IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


බෝම්බකරු පොලිසියේ ඇස් වසා රෝහලින් ප්‍රතිකාර ගත්තේ කෙසේද

තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය ලෙස පවත්වාගෙන ගිය බවට සැලකෙන කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විශාල ඉඩමක පිහිටි ගොඩනැගිල්ලක් වැටලූ පොලිසිය එම ස්ථානය බාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අප පුවත්පත වාර්තා කළේය. 

මෙම ස්ථානයේ බෝම්බ නිෂ්පාදනය කිරීම, ඒවා අත්හදා බැලීම, ඉලක්කයට වෙඩි තැබීම පුහුණු කිරීම ඇතුළු නීති විරෝධී කටයුතු රැසක් සිදු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කළ බව ද එම ප්‍රවෘත්තියේ සඳහන්ය. 

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ සිදුකරන වික්‍රමාන්විත මෙහෙයුම් සම්බන්ධයෙන් මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දෙවැනි, තුන්වැනි සැලසුම් මුළුමනින්ම ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශවල එම මෙහෙයුම්වලට හැකි විය. ලැබෙන සෑම තොරතුරක්ම හඹා යමින් මෙම මෙහෙයුම් මෙසේ ක්‍රියාත්මක නොකළේ නම් රටේ අද තත්ත්වය බෙහෙවින්ම භයානක බව සත්‍යයකි. 

අවශ්‍ය වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ මෙම දැඩි අවධානය අඛණ්ඩව පවත්වාගෙන යාමය. තත්ත්වය යහපත් අතට පරිවර්තනය වූ පසු ග්‍රහණය ලිහිල් කිරීම යළිත් මෙබඳු ප්‍රහාරවලට පාවාඩ එළීමකි. ඒ බව සනාථ කරන තොරතුරක් කාත්තන්කුඩි ඔල්ලිකුලම් මෙහෙයුම් මූලස්ථානය වැටලූ බවට සඳහන් අප ප්‍රවෘත්තියෙහි තිබේ. 

අප ප්‍රවෘත්තියට අදාළව මෙම මෙහෙයුම් මූලස්ථානයේදී සහරාන්ගේ සහෝදරයකු වන මොහොමඞ් රිල්වාන් නමැත්තා 2018 වසරේදී තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයන් පිරිසකට බෝම්බ සෑදීම පිළිබඳව පුහුණුවක් ලබා දී තිබේ. ඒ අවස්ථාවේදී බෝම්බයක් පුපුරා ගොස් රිල්වාන්ට බරපතළ තුවාල සිදු වී තිබේ. මෙම සිදුවීම එම ස්ථානයේ බාරකරු විසින් සහරාන්ට දැනුම් දුන් පසු ඔහුගේ උපදෙස් මත රිල්වාන් නමැත්තාව කඩිනමින් බස්නාහිර පළාතේ රෝහලකට හොර රහසේ ඇතුළු කර ඇත. 

රිල්වාන් නමැත්තා මාස දෙකක පමණ කාලයක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවත් ඔහුගේ සාත්තුවට ළඟ සිට ඇත්තේ සහරාන්ගේ රියැදුරා බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම බෝම්බ පිපිරීමෙන් රිල්වාන්ගේ එක් ඇසක් අහිමි වී ඇති අතර ඇඟිලි ද අහිමිව ගොස් තිබේ. 

මෙම සිදුවීම් මාලාවේ බරපතළකම වන්නේ බෝම්බයක් පුපුරා බරපතළ ලෙස තුවාල ලැබූ අයකු රෝහලට ඇතුළත් කළ බව පොලිසියට දැනුම් දීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු නොකිරීමය. 

රෝහලක් තුළ එතරම්ම රහසිගත දේ සිදුවිය හැකි ද යන්න ද විමතිය දනවන සුළුය. ඇතැම් විට ලක්ෂ ගණනින් කෝටි ගණනින් මුදල් හුවමාරු වීම නිසා මෙබඳු වසන් කිරීම් සිදු විය හැකි බව අනුමාන කළ හැකිය. 

අදාළ රෝහල් පාලනාධිකාරිය මෙම සිදුවීම ආරක්ෂක අංශවලට දැනුම් දුන්නේ නම් අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය ඒකාන්ත වශයෙන්ම වළක්වා ගත හැකිව තිබුණේ යැයි යන්න විශ්වාස කළ යුතුය. එසේ නම් තොරතුරු හඹා යා හැකිව තිබිණි. අන්තවාදීන් ප්‍රහාරයකට සැරසෙන බව අනාවරණය කර ගත හැකිව තිබිණි. අන්තවාදීන් අත්අඩංගුවට ගත හැකිව තිබිණි. එහෙත් ඒ සියල්ලම දේශද්‍රෝහී සුළු කල්ලියක් විසින් පාවා දී තිබේ. 

මේවා සුළු කොට තැකිය යුතු කාරණා නොවේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් සෑම පුරවැසියකුටම තිබේ. රෝහලකට රෝගියකු ඇතුළත් කරන විටදී එම රෝගියා සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් රෝහල ලබා ගනී. තුවාල වීමක් නම් එසේ තුවාල වූයේ කෙසේ දැයි වෙනම පරීක්ෂණයකි. මේ කටයුතුවලට සහාය වීම සඳහා බොහෝ රෝහල්වල පොලිසියක් ද පිහිටුවා තිබේ. බෝම්බ ප්‍රහාරයකින් හෝ පිපිරීමකින් තුවාල ලැබූවකු ඇතුළත් කළ පසු ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරනු ලැබේ. එහෙත් මේ කිසිවක් සිදු වී ඇති බවක් නොපෙනේ. මේ පාපතර ක්‍රියාදාමයට සම්බන්ධ වූ සියල්ලන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුය. 

පාස්කු ඉරිදාව අහිමි වූ රටට වෙසක් අසිරිය ද අහිමි වී තිබේ. පාසල් විවෘත වූයේ දෙසතියකින් පසුවය. එය ද හය වසරෙන් ඉහළටය. සරසවි පද්ධතියම වැසී ගොස් තිබේ. රටේ ආර්ථිකය කඩා වැටුණි. සංචාරක ව්‍යාපාරය වළපල්ලට ගියේය. රටකට අත්වීමට මීටත් එහා ගිය විපතක් නැත. මෙම විපත ඉබේ වූවක් නොවේ. ඒ සඳහා නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් දැනුම්වත්ව හෝ එසේ නොමැතිව දායක වී තිබේ. 

පාලක - පාලිත නොසලකා හැරීම් දායක වී තිබේ. එහෙයින් ඒ සියල්ලන්ම නීතිය ඉදිරියට රැගෙන යා යුතුය.



අදහස් (12)

බෝම්බකරු පොලිසියේ ඇස් වසා රෝහලින් ප්‍රතිකාර ගත්තේ කෙසේද

adri Tuesday, 07 May 2019 06:37 AM

ඒ රෝහල ගැන හෙළි කරන්න ?? ඔවුන්ව ඇල්ලුවද ?

:       5       263

sandy123 Tuesday, 07 May 2019 07:37 AM

රෝහල පමණක් නොවෙයි. දොස්තරවරු, සාත්තු සේවිකාවන් ඇතුළු සියලුම දෙනා හෙළි කල යුතුයි. එය ජාතියේ වගකීමක්.

:       1       254

N.Cooray Wednesday, 08 May 2019 03:37 AM

මෙම වාර්තාව මගීන් රෝහල සහ එහි සියලු දෙනාගේම වගකිම ගෑන විශාල බන දේශනාවක් කලද රෝහලේ නම සදහන් නොකිරිමෙන් ඔවුන් මහජනයාට ඇති වගකිම ඔවුන් පෑහෑරහෑර ඇති බව තේරෙන්න්නෙ නෑද්ද?

:       0       114

Lit Wednesday, 08 May 2019 11:27 AM

ඕවා ඒ වෙලේ කිව්වා නම් කියයි ජාතිවාදය අවුස්සනවා කියලා...

:       9       30

ranjith Wednesday, 08 May 2019 03:48 PM

රටේ නීතිය සෑම දෙනාටම එක සමාන නැති බවයි පේන්නේ... දේශපාලනය ඔක්කොම අවුල් කරනවා. ආරක්ෂක හමුදාවලට ස්වාධීනව කටුතු කරන්න බැරිවෙලා තියෙනවා. දේශපාලනේ නැතුව හමුදාව රට පාලනය කළානම් හොඳ විනයක් තියේවි...

:       0       10

buwaneka Wednesday, 08 May 2019 09:24 PM

අනිවාර්යයෙන්ම මෙතන ඉන්න දොස්තරව අත්අඩංගුවට ගන්න.

:       0       1

G.K.Vithanage Thursday, 09 May 2019 07:14 AM

ඔබත් වරදක් කරලා තිබෙනවා ඔවූන්ගේ නම් හෙළි නොකිරීමෙන්.

:       0       6

NAMALI Thursday, 09 May 2019 09:57 AM

හරි විස්තර දෙන්න පුලුවන්නම් පමණක් නිව්ස් දාන්න. නැත්නම් මහජනතාව රෝහල් වල නම් සොයමින් වෙහෙසෙනවා. අනිත් හොස්පිටල් වල නමට හොඳ නැහැ. හොස්පිටල් නම දාන්න.

:       1       1

චමින්ද Friday, 10 May 2019 03:12 AM

මම රජයේ සේවයේ සිටි අයෙක්මි.විශ්‍රාම ගිය පසුව ආර්ථික අපහසුකම් ඇතිවිය හැකිනිසා බිරිඳගේ මවට හිමිකම තිබුන ඉඩමක් වගාකිරීමට සුදානම්ව එය එලිපෙහෙලි කිරීමට කෙනෙක් යොදවා හැකි අවස්ථාවල මමද එම කටයුතු කලෙමි.ඉඩම කලුගල් වැපුරුවා වැනි ඉඩමකි.වැඩකල තැනැත්තා ගසක් කපනවිට ඉහලින් තිබුන ගලක් පෙරලී නළලේ තරමක් විශාල තුවාලයක් ඇතිවිය.මම කඩිනමින් ඔහුව රෝහලට ගෙනගිය අතර තුවාලකරුට ප්‍රතිකාර කරනවාට වඩා එහි සිටියවුන් සියල්ලන්ම කලේ කවුද ගැහැව්වේ කුමකින්ද ගැහැව්වේ කවුද දැක්කේ වැනි මාව සිරගත කිරීමට මෙන් කටයුතු කරන ආකාරයේ වැඩ.ඉන් පසුව වගා කටයුතු අත්හල මම දැනට ලැබෙන සුලු විශ්‍රාම වැටුපෙන් බිරිඳ හා දියණිය සමග ජීවත්වෙමි.සුලු දෙයකටත් එසේ කරන රෝහල් මෙය සැඟවුවේ මුදල්වාසි බලාගෙන විය යුතුමය.වහාම එම අයගැන පරීක්ෂා කරන්න

:       0       3

Dissanayaka Friday, 10 May 2019 03:58 AM

ඒ වෙලාවේ ඕවා දොස්තරලා හොයන්න ගිය නම් ජාතිවාදය අවුස්සනවා කියලා, සහජීවනේ නැති වෙනවා කියල දොස්තරලට හිරේ යන්න වෙන්නේ

:       2       3

Rupawathie Saturday, 11 May 2019 09:56 AM

මේ දේපල ඒ අවස්ථාවේම හමුදාව පාලනයට අත්පත් කරගත යුතුයි.. මේ සියලුම අන්තවාදීන්ගේ දේපල රාජසන්තක කළ යුතුයි..

:       0       0

Ravinath Wijesekara Saturday, 11 May 2019 01:32 PM

මෙම පුවත මගින් ඉතාම වැදගත් තොරතුරවන ප්‍රතිකාර ලබා දුන් රෝහල කුමක්ද යන්න සඳහන් වී නැත. කරුණාකර එම තොරතුරත් මහජනතාවට විවෘත කරන්න...ස්තූතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 449 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 364 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 282 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1379 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 69 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 661 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 561 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1170 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site