්නය මේ ජරාජීර්ණ දේශපාලනයට කොහෙත්ම සුදුසු නෑ
අප කළයුත්තේ භික්ෂුන් වහන්සේලාට තහංචි පැනවීම නොවේ. අපට බුදුන්ගේ ධර්මය පිළිපදින ලෙස දේශනා කරන උන්වහන්සේලාටත් බුදුන්ගේ ධර්මය අනුවම පමණක් කටයුතු කරන ලෙස කරුණාවෙන් මතක් කිරීමයි. නීති පනවා මෙය වැලැක්වීම ඔවුනට කරන නිගාවක් මෙන්ම ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. සංඝයා යනු බුදුන්ගේ දහමට අනුව යමින් ස්වයං විනයක් අනුව කටයුතු කරන පිරිසකි.
භික්‍ෂුව මාර බලවේග හදුනාගතයුතුයි. චීවරයක් දාගත් පමනින් භික්‍ෂුවක් නොවෙනු ඇත. යහපත් ක්‍රියාවෙන්,පැවැත් මෙන් බුද්ධපුත්ත්‍රයෙක් වෙනු ඇත. මේ මාරබලවේග වලට හසුනොවූ සීලය ආරක්‍ෂාකරමින් වැඩ සිටිනා බුද්ධපුත්ත්‍රයන් වහන්සේලාට දෝහොත්මුදුන් තබා වදින්නෙමු.
අපේ රට, සසුන නැති වුනේ මේව නිසා තමයි..
ලාංකීය බහුතරයක් පිලිපදින බුදුදහම සැලකු විට එය බුදුවරයෙකු තමන් විසින් පහල කරගත් ඥානයක් පදනමි කරගෙන සමස්ථ මිනිස් සමාජයටම කල මගපෙන්වීමකී. බුදු දහමේ ඉගැන්වීමට අනුව බුද්ධාගම ලොවට ප්‍රකාශ වන්නේ එකම එක මනුෂයයෙකු වන බුදුවරයෙකු තුලිනි. එම බුද්ධ ඉගෙන්වීමි අධ්‍යනය කිරීමේදී පෙනීයන්නේ සමස්ථ මිනිස් සමාජයේ විමුක්තිය සදහා වු මාර්ගය බුදුන් විසින් දේශනා කල දහම තුල ඇති බවත් එය දේශයක්, භාෂාවක්, පුද්ගල තරාතිරමක්, කුලයක්, යනාදී කිසිවක් මත පදනමි නොවන බවත්ය. මෙය ලොව බහුතර බෞද්ධයන් පිලිගන්නා සත්‍යයක් වන අතර එසේ පිලිගැනීමෙ වරදක්ද නොවේ. මන්ද මෙතෙක් ලොව පහල වු සෑම දාර්ශනිකයෙකුම, ශාස්තෘවරයෙකුම, පුජකවරයෙකුම, කලේ තම අනුගාමික පිරිස් එකම මතයක් ඔස්සේ පෙළගැස්වීම මිස ඔවුන් විවිධ කොටස්වලට බෙදා බේදභින්න කිරීම නොවේ. එවන් වු මෙහෙවරක නිරත වු ගෞතම බුදුන්ගේ දහමට අද ලංකාවතුල අත්කර දී තිබෙන ඉරණම කුමක්ද? ථේරවාද, මහායාන, හීනයාන, යනාදී වශයෙන් අතීතයේ බෙදුනු බෞද්ධ පුජාව අද තවත් අනුබෙදුමි ගණනාවකට උරුමකමි කියමින් ඒ එකින් එකාහට අපහාස උපහාස හා චෝදනා නගමින් තමන්ගේ මතවාදයට සුදුහුණු ගාන්නට වෙරදරමින් සිටී. එහිදී මෙම සියළු පාර්ශවයන් පවසන ප්‍රධාන වාදය නමි පිරිසිදු බුදුදහම අනුගමනය කරන්නේ අපි යන්නයි. මෙම තත්ත්වය දකින්නට ඇත්තේ ජාතිකතලයේ පමනක් නොවේ. ජාත්‍යන්තරය විමසා බැලුවද චීනය, කොරියා, හෝ ජපානය යන රටවල වෙසෙන බෞද්ධ ජනයා තමන් අදහන බුදුදහමට වඩා ලාංකීය බෞද්ධ ජනයා අදහන බුදුදහම පිරිසිදු බුදුදහම යයි කිසිවිටෙකත් පවසන්නේ නැත. එසේම ලාංකීය බෞද්ධ ජනයා තමන් අදහන බුදුදහමට වඩා ජපානයේ තිබෙන බුදුදහම පිරිසිදු බුදුදහම බව පවසන්නේද නැත. නමුත් මෙහිදී නියත වශයෙන්ම විය හැකිවන්නේ 1.සියළු පාර්ශවයන් වැරදී 2.එක් පාර්ශවයක් හැර අනිකුත් පාර්ශවයන් වැරදී යන්න පමණි. මෙතැනදී මා අවධාරණය කරන්නට උත්සහ කරන්නේ ලාංකීය බහුතරය පිලිපදින බුදුදහම තුලත් මා ඉහතින් සදහන් කල බෙදීම නිර්මාණය වී තිබෙනවා යන්න පමණි. භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමත් මෙම බෙදුමිවාදයේ එක් කොටසක්ම වන්නේය.