IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


පැරීසිය ජය ගත් වලස් ගෙදර ගිය මාෂා

‘වලස් ගෙදර ගිය මාෂා‘ ට එය අයිති විය. සුදුස්සාට , සුදුසු දෙයට ඒ තැන ලැඛෙන්නේ කලාතුරකින් නිසා අපි අමන්දානන්දයට පත්විමු. දීපිකා කොඩිකාර තමන්ගේම  නිර්මාණයකින් ඉතිහාසයක් නිර්මාණය කළාය. ලොව විවිධ රටවල ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දු දරුවන් පුරුදු පුහුණු කර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාට්‍ය උළෙලකට මෙබදු නිර්මානයක් කළ අවස්ථාවක් හෝ ජයග්‍රහාණය කළ අවස්ථාවක් හෝ මම නොදනිමි. එසේ වී නම් ඒ ඉතිහාසයේ හිමිකාරිය ‘වලස් ගෙදර ගිය මාෂා‘ ම යැයි මම සිතමි.

පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති   කෝන්ගස්දෙ‚යේ ආනන්ද ස්වාමීන් වහන්සේ සටහන් තැබූ වදන් වැළක් මාෂාගේ සමරු කළඹේ එසේ අච්චු ගසා තිබුණේය. ඒ මන්ද ?

2013 අගෝස්තු මස ශ්‍රී ලංකාවේ රාජ්‍ය ළමා නාට්‍ය තරගාවලියක් පැවැත් විණි.

 සමස්ත ශ්‍රී ලංකාවේ පාසැල්, ළමා නාට්‍ය ආයතන , කලා ආයතන ආදිය  ඉදිරිපත් කළ සිය ගනණක් අතරින් තෝරා ගත් අවසන් දහ දොළොස් දෙනාගේ නාට්‍යයන් අවසාන තරගයට ඉදිරිපත් කොට ප්‍රථම , දෙවැනි , තෙවැනි ආදි  හොදම ළමා නළුවා, නිළිය සහාය ළමා නළු නිළියන් සමග විවිධ අංශයන් සදහා රංගන කුසලතා සම්මාන ද පිරි නැමීය.

 මෙහි තෙවන ස්ථානය දිනා ගත්තේ පැරීසියෙන් ඉදිරිපත් කළ වලස් ගෙදර ගිය මාෂා යන ළමා නාට්‍යයයි. එහි රඟපෑ වයස අවුරුදු 12ක් වූ අංජනා චරිතානි ජයලත්ගේ දැරිය හොදම නිළිය ලෙස සම්මාන ලැබුවාය. ඒ සමගම හොදම පසුතල නිර්මාණය   සහන් කෝන්ගහගේ දරුවාට රංගනය සදහා කුසළතා සම්මානයක්ද දිනා ගැනීමට වලස් ගෙදර මාෂාට හැකි විය. රුසියානු කෙටි කතාවක් පාදක කොට නිපැයූ මෙහි දෙමාපිය අවධානයට හසු නොවු ළමයා අවිධිමත් ලෙස වැඩී දෙමාපිය අවධානය ලබා දරුවෙකු විධිමත් ජීවිතයකට හැඩ ගැසෙන අයුරු දැක්වෙයි.  මෙම   නිර්මාණය යුරෝපයේ ශ්‍රී ලාංකික දෙමාපියන් නැරඹිය යුතු අගනා නිර්මානයකි. එය තවත් සුවිශේෂි වන්නේ ලංකාවේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලකට විදේශයකින් නාට්‍යයක් ඉදිරිපත්වු ප්‍රථම අවස්ථාව මෙය බැවිනි. එහි ප්‍රමුඛයා වීමට මාෂාට හැකි විය.    එබැවින් තෙවන ස්ථානය ඔවුන්ට ප්‍රථම ස්ථානයට වඩා විශාල කුසලානයක් වූ බව නිසැකය.

 ඔවුන්ට ලැබුණු එම කුසලානය පසුගිය දා පැරීසියට රැගෙන ආවේය.

වලස් ගෙදර මාෂා නව වසරේ පැරීසියේ වේදිකාව අලෝකමත් කරමින් වටිනා සිහිවටන රැසක් එකතු කළේ ¦ එහි පිලිසිඳ ගැනීමේ අතීත මතකයන් රැසක් එකතු කරමිනි. එබැවින් වලස් ගෙදර මාෂාගේ උත්පත්තිය දැන ගැනීමද ඒ සමගම වටින්නේය.

පසුගිය 2010 වසරේ ප්‍රංශයේ සිටි ශ්‍රී ලංකා තානාපති ලයනල් ප්‍රනාන්දු මහතාගේ නිල කාලය වලස් ගෙදර මාෂාගේ අත්තිවාරමේ සුබ කාලය වූයේය. එතුමාගේ ආදර්ය බිරිදවූ ශ්‍රී ලංකා නාට්‍ය ක්ෂේත්‍රයේ නාට්‍ය අම්මා ලෙස ගරු බුහුමන් ලබන සෝමලතා සුභසිංහ මහත්මිය මෙම අත්තිවාරමට මුල්ගල තැබුවේය.

කෝන්ගස්දෙනියේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිරිත් දම් දෙසීය. නාට්‍ය ආචාරිනී දිපිකා කොඩිකාර පිරිත් පැන් ඉසුවාය. සූර්ය උදාව සුභ සාධන සංවිධානයේ සංවිධායිකා සුසිලා මාන්නප්පෙරුම මහත්මිය   පිංකම සංවිධානය කළාය.

 මේ අනුව පැරීසියේ ධම්ම චක්ක දහම් පියැසේ ඉගෙනුම ලබන සිසුන්ගේ සහභාගිත්වයෙන් දහම් පාසැල් පංති ශාලාවේ නාට්‍ය පුහුණු  පාඨමාලාවක් සෝමලතා සුභසිංහ අම්මාගේ මුලිකත්වයෙන් ගුරු උපදෙස් ඇතිව ඇගේ ආශිර්වාදයෙන් ඇරඹීය.

එයින් පෝෂණයවූ දරුවන් එකතු කොට රත්මලී හා පුංචි අපට දැන් තේරෙයි යන නාට්‍යයන් ඇයගේ දෙනෙත් ඉදිරිපිට පැරීසියේ වේදිකාව ආලෝකමත් කළේය. එම නාට්‍ය ප්‍රසංග වලින් රැකගත් සොච්චම් මුදලින්  ආනන්ද හිමියන්ගේ පිච්ච   පන්සලේ අගනා පොත් ගුලක් දෙමාපියන්ගේ මුලිකත්වයෙන් ඇරඹීය. එම සේවාවෙන් පසු සෝමලතා සුභසිංහ   පැරීසියෙන් සමු ගත්තාය.

 එනමුදු අදටත් ඇය පැරීසියේ හදවත් තුල ජීවත් වන්නේය. ඇගේ සමු ගැනීමෙන් පසු දිපිකා කොඩිකාර මහත්මිය නාට්‍ය පාසැලට ශක්තිය සැප වුයේය. අද පන්සලේ නාට්‍ය වැඩමුළු නැත. එහෙත් ඇය විසින් එම දරුවන්ට පැරීසියේදි නාට්‍ය ශිල්පය ලබා දෙති. එහිදී නෙලා ගත් සුවඳ හමන සුන්දර ලස්සන මලකි වලස් ගෙදර ගිය මාෂා. කැළනිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගත් දිපිකා කොඩිකාර මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රෝහන දේව පෙරේරා, සෝමලතා සුභසිංහ වැනි  නාට්‍ය ගුරුවරු ඇසුරෙන් ලබාගත් ශිල්ප ඥාණය අද පැරීසියේ වපුරමින් සිටින්නේය. මෙම නාට්‍ය කෙත වැපිරීමට බොහෝ ඇත්තෝ සම්මාදන් වුවෝය. දරුවන්ගේ දෙමාපියෝ එහි මූලිකයෝය. ඔවුන්ගේ කැපවීම, පරිත්‍යාගය ,ඉවසීම හා සිනහාව මෙම කෙතට විශාල ශක්තියක් වූ බව අතිශෝක්තියක් නොවේ. ගුරුවරු, දෙමාපියෝ,  දරුවන්, මිත්‍රයෝ එක්ව වපුරා සරු සාරව නෙළාගත් වලස් ගෙදර ගිය මාෂා පසුගිය සති අන්තයේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතා, තානාපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු පිළිබද පලමු ලේකම් වරිය කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය, පැරීසියේ ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පැරීසියේ කලාකාමි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අසුන් ගත් නාට්‍ය ශාලාවකදී වේදිකා ගත වුයේය. ඒ අතර ඔවුන් හිමි කර ගත් සම්මාන පිරිනැමිම හා නාට්‍ය ආචාර්ය දිපිකා කොඩිකාර මහත්මියටද සම්මාන පිරි නැමීමද එදින සිදු විය.

හොදම වේදිකා පසුතල නිර්මාණ සම්මානය පැරීසියේ වෙසෙන රූපසිංහ කංකානම්ගේ කලා ශිල්පියාට හිමි වුයේය. ඔහු දක්ෂ වාදකයෙකි. වේෂ නිරූපණ ශිල්පියෙකි. නළුවෙකි, කාටුන් ශිල්පියෙකි, › ලංකාවේදිද එසේමය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දක්ෂ බහු ශිල්පී කලා කරුවෙකි. අනුර පෙරේරාගේ ආලෝක කරණය අනුර කතලූවගේ වේදිකා පරිපාලනය නාට්‍ය තව තවත් වර්නවත් කළේය. දහසක් දුක්කම් කටොළු, අවම සම්පත්, අභියෝග ඉදිරියේ ඉහත සියල්ලෝ වපුරා නෙළා ගත් අස් වැන්න පුද පූජා කළ මංගල්‍යය වළස් ගෙදර ගිය මාෂා අමතක නොවන සිහිවටනයක් පැරීසියට ලබා දුන් බව සදහන් කිරීම ඔවුන්ට කරන ගෞරවයකි.  

 



අදහස් (0)

පැරීසිය ජය ගත් වලස් ගෙදර ගිය මාෂා

රාජකරුණා Wednesday, 12 February 2014 02:13 PM

අහන්නත් සතුටුයි.(නදී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 04 February 2014 12:55 AM

දීපිකා කොඩිකාර නාට්‍ය නිර්මාණ ‘වලස් ගෙදර ගිය මාෂා‘ වේදිකා පසුතල නිර්මාණකරු රූපසිංහ කංකානම්ගේ කලා ශිල්පියා ගායනය, රංගනය, වාදනය, උඩරට පහත රට,බෙර, මගුල් බෙර, තම්මැට්ටම්, උඩැක්කි, වෙස් නැටුම්, වේශ නිරුපනය, හිටුවන කවි, කාටුන්, රුකඩ, බලි තොයිල්, මෙකි නොකී කළාව යන විෂය තුල විසාරධයෙකි.ඔහුගේ වේදිකා නිර්මාණය දැක, මගේ දෙනෙත් මටම අදහාගත නොහැකි විය. මෙවැනි දක්ෂයන් පැරිසිය තුල ඇත. එවන් දක්ෂයන් හුදකළාකිරීම දරාගත නොහැකි අපරාදයකි. මෙවන් අය අපට සම්පතකි. එය රැක ගැනීම අපේ යුතුකමකි.ඔබට චිරංජයතු.(දී)

:       0       0

රොහාන් පැරිස් Friday, 07 February 2014 05:24 PM

සූර්ය උදාව සුභ සාධන සංවිධානයේ සංවිධායිකා සුසිලා මාන්නප්පෙරුම මැතිනිය පැරිසියේ සිටින දක්ෂ නිහතමානි එඩිතර සමාජසේවිකාවක්. හැම සංවිධාන වලටම උදවු කලත් එයාව අගයන්නේ නැති සමාජයක වලස් ගෙදර ගිය මාෂා වැනි විශිෂ්ට නිර්මාණයක් බිහිවීම තුල එතුමියගේ දායකත්වය මහා මෙරක් තරම්ය. සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. එවිට පැරිසිය බබලයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 4171 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 219 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 180 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site