IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


බ්‍රසල්ස් ගුවන් තොටේ සිදු වූ ඩොලර් කොටි පහේ දියමන්ති කොල්ලය

ඉකුත් සඳු\ එනම් පෙබරවාරි 18 වැනිදා රාති‍්‍රයේ, ස්විට්සර්ලන්තයේ ‘හෙල්වෙටික්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක්, බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වීමට සූදානම් වී තිබුණි. එවිට වේලාව රාත‍්‍රී 7.40 ට පමණ විය. යානය පිටත් වීමට නියමිතව තිබුණේ රාතී‍්‍ර 8 ට ය. බ‍්‍රසල්ස් සිට ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබුණු එම යානයේ මගීහු ආසන පටි පැලඳගෙන ගුවන් ගමනට සූදානමින් සිටියහ. නියමුවෝ දෙදෙන පාලන මැදිරියෙන් උපදෙස් ලැබෙන තෙක් බලා සිටියහ. ඒ මොහොත වන විට ගමන් මලූ ආදී බඩු බාහිරාදිය ගුවන් යානයට පැටවීමේ කටයුතු සිදුවෙමින් පැවැති අතර, ගුවන් සේවිකාවෝ දෙදෙනෙක් එම කටයුත්ත අධීක්ෂණය කරමින් සිටියහ. ගුවන් යානය පිටුපසින් පැමිණෙමින් තිබුණු මෝටර් රථ දෙකක් කෙරෙහි කාගේවත් අවධානය යොමු නොවිණි. 

 


පවනට බඳු වේගයකින්, ගුවන් තොටුපොළේ ගුවන් යානා ධාවන පථ අතරින් අඳුර බිඳ ගෙන මතු වූ එම මෝටර් රථ දෙක ගුවන් යානයට පිටුපසින් ඊට ළං විය. මෝටර් රථ පැමිණියේ පොලිස් රථ මෙන් විදුලි පහන් දල්වා ගෙනය. 


ගුවන් යානය අසලට පැමිණි ‘අවුඩි’ සහ ‘මර්සිඞීස්’ වර්ගයේ එම මෝටර් රථ දෙකෙන් රියැදුරන් දෙදෙනාට අමතරව හය දෙනෙක් එළියට බැස්සාහ. ඔවුහු පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි අතර අති නවීන ස්වංකී‍්‍රය ගිනි අවිවලින් සන්නද්ධ ව සිටියහ. ගුවන් යානයේ නියමුවන් සහ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් තැති ගත්තේ එම අවස්ථාවේදීය. ඒ, එම පිරිස මුහුණු ආවරණය කරගෙන සිටි නිසාය. පොලිස් නිලධාරීන් සේ වෙස්වලා ගෙන ආ ඔවුන් කවුරුදැයි ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් පවා දැන සිටියේ නැත.
මෝටර් රථ දෙකෙන් බිමට බට සැණින්, දෙදෙනෙක් කෙළින්ම ගියේ ගුවන් යානයේ නියමු කුටිය වෙතටය. එම දෙදෙනා නියමුවන්ට තර්ජනය කරද්දී, නියමුවන්ට කළ හැකි වූයේ දෑස් ඔසවා ඔවුන්ට යටත් වීම පමණි. සිදුවන්නේ කුමක්දැයි පාලක මැදිරියට දැනුම් දීමටවත් ඔවුන්ට හැකියාවක් නොවුණේ සියල්ල අසුරු සැණින් සිදුවීම නිසාය. 


සෙසු සිව්දෙනා ගුවන් සේවිකාවන්ට තර්ජනය කරමින් සේවිකාවන් දෙදෙනා ද සමඟ ගමන් මලූ ඇසුරුම් කුටියට ගියහ. ඔවුන් සේවිකාවන් දෙදෙනාගෙන් විමසා සිටියේ කුඩා මලූ 120 ක් බහාලූ කුඩා පෙට්ටියක් ගැනය. දැඩි ආරක්ෂාවක් මැද එම පෙට්ටිය ගුවන් යානයට පටවා තිබුණේ එම පිරිස පැමිණීමට ඔන්න මෙන්න තිබියදීය.


පෙට්ටිය කාගේදැයි කියා හෝ එහි ඇතුළේ තිබුණේ මොනවාදැයි කියා හෝ ගුවන් සේවිකාවන් හෝ යානයේ සිටි කිසිවකු හෝ දැන සිටියේ නැත. ඒ ගැන දැන සිටියේ මුහුණු ආවරණය කරගෙන සිටි කොල්ලකරුවන් පමණි. 


සපත්තු පෙට්ටියක් තරම්වත් විශාල නොවූ සීල් දැමූ එම පෙට්ටිය තම සන්තකයට ගත් විගස කොල්ලකරුවන් යානයෙන් පිටතට පැමිණ මෝටර් රථ දෙකේ නැගී පලා ගියේ ද පවනට බඳු වේගයකිනි.


සිදුවූයේ කුමක්දැයි යානයේ මගීන් කිසිවකු දැන සිටියේ නැත. නවීන ආයුධවලින් සන්නද්ධ වී සිටියත් කොල්ලකරුවන් එකදු වෙඩි උණ්ඩයක් හෝ පත්තු කළේ නැත. සිදු වූ දේ ගැන යානයේ ගුවන් නියමුවන් පාලක මැදිරියට දන්වා, ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ වහා කි‍්‍රයාත්මක වෙද්දීත්, සොරුන් ගුවන්තොටුපොළින් පලා ගොස් තිබුණි. යානයේ සොරකමක් සිදුවූ බව මගීන් දැන ගත්තේ ඔවුන්ගේ ගුවන් ගමන අවලංගු කිරීමට ගුවන්තොටුපොළ බලධාරීන්, ආරක්ෂක අංශ සහ බෙල්ජියම් සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ අවස්ථාවේදීය.


සොරුන් රැුගෙන ගොස් තිබුණු එම පෙට්ටිය පිරී තිබුණේ ඇමෙරිකන් ඩොලර් මිලියන 50 කට (කෝටි 5) වඩා වටිනා දියමන්තිවලින් බව පසුව අනාවරණය විය. පෙට්ටියේ හිමිකරු වශයෙන් සඳහන් ව තිබුණේ ‘බි‍්‍රන්ක්ස්’ නමැති පෞද්ගලික ආරක්ෂක සමාගමකි. ඔවුන් විසින් දියමන්ති, මගී ගුවන් යානයෙන් ප‍්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව ද පසුව හෙළි විය. ඒ අනුව හොලිවුඞ් කි‍්‍රයාදාම චිත‍්‍රපටයක එන සිදුවීම් මාලාවක් සේ, සිදුවුණු මේ දියමන්ති මංකොල්ලය, ලෝකයේ මෙතෙක් සිදුවූ දැවැන්ත දියමන්ති මංකොල්ලයන්ගෙන් එකක් ලෙස මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි.


කොල්ලකරුවන් ගුවන් යානය වෙත පැමිණි අයුරුත් ඔවුන් දියමන්ති පෙට්ටි කොල්ල කෑ අයුරුත් සවිස්තරාත්මක වාර්තාවක් මාධ්‍ය වෙත ලැබුණේ යානයේ ගුවන් සේවිකාවන්ගෙනි. දියමන්ති පෙට්ටිය රැගත් සොරුන් කණ්ඩායම ඔවුන් ආ දිසාවට ම ගොස් අඳුරේ නොපෙනී ගියේ යැයි ඔවුහු පැවැසූහ. 


සොර කල්ලිය ගුවන් තොටුපොළ භූමියේ ගුවන් යානා රැඳවුම් කුටි සහ ධාවන පථ වෙත පැමිණ තිබුණේ ආරක්ෂක විදුලි වැට කපා දමමිණි. ඔවුන් ආපසු පලා ගියේ ද ආරක්ෂක වැටේ තිබුණු කැපුම තුළිනි. සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බෙල්ජියම් පොලිසියත්, බ‍්‍රසල්ස් ආරක්ෂක අංශයත් පවසන්නේ මංකොල්ලයට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණක් නිසා, එය පළපුරුදු දක්ෂයන් පිරිසක් විසින් සිදු කරනු ලැබූවක්ය කියාය.

 


ආරක්ෂක වැටෙන් පිට වී පලා යද්දී, කොල්ලකරුවන් නැවැත්වීමට ආරක්ෂක අංශ ඉදිරිපත් නො වී ඇත්තේ කොල්ලකරුවන් නවීන ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා යැයි ද පසුව අනාවරණය විය. 


පලා ගිය කොල්ලකරුවන් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කරන විට වේලාව 8.30 ට පමණ විය. කොල්ලකරුවන් සොයමින් බ‍්‍රසල්ස් නුවර සෑම වීදියක්ම සෝදිසි කෙරුණි. පොලිස් නිලධාරීන්ට ගිනිගෙන දැවෙමින් තිබුණු වෑන් රියක් හමුවිය. ඒ, බ‍්‍රසල්ස් ගුවන්තොටුපොළ කෙළවරිනි. 


එම වෑන් රියට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබුණි. වෑන් රිය පරීක්ෂාවට ලක් කෙරුණු අතර පොලිසිය අනුමාන කරන්නේ එය සොරුන් විසින් භාවිතා කරන්නට ඇතැයි කියාය. ඒ ගැන පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතී. අට දෙනාගේ සොර කල්ලිය කවුරුන්දැයි කියා හඳුනා ගැනීමට හෝ ඔවුන් අල්ලා ගැනීමට හෝ බ‍්‍රසල්ස් නුවර පොලිසියට මෙතෙක් හැකියාව ලැබී නැත. 


සොරුන් අල්ලා ගැනීමට හෝ ඔවුන් ගැන තොරතුරක් දැන ගැනීමට විදෙස් රටවල පොලිස් නිලධාරීන්ගේ සහාය ගැනීමට ද බෙල්ජියම් ආරක්ෂක අංශ සහ රජය පියවර ගෙන ඇත. 


දියමන්ති ප‍්‍රවාහනය ගැන සොරුන් නිවැරදිව විස්තර දැන සිටියේත්, ඔවුන් ඉතා සැලැසුම් සහගතව එම කොල්ලය සිදු කළේත් ගුවන්තොටුපොළේ ඇතුළත සේවකයකුගේ හෝ ‘බි‍්‍රන්ක්ස්’ පෞද්ගලික ආරක්ෂක සමාගමේ සේවකයකුගේ හෝ උදව් ලැබුණු නිසා විය හැකි යැයි පොලිසිය අනුමාන කරයි. ඒ අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. කෙසේ නමුත් සොරකමින් පසු ගුවන්තොටුපොළේ ආරක්ෂක වැට තව තවත් ශක්තිමත් කිරීමටත්, ආරක්ෂාව දෙගුණයකින් වැඩි කිරීමටත් බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

 

ලූසිත ජයමාන්න - ඬේලිමේල් ඇසුරිනි 

 



අදහස් (0)

බ්‍රසල්ස් ගුවන් තොටේ සිදු වූ ඩොලර් කොටි පහේ දියමන්ති කොල්ලය

සංජීව Tuesday, 26 February 2013 04:00 PM

එකම ජීවිත හානියක්වත් නොකර කරපු විශාල කොල්ලයක්. නියමයි. (නි)

:       0       0

දීපාල් Monday, 25 February 2013 06:32 PM

චිත්‍රපටියක්ද (දී)

:       0       0

පෙරේරා Sunday, 03 March 2013 10:34 AM

මේ හොරු ලංකාවේ හිටියා නම්? (නි)

:       0       0

ජෝසප් Monday, 25 February 2013 10:06 PM

සල්ලි වලට මිනිස්සු මේ තරම් ලෝභ ඇයි (දී)

:       0       0

නිරාන් Tuesday, 26 February 2013 07:05 PM

සමහරවිට මේ දියමන්ති මෙච්චර වටින්නෙ නැති වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

ලලිත් Thursday, 28 February 2013 01:27 AM

සමහරවිට මේවා බොරු දියමන්ති වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

සෙනරත් Sunday, 24 February 2013 09:20 PM

ලංකාවේ වෙන දේවල් දිහා බැලුවහම මේවත් හොරකම්ද අනේ? (නි)

:       0       0

සමන්ත Wednesday, 20 March 2013 09:24 AM

මේ වගේ ආරක්ෂාවට කව්රුත් නැද්ද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 715 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 475 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 370 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1628 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 102 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 721 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 674 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 174 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1203 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site