විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) කන්තෝරුව පසුගිය කාලයේ අතොරක් නැතුව බැණුම් ඇසූ ආණ්ඩුවේ ඉතාම වැදගත් දෙපාර්තමේන්තුවකි. බැණුමට හේතු වූයේ රටේ ජනතාවට පාස්පෝට් එක ලබා ගැනීම මහ කරුමයක් බවට පත්වීම හේතුවෙනි. පාස්පෝට් එක ලබා ගැනීමට පවුලේ සියලු දෙනාම පැමිණ එම කන්තෝරුව අවට කූඩාරම් ගසාගෙන සිටිය යුතු තත්ත්වයක් පවා උදා වී තිබිණි. මහ පාන්දර සිට එතැනට පැමිණෙන පිරිස කෑවේ පුදුම කට්ටකි. දිනකට පැමිණෙන දෙතුන් දහසක් පුද්ගලයන් අතුරින් පාස්පෝට් ලබා ගැනීමේ ලොතරැයිය ඇදුණේ 600ක පමණ සංඛ්‍යාවකට පමණි.
පාස්පෝට් කන්තෝරුව අවට පවතින මේ අධික තදබදය මාධ්‍ය මගින් පෙන්වා දුන් අවස්ථාවේ එහි බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ දින කිහිපයකින් පාස්පෝට් එක අයැදුම්කරුගේ නිවෙසටම ලැබෙන ක්‍රමයක් ළඟදීම ආරම්භ කරන බවය. එය වචනයට සීමා නොවී ක්‍රියාවට නැංවී ඇති බව පසුගියදා රටටම දැකගත හැකි විය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ මහජනතාවට විදේශ ගමන් බලපත්‍රය නිවෙසටම ලබාදීමේ නව ක්‍රමවේදයේ සමාරම්භක උත්සවය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ නව ක්‍රමය මගින් වඩා පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකිවනු ඇති බවය. හදිසි සේවාව ඔස්සේ දින 03ක් ඇතුළත දී සහ සාමාන්‍ය සේවාව ඔස්සේ දින 14කින් විදේශ ගමන් බලපත්‍රය නිකුත් කෙරෙන බවත් ඒවා නිවෙස්වලටම රැගෙන ගොස් බාරදීම සඳහා කුරියර් සේවයක් යොදාගන්නා බවත් කියයි.
මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ සේවය ලබාගැනීම සඳහා පිවිසිය යුතු වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත්කර තිබෙන අතර එයට පිවිස මුරපදය ඇතුළු කර අදාළ ලේඛනවල මුල් පිටපත් ස්කෑන් කර ඒවා ඇතුළත් කළ යුතු වෙයි. ඉන්පසුව දෙපාර්තමේන්තුව මගින් නියම කර ඇති මධ්‍යස්ථානයකට ගොස් ඇඟිලි සලකුණු ලබාදීම අයැදුම් කිරීමේ ක්‍රියාවලියේ අවසන් පියවරයි. තොරතුරු සියල්ල නිවැරදි නම් ඊළඟ පියවරේ දී විදේශ ගමන් බලපත්‍රය නියමිත කාලසීමාව තුළ නිවෙසටම ලැබෙනු ඇත.
මේ කියන ආකාරයට සියල්ල සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ ක්‍රමවේදයට ද මීට කලින් තිබූ මාර්ගගත ක්‍රමයට වේලාවක් වෙන්කර ගෙන විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට සකස් කර තිබූ වැඩපිළිවෙළට අත් වූ ඉරණම අත් වීමට ඉඩ නොතැබීම බලධාරීන්ගේ වගකීමකි. කාලයක් හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබූ එම ක්‍රමවේදයට ඉන්පසුව හෙනහුරා කඩා පහත් විය.
විදෙස් ගමන් බලපත්‍රයක් යනු විශේෂ වරප්‍රසාදයක් නොවේ. එය ලබා ගැනීමට රටේ සුදුසුකම් සපුරණ සෑම පුරවැසියකුටම අයිතියක් තිබේ. කාලයක් තිස්සේ එතරම් කරදර හිරිහැරයකින් තොරව වැඩිපුර රස්තියාදු නොවී පාස්පෝට් එක ලබා ගැනීමට අවස්ථාව තිබිණි. එය එක්වරම වෙනස් වූයේ පසුගිය අරගල කාලසීමාවත් සමඟ රටින් පිට වී යාමට බොහෝ දෙනකු දැරූ උත්සාහය නිසාය. එතරම් විශාල සැපයුමකට පාස්පෝට් කන්තෝරුව සූදානම්ව සිටියේ නැත. ඒ අවස්ථාවේදී දින ගණන් පෝලිම්වල රස්තියාදු වෙමින් පාස්පෝට් ලබා ගැනීමට විශාල ජනකායක් පැමිණියහ. ඒ වෙලාවේ දෙපාර්තමේන්තුවට පැටවුණේ බැරි බරකි.
එහෙත් මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් තුනී වී යද්දී යළිත් එවැනි තදබදයක් උද්ගත වනතුරු ඊට විසඳුමක් සොයාගැනීම මෙතරම් ප්‍රමාද වූයේ ඇයිදැයි තේරුම් ගැනීම අපහසුය. පාස්පෝට් ලබා ගැනීම දුෂ්කර වනවිට ඒ වටේ විවිධ කතා පැතිරෙයි. කළුකඩ ඔස්සේ පාස්පෝට් ලබාදෙන අයියලා ජනතාවගේ පිහිටට එන්නේ ද මෙවැනි අවස්ථා හේතුවෙනි. ඈත ප්‍රදේශවල සිට පැමිණෙන ඇතැම් දෙනා මේ අයියලාට හසු වී අතේ තිබෙන තුට්ටු දෙක ද නැතිකර ගනිති. එසේ විය යුතු නැත.
පාස්පෝට් ලබාදීමේ ක්‍රමවේදය විමධ්‍යගත කිරීම පහසු වැඩක් නොවේ. ඒ හරහා විවිධ අක්‍රමිකතා සිදුවිය හැකි බැවිනි. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කෙරෙන ක්‍රියාවලියේ දී එවැනි අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි අපි සිතමු. වඩාත් අවශ්‍ය වන්නේ පාස්පෝට් එක ගෙදරටම ලබාදෙන මේ ක්‍රමය ඒ අයුරින්ම ඉදිරියට පවත්වාගෙන යාමය. මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙලාව වෙන්කර ගැනීමේ ක්‍රමවේදයට සිදුවූ වින්නැහිය මේ නව ක්‍රමයට අත් නොවේවායි ඒ සමඟ ප්‍රාර්ථනා කරමු.
(***)
ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව
ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාස්පෝට් ගෙදරටම කළ හැකි නම් හොඳ වැඩක්
chandima Saturday, 24 June 2023 08:04 PM
හොඳ වැඩ නම් එමටයි... ටිකක් ඉන්නකෝ ජාත්‍යන්තර පරිසර ප්‍රශ්නය එහෙම විසඳලා ඉවර වෙනකල්...