IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පුංචි මන්ත්‍රීලා තෝරා පත්කළේ ඇඟපතේ ශක්තිය පෙන්වීමටද?

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුවක් ගුටි බැට හුවමාරුවක් බවට පත්වී විපක්ෂයේ මන්ත්‍රීවරියකට රෝහල්ගත වීමට සිදු වීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ගැටුමෙන් අනතුරුව සභා ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි අවස්ථාවේ එහි සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාට විපක්ෂයේ මන්ත්‍රීවරයකු පහර දුන් බවට ඒ මහතා නිට්ටඹුව පොලිසියට පැමිණිලි කර ඇති බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

ප්‍රකෝපකාරී හැසිරීම්වලට චණ්ඩ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉකුත් සමයේ බොහෝ ප්‍රසිද්ධ වූයේ රට හදන තැන හෙවත් පාර්ලිමේන්තුවය. එම ආදර්ශය ගමේ සභාවලටත් බෝ වී ඇති සෙයකි. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරියක වන ක්‍රිෂ්ණා ජයසුන්දර මහත්මියට රෝහල්ගත වීමට සිදු වීමෙන් පැහැදිලි වන්නේ එයය.

මෙයට පෙර වාර්තා වූ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ නුවරඑළිය කොත්මලේ කැටඹුලාව ප්‍රාදේශීය කමිටු රැස්වීමේදී ප්‍රාදේශීය දේශපාලනඥයන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් කොත්මලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල්ගත කිරීමට සිදු වූ බවය. මෙම ගැටුමේ විශේෂත්වය වන්නේ මන්ත්‍රීවරුන් දෙදෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නන් වීමය.

නාවලපිටියේ ක්‍රීඩාංගනයක් සම්බන්ධ ප්‍රශ්නයකට නාවලපිටිය නගර සභවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මහ පාරේ ගුටි බැට හුවමාරු කරගත් සිද්ධියට දෙතුන් සතියකි.

මහජනතාවට සේවය කිරීමට මෙම දේශපාලනඥයන් සතුව කෙතරම් බලවත් උනන්දුවක් තිබේ ද යන්න මෙම සිදුවීම්වලින් පැහැදිලිය. මරාගෙන මැරෙමින් හෝ ජනතාවට සේවය කිරීමට ඔවුහු පෙළැඹී සිටිති. මෙවන් මහජන නියෝජිතයන් එම ජනතාවට වාසනාවකි. පෙර කළ පින් මහිමයෙන් හැර මෙවන් මහජන නියෝජිතයන්ගේ ඇසුර ලැබීමට හැකි වන්නේ නැත.

මෙයට වසර දහයකට පමණ පෙර පාලකයන් ප්‍රකාශ කළේ ‘ආසියාවේ ආශ්චර්යය’ නිර්මාණය කරන බවය. යහපාලන ආණ්ඩුව සමයේ කියැවුණේ ‘මාස හැටෙන් අලුත් රටක්’ හදන බවය. දැන් කියන්නේ ‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ තිබෙන බවය. පොරොන්දු පත්‍රවල මුද්‍රිත අකුරු ජීවමාන යථාර්ථයක් බවට පත් වී නැත. ඒවා ඉබේටම එසේ වන්නේ ද නැත. ඒ සඳහා සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයක් ඇවැසිය. ඒ සඳහා පෙරමුණ ගත යුතු වන්නේ මහජන නියෝජිතයන්ය. සමාජයට ආදර්ශ ගලා යන්නේ ඔවුන්ගෙනි. එහෙත් දේශපාලනය යනු බඩ රස්සාවක් යැයි සිතන, එසේ සිතා කටයුතු කරන මදාවියන්ගෙන් මුද්‍රිත අකුරු ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ නොහැක.

මහජන නියෝජිතයා නියත වශයෙන්ම ශිෂ්ට විය යුතුය. දැන උගත්කමින් පොහොසත් විය යුතුය. නිහතමානී විය යුතු සේම කාරුණික විය යුතුය. ප්‍රමාණය ඉක්මවා ගිය තරමට අවංක විය යුතුය. එමෙන්ම නීතිගරුක හා යුක්තිගරුක විය යුතුය. මේ සියලු සාර්ධර්ම වැඩෙන්නේ මිනිසකු තුළය. එහෙයින් දේශපාලනඥයා පළමුව මනුස්සයකු විය යුතුය. එයට හේතුව සතුන් තුළ මෙම සාර මනුදම් නොවැඩෙන හෙයිනි.

විවෘත ආර්ථිකයත් සමග අප රට වේගයෙන් වෙනස් වී ගියේය. ඇතැම් වෙනස්කම් යහපත්ය. ඇතැම් ඒවා අයහපත්ය. එසේ අයහපත් ලෙස වෙනස් වූ ක්ෂේත්‍රයක් වන්නේ දේශපාලන ක්ෂේත්‍රය විය. එම වෙනස්කම තුළ පළමුව මෙරට දේශපාලනය තුළ සිටි අවංක මහජන සේවකයා අතුරුදන් වී ගියේය.

විවිධාකාර අපරාධකරුවන්ගෙන්, මං පහරන්නන්ගෙන්, චෞර කප්පිත්තන්ගෙන් මෙරට දේශපාලනය පිරී ගියේය. නඩු වැටුණු ගරු කටයුතු මහජන නියෝජිතයන් කී දෙනකු උත්තරීතර පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස් දෙනා අතර සිටී දැයි සොයා බැලීමෙන් ඉහත කාරණය සනාථ කරගත හැකිය.

දේශපාලනයේ තම ඉලක්කය සපුරා ගැනීමට ඇති පහසුම මග වන්නේ බාහු බලය ප්‍රදර්ශනය කිරීම යැයි ඇතැමෙක් සිතති. තම බාහු බලය පමණක් නොව මැර සේනාංකවල බලය ද ඔවුහු මුදාහරිති. මෙරට මැතිවරණයක් යනු ප්‍රචණ්ඩත්වයේ නිවුන් සොහොයුරා යැයි හඳුනා ගැනීමට සිදු වූ පරිසරයක් නිර්මාණය වූයේ එසේය.

සෑම විනාශයක් තුළම යම් බලාපොරොත්තුවක් ද නිර්මාණය කරයි. ඒ අනුව මුදුනේ දේශපාලනය තුළ ඇති වී තිබෙන විපරීත තත්ත්වය හමුවේ පහළ හෙවත් ගමේ දේශපාලනය තුළ යම් ශීලාචාර බවක් ඇති වේවි යැයි බලාපොරොත්තුවක් විය. එහෙත් එම බලාපොරොත්තුව ද බිඳ වැටෙමින් තිබේ. පුංචි මන්ත්‍රීලාගේ ‘ලොකු වැඩ’ ඒ තත්ත්වය ඇති කර තිබේ. අශීලාචාර හා අනීතික ලෙසත් අවිනීත ලෙසත් හැසිරෙන මේ පුංචි මන්ත්‍රීලාට එරෙහිව ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් කටයුතු කරාවි යැයි විශ්වාසයක් තිබිණි. එහෙත් එම විශ්වාසයත් අතීතයට අයත් වූවකි.

(***)



අදහස් (1)

පුංචි මන්ත්‍රීලා තෝරා පත්කළේ ඇඟපතේ ශක්තිය පෙන්වීමටද?

amitha Friday, 29 October 2021 09:05 AM

කට්ටියම දැන් කඩි මුඩියේ ලක ලෑස්ති වන වසරකට රු. බිලියන 100කට වඩා බදු මුදල් ගිල දමන පළාත් සභා ක්‍රමය අපි තරයේ ප්‍රතික්ෂේප කරමු ..!!! රටක් හදන්න නම් රාජ්‍ය නායකයා දැඩි තීන්දු ගත හැකි ප්‍රසිද්ධියේ හෝ හොරෙන් කුණු නොකන, නිර්ව්‍යාජ පුද්ගලයකු විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 424 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 338 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 165 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 347 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 522 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1143 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1209 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1505 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 386 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site