IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නැවතත් මතුවුණු සුදු වෑන් සෙල්ලම

25_PAGE_02_M 

 

ස්ථානය - මිරිහාන පොලිසිය පිටුපස ඇති ආරියදාස පීරිස් මාවත
දිනය - පසුගිය 21 වැනිදා
වේලාව - රාත‍්‍රී 7.30 ට පමණ ඇත


මිරිහාන මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නිශ්ශංක මහතා තවත් පොලිස් කොස්තාපල්වරයෙක් සමග ආරියදාස පීරිස් මාවතේ රැඳී සිටියේ රථවාහන වැරදි කරන්නන් සිටින්නේ නම් ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමටය. ඒ අවස්ථාවේ සුදු පැහැති වෑන් රථයක් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඇස ගැටී ඇත.

SLMA 03
වෑන් රථයේ වර්ගයට එහි සවිකර තිබූ අංකය කිසිසේත් ගැලපෙන්නේ නොමැති බව පෙනී ගිය නිසා පොලිස් නිලධාරීන් දෙදෙනා වෑන් රථය නතර කිරීමට අණ කළහ.


පොලිසියේ අණට කීකරු වෙමින් වෑන් රථය පසෙකට කර නතර කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා සමග එහි සිටි තිදෙනා පවසා ඇත්තේ තමන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් ප‍්‍රසන්න ද සිල්වා මහතාගේ ආරක්‍ෂකයින් බවය.


එක් අයෙක් සන්තකයේ පිස්තෝලයක් තිබෙනවා පොලිස් නිලධාරීන් දෙදෙනා දැක ඇති අතර එය මේජර් ජෙනරාල්වරයාගේ රාජකාරී පිස්තෝලය බවද පවසා ඇත.


සිවිල් ඇඳුමින් සැරසී සිටි මේ තිදෙනාගෙන් දෙදෙනෙක් හමුදා ලාන්ස් කෝප‍්‍රල්වරුන් බවත් අනෙකා සෙබළෙක් බවත් හෙළිවී ඇති අතර තිදෙනාම පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ.


මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලය හා උණ්ඩ 13 ක් බහා තිබූ මැගසීනයද මෝටර් රථයද ඒ සමගම පොලිස් බාරයට ගැනිණි.


තිදෙනාම මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ආවේ වැඩිපුර පරීක්‍ෂණ සඳහාය.


පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට මේ ගැන ඒ රාත‍්‍රියේම උසස් පොලිස් නිලධාරීන් දැනුම් දී ඔහුගේ උපදෙස් මත ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ විය.


හමුදාවේ තිදෙනා ගමන් කළ වෑන් රථයේ සවිකර ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බවත් මෙම වෑන් රථය මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර නොමැති බවත් පොලිසිය හෙළිකර ගත්තේය. පොලිසිය පවසන්නේ මෙම වෑන් රථය පසුගිය යුද්ධය සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබියදී සොයාගෙන හමුදාවට පවරාගෙන ඇති එකක් බවය.


පොලිසියට ඇතිවූ ඊළඟ ලොකුම ප‍්‍රශ්නය වූයේ ව්‍යාජ අංක තහඩුවක් ගසාගෙන පිස්තෝලයක් සන්නද්ධව මේ තිදෙනා කොහේ ගියේද කියන එකයි.
”මේජර් ජනරාල් සර් යහළුවකුගෙන් පා පැදියක් පදින්න කියා ඉල්ලගෙන ඇවිත් තිබුණා. ඒ බයිසිකලේ යාළුවාට ආපහු ගිහින් දෙන්න කියා සර් අපිට කිව්වා. අපි ඒ බයිසිකලේ ගිහින් දීලා එන ගමන් තමා පොලිසිය අල්ල ගත්තේ” යැයි හමුදාවේ තිදෙනා පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී පවසා ඇති බව දැන ගැනීමට ඇත.
හමුදා සෙබළුන් තිදෙනාගේ ඒ කීමෙන් පොලිසිය සෑහීමකට පත් වූයේ නැති නිසා දිගටම පරීක්‍ෂණ පවත්වාගෙන යාමට පියවර ගත්තේය.


යුද හමුදා පොලිසියට මේ ගැන දැනුම් දී වාර්තාවක් කැඳවීමට තීරණය කළේ වෑන් එකේ සවිකර තිබූ අංකය ගැන ගැටලූ සහගත තත්ත්වයක් ඇතිව තිබූ නිසාය.


කොළඹ බස්නාහිර දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේන් ගුණසේකර මහතාගේ උපදෙස් මත නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි එම්.ආර්.පී. සරත්පේ‍්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ මෙම පරීක්‍ෂණ කටයුතු පැවැත්විණි.


වැඩබලන යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා මේ අතර පැවසුවේ මේ සම්බන්ධයෙන් යුද හමුදා පොලිසියද පරීක්‍ෂණයක් ආරම්භකර ඇති බවත් එම සෙබළුන් වැරදිකරුවන් බව සනාථ වුවහොත් යුද හමුදා පනතට අනුව තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබාදෙන බවත්ය.


අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සෙබළුන් තිදෙනා එදිනම නුගේගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.
රුපියල් ලක්‍ෂය බැගින්වන ශරීර ඇප මත ඔවුන් තිදෙනාව මුදාහරින ලෙස වැඩබලන මහේස්ත‍්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.


මෙසේ ඇප පිට මුදාහරිනු ලැබුවේ ඒ.එම්. හර්ෂණ සමීර අතපත්තු, විතාරණගේ වසන්ත සහ එච්.එම්. සුගත් වසන්ත හේරත් යන හමුදා සෙබළුන් තිදෙනාය.
සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ පොලිස් සැරයන් අමරසිංහ මහතා (18115) විසිනි.


සිවිල් වාහනවලට සවිකරන වාහන අංකයක් යුද හමුදාවට අයත් වාහනයක සවිකරගෙන ගියේ ඇයිද කියන එක තවමත් විසඳී නැති අබිරහසකි.


සුදු වෑන් වලින් පැමිණි පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීන් ගණනාවක්ම පසුගිය කාලය පුරාවට වරින්වර ඇසීමට ලැබුණු නිසා මෙය සමාජයේ බොහෝ දෙනෙකුගේ දැඩි කතා බහට ලක්වූ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වීමට වැඩි වේලාවක් ගියේ නැත.


මාධ්‍ය මගින්ද මේ සිද්ධියට ලොකු ප‍්‍රචාරයක් ලබාදීම එයට හේතු සාධකවී තිබිණි.


මේ සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් ප‍්‍රසන්න ද සිල්වා මහතාගෙන් ප‍්‍රශ්න කිරීමට පොලිසියට අවශ්‍ය වූයේ අත්අඩංගුවට ගත් සෙබළුන් තිදෙනා ඔහුගේ ආරක්‍ෂකයින් බවත් පිස්තෝලය ඔහුගේ රාජකාරි අවිය වූ බවට හෙළිදරව් වීමත් සමඟය.


පොලිසිය මේ සම්බන්ධයෙන් ඔහුට ප‍්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.


මේජර් ජෙනරාල්වරයා පසුගිය 22 වැනිදා මිරිහාන පොලිසියට පැමිණියේ කලින් කර තිබූ ඒ දැනුම්දීම අනුවය.


මිරිහාන මූලස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් ජයලත් මහතා මේජර් ජනරාල්වරයාගෙන් මේ සිද්ධියට අදාළව ප‍්‍රශ්නකර ප‍්‍රකාශයක් ලබාගෙන ඇත.


පැය 4 1/2 කට පමණ ආසන්න කාලයක් මෙම ප‍්‍රශ්න කිරීම් සිදුකර තිබේ.


විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැති පුවත්පත් සාකච්ඡුාවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ මෙයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ලවී තිබෙන බවය.


හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ තැතක්ද කියන එක බරපතළ සැකයක් මතුවන බවද මෙහිදී වීරවංශ මහතා පෙන්වා දුන්නේය.


වීරවංශ මහතා මේ වගේ කතාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ද මෙම ප‍්‍රදේශයේ පදිංචිව සිටින නිසාය.


එක්තරා ඇමතිවරයකුටද ඔහු මෙහිදී චෝදනා කළේය.


අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතාද මාධ්‍ය හමුවකදී පැවසුවේ පසුගිය රජයේ පාලන සමයේ ක‍්‍රියාත්මක වූ සුදු වෑන් සංස්කෘතියේ අවස්ථාවක් මෙය වන බවත්ය. ඉදිරියේදී මේ සුදු වෑන් සංස්කෘතියේ තවත් බොහෝ කරුණු හෙළිවන බවත්ය.


රාජපක්‍ෂ පවුලේ අර්බුද පවතින බවද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.


බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ මෙම වෑන් රථය මේජර් ජනරාල් ප‍්‍රසන්න ද සිල්වා මහතාගේ ආරක්‍ෂක සෙබළුන් ප‍්‍රවාහනය කිරීමට කාලයක සිට යොදාගෙන ඇති එකක් බවය.


පොලිසිය සොයාගත් පිස්තෝලය මේජර් ජනරාල්වරයා වසර 15 ක පමණ කාලයක සිට පාවිච්චි කරන එකක් බවද බි‍්‍රගේඩියර්වරයා කීය.


ගැටලූ සහගත තත්ත්වයක් මතුවී ඇත්තේ යුද හමුදාවට අයත් වාහනයක සිවිල් වාහනයක අංකයක් සවිකර තිබීම පමණක් බව මෙහිදී පෙන්වා දුන් බි‍්‍රගේඩියර්වරයා කිසිම දිනක මෙම වාහනය හෝ පිස්තෝලය විනය විරෝධී කටයුතු සඳහා යොදා ගෙන නොමැති බවය. යුද හමුදාවට අයත් වාහනයක සිවිල් වාහනයක අංකයක් සවිකර තිබීම ගැන මිරිහාන පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවද බි‍්‍රගේඩියර්වරයා කීය.


දේශපාලන අවශ්‍යතා ඉටු කිරීමට මෙම වාහනය හෝ පිස්තෝලය යොදා නොගත් බවත් බි‍්‍රගේඩියර්වරයා මෙම මාධ්‍ය සාකච්ඡුාවට එක්වෙමින් අවධාරණය කළේය.


ආණ්ඩු පක්‍ෂ සහ විපක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයින් මේ කරුණ මුල් කරගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් චෝදනා මුඛයෙන් කතා කරද්දී හමුදාව ඔවුන්ගේ නිර්දෝශී භාවය ගැන කරුණු හෙළි කළේ මේ අන්දමිනි.


මේජර් ජනරාල් ප‍්‍රසන්න ද සිල්වා මහතා එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමේ මෙහෙයුමේදී ඉදිරිපෙළ සටන්කරුවන් ලෙස සුවිශේෂී කාර්යයක් ඉටු කළ බවද අප මෙහිදී අමතක නොකළ යුතුය.


මේ සම්බන්ධව සිදු කෙරෙන ඉදිරි පරීක්‍ෂක රහස් පොලිසිය යටතට පැවරූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.


ව්‍යාජ අංක තහඩුවක් ගසා ගෙන ගියේ ඇයිද යන්න ගැනත් විධිමත් හා පුළුල් පරීක්‍ෂණයක් පවත්වන බවද සහකාර පොලිස් අධිකාරි ගුණසේකර මහතා කීය.
අධිකරණය මගින් ඇප මත මුදාහැරිය සෙබළුන් තිදෙනාගෙන් යුද හමුදා පොලිසියද ප‍්‍රශ්න කරන බව දැන ගැනීමට ඇත.


මිරිහාන මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක රොෂාන් අනුරුද්ධ මහතාද ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක්ද මේ සම්බන්ධව කෙරුණු මූලික පරීක්‍ෂණවලට හවුල් විය.


පොලිසියට විසඳාගත යුතු ප‍්‍රශ්නයක් ඇත. ඒ වෙන කිසිවක් නොව යුද හමුදාවට අයත් වෑන් රථයකට සාමාන්‍ය වාහන අංකයක් සවිකර තිබුණේ ඇයිද යන්න ගැනය.

m



අදහස් (0)

නැවතත් මතුවුණු සුදු වෑන් සෙල්ලම

නුවන් Sunday, 02 August 2015 03:50 PM

පියුමි විමල් තමයි ඇත්ත දන්නේ. මෙහෙමත් මෝඩ මිනිස්සු ජාතියක්. මේජර් ජනරාල් ප‍්‍රසන්න ද සිල්වා සහ ඝෝටාබය අතර සම්බන්ධය මොකක්ද කියල හොයල දැනගන්න (නදී)

:       0       0

පියුමි Monday, 27 July 2015 01:34 PM

විමල් මේක කාගේ වැඩක්ද කියා කලින් කිව්වා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site