IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පැතුම් ප්‍රාර්ථනා යථාර්ථයක් වේවා..!

2024 වසර උදාවිය. මහමෙරක් උසට බලාපොරොත්තු කඳු ගොඩ ගැසී තිබේ. ඒ හතර – පස් වසරක් මුළුල්ලේ නිරාදුකින් විඳවන ජිවිතයට හුස්මක් ගනු පිණිසය. දුකෙන් පෙළෙන සත් ඒ දුකෙන් මුදවන ඉච්ඡාභංගත්වයෙන් අසහනයෙන් පෙළුණු ජනයා එමගින් ගලවන සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවන සතුට, සාමය, සමෘද්ධිය හා සහජීවනය පැතිරුණු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුබම වූ නව වසරක් බවට 2024 වසර පත්වේවා යන්න ලංකාදීපයේ නව වසරේ පැතුම වේ.

පැතුම් ප්‍රාර්ථනාවලට පමණක් කිසිවක් කළ නොහැකිය. එම පැතුම් ප්‍රාර්ථනා ජීවමාන යථාර්ථය

ක් බවට පත්කර ගැනීමට නම් ඒ සඳහා කැපවුණු දියුණු සාමූහික මිනිස් ක්‍රියාකාරිත්වයක් අැවැසිය. 2024 වසර යනු එම මිනිස් ක්‍රියාකාරිත්වය එයට හිමි නිසි අර්ථයෙන්ම බලමුළු ගැන්විය යුතු වසරකි.

රටට වැරදුණේ ඇයිද යන්න ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වී තිබේ. රට පාලනය කළ හා එම පාලනයට හවුල් වූ සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් රටට වූ විනාශයට වගකිව යුතුය. බලය ලබාගැනීමට  මෙන්ම ලබාගත් බලය රැකගැනීමට සෑම ආකාරයේම අවම ක්‍රියා මාර්ග තේරුවා මිස ජනයා සතුටෙන් තැබීමට කළමනා කටයුතු කළමනාකරණය නොකිරීම රටට මේ ඉරණම අත්වුණාදැයි සිතේ. අපට තවදුරටත් ඒ පැමිණි මාර්ගයේම ගමන් කළ නොහැක. සෑම දේශපාලන පක්ෂයක්ම එළැඹ ඇති අභියෝගය ජය ගැනීමේ මාවත වෙත පිවිසිය යුතුය.

සෑම දේශපාලන පක්ෂයකටම ප්‍රතිපත්ති තිබේ. පක්ෂවලට ව්‍යවස්ථා තිබේ. දැන් මේවා සියල්ලටම මුද්‍රා තැබිය යුතුය. ඒ වෙනුවට පොදු ජාතික එකඟතාවක් සහිත ප්‍රතිපත්ති සකස් කළ යුතුය. එහිදී තමන්ට ලැබෙන පංගුව ගැන නොසිතිය යුතුය. තමන්ට ලැබෙන පංගුව දෙස බලා  පොදු ජාතික වැඩපිළිවෙළකට හරස් කපන්නවුන් සිටීනම් ඔවුන් කෙවිටෙන් තලා පිටමන් කළ යුතුය.

රාජ්‍ය නිලධාරීන් මෙන්ම සේවකයන් ද අවංක විය යුතුය. මවු පොළොව සමඟ බැඳුණු හෘද සාක්ෂියක් සහිත අයවිය යුතුය. කාර්යක්ෂම විය යුතු සේම වගකීම් සහිත අය විය යුතුය. රට පෙරට ගෙන සිතන මනසක් සහිත අය විය යුතුය. වංචාව, දූෂණය, නාස්තිය මෙන්ම සොරකම මිනිස් කසළ මෙන් පිළිකෙව් කළ යුතුය. ජනතාවට සේවය කිරීම තම පරම වගකීම බව සිතිය යුතුය.

දේශපාලනඥයන් පරිපාලකයන් එසේ වෙනස්වන විට පොදු මහජනයාට ද වෙනස් නොවී සිටිය නොහැකි වනු ඇත. පොදු මහ ජනතාවට ද එම විශිෂ්ට ශිෂ්ටාචාරගතවීමට සිදුවනු ඇත.  පක්ෂයකට බැල මෙහෙවරකම් කර එයට හිලව් වශයෙන් ලැබෙන දෙයකින් තෘප්තිමත්වීමේ නාස්තිකාර මාවතෙන් ඉවත්වනු ඇත.

හාර-පස් අවුරුද්දක් මුළුල්ලේ මෙරට සාතිශය බහුතරයක් ජනයා අපාදුක් විඳිති. සැබැවින්ම මනුෂ්‍ය ගරුත්වය අහිමිවූ ජීවිතයක් ගත කිරීමට සිදුවී තිබේ. හොරාගෙන්, කුඩු කාරයන්ගෙන් තම මිල මුදල් දේපළ ආරක්ෂා කර ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තම දරු පැටවුන් සුරක්ෂිත කර ගැනීම. පාපතර කාමාතුරයන්ගේ ගොදුරුබවට තම දරුවන් පත්වීම වැළැක්වීම, රුධිර පිපාසිත පාතාලයන්ගෙන් තම ජීවිතය ආරක්ෂා කරගැනීම පුරවැසියන්ගේ ජීවිතවල ප්‍රමුඛ ඉලක්ක බවට පත්වී තිබේ.

ගෙවා ආ දින 365 වුවද එයට කදිම සාක්ෂියකි. මෙහෙම ජීවිත කුමකට ද යන්න අපට සිතීමට සිදුවී තිබේ. ජීවත්වීම යනු මෙය නොවන බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් ඇතැම් පුරවැසියන්ට විනාශය ද විනෝදයක් වූ සෙයකි. තමන්ද එම විනාශයේ පහසු ගොදුරක් බව දැන දැන වුවද ඔවුහු ඒ විනාශයම විනෝදයක් බවට පත්කර ගනිති.

2024 වසර අප ගෙවා දැමිය යුත්තේ ඒ ආකාරයට ම ද යන්න සන්සුන් මනසින් කල්පනා කිරීම වැදගත් ය. අද ජනවාරි 1 වැනිදා එයට හොඳ ආරම්භයකි.

(***)

 



අදහස් (0)

පැතුම් ප්‍රාර්ථනා යථාර්ථයක් වේවා..!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site