IMG-LOGO

පුංචි දුවක් පවුලට පණ ඉල්ලයි

(වයි.ඒ.එස්. වීරවංශ සහ මහින්ද අබේරත්න)

විවිධ රෝගවලින් පීඩා විඳිමින් අසරණව සිටින එකම පවුලේ සිව් දෙනෙකු පිළිබඳව හම්බෙගමුව කහකුරුල්ලන් පැලැස්ස කිවුලගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

 මෙවන් දුක්ඛිත තත්ත්වයට පත්ව ඇත්තේ ජී. ඩබ්ලිව්. එස්. ධර්මකීර්ති, ඔහුගේ බිරිඳ හා දියණියන් දෙදෙනාය. ධර්මකීර්ති මහතා 44 හැවිරිදි වියේ පසුවන කම්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකි. 

මීට වසර එක හමාරකට ඉහතදී ඔහුට හෘදයාබාධයක් හටගත් අතර ඔහුගේ මුත්‍රාශ්‍රය ආශ්‍රිතව ගලක් හට ගෙන ඇති බව ද ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසා ඇත. 

ඔහුගේ බිරිය ජී.එල්. චන්ද්‍රානී මල්ලිකා (41) මහත්මිය කම්කරු රැකියාව කර ඇත. මීට වසර දෙකකට පමණ ඉහතදී ඇයට පියයුරු පිළිකාවක් වැළඳීමෙන් ශල්‍යකර්මයකට භාජනය කර කිසිවක් කර ගැනීමට නොහැකි තත්වයක පසු වන්නීය.
 
වැඩිමල්  දියණිය ජී. ඩබ්ලිව්. ශලනි උමාෂා මොණරාගල කහකුරුල්ලන් පැලැස්ස විද්‍යාලයේ තුන වසරේත් දෙවනියා සියුමි පබසරා එහි ම එක වසරේත් ඉගෙනුම ලබති. 

මේ සම්බන්ධයෙන් ජී. ඩබ්ලිව්. එස්. ධර්මකීර්ති මහතා මෙසේ පැවසීය.

මුත්‍රාශයේ ගල ඉවත් කිරීමට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබුණත් හෘදයාබාධ තත්ත්වය හේතුවෙන් එය සිදු කළ නොහැකි බව වෛද්‍යවරු පවසනවා. මගේ බිරිඳට මීට වසර දෙකකට පමණ ඉහතදී පියයුරු පිළිකාවක් සෑදී අම්බලන්තොට රෝහලේදී ශල්‍යකර්මයක් සිදු කළා. තව මාස තුනකින් තවත් ශෛල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ අතරතුර මගේ වැඩිමහළු දියණියට හතිය හා ඇදුම රෝගය වැළඳුනා. මේ වනවිට හම්බන්තොට රෝහලේ ළමා සායනයෙන් ඇයට මාසිකව ප්‍රතිකාර කරනවා. දෙවනි දරුවා මීට වසරකට පමණ ඉහතදී වකුගඩු රෝගී තත්ත්වයට පත් වුණා. ඇයට ද හම්බන්තොට රෝහලෙන්  ප්‍රතිකාර කරනවා. 

අපි සියලු දෙනා රෝගී තත්ත්වයට පත් වීම නිසා මාසිකව ප්‍රතිකාර සඳහා රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය වෙනවා. මටත් බිරිඳටත් දැන් කුලී වැඩක් කරගන්න බැහැ. මම ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා සල්ලි එකතු කරගෙනයි ප්‍රතිකාර ලබාගන්නේ. 

ඊට අමතරව රජයෙන් දියණියට වකුගඩු ආධාරය ලබාදෙනවා. බිරිඳට පිළිකා ආධාරය ලබා දෙනවා. ඒ මුදල් ප්‍රමාණවත් නැහැ. ගමේ අය එකතු වෙලා අපට ඉන්න කුඩා නිවසක් සකස් කර දුන්නා. 

පියුමි පබසරා දියණිය මෙසේ කීවාය.

මගේ වකුගඩු නරක් වෙලා කියලා වෛද්‍යවරු සඳහන් කරනවා. අම්මයි තාත්තයි ගමේ හැමෝමයි එකතු වෙලා අපට උදව් කරනවා. මම ඉගෙන ගන්න හරිම ආසයි. මේ ප්‍රවෘත්තිය කියවන නැන්දලා මාමලා අපි ගැන අනුකම්පා කරලා අපට උදව් කරනවා නම් ලොකු පිනක්. 

ශලනි අමාෂා දියණිය මෙසේ කීවාය.

සමහර දවස් වලට අපි කන්නේ දවසට එක වේලයි. ඒ වුණත් නංගී මමයි කොහොම හරි පාසල් යනවා. පාසලේ මිතුරු මිතුරියන් අපට උදව් කරනවා. පාසල් උපකරණ ගන්න ගුරුවරුන් ගොඩක් උදව් කරනවා. අපි දෙන්නම රෝගීන් නිසා අව්වට වැස්සට දුවිල්ලට ඔරොත්තු දෙන්නේ නැහැ. නිතරම ලෙඩ වෙනවා.

 එහෙම වුණාම පාසල් යන්න බැහැ. කවුරුහරි පින්වත්ත නැන්දලා මාමලා අපි ගැන හොයලා බලලා අපිට උදව් කරනවා නම් අපිට හැමදාම පාසල් යන්න පුළුවන් වේවි. 

තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී එස්.චන්දිමා මහත්මිය මෙසේ කීවාය.

මේ අසරණ පවුල පිළිබඳව අප නිතරම සොයා බලනවා. ගම්වාසීන් එකතු වෙලා කුඩා නිවහනකුත් ඉදි කළා. මේ අයගේ ප්‍රතිකාර සඳහා මාසිකව විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා කවුරුහරි ඉදිරිපත් වෙලා මේ අයට උදව් කරනවා නම් ලොකු පහසුවක්. මේ දරුවන් දෙදෙනා ඉගෙන ගන්නත් ආසයි.    

 



අදහස් (5)

පුංචි දුවක් පවුලට පණ ඉල්ලයි

Ranjith Kulatilake Thursday, 11 October 2018 03:04 AM

මේ පවුල පිලිබද විස්තර ගන්නේ කොහොමද? ටෙලිෆෝන් නම්බර්? කතා ක‍රන්න කෙනෙක් ගැන දන්වා එවන්න.

:       6       47

Nisanka Thursday, 11 October 2018 08:56 AM

0721031896

:       8       12

senaka Thursday, 11 October 2018 11:06 PM

මෙවැනි අයටවත් සමෘධි ආධාර ලැබෙන්නේ නැද්ද? මේ අය ගැන පළාතේ මන්ත්‍රීවරයාට උදව් කල නොහැකිද?

:       0       9

Roshani Friday, 12 October 2018 03:16 PM

වැඩි විස්තර ලැබෙන්න සලස්වන්න. උදව් කිරීමට...

:       0       3

madhawa Wednesday, 17 October 2018 04:55 AM

දුර කතන අංක , බැංකු අංක ලබා දෙන්න

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 754 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site