IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


පෙම්වතාට-අසූවයි පෙම්වතියට-විසිහතයි

1

 

“නාකි විසේ ගෙටත් උසේ” කියා කියමනක් ජනවහරේඇත. එහෙම කියන්නේවයසට නොගැළපෙනදේවල් කරන්නයන අයටයි.මේ කතාව ඇසුවා නම් කියන්නට වෙන්නේ නාකි විසේ ගෙටත් උසේ කියා නම් නොව නාකි විසේ එවරස්ට් කන්දටත් වඩා උසේ යැයි කියාය.

 

 5  

හරිම පුදුම හිතෙන පෙම් පලහිලව්වක් පහුගිය සෙනසුරාදා දිග හැරුණේ පෑලියගොඩ මූලස්ථාන පොලිසියේදී පැවති පැමිණිලි විභාගයකදීය.
පෙම්වතා බව කියන පුද්ගලයා වසර 80ක වයසේ පසුවන පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි.


තමාගේ පෙම්වතිය බවට ඔහු කියන තරුණිය 27 හැවිරිදි වියේ පසුවන්නියකි. 


ඇය ද 80 හැවිරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියා සේවය කරන ආයතනයේම සේවය කරන විධායක ශ්‍රේණියේ නිලධාරිනියක වන්නීය.


මන බඳිනා රූ සපුවකට ඇය හිමිකම් කියන්නීය.

06_page_17-th
ඔහු ද පොලිසියට පැමිණ තිබුණේ ජැන්ඩියට හැඳ පැළඳගෙනය. සෙන්ට් පවුඩර් එහෙම උලාගෙනය. 


එය ඔහුගේ වියපත්කම වසා කඩවසම් පෙනුමක් ගැනීමට ගත් උත්සාහයක් ද කියන්නට අප නම් දන්නේ නැත.


දියණියකගේ විවාහ මංගල්‍ය කොළඹ තරු පහේ හෝටලයක ජයටම ගැනීමට සියල්ල සූදානම් කර තිබියදී 80 හැවිරිදි පුද්ගලයෙකු මැර කණ්ඩායමක් එවා කලබලයක් ඇතිකර විවාහ මංගල්‍ය කඩාකප්පල් කරන බවට තර්ජනය කරන බවට ඇයගේ පවුලේ සමීපතම ඥාතියෙක් දුක්ගැනවිල්ලක් කියා සිටියේ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතා හමුවේය.


නියෝජ්‍ය පොලිස්පති කුලරත්න මහතා මේ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා අවශ්‍ය පියවර ගැනීමට බාරදුන්නේ කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාටය.


80 හැවිරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියා සහ ඔහුගේ පෙම්වතිය බව කියන 27 හැවිරිදි තරුණිය පොලිසියට කැඳවා මේ පෙම් පලහිලව්ව විභාගයට ගැනුණේ පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතා සහ පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා තමරා දිල්රුක්ෂි මහත්මිය ඉදිරියේය.


“මම මෙයත් එක්ක අවුරුදු හතක් තිස්සේ ඉඳලා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවා. මම මෙයත් එක්ක ගමන් බිමන් එහෙම ගිහින් ගත්තු ෆොටෝ පවා තියෙනවා. හොඳ කාර් දෙකක් මෙයාට මම අරගෙන දුන්නා. කියන පමාව විතරයි ඉල්ලන ඕනෑම මුදලක් දුන්නා. මම මෙයාට දෙන්න පුළුවන් හැම සැප සම්පතක්ම දුන්නා. මම මේ බොරු නෙමේ කියන්නේ ඇත්ත. පහුගිය අවුරුදු 07 පුරා මම මෙයාට ලව් කරද්දි වරින් වර රත්තරන් බඩු ගොඩක් අරන් දුන්නා. කොටින්ම කියනවා නම් කිලෝ 1ක් විතර බර රත්තරන් බඩු එයාට අරන් දීලා ඇති. අවුරුදු හතක් තිස්සේ අපි දෙන්නා ආදරයෙන් හිටියා. මේ ළඟකදී ඉඳලා මට මෙයාගේ වෙනසක් දැනෙන්න පටන් ගත්තා. ඒ මොකද කියා ඇහැව්වාට ඒකට උත්තරයක් දුන්නේ නැහැ. ඒ වෙලාවට මොකක් හරි කියලා මගහැරියා. මෙයාගේ වෙනස්වීම නිසා මට ලොකු දුකක් ඇති වුණා. ඒක වාවගන්න බැරි තරමේ දුකක්.”


අසූ හැවිරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියා පැමිණිල්ල විභාග කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා හා උප පොලිස් පරීක්ෂිකාව හමුවේ පවසා ඇතැයි කියන්නේ හැඬුම්බරවය.


“ඊට පස්සේ මෙයාගේ වෙනස් වෙන්න හේතුව මම හොයලා බැලුවම තමා දැනගන්න ලැබුණේ මටත් හොරෙන් ටික කාලයකට ඉස්සර වෙලා ඉඳලා මෙයා වෙනත් කොල්ලෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවා කියා. මේ බව දැනගත්තට පස්සෙ මගේ පපුව පැලිලා යන්න තරම් වේදනාවක් ඇතිවුණා. මෙච්චර හොඳට සලකපු සෑම සැප සම්පතක්ම දුන්නු මට මෙයා මේ විදිහේ දෙයක් කරයි කියා හීනෙකින්වත් හිතුවේ නැහැ. මම නිතරම මෙයාට කිව්වා ඔය සම්බන්ධය අතහරින්න කියා. ඒත් මෙයා මට හොරෙන් මේ සම්බන්ධය පවත්වාගෙන ගිහින් තියෙනවා. දවසක් මෙයාගේ බෝයිෆ්‍රෙන්ඞ් එක්ක ඇවිත් කාර් දෙකයි යතුරයි මට දීලා යන්න ගියා. කොළඹ තරු පහේ හෝටලයක ජයටම දෙන්නා මගුල ගන්න යනවා කියා දැන ගත්තා. ඒක දැන ගත්තට පස්සේ මම හිතුවේ මගේ පපුව පැලිලා මැරෙයි කියා” යැයි ද මේ නාකි මනමාලයා පවසා ඇති බව දැන ගැනීමට ඇත.


තරුණිය කතා කරන්න පටන් ගත්තේ ඔහු මෙතෙක් වෙලා කිව්ව කතා අමූලික බොරු බව පවසමිනි.


“මේ මනුස්සයා මෙච්චර වෙලා කියපු සේරම දේවල් මම අහගෙන හිටියේ බොහොම අමාරුවෙන්. මෙයා මගේ සීයා කෙනෙක් වාගේ. මේ වගේ කෙනෙකුට පෙම් කරන්න මට මොළේ අමාරුවක් නැහැ. මෙයාට මොකක් හරි ලොකු මොළේ අමාරුවක් හැදිලා ඇති.” යැයි තරුණිය කියා සිටියාය.
“මගෙන් සැප සම්පත් ලැබෙන කාලයේ කාර් එකක් දෙකක් අරන් දෙනකොට ලක්ෂ ගණන් වියදම් කරලා රත්තරන් බඩු එහෙම අරන් දෙනකොට ඔයා මට ඔහොම කිව්වේ නැහැ නේද?” කියා 80 හැවිරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියා ඇයගෙන් විමසුවාය. 


“තමුසෙ ඇයි මෙච්චර ගල් පැලෙන බොරු ගොතලා කියන්නේ” යැයි පවසමින් ඔහු කියන හැම දෙයක්ම බොරු බව ඇය පුන පුනා කීවාය.


තරුණියට විවාහ නොවන ලෙසත් දිගින් දිගටම බලපෑම් කිරීමෙන් නොනැවතුණු මොහු ඇයට පමණක් නොව පවුලේ අයට ද තර්ජනය කර ඇතැයි ද කියති.


“මැර කණ්ඩායමක් එවලා මගුල් ගෙදර කඩා කප්පල් කරනවා කියා මාත් එක්ක ගත්තු ෆොටෝ මගුල් ගෙදරට ඇවිත් ඉන්න අයට පෙන්නනවා කියා කිව්වේ හිතේ ආපු තරහට. ආදරය කළ හිතකින් වෛරයකරන්න බැහැනේ. මම කොහොම හරි හිත හදාගෙන ඉන්න බලනවා.” කියා 80 හැවිරිදි නාකි මනමාලයා කියා ඇත්තේ වෙන කියන්නට දෙයක් නොතිබුණ නිසා විය හැකිය.


තරුණිය මොහුගෙන් නිතර සිදුවන තර්ජනයන් ගැන ඇයගේ පෙම්වතාට ද දන්වා පසුව ඥාතියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ බැරිම තැනය.


තරුණියට, පවුලේ අයට කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් නොකරන ලෙසටත් විවාහ මංගල්‍යයට බාධා නොකරන ලෙසටත් පොලිසිය තරයේ අවවාදකොට ඔහු මුදාහැර ඇත. 


මින් ඉදිරියට මෙවැනි පැමිණිල්ලක් ලැබුණහොත් නීති මගින් කටයුතු කරන බවට ද පොලිසිය ඔහුට දන්වා ඇත.


මින් පසුව මෙවැනි දේ නොකරන බවට පොරොන්දු වී පොලිස් පොතේ අස්සනක් ද දමා ඔහු පොලිසියෙන් පිටව ගොස් තිබේ.


අසූ හැවිරිදි වියේ පසුවන විධායක ශ්‍රේණියේ නිලධාරියා දරු මුණුබුරන් ද සිටින අයකු බව කියති.


“නාකි විසේ ගෙටත් උසේ” කියා කියමනක් ජනවහරේ ඇත. එහෙම කියන්නේ වයසට නොගැළපෙන දේවල් කරන්න යන අයටයි.


මේ කතාව ඇසුවා නම් කියන්නට වෙන්නේ “නාකි විසේ ගෙටත් උසේ කියා නම් නොව නාකි විසේ එවරස්ට් කන්දටත් වඩා උසේ” යැයි කියාය.


කලින් යොදාගත් පරිදිම කොළඹ තරු පහේ හෝටලයකදී  27 හැවිරිදි තරුණියගේත් ඇයගේ පෙම්වතාගේත් විවාහ මංගල්‍යය දෙපාර්ශ්වයේම නෑදෑ හිතමිතුරන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සතියේ ජයටම සිදුවිය.


විවාහ මංගල්‍යය කිසිම බාධාවකින් තොරව සිදු කෙරුණ බවත් නව යුවළ ළඟදීම යුරෝපීය රටක පදිංචියට යාමට තීරණය කර ඇති බවත් ඇයගේ පවුලේ සමීපතම ඥාතියෙක් පොලිසියට කතාකර පවසා ඇත්තේ විවාහය සිදු වූ දවසට පසු දිනකය.

m



අදහස් (0)

පෙම්වතාට-අසූවයි පෙම්වතියට-විසිහතයි

උදිත Wednesday, 10 February 2016 09:17 AM

මිනිසා මෝහයෙන් අන්ද වුණාම සිදුවන දේවල් තමා. වයසට නොගැලපෙන විවාහයන් සිදුකර ගැනීම දෙලොවම පරිහානියටත්,නින්දාවටත්, වස්තු විනාශයට මුල බවත් අපේ බුදුන් දේශනා කරලා තියනවා.(ම)

:       0       0

සාගර Thursday, 11 February 2016 12:44 PM

මගේ පුංචි රෝස මලේ මමයි ඔබේ වියපත් බඹරා.(හේ)

:       0       0

සේරම් පැරිස් Saturday, 13 February 2016 05:48 PM

සල්ලි ගොඩාක් තිබෙනවිට මෝහෙන් මුලාවෙලා රාගයෙන් උමතුවෙලා, තණ්හාවත් උතුරන්න. එහෙම අය තමා මෙහෙම හැසිරෙන්නේ (නි)

:       0       0

රාජා Wednesday, 10 February 2016 11:04 PM

මගේ යාලුවෙක් ඉන්නවා අවුරුදු 65යි. බිරිඳත් ඊට කිට්ටු වයසක. අවුරුදු 30 පැනපු පුතෙකුත් ඉන්නවා. මිනිහා කොළඹට කිට්ටුව ප්‍රසිද්ධ මංගල සේවයක් ගෙනියනවා. එතන වැඩට ආ තමාගේ පුතාගේ වයසේ ගැහැණු කෙනෙක් එක්ක දැන් වෙනම පවුලක්. ඇයත් විවාහකයි. අවුරුදු 12 පමණ පුතෙක් ඉන්නවා. සැමියාව අතහැර ඇවිදින් මොහුත් සමඟ ඉන්නවා. යාළුවන්ට කියලා මට තව අවුරුදු 10ක් මෙයාගෙන් කඩා වඩා ගත්තහම ඇති කියලා. අපේ මෝඩ යාලුවා ඒවා විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

සංජු Thursday, 11 February 2016 05:32 AM

ආදරයට වයස බලපාන්නේ නැහැ වගේම කාමයටත් වයස බලපාන්නේ නැහැ. සමහර ගැහැණු සල්ලි වලට මිනිස්සු එක්ක ඉන්නවා, දුප්පත්කමට දරු පවුල ජීවත්කරවන්න. හැබැයි මේකේ කතා නායිකාව වයසක මිනිහත් එක්ක හිටියේ දුප්පත්කමට නෙමෙයි. හරි නම් මේ ගැන සම්පුර්ණ පරීක්ෂණයක් කරලා අර මනුස්සයාගෙන් ගත් රත්තරන් කිලෝ එකත් අරගෙන දෙන්න ඕනෑ. පුදුම අම්මලා තාත්තලා! තමන්ගේ දුවට කාර් 2ක් හම්බවෙනකොට හොයලා බලන්නේ නැද්ද මන්දා? (නි)

:       0       0

ගුණසිරි Friday, 12 February 2016 06:37 PM

ඉන්දික හරි. රාගය සිත කය දවන ගින්නක්. (නි)

:       0       0

රිහාන් Thursday, 11 February 2016 05:46 AM

උත්සාහය අත් නොහරිනු! (නි)

:       0       0

චාමර Friday, 12 February 2016 05:47 AM

සංජුත්, ලස්සන කෙල්ලෙක් වෙලා, වැඩ කරන තැන නාකි මරාලයක් කඩන් වැටුන නම් ඔය වගේ එක පාර්ශිකව කතා කරන එකක් නැහැ. එතකොට තේරෙයි මේ වගේ නාකි මනමාලයෝ තමන්ගේ අනුවන කම නිසා කොච්චර විනාසයක්ද හැමෝගෙම ජීවිත වලට කරන්නේ කියලා. (ර)

:       0       0

දිලාන් Friday, 12 February 2016 09:22 AM

මේ ප්‍රශ්නෙදි පිරිමි කෙනාට විතරක් දොස් කියන්ට එපා. ඕන් බලහත්කරකමක් කරා නම් පිරිමියා වැරදී. අවුරුදු 7 ක් තිස්සේ තේරුනේ නැද්ද වයසයි කියලා. පොලිසියට ගිහින් බබා වෙන්ට හදනවා. (ර)

:       0       0

දිනේෂ් Saturday, 13 February 2016 01:34 PM

මෙහෙමත් කෙල්ලෝ ! (නි)

:       0       0

ඉන්දික Friday, 12 February 2016 06:03 AM

ගොඩක් කාර්යාල වල මේ වගේ නාකි මනමාලයෝ ඉන්නවා. එයාලා හුදු රාගය, තණ්හාව නිසා, සිය පවුලටත් සමාජයටත් ලොකු හානියක් කරන්නේ. රන් අබරණ, වාහන දීලා තෑගි දීලා තියෙන්නෙත් තමන්ගේ රාගික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට මිස ආදරයක්, දානයක් ලෙස නෙමෙයි. දනක් පිනක් කරගෙන හිටියා නම් ඔය වගේ තැන් තැන් වල අඬන්න වෙන්නේ නැහැ. ලෝක ධර්මය තේරුම් නොගැනීම නිසා මේ වගේ මෝඩයෝ දුක් විඳිනවා. (නි)

:       0       0

අමල් Wednesday, 10 February 2016 02:27 PM

මේවා කාට කාටත් හොඳ පාඩම්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 223 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 565 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 142 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 44 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 78 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 496 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1328 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1561 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 405 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site