IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පිරිවැය ආවරණය වන විදුලිය මිලක්

එය පාරිභෝගිකයා මත පටවන අකාර්යක්ෂමතාව, නාස්තිය, වැරදි කළමනාකරණය හේතුවෙන් වූ ඉහළ පිරිවැයක් ද නැතහොත් සත්‍ය පිරිවැයක් ද?

රාජ්‍ය ව්‍යවසාය අලාභ ලැබීම අඩු කළ යුතු බව සහ පිරිවැය ආවරණය වන විදුලිය මිලක් පවත්වා ගත යුතු බව IMF ගිවිසුමේ සඳහන් වෙයි. මෙහි තේරුම වන්නේ රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කළ යුතු බව මෙන්ම ඒවා ලංකා විදුලි බල මණ්ඩලය වැනි ඒකාධිකාරියක් නම් IMF පිට වරද පටවමින් අකාර්යක්ෂමතාව, නාස්තිය, වැරදි සැලසුම් සහ කළමනාකරණය පාරිභෝගිකයා මතට නොපැවරිය යුතු බවයි. ඒවා වගවිය යුතු අතර, දේශපාලන මැදිහත්වීම්වලින් තොරව නියාමනයකට වගකිව යුතුය.

ලංකා විදුලිබල මණ්ඩලයට දැන් තුන්වැනි මිල සංශෝධනයක් අවශ්‍යව ඇති අතර, මිල සංශෝධනයක් ලබා ගැනීමට අවශ්‍ය විස්තර නියාමක වෙත ඉදිරිපත් කර ඇත.

එසේ ඉදිරිපත් කර ඇති හේතු වන්නේ වර්ෂාව නොමැති වීමෙන් ජල විදුලිය ජනනය කිරීමට අවශ්‍ය තරම් ජලය ජලාශවල නොමැති වීම සහ විදුලිය ක්‍රියාවිරහිත කාලය හේතුවෙන් ගල් අඟුරු බලශක්ති ජනනය ද අඩු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දුප්පත් පාරිභෝගිකයන්, කර්මාන්තකරුවන් සහ අනෙකුත් වාණිජ පාරිභෝගිකයන් කෙරෙහි බලපාමින් විදුලිය මිල වඩාත් අහිතකර ලෙස ඉහළ ගොස් තිබේ.

ජල විදුලිය, තාප විදුලිය, තාප ගල් අඟුරු විදුලිය සහ සුළං සහ සූර්ය බලය ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට බලශක්ති උත්පාදන මිශ්‍රණයක් ඇත.

මෙයින් අදහස් වන්නේ බලශක්ති ජනනය අඩුම පිරිවැයකින් කළ හැකි බවයි. මේ සඳහා තාක්ෂණය යෙදවුම් මෙන්ම නිවැරැදි පිරිවැය ගණනය කිරීමට හැකි සහ පාරිභෝගිකයන්ට, කර්මාන්තකරුවන්ට සහ අනෙකුත් වාණිජ පාරිභෝගිකයන්ට අඩුම පිරිවැයකින් යුත් මිලක් සැපයීමට හැකි වඩා නිවැරැදි පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණයක් අවශ්‍යය.

මිල සංශෝධනය කිරීමට පෙර යන්ත්‍රාගාරවල ජනනය වන විදුලියෙහි නිවැරදි මිල කිරීමක් කරනු පිණිස සියලු බල උත්පාදන යන්ත්‍ර සඳහා පිරිවැය විගණනයක් පැවැත්වීම අවශ්‍ය වෙයි. මේ සඳහා ඔවුන් කාර්යක්ෂමතාව තීරණය කිරීම පිණිස පිරිවැය වාර්තා පවත්වා ගත යුතු අතර, එක් එක් යන්ත්‍රාගාරයේ විදුලි ජනනයේ ඍජු පිරිවැය ගණනය කළ යුතුය. මේ අනුව වක්‍ර පිරිවැය මෙන්ම බලශක්ති ජනනයේ ප්‍රධාන පිරිවැයක් වන අමුද්‍රව්‍ය භාවිතය ද හඳුනා ගැනීමට හැකි වෙනවා ඇත.

එසේම එය විදුලි ජනනයේදී ඉහළ පිරිවැයක් ඇති අකාර්යක්ෂම යන්ත්‍රාගාර මෙන්ම පාරිභෝගිකයාට බරක් නොවී ඉවත් කිරීමට අවශ්‍ය යන්ත්‍රාගාර හඳුනා ගැනීමටත් සහය වනු ඇත. මෙම සියලු බල උත්පාදන යන්ත්‍ර සඳහා පිරිවැය වාර්තා පවත්වා ගත යුතුය. මක්නිසාද යත් එම පිරිවැය වාර්තා අනුව නියාමක හට පිරිවැය විගණනයක් පැවැත්විය හැකි වීමත්, ඒ අනුව යන්ත්‍රවල කාර්යක්ෂමතාව පිළිබඳ සෑහීමකට පත්වීමට හැකි වීමත් එසේම මිල සංශෝධනයට පෙර සත්‍ය පිරිවැය දැන ගැනීමට හැකි වීමත් නිසාය.

මිල වැඩි කිරීමට හේතුව ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ වර්ෂාව නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස අඩු වියදමින් යුත් ජල විදුලි බලය ලබාගත නොහැකි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි බල මණ්ඩලය සතු තාප බලාගාර ක්‍රියාකරවීම හෝ පෞද්ගලික නිෂ්පාදකයාගෙන් ඉහළ මිලකට විදුලිය මිලදී ගැනීමට සිදුවීමයි.

එහෙත් තාප ජනනයේ වඩා ලාභ තත්ත්වයක් වූ ගල් අඟුරු බලශක්තිය ජනනය කිරීම ගල් අඟුරු නොමැති වීම සහ යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට සිදුවීම හේතුවෙන් අඩු වී ඇති බව පැහැදිලි වෙයි. මෙය ඇත්තටම කළමනාකරණ තීන්දුවක් වන අතර, වැරදි කළමනාකරණ තීන්දු නිසා ඇති වන පාඩුව පාරිභෝගිකයන් පිට පැවරීම කළ නොහැකිය. නියාමක මෙය සැලකිල්ලට ගත යුතුය.

2021 වර්ෂයේ දී ලබා ගත හැකි වාර්තා අනුව විදුලි ජනන මිශ්‍රණය ජල විදුලිය සියයට 43ක්, ගල් අඟුරු විදුලිය සියයට 33ක්, තාප විදුලිය සියයට 16ක් සහ සුළං සහ අනෙකුත් පුනර්ජනනීයයන් සියයට 8ක් විය. එම වර්ෂයේදී ජල විදුලිය වැඩියෙන් නිපදවීම සහ ඉන්ධන භාවිතය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස පාඩුව අඩු වී තිබේ.

එහෙත් වඩාත් ඵලදායී පිරිවැය පද්ධතියක් මගින් කාර්යසාධනය තවදුරටත් වර්ධනය කළ යුතුය. එසේම පාරිභෝගිකයාට ප්‍රතිලාභ ලැබෙන අඩු පිරිවැයෙන් යුත් විදුලි ජනනයක් සැපයීම සඳහා සත්‍ය ජනන පිරිවැය ගණනය කිරීමට සහ කාර්යක්ෂම කළමනාකරණ තීරණ ගැනීමට හැකි වන පරිදි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු යටතේ වෙන් වූ පිරිවැය දෙපාර්තමේන්තුවක් ලංවිම විසින් පවත්වා ගත යුතුය.

රජය විදුලිය සැපයීම වෙනුවෙන් සහනාධාරයක් නොදෙන බැවින් වැඩිවන ඕනෑම මිලක් මෙන්ම අමතර පිරිවැය ද පාරිභෝගිකයන් විසින් ගෙවිය යුතුය. මෙහි ප්‍රතිඵලය වන්නේ කර්මාන්තකරුවන් සහ අනෙකුත් වාණිජ පාරිභෝගිකයන් තරගකාරිත්වයෙන් බැහැර වීම සහ පාඩු ලබන තත්ත්වයට පත්වීමයි. අවසානයේදී මෙම ව්‍යාපාර වැසී යාමට ද මෙය හේතුවක් විය හැකිය.

මහාචාර්ය ලක්ෂමන් ආර් වටවල



අදහස් (1)

පිරිවැය ආවරණය වන විදුලිය මිලක්

ashok Sunday, 08 October 2023 09:41 AM

වියදම් අඩුම විදුලි ජනන ක්‍රියවලිය ජල විදුලියයි. එය මේ රටේ මහජනතාවගේ අයිතියයි. මහාපරිමාණ විදුලි පරිභෝජකයින්ග‍ේ අවශ්‍යතාවය මත මහා පරිමාණ විදුල ජනන පද්ධතීන් ඉදිකොට ඒවායේ පිරිවැය සුළු පරිමාණ පාරිභෝගිකයින් වෙත පැටවීම පාලකයින්ගේ හා මණ්ඩලයේ පිළිවෙතයි. පිරිවැය ආවරණය වන මිලක් නියම කිරීමේදී අනිවාර්යයනේම පරිභෝජනය කරන ප්‍රමාණය අනුව මිල නියමවිය යුතු අතර එය සුළු පරිමාන පරිභෝජකයින් මත පැටවිය යුතු නොවේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 278 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 606 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 954 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 636 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 495 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1867 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 838 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1258 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site