IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


නිවැරදිකරුවන් අල්ලන නිසා ඇත්ත ත්‍රස්තයින්ට හැංගෙන්න පුළුවන්

(තරිඳු ජයවර්ධන)

රත්නපුර නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළැයි කියමින් අත්අඩංගුවට ගත් රත්නපුර තරුණයෝ තිදෙනෙක් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.  ඒ අතුරෙන් අයෙක් සිංහල තරුණයෙකි. අනිත් දෙදෙනා මුස්ලිම් තරුණයෝය. නිරපරාදේ දින ගණනාවක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට ඔවුනට සිදු විය. රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ මැදිහත්වීම මත සත්‍ය තත්ත්වය සොයා බලා ඔවුන්ට එරෙහි චෝදනා ඉවත් කර ගැනීමට පොලිසිය කටයුතු කළේය.  මේ ඔවුන් අතර සිටි සිංහල තරුණයා අනුෂ්ක දිල්හාර අද කියන කතාවයි.

ප්‍රශ්නය -  ඔබේ පාසල් කාලය ගැන කතා කළොත්?

පිළිතුර - මම පෙරපාසලේ සිට පහ ශ්‍රේණිය දක්වා ගියේ ජාත්‍යන්තර පාසලකට. එහි කළමනාකාරිත්වය වෙනස් වුණා වෙනත් නමකින්. ඉන් පසු සසෙක්ස් ජාත්‍යන්තර පාසලෙන් උසස්පෙළ වෙනතුරු ඉගෙන ගත්තා. එහි වැඩිපුර හිටියේ සිංහල ළමයින්. මුස්ලිම් සහ දෙමළ ළමයිනුත් හිටියා.  අපේ පාසලේ බුදු පිළිමයක් තිබුණා. ඒක හදන්න සිංහල අයට අමතරව දෙමළ මුස්ලිම් ළමයින්ගේ දෙමාපියනුත් උදව් කළා. ඉස්කෝලේ ඇතුළේ වර්ගවාදය, ජාතිවාදය තිබුණේ නෑ. හැමෝම එකට හිටියේ. අපි සිල්ගත්තේ පොසොන් පොහොයට. බෞද්ධ අපි සිල් ගනිද්දී අපට දානේ ගෙනාවේ දෙමළ සහ මුස්ලිම් අම්මලා තාත්තලා.  වෙසක් කූඩු තරගවලිනුත් පළවෙනි පස් දෙනා අතරේ දෙමළ  හා මුස්ලිම් සහෝදරවරුන් හිටියා.  පාසල් කාලයේ සිට අපි හරිම සමගියෙන් කටයුතු කළේ.

ප්‍රශ්නය - ඔබ දැන් මොකද කරන්නේ?

පිළිතුර -  දැනට මම සබරගමුව විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් හදරානවා. ඊට අමතරව පතල් කර්මාන්තයේ නියැලෙනවා.

ප්‍රශ්නය - ඔබ  අත්අඩංගුවට ගැනීමට හේතුවුණු සිදුවීම ගැන කතා කළොත්?

පිළිතුර - අපි රත්නපුර හැම විශේෂ අවස්ථාවකම ඇල්බම් එකක් හදනවා.  අපි නොමිලේ මේක කරන්නේ.  අපේ රූගත කරන කණ්ඩායමේ 15 දෙනෙක් විතර ඉන්නවා. පහළොවෙන් දෙදෙනෙක් මුස්ලිම්.  එක් අයෙක් දෙමළ. අනිත් හැමෝම සිංහල. රටේ ඇතිවූ තිබුණු ප්‍රශ්නත් එක්ක මෙවර වෙසක් පොහොය නිමිත්තෙනුත් ඇල්බමයක් අපි තීරණය කළා.  ඒ අනුව  තවත් සහෝදරවරුන් දෙදෙනෙක් එක්ක අංගම්මන කන්දේ ඉඳන් රත්නපුර නගරය ආලෝකමත්වෙලා තිබුණු විදියට ඡායාරූප ගත කරන්න ගියා. මා සමඟ ගිය අනිත් දෙදෙනා මුස්ලිම්.   රත්නපුර නගරය ලස්සනටම පෙනෙන තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි අංගම්මන කන්ද. අනිත් එක උඩවත්ත. උඩවත්තට පේන්නේ නගරයෙන් කොටසයි. ඒ නිසා තමයි අංගම්මන කන්දට යමු කියලා ගියේ. අංගම්මන කන්දේ පාරක් අයිනේ නගරය පේන තැනක නැවැත්තුවා. ඒ ළඟ ගෙදර අයට විස්තරේ කිව්වා. ගස්වල අතුවාගයක් තිබිලා ඒවා කපලා ඡායාරූප ගන්න කියලත් නිවසේ අය කිව්වා.

එතනට පුද්ගලයෙක් ඇවිත් අපෙන් විස්තර ඇහුවා. ඔහුගේ දැනුම්දීම මත තවත් පිරිසක් එතනට ආවා. ඔවුන් බීමතින් හිටියේ. අපි දන්න පිරිසකුත් එතැනට ආවා. අපිත් එක්ක හිටපු පිරිසයි අනිත් පිරිසයි අතරත් බහින්බස්වීමක් වුණා. බීපු පැත්තේ අය කිව්වා අපි කැබ් එකක  උදේ ඉඳන් රත්නපුර නගරය වීඩියෝ කරනවා කියලා. ඒක බොරු චෝදනාවක්. මා එක්ක හිටපු අනිත් දෙන්නා මුස්ලිම් නිසා විවිධ දේ කිව්වා. ඒ අනුව  එතනට පොලිසියේ දෙදෙනෙක් ගෙන්නුවා. පොලිසියේ දෙදෙනා අපව අත්අඩංගුවට අරගෙන පොලිසියට අරගෙන ගියා. ඒ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඉන් පස්සේ කටකතාව පැතිරිලා තිබ්බේ අයිඑස් තුන් දෙනෙක් ඇල්ලුවා කියලා.

ඉන් පස්සේ මිනිස්සු තවත් රැස්වෙලා තිබුණා. මිනිස්සු තමයි පොලිසියට බල කළේ ගෙවල් පරීක්ෂා කරන්න කියලා.   මුලින්ම පොලිසිය ගියේ ෆවුසාන් සහෝදරයාගේ නිවස පරීක්ෂා කරන්න. කිසිම නීතිරෝධී දෙයක් ඒ ගෙදර තිබ්බේ නෑ. ඉන් පස්සේ අපේ ගෙදරට ඇවිත් පරීක්ෂා කරලා තිබ්බා. පොලිසියටත් බාධා කරමින් සිවිල් අය ගෙදරට ඇවිත් පරීක්ෂා කරලා තිබ්බා. මම ආගම් ගැන,  දර්ශනය ගැන ගවේෂණය කරනවා. ගෙදර තිබ්බා කුරාණයේ ඉංග්‍රීසි පරිවර්තනයක්, බයිබලය සහ බෞද්ධ දර්ශනයට අදාළ පොත්පත් විශාල ප්‍රමාණයක්. මගේ පොත් එකතුවේ පොත් 700ක් පමණ තිබෙනවා. කුරාණේ ඉංග්‍රීසි පරිවර්තනය විතරක් අරගෙන ගියා. මගේ යතුරු පැදියක් තිබෙනවා. ඒක මම ගනිද්දි ඩබ්ලිව් පී. ඊට පස්සේ මගේ නමට හරවද්දි එස්ජී වුණා. ඒක අල්ලගෙන ව්‍යාජ අංක තහඩු තිබ්බා කියලත්  බොරු ප්‍රචාරයක් යවලා තිබ්බා.

ප්‍රශ්නය - නිවස පරීක්ෂා කරන්න පොලිසියට අමතරව තව කවුද ගියේ?

පිළිතුර -  නිවස පරීක්ෂා කරන්න ස්වාමීන් වහන්සේලා දෙදෙනකුයි, ප්‍රාදේශීය දේශපාලකයකුයි ඇතුළු පිරිසකුත් ගිහින් තිබෙන බව පවුලේ අය ප්‍රකාශ කළා. පරීක්ෂණ වෙලා තිබ්බේ පොලිසියට ඕන විදියට නෙමෙයි. මගේ මෝටර් රථයේ යතුරත් කවුරු හරි අරගෙන ගිහින් තිබුණා. ගෙදර තිබ්බ වාහනේක පොතකුත් නැති වෙලා තියෙනවා.

ප්‍රශ්නය - රත්නපුර නගරයේදී රැස්වීමක් තියලා පිරිසක් මේ ගැන කතා කරලා තිබ්බා නේද?

පිළිතුර - මෙම සිද්ධිය පිටුපස හිටියේ මා සමඟ පෞද්ගලිකව තරහ සංවිධානාත්මක කල්ලියක්.   එතනට ආව ස්වාමීන්වහන්සේව නොමග යවලා තිබ්බා. අපි ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් කිව්වා. අපි ඩ්‍රෝන කැමරාවක් තිබ්බා කිව්වා. අපි ගාව ඩ්‍රෝන කැමරාවක් තිබ්බේ නෑ. අපි ගාව කලින් තිබුණු ඩ්‍රෝන කැමරාව පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පොලිසියට බාර දුන්නා.  අපි ළඟ රත්නපුරට ගහන්න අදාළ සිතියම් වගයක් තිබ්බා කිව්වා. ඒවා සිතියම් නෙමෙයි. ආර්ථික විද්‍යා පාඩම් වගයක්. ඒ පාඩම් හදපු ගුරුවරයත් ඇවිත් කටඋත්තරයක් දීලා කිව්වා මේක ආර්ථික විද්‍යා පාඩමක් කියලා. රටක හදිසි අවස්ථාවකදී මාධ්‍යයේ හා ආර්ථිකයේ හැසිරීම ගැනයි ඒ පාඩම තිබුණේ. 10  පන්තිය ළමයකුට මේක පෙන්නුවත් මොකක්ද කියලා කියයි.

ප්‍රශ්නය - දවස් කීයක් පොලිසියේ තියාගෙන හිටියද?

පිළිතුර - පොලිසියට ගිහින් දවස් එකහමාරකට විතර පස්සෙයි උසාවියට ඉදිරිපත් කරලා පැය 72ක රැඳවුම් නියෝග ගත්තේ. ඉන්පසු නැවත උසාවියට ඉදිරිපත් කළ පසු අපිව රක්ෂිත බන්ධනාගාරගත කළා.   

ප්‍රශ්නය - බනධනාගාරයේ  ගත කළ කාලය මොනවගේද?

පිළිතුර - බන්ධනාගාරයට යද්දී පොඩි බයක් දැනුනා. ඇතුළේ ඉන්න අය අපට ගහයිද කියලා බය හිතුණා. අපිව මුලින්ම දැම්මේ 70ක් විතර ඉන්න වාට්ටුවකට. අපි තුන් දෙනා අයිනකට වෙලා හිටියා. ඉන් පස්සේ මුලින්ම එක්කෙනක් කතා කරලා කිව්වා මල්ලි අපි ප්‍රශ්නෙ දන්නවා, ඕක ගැන වැඩියේ හිතන්න එපා කියලා. අපිට රෑම තේ එකකුත් හදලා දුන්නා. රෑට නිදාගන්න කොට්ටෙකුත් ඒ බන්ධනාගාරේ ඉන්න ‘හිරකාරයෝ‘ කියලා අපි සාමාන්‍යයෙන් කියන අය දුන්නා.  ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ අත්අඩංගුවට ගත්තු සිංහල දෙමළ මුස්ලිම් අය එහෙ හිටියා.   වෙසක් එකේ ලස්සන නිකං ෆොටෝ ගත්තා කියලත් කෙනෙක් අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා තිබුණා. මාධ්‍යවලිනුත් හොයලා බලන්නේ නැතුව බොරුවට ත්‍රස්තවාදීන් කියා හංවඩු ගහපු අය එහේ හිටියා.  සමහර රූපවාහිනී නාලිකා අවම සදාචාරයවත් නැතුව වර්තා කරලා තිබ්බා. අපේ පැත්තෙන් කිසිම දෙයක් අහලා තිබ්බේ නෑ. 

ප්‍රශ්නය - ඔබ ෆේස්බුක් සටහනක් දමලා තිබ්බා ත්‍රස්තවාදයට සම්බන්ධ අය එළියේ ඉද්දී විරුද්ධ අය ඇතුළේ ඉන්නවා කියලා. ඒකේ අදහස මොකක්ද?

පිළිතුර - එහෙම අය හිටියා.  මට හම්බුණා මවුලවිලා දෙදෙනෙක්. ඔවුන් අවුරුදු ගණනක් තිස්සේ අන්තවාදයට විරුද්ධව වැඩ කළ අය.  මේවාගේ තව අය හිටියා.

ප්‍රශ්නය - ඔබ කිව්වා මේක පිටිපස්සේ දේශපාලනයක් තිබ්බා කියලා. මොකක්ද ඔය කියන දේශපාලනය?

පිළිතුර  -  ජාතිවාදය මතින් ලේ වපුරලා ඡන්ද දිනාගන්න හදන පිරිසක් මේ පිටිපස්සේ හිටියා. නම් කියන්න අවශ්‍ය නෑ.   අපේ ප්‍රශ්නෙදී එහෙම පිරිසක් හිටියා. ඒ වගේම තව පිරිසක් හිටියා කඩ කඩන්න බලාගෙන. ලොකු ව්‍යාපරවලට ගහලා කඩන්න බලාගෙද සිංහල මුස්ලිම් දෙගොල්ලොම ඉන්නවා. ඒ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන් ජාතිවාදී ප්‍රශ්නෙ මොකක්ද, ඒක තමයි එයාලා බලාගෙන ඉන්නේ. මීට කාලෙකට කලින් දියඇල්ලක් හරස් කරලා විදුලි බලාගාරයක් හදන්න ගියා පිරිසක්. ඒකට විරුද්ධව මමත් තව පිරිසකුත් වැඩ කළා. අපි ඒක නැවැත්තුවා. මට එන්තරවාසියක් එවලා තිබ්බා කෝටි 10ක් ඉල්ලලා. ඒ අයත් මේකේ හිටියා කියලා මිනිස්සු කිව්වා.

ප්‍රශ්නය - නීතවිරෝධී අත්අඩංගුවට ගැනීම්වල විද්ධිතයෙක් වුණු ඔබට අවසන් වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ?

පිළිතුර - හැම කතාවකටම දෙපැත්තක් තියෙනවා. මාධ්‍යවත් අනිත්පැත්ත ගැන කතා කරන්නේ නෑ. සාෆි ගැනත් මට එහෙම හිතෙනවා. මොකද මට වුණදේම සාෆිටත් වුණාද කියලා හිතෙනවා. මම ඔහුව සුද්ධ කරනවා නොවෙයි. මට අත්වුණු දේත් එක්ක මට එහෙම හිතෙනවා. මම පෞද්ගලිකව මේක වින්දා. මට එල්ල කරපු චෝදනා දැක්කා. මම මිනිස්සුන්ට ආරාධනා කරනවා හැම දෙයක්ම විචාරශීලීව බලන්න කියලා. මොකද නිවැරදිකරුවන් අල්ලන නිසා ඇත්ත ත්‍රස්තවාදීන්ට හැංගෙන්න පාරක් හැදෙනවා.

 

සිතියම යැයි කී සටහන



අදහස් (7)

නිවැරදිකරුවන් අල්ලන නිසා ඇත්ත ත්‍රස්තයින්ට හැංගෙන්න පුළුවන්

CHAM Tuesday, 06 August 2019 12:06 PM

මේ ප්‍රශ්නයේදී දෙපැත්තක් තියනවා. මුලිකවම පොලිසියට තිබ්බ මේක මේතරම් දුරදිග නොයවා කටයුතු කරන්න. ගැටුම් කළමනාකරණය ගැන පොලිසියට දැනුමක් නැති බවක් පේන්නේ.

:       18       82

කුමාර රාජකරුණා Thursday, 08 August 2019 04:24 AM

අද දවසේ තිබෙන මූලික ප්‍රශ්ණය තමයි උසාවිය හා පොලීසිය පැත්තක තියලා හාමුදුරුවරු හා දේශපාලන හෙන්චයියන් බලය අතට ගැනීම... පොලීසිය බලා සිටියදී සිවිල් මිනිස්සුන්ට හා හාමුදුරුවන්ට ගෙයක් පරීක්ෂා කරන්න බලයක් ආවේ කොහොමද? මේ ගැන අප හැමදෙනාම විමසිලිමත් විය යුතුයි. මේ යන විදියට මේ ටික අපටද දවසක සිදුවිය හැකියි. මේ තරුණයා කියන විදිහට බැරිවෙලාවත් පොලිසියේදී හරි බන්ධනාගාරයේදී හරි ප්‍රහාරයකට ලක් වෙලා යම් අවාසනාවන්ත දෙයක් සිදු වෙන්න තිබුණා. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල වැඩ කරන උදවිය දේශපාලකයින්ට අවශ්‍ය විදිහට නිවුස් හදන තත්වය සම්බන්ධව පොදු මහජනතාව මීට වඩා අවධානයෙන් හා අවබෝධයෙන් සිටිය යුතුයි.

:       198       715

WijeThursday, 08 August 2019 11:31 AM

කුමාර මහත්මය, බලන්න ඔබගේ සාධාරණ අදහසට අන්ලයික් කරන පිරිසක් මේ රටේ ඉන්නවා. අපි කොහොමද එකම ජාතියක් ලෙස මේ රටේ නැගී සිටින්නේ?

:       25       78

nisar Thursday, 08 August 2019 06:00 AM

බහුතර ජාතියේ තත්වය මෙහෙම නම් සුළුතරය ගැන කවර කතාද

:       43       48

saman upasena Friday, 09 August 2019 11:57 PM

මේ කොල්ලගේ තාත්තා ජවිපෙ එකෙන් ඡන්දෙ ඉල්ලුව මිනින්දෝරුවෙක්. සාමාන්‍යයෙන් මම දන්න අනිත් හැම ජවිපෙ කාරයම වගේ හොර, වංචා වැඩවලට සම්බන්ධ නැති වුණත්, මේ මිනින්දෝරුවා නම් හොරෙක්... කරන හැම මැනීමක්ම සෑහෙන්න අඩුපාඩු ඇතිව කරලා නැති ඉඩම් නඩු හදවනවා. එක දවසින් කරන්න පුලුවන් වැඩේ බොරුවට නැති ප්‍රශ්න පෙන්නලා දවස් 2/3 ඇවිත් කරලා ගාන කඩා ගන්නවා. ගොඩක් මිනිස්සුන්ට (මාත් ඇතුලත්ව) මුදල්, වංචා කරලා තියෙනවා. කොහොමත් ජවිපයේ අය හැම තිස්සේම සිංහල බෞදධ සංස්කෘතියට විරුද්ධ නිසා මට හිතෙනවා මේ කොල්ලගේ මොනවා හරි අහුනොවුන යටි පරමාර්ථ තියෙනවා ඇති ISIS වලට කෙලින්ම වැඩ නොකළත්...

:       370       332

YakaSunday, 11 August 2019 04:42 AM

සමන් තාත්තලාගේ හැම වැරද්දකටම පුතාලා පලි නෑනේ ....

:       15       15

ChamMonday, 12 August 2019 12:03 PM

කොහොම නමුත් මේ කොල්ලත් පණ්ඩිතයෙක් බවයි පේන්නේ. රට අස්ථාවර වෙලාවක මුස්ලිම් කොල්ලෝ දෙන්නෙක් එක්ක ෆොටෝ ගහන්න යන්නේ. අනවශ්‍ය වැඩ...

:       273       332

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 113 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 233 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 189 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 789 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 47 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 601 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 457 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 116 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1142 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site