ලංකා ඉතිහාසයේ සියල්ලටම නටබුන්xනෂ්ඨාවශේෂ නැත. බොහෝ දේ ඉතිහාස කතා ඔස්සේ ඇතුළට කිඳා බැස සෙවිය යුතුය. මේ රාවණ කතාව වනාහි එවැනි ඉතිහාස කතාවක් ඔස්සේ දිවෙන්නකි.
රජ සමයට අයත් පැරණි පුස්කොළ පොතින් මතුකොට නව පර්යේෂණ ඔස්සේ මෙය ඉදිරියට ගලයි. විජයගේ ඉතිහාසය පිළිගත් කීප දෙනකුට මෙය රිදුම් කෑ කතාවක් වුණත්, එතැනින් එහා ඉතිහාසය පිළිගන්නා නැණවතුන් මෙය ජාතික කාර්යභාරයක් කොටගත් බව පෙනේ. අවුරුදු 7,500 කට එහා ඉතිහාසයක් ලිවීමේදී ගැටලූ නැත්තේ නොවේ. මහාවංශයේ ලංකා රාජාවලිය විජයගෙන් ඇරඹෙන්නකි. මහාවංශය අවශ්‍ය කෙනකුට අරන් බලා කියවන්නට මාර්ග තිබේ. එහෙත් එතැනින් එහා ඉතිහාසය කෙසේ කියවන්නද?
දුර්ලභ පොත් ඔස්සේ, දෙස් විදෙස් පර්යේෂණ හා ලේඛන ඔස්සේ ගැඹුරට යා යුතුය. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර වසර 50 කට එහා ”රාවණ කතා” පර්යේෂකයෙකි. ඔහු මතුකරන අදහස් සියල්ලට වගකීමක් තිබේ. සාක්‍ෂි ඔහු ළඟ තිබේ. එබැවින් ඕනෑම විචාරකයකුට පැරණි පොත පත බලා අදහස් අලූත් කොට ගත හැකිය.
ආචාර්ය මිරැන්ඩෝ කියන පරිදි රාවණ යුගයේ සුවිසල් වෛද්‍ය සංකීර්ණයක් පැවැතී ඇත. එය තල්ගස්නුවර වෛද්‍ය සංකීර්ණය නමින් හඳුන්වා තිබේ. මාතලේ දිස්ත‍්‍රික්කයේ තල්වත්ත, තල්කිරියාව, කිරිඔරුව, නෙළන්ඔරුව, ඔලගන්වත්ත, කූරටිය, ඇහලේපොළ, නීලන්ගමුව, එළමල්පොත, නාගහපොළ, හෝමපොල ආදී සියලූ ගම් රාවණ යුගයේ වෛද්‍ය සංකීර්ණයට යටත් ප‍්‍රදේශවිය.
මෙහි කැඩුම් බිඳුම්, අක්‍ෂි, සර්වාංග ආදී වෛද්‍යවරු වෙන වෙනම සිට ඇත. රාවණ රජු පමණක් නොව පැරණි යක්‍ෂ ගෝත‍්‍රිකයෝ දරුණු යැයි සම්මත ඕනෑම අසනීපයකට ප‍්‍රතිකාර සොයා ආවේ තල්ගස්නුවර වෛද්‍ය සංකීර්ණයටය. මෙහි නේවාසිකව පවා රෝගීන්ට ප‍්‍රතිකාර කර ඇත. රාවණ යුගයේ සියලූ ශාක වර්ග හා ශාක කොටස් යොදාගෙන සාර්ථක වෛද්‍ය ක‍්‍රමයක් අනුගමනය කළ යුගයකි. ගස්වල කොළෙන්, පොත්තෙන් තෙල් හිඳ, පත්තු බැඳ අතපය දෙකඩ වීමක්, ස්නායු රෝගයක්, මොළේ අමාරුවක්, පපුවේ කැක්කුමක්, උණක්, විෂක් මේ ආදී ඕනෑම ලෙඩක් සුව කරන අරුම පුදුම වෙද කමක් ඇති තවමත් අංක එකේ රට ලංකාවයි. මේ ආරම්භය කවර තැනෙක්දැයි කිඳා බසින කල එය රාවණ යුගය තෙක්ම විහිදයේ.
රාවණ යුගය වන විට සමහර ඖෂධ ශාක ගම්මාන පිටින් වගා කොට තිබිණි. ඇහැලේපොළ යනු ඇහැළ ගස් වගා කළ ප‍්‍රදේශයයි. නාගහපොළ යනුද නාගස් වැවු ප‍්‍රදේශයකි.
කිරිඔරුව ප‍්‍රදේශයේ තිබුණේ පැරණි ”බෙහෙත් ඔරු” ය. කළු ගලින් කළ මේවා කිරිඔරුව ගමේ බහුලව තිබිණි. විජයගෙන් පසු ලංකාවේ වෛද්‍ය සංකීර්ණ දෙස බලනවිටද මෙවැනි වෛද්‍ය සංකීර්ණ රාශියක නටබුන් හමුවේ. විශේෂයෙන් රාජාංගණය හත්ථිකුච්චි පුදබිම, මිහින්තලය අවට ඊට උදාහරණ වෙයි. බෙහෙත් ඔරු පමණක් නොව පැරණි ශල්‍ය උපකරණ පවා හමුවීම මත ලංකා ඉතිහාසයේ තාක්‍ෂණික දියුණුව ගැන පුදුම ඉපදවිය යුතු නැත.
කිරුඔරුව ප‍්‍රදේශයේ පැවැති ඔරු වල ඒ ඒ රෝග අනුව රෝගියා ඖෂධ මිශ‍්‍ර කිරිවල ගිල්වා ප‍්‍රතිකාර කොට තිබේ. ඒ සඳහා එළකිරි හා තන කිරි යොදා ගත් බව ආචාර්ය මිරැුන්ඩෝ කියයි. මේ බෙහෙත් ඔරු නෙළා ඇත්තේ නුදුරු නෙළන්ඔරුව ගමෙහිය. එම ප‍්‍රදේශයේ වාසය කොට ඇත්තේ ගල් වඩුවන්ය.
තල්කිරියාව ප‍්‍රදේශයේ තල් කිරි හදා ඒවාට ඖෂධ මිශ‍්‍ර කොට වාජීකරණ ඖෂධයක් ලෙස ඒවා රෝගීන්ට ලබා දී තිබේ. නොයෙක් ප‍්‍රතිකාර ක‍්‍රම වලින් රෝගීන් සුවපත් කළ හැකි වෙදුන් රාශියක් තල්ගස්නුවරෙහි වාසය කොට ඇත. මේ වෛද්‍ය සංකීර්ණය යම්තාක් දුරට දුර්වලව ගියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසින් පසුවය.
අක්‍ෂි වෛද්‍ය බ‍්‍රාහ්මණ ශ්‍රී වාසල මුදියන්සේ නම් ප‍්‍රකට වෙදැදුරෙක් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මෙහි ජීවත්ව ඇත. ඔහුගේ වෙද ගෙදරෙහි තල් කිරට ඖෂධ මිශ‍්‍රකොට සෑ¥ පානයක් ලබා ගැනීමට රජු පැමිණ තිබේ.
කීර්ති ශ්‍රී රාජසිංහ රජුට යකඩ දෝලියක් (අනියම් බිරිඳක්) එවක නුදුරු මාදිපොල ප‍්‍රදේශයේ සිට ඇත. (රන්දෝලි යනු රජුගේ නීත්‍යානුකූල බිරිඳයි)
රාවණා රජ සමයේ සිට වෛද්‍ය සංකීර්ණයක්ව පැවැති මෙය පසු කාලයේ ඒ ඒ වෙදැදුරන් තමන්ගේ ශිල්පය පෞද්ගලික වශයෙන් යොදා ගෙන තිබේ. අවුරුදු දහස් ගණන් මුළුල්ලේ එකට එකතුවී තිබුණු හෙළ වෙද ක‍්‍රමය පරම්පරා වශයෙන් ඒ ඒ අයගේ අයිතියට යන්නේ මින් පසුවය. රාවණ රජ සමයේ තල්ගස්නුවර වෛද්‍ය සංකීර්ණය පාලනය කොට ඇත්තේ යක්‍ෂ ගෝත‍්‍රික බ‍්‍රාහ්මණ යුව රජකු විසිනි. වේදරාජ නමින් ඔහු ප‍්‍රකටව සිට ඇත.
රාවණ සමයේ තල්ගස්නුවර වූ වෛද්‍ය සංකීර්ණය නැවත වඩා දීප්තිමත්ව පැවැතී ඇත්තේ බුද්ධදාස රජ (කි‍්‍ර.ව. 316-365* සමයේය. බුද්ධදාස රජ සමය වන විට රාවණ යුගය ගැන පුළුල් අදහසක් සමාජගතව තිබෙන්නට ඇති බවද සැක කළ හැකිය. බුද්ධදාස රජ සමයට අයත් වෙදපොත් රැුසක් ලියැවී ඇත්තේද තල්ගස්නුවර වෛද්‍ය සංකීර්ණය මුල්කර ගෙනය.
අක්‍ෂි වෛද්‍ය බ‍්‍රාහ්මණරාළ, කීල බ‍්‍රාහ්මණයා, නිකාද බ‍්‍රාහ්මණයා යන අය තල්ගස්නුවර රාවණ සමයේ විසූ ප‍්‍රකට වෙදැදුරන්ය.
විජය කුමරු ලංකාවට පැමිණීමට අවරුදු 700 කට පෙර රචනා වූ මහා භාරත කාව්‍යයේ තොරතුරු ඔස්සේද තල්ගස්නුවර වෛද්‍ය සංකීර්ණය සඳහා බොහෝ තොරතුරු අධ්‍යයනය කළ හැකිය.
රාවණ රජු සීතාවන් පැහැර ගෙන පැමිණි පසු මුලින්ම ඇය සඟවා තැබුවේ ස්ත‍්‍රීපුර කන්දේ ගුහාවකය. ඇයට තදබල කුෂ්ට රෝගයක් වැළඳුණු බව කියැවේ. මේ සඳහා විශේෂ තෙලක් සාදවා ගල්වා රෝගය සුවපත් කොට ඇත.
රාවණ යුගයේ ස්ත‍්‍රීපුර කන්ද ගැන මෙහිලා අදහස් ඉදිරිපත් කළ යුතුය.
ස්ත‍්‍රීපුර කන්ද පිහිටා ඇත්තේ ඌව පරණගම ප‍්‍රදේශයේය. රෝගීවූ සීතාවන්ගේ ශරීරයට හොඳින් හිරු එළිය ලබා දීම සඳහා මෙහි සිට උමං මාර්ගයකින් ඇය එතැනින් පිටමං කරවා ඇත. මිරැුන්ඩෝ ඔබේසේකර සඳහන් කරන පරිදි රාවණාගේ අන්තඃපුර ස්ත‍්‍රීහු නවතා ඇත්තේ ස්ත‍්‍රීපුර කන්දේය.
රාවණා කතා පොතේ ඇති තොරතුරු අනුව නුවරඑළියේ තලගල කන්දේ සිට නුවරඑළියේ කිකිළියාමාන කන්ද දක්වාත්, එහි සිට වැලිමඩ ඌව පරණගම ස්ත‍්‍රීපුර කන්ද දක්වාත් රහස් උමං මාර්ග තිබී ඇත.
ඉහත දක්වන ලද ස්ත‍්‍රීපුර කන්දෙහි සිට රහසිගත උමං මාර්ගයක් මහියංගණය දක්වාද, මහියංගනයේ සිට ලග්ගල දක්වා තවත් උමං මඟක්ද තිබී ඇත. ඒවා බොහෝ පුළුල් උමං මාර්ග බව ආචාර්ය මිරැුන්ඩෝ කියයි.
රාවණාගේ බල කේන්ද්‍රය වූ සීගිරිය උමං මාර්ග මධ්‍යස්ථානයකි. රාවණාටත් පෙර විශ‍්‍රවස් මුණි, කුවේර ආදීන් පවා සීගිරිය මුල් කොට ගෙන පාලනය ගෙනගිය බැවින් එතැන සුවිශේෂ උමං පද්ධතියක් තිබුණු බව පැහැදිලි කර ගත යුතුය. විශේෂයෙන් අද මේ උමං මාර්ග සෑහෙන දුරට ගොඩවී ඇති නමුත් ඒවා නැවත පර්යේෂණ කොට හඳුනාගත හැකි මට්ටමේ පවතී.

රාවණා කතාවේ සඳහන් පරිදි මාතලේ දිස්ත‍්‍රික්කයේ සිට ඌව වෙල්ලස්ස හරහා වැඩිහිටි කන්දටත්, දෙනියාය හා හිනිදුම කඳුවලටත් උමං මාර්ග තිබී ඇත. මේවා නඩත්තු කරවා ඇත්තේ එකල විසූ නාග ගෝත‍්‍රික ජනතාව විසිනි. රාවණ යුගයේ සිටම ඒ ඒ රාජ රාජ යුගයන්හි අගනා උමං මාර්ග පද්ධතියක් ලංකාවේ තිබුණු බවට සාධක හමුවේ. විශේෂයෙන් ඒවා භාවිත කරන්නට ඇත්තේ පහසුවෙන් ගමන් කිරීමට හා සතුරු ආක‍්‍රමණ වලින් මිදී ඉක්මන් ගමනාන්තයක් සඳහාය. මෙය ලෝකයේ දියුණු මාර්ග ක‍්‍රමවේදයක් වන අතර ලංකාවේ උමං මාර්ග පද්ධතියේ නියමුවා රාවණ බව සඳහන් කළ හැකිය.
ඒ අනුව රාවණ රජු අහසින්, දියෙන්, ගොඩබිමින් පමණක් නොව පොළොව යටින් පවා ගමන් කිරීමට හැකි ක‍්‍රමවේද හඳුනා සිටියෙකි. අවුරුදු 7,500 කට එහා මෙවැනි වික‍්‍රමයක් කළ ලොව එකම බලවතා රාවණ විය යුතුය.
ගුවන් යානා තාක්‍ෂණය ඔස්සේ අහසින්ද නාවික යාත‍්‍රා තාක්‍ෂණය ඔස්සේ ගංගා මුහුදුවලින්ද රාවණ යුගයේ රාජකීය පිරිස් හා ජනයා ගමන් කොට තිබේ.
විශේෂයෙන් උමං මාර්ග යොදා ගන්නට ඇත්තේ රාජකීය පවුල්වල අයගේ ආරක්‍ෂිත ගමන් සඳහා විය යුතුය.
එහෙත් එය රාවණාගේ අපූරු සොයා ගැනීමකි.
අද ලෝකයේ බොහෝ රටවල් උමං මාර්ග ඔස්සේ පොළොව යටිත් ගමන් බිමන් යද්දී ඒ පිළිබඳ නව පර්යේෂණ කරද්දී රාවණ වැනි ලාංකීය රජවරු අවුරුදු දහස් ගණනකට ප‍්‍රථමයෙන් එම පර්යේෂණ නිමා කොට ඇත.
ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන ආශ‍්‍රයෙන් උමං මාර්ග රැසක නටබුන් දැන් ගොඩ ගනිමින් පවතී. එවැනි උමං මාර්ග ලෝකය හා පුරාණ ලංකාව සංසන්දනය කිරීමේ අපූරු ලකුණු වෙයි.
ලංකාවේ තාක්‍ෂණය පැවැති යුගයේ ලොව අනෙක් රටවල්හි තාක්‍ෂණයක් තබා හරියාකාර ජනාවාසයකුදු පැවැති බවක ලකුණු හමු නොවේ. එබැවින් පැරණි උමං මාර්ග ඔස්සේද අප මතු කරගන්නේ පැරණි ලාංකීය උරුමයකි. එවැනි දේ බොරුයැයි කියන්නට කෙනකුට නුපුළුවන. ලෝකයේ පර්යේෂකයන් පවා විමතියට පත්කරන ලාංකීය උමං පද්ධති අපේ උරුමයේ තවත් තැනෙකි.
එබැවින් ඉදිරි යුගය ලාංකීය ඉතිහාසය මතුකර ගැනීමේ තීරණාත්මක කඩඉම පසුවන මොහොතය.
පුරාවිද්‍යා පර්යේෂණ රැුසක් හරහා ප‍්‍රාග් ඉතිහාස තොරතුරු හමුවෙමින් පවතී. පුරාණ ලාංකීය ශිල්ප ක‍්‍රම ගැන මතුවෙමින් තිබේ. විජයට එහා මතුවන සියලූ නටබුන්වල අයිතිය රාවණ සතුය. රාවණගේ ශිල්පක‍්‍රම සතුය. රාවණගෙන් පසු රාජ පරම්පරා සතුය. එබැවින් විජයගෙන් එහා ඉතිහාසයේ පුරාවිද්‍යා පර්යේෂණ ලාංකීය උරුමය දෙපයින් නැගිට්ටවූ බවක් අපට පෙනේ. ඉදිරි යුගය අපට බලාපොරොත්තු ප‍්‍රකාර වන්නේ එබැවිනි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ ලිපි පේළිය කලෙක සිටම කියවනවා. මමත් හිතන්නේ මෙතුමා මේ කියන තර්කය පිළිගන්න පුළුවන් එකක් කියලා. මොකද දැනටත් මාතලේ නගරය, පලාපත්වල ප්‍රදේශ යටින් භූගත ගංගාවන් ගලායන බවට සාක්ෂි තියෙනවා. ඒ වගේම මාතලේ සුදු ගඟේ ගොඩක් තැන්වල පතුල නොපෙනෙන ඒ වගේම තවමත් ගවේෂණය නොකළ ස්ථාන තියෙනවා. මේවත් මේ කියන කතාවට ගොඩක් ගැළපෙනවා. මොකද මමත් කාලයක් මාතලේ ප්‍රදේශය ගැන යම් අධ්‍යනයක් කළා. අනෙක් කරුණ තමයි ඉන්දියානුවන් අතර තියෙන රාමා හා රාවණ කතාව. ඒක අපි දන්නා කතාවට වගේ නෙමෙයි ගොඩක් වෙනස්. ඒකේ කියවෙන විදියටත් රාවණා කියන්නේ පුදුමාකාර තාක්ෂණයක් භාවිතා කළ රජකෙනෙක්. මෙතුමා කියලා තියෙන දේවල් ඉස්සරහට අරගෙන ගිහිල්ලා අපිට අධ්‍යනයක් කරන්න පුලුවන් නම් අපිට සත්‍ය හොයාගන්න පුළුවන් (නි)
සමහරු කියනවා අරාබි නිසොල්ලාසයේ එන කතන්දරත් ඇත්ත කතා කියල. ඒ කතාවත් ඇත්ත වෙන්න පුළුවනි වගේ. (ර)
අනේ මන්ද හිතා ගන්න බැහැ මේ මහත්තය එන්නේ මොකාටද කියලා (නදී)
මේවා ලියන්නේ ඒ කාලෙ හිටපු කෙනෙක්. මෙයාගේ වයස අවුරුදු 7000 ක් විතර. රාවණාත් විකුණනවා.(දිල්)
මම බලා පොරොත්තු වෙනවා සපුමල් බණ්ඩාර මහත්මය අහපු ගම්වල නම් පිලිබදව ප්‍රශ්නයට උත්තරයක්.රාවණා බොරුවක් නෙමේ .එත් මේවගේ දේවල් ගැන සාක්ෂි පැහැදිලි කරගන්න ඕනි .(දිල්)
මිරැන්ඩෝ මහත්තයාට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා ලංකාවේ සමාජයට ලංකාව ගැන යම් තොරතුරක් ඉතුරු කරලා දෙනවට. හරිම ආඩම්බරයි මමත් ලංකාවේ කෙනෙක් වීම ගැන (නි)
අතීතය නොදන්නා අයට මේවා මැජික් වගේ (දිල්)
අපේ රටේ ඉතිහාසයේ අලගිය මුලගිය තැන් හරා අවුස්සා පර්යේෂණ කර, ලොවට හෙළිකරන්නට දරන වෙහෙසට සිංහලයෙක් වශයෙන් මාගේ ස්තුතිය! (නි)
උමං මාර්ග පමණක් නොව ඊජිප්තුවේ පිරමීඩ පවා ගොඩනැඟීම අපේ හෙළදිවේ මිනිසුන් සිදුකළ බව ආචාර්ය සුරිය ගුණසේකර මහතා වරක් ලිඛිත ශාක්ෂි සහිතව ලිපියක් මඟින් ප්‍රකාශකොට තිබුනා. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෑ තව තවත් අපේ හෙළ ඉතිහාසය සොයායාමට. (නි)
සපුමල් බණ්ඩාර, එතකොට ගුවන්යානා තිබෙන ලෝකයේ උමං දුම්රිය මොකටද? (නි)
මෙවැනි දේවල් ඇත්නම් සොයා බලන්න නුතන තාක්ෂනය භාවිතා කළ හැකියි. (හේ)
මේ ගලින් නිමවූ බෙහෙත් ඔරුව දකින විටනම් , අතීතේ අප රටේ අදට වඩා සැලකිය යුතු දිදුලන දියුණුවකින් හෙබි බව හොදට පෙන්නුම් කරනවා.(හේ)
ඉතාමත් රසවත් මෙන්ම වටිනා ළිපි පෙළක්.මම සියලුම ලිපි එකතු කළා.අප ලංකා ඉතිහාසය පිළිබද ආඩම්බර වන අතරම එවන් දිදුලන දියුණුවකින් හෙබි අනාගතයත් උදෙසා සියලුම ලාංකිකයින් උනන්දු විය යුතුය.(හේ)
මොනවා වුණත් හරිම රසවත්. ඔබතුමාම අලුත් පොතක් පටන්ගත්තොත් නරකද? හොඳ ඉල්ලුමක් තියේවි (නි)
දැන් තාක්ෂණයට වඩා පැරණි තාක්ෂණය ලංකාවේ දියුණුයි.(හේ)
අපි විජයගෙන් පැවතෙන අය විදියට පාසැල් පොතපතින් සහ සමාජයේ කතා ඇසුරෙන් දැනසිටියට වඩා දෙයක් ඇතිබව පෙනෙනවා. (අ)
කුමාරි කියන්නේ කවුද කියලා මම දන්නෙ නැහැ. නමුත් සිංහල පිරිමියෙක් විදියට මම රාවණා විශෟවාස කරනවා (නි)
ඉතා රසවත් ලිපි පෙළක් (නි)
මට තිබෙන ප්‍රශ්නය අහසින් යන්න දඬුමොනරය තිබුණා කියන රාවණාට උමං හාරන්න ඕනෑ වුණේ මොකද කියලයි. එසේම ශත වර්ෂ 2 - 3 කට වඩා පැරණි නොවන සමහර නාම සංකේත අවුරුදු හත්දහසකට වඩා ඉපැරණි වන්නේ කෙසේද? (නි)
රාවණා යනු ආර්යය රජෙකු බව මහා භාරතයේ සමහර පොත්වල ඇත. කැමති අයෙකු හිමාලයේ මනාලි අවට ගවේෂණයක යෙදෙන්න. එවිට රාමගේ, සීතාගේ,රාමගේ ගුරු වශිෂ්ඨගේ, විෂ්ණුගේ ගැන අවබෝධයක් ලබාගත පුලුවන්. රාවණා මිත්‍යාවක් නොවේ. සාහිත්‍යය විසින් වළලා දැමූ අපේ රටේ විස්මිත අතීතයයි. (නි)
ඔය පොළොව යටින් ගලන ගඟ මඩවල උල්පොත යටිනුත් යනවද? අනේ දන්නා කෙනෙක් කියන්න (නි)