නත්තල සමරා අවසන්වී නව වසර උදාවීමේ ප‍්‍රීතිය සමරමින් උද්දාමයෙන් සිටි වෙන්නප්පුව ප‍්‍රදේශයේ ජනතාවට අසන්නට දකින්නට ලැබුණේ සිත් සතන් සසල කරවන අහස පොළව නුහුලන මහා ඛේදවාචකයෙකි.
නත්තල් සීතලෙන් ගැහෙමින් සිටි ඔවුන්ගේ ගත සලිතවී ගියේ නව වසරේ මිහිරියාව පලා ගියේ ඒ මහා ඛේදවාචකය ඇසීමෙනි.
ඒ මහා ඛේදවාචකය අසා කඳුළක් සුසුමක් නොහෙළුෑ කෙනෙක් සිටියේ නැත. වෙන්නප්පුව ප‍්‍රදේශය එකම මළ ගෙයක් වන්නට වැඩිවේලාවක් ගතවූයේ නැත.

දොස්තර නෝනා කෙනකුයි එයාගේ මහත්තයයි දරුවෝ දෙන්නවයි මරලා මඩ වගුරක හංගලා.
මේ කතාව ගම්දනව් සිසාරා පැතිර යන්නට වැඩි වේලාවක් යන්නට මත්තෙන් වැල නොකැඞී ජනතාව නයිනමඩමේ පිහිටි ඒ සාහසික අපරාධය සිදුවූ නිවසට ඇදී ආහ.
සිය ගණනක් දෙනා හෙළුෑ උණු කඳුළුවලින් ඒ ගෙවත්ත පුරා දෝරේ ගලාගොස් තිබුණාසේය.
මෙසේ ඝාතනය කර තිබුණේ වෙන්නප්පුව නැගෙනහිර නයිනමඩමේ පදිංචිව සිටි පුන්‍යා කුමාරි විජේතුංග (43) නලින් හෙට්ටිආරච්චි (52) යන අඹුසැමි යුවළ හා තාරක (15) හා පියුමි (14) නමැති ඔවුන්ගේ දරු දෙදෙනා වෙති.
පුන්‍යා කුමාරි, ලූණුවිල රජයේ රෝහලේ සේවය කළ දන්ත ශල්‍ය වෛද්‍යවරිය වන අතර ඇයගේ සැමියා කෝටිපති ව්‍යාපාරිකයෙකි.
තාරක වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අතර පියුමි ඉගෙනුම ලැබුවේ වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාළිකා විද්‍යාලයේය.
මේ අයියයි නංගියි ඉගෙනීමට දස්කම් දැක්වූවා මෙන්ම පසලේ බාහිර කටයුතුවලදීද ඉදිරියෙන්ම සිටියහ.
දන්ත ශල්‍ය වෛද්‍ය පුන්‍යා කුමාරි දවස් තුනක පමණ කාලයක ඉඳලා වැඩට ආවේ නැහැ. එයාගේ හෑන්ඞ් ෆෝන් එකට කතා කළාට කතා කරන්නෙත් නැහැ යැයි කියමින් වෙන්නප්පුව මූලස්ථානයට දැනුම්දෙනු ලැබුවේ ලූණුවිල රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් පෙරමුණ දොස්තර මහතාය.
වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් දසනායක යන මහත්වරුන් ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් දොස්තර නෝනා පදිංචිව සිටි නයිනමඩමේ නිවස බලා පිටත්ව ගියේ රුවන් පෙරමුණ දොස්තර මහත්තයා කළ ඒ දැනුම්දීම මතය.
නිවසේ කිසිවකු නොමැති බව පොලිස් කණ්ඩායමට පෙනී ගිය අතර මුළුතැන් ගෙය තුළ ඉඳිආප්ප වගයක් සහ අඩක් ගාන ලද පොල් බෑයක්ද තිබෙන අයුරු ද දක්නට ලැබී ඇත.

නිවසේ කිසිවකු පෙනෙන්නට නොසිටි නිසා පොලිස් කණ්ඩායම ඊළඟට කළේ වත්ත සෝදිසි කර බැලීමය.
වත්ත අක්කර තුනකින් පමණ වන අතර එම වත්තේ පසෙක කොහුබත් වියළා සකස්කර පිටරට යවන කම්හලකි.
ඒ වත්තේ ලොකු වතුර වළක්ද තිබෙන අතර එය කාලයක් පොල් ලෙලි පල් කිරීම සඳහා යොදාගෙන අතහැර දමා ඇත.
පොලිස් කණ්ඩායම ඒ වතුර වළ පරික්ෂාකර බලද්දී සිරුරු දෙකක් දක්නට ලැබී ඇති අතර තවදුරටත් සෝදිසි කර බැලීමේදී තවත් සිරුරු දෙකක් එහි තිබෙන අන්දම දක්නට ලැබී තිබේ.
මේ සිරුරු වෙන කාගේවත් නොව දොස්තර නෝනාගේ සහ ඇයගේ සැමියාගේ හා දරු දෙදෙනාගේය.
අඹුසැමි යුවළ මරා ලොකු කොන්ක‍්‍රීට් කැටයක ගැට ගසා වතුරට දමා තිබූ අතර ඔවුන්ගේ දරු දෙදෙනාගේ සිරුරුද එකට තබා ගැටගසා ඒවාද ලොකු කොන්ක‍්‍රීට් කැටයක ගැට ගසා තිබිණි.
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර මහතාද එතැනට පැමිණියේ මේ ගැන විමර්ශන මෙහෙයවීමටය.
ඔවුන්ගේ සිරුරුවලට කැපුම් තුවාල පෙනෙන්නට තිබූ නිසා අඹුසැමි යුවළ හා දරු දෙදෙනා කිසිවකු විසින් හෝ කිහිපදෙනෙකු එක්වී ඝාතනය කර මෙසේ වතුර වළට දමන්නට ඇති බව පොලිස් කණ්ඩායම විසින් තහවුරු කරගනු ලැබූහ.
මේ බිහිසුණු අපරාධය කළ ඔවුන් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර වැඩි වේලාවක් යන්නට මත්තෙන් යම් යම් වැදගත් හෝඩුවාවන් රැසක්ම සොයා ගැනීමට හැකිවිය.
අල්මාරි කබඞ් කිහිපයක්ම කඩා ඒවායේ බහා තිබූ දේවල් අවුස්සා දමා තිබෙන අන්දම නිවසට ඇතුළුවූ පොලිස් කණ්ඩායමට දක්නට ලැබී ඇත.
පොලිස් සැරයන් අයි.එම්.එන්. ඊරියගොල්ල (53221) සහ සැරයන් ගුණරත්න (21837) යන මහත්වරු ද මෙම පරීක්ෂණවලට හවුල්වී සිටිති.
මුළු දරු පවුලම ඝාතනය කළ සාහසිකයින් නිවසේ තිබූ දේපොළ පැහැරගෙන පලාගොස් ඇති බව මේ සාධක අනුව නිගමනය කර සාහසික අපරාධය කළ එවුන් සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
දන්ත ශල්‍ය වෛද්‍ය පුන්‍යා කුමාරි මහත්මිය කාලයක් මාදම්පේ රජයේ රෝහලේද සේවය කර ඇති නිසා මේ බිහිසුණු අපරාධය ගැන දැනගත් වහාම මාදම්පේ රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි දොස්තර ජයනාත් බුත්පිටිය මහතාද එහි ගොස් ඇත්තේ මේ ගැන සොයා බැලීමටය.
මෙම වෛද්‍යවරිය මා සේවය කරන රෝහලේ වසර තුනක පමණ කාලයක් සේවය කර තිබෙනවා. ඒ නිසා සිද්ධිය දැනගත් වහාම මා එම නිවසට ගියා. මා යනවිටත් සිරුරු හතරම වතුර වළ අයිනේ තිබුණා. කැපුම් කෙටුම් තුවාලත් පේන්න තිබෙනවා දැක්කා. තවදුරටත් සිරුරු පරික්ෂා කර බැලීමේදී වෛද්‍ය පුන්‍යා කුමාරිගේ එක් ඇඟිල්ලක් කපා දමා තිබෙන අන්දම දුටුවා. මංගල මුද්ද දමා තිබූ ඇඟිල්ල කපා සිරුරෙන් ඉවත්කරගෙන තිබෙන්නේ ඒ ඇඟිල්ලේ මංගල මුද්ද දමා තිබූ නිසා බව මට දැනගැනීමට ලැබුණා යැයි වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා කීය.
වෛද්‍ය බුත්පිටිය මහතා කී ඒ කතාව පොලිිසියද සනාත කළේ මේ අපරාධය කළ කෙනා මොනතරම් තිරිසනෙක්ද කීමට එය කදිම සාධකයක් බව පවසමිනි.
ඇඟිල්ලේ තිබූ මුද්ද ගලවා ගැනීමට නොහැකිවූ නිසා මෙසේ ඇඟිල්ල පිටින්ම කපාගෙන යන්නට ඇති බව පොලිසියේ අදහසයි.
නලින් හෙට්ටිආරච්චි මහතා පුවත්පතක පළකර තිබූ දැන්වීමකට අනුව මීට මාස 1 1/2 ක පමණ කාලයකට පෙර වත්තේ වැඩට අඹු සැමි යුවළක් පැමිණ ඇත.
මුර මඩුවේ පදිංචියට ගිය මොවුන් දෙදෙනා වත්තේ වැඩ පළ හොඳින් කරගෙන ගොස් ඇත.
නලින් මහත්තයාගේ වත්තේ වැඩ කළ ඒ ගෑනියි මිනිහයි. අපි කා එක්කවත් කතා බහට ආවේ නැහැ. අපි කතා බහ කරන්න ගියත් මගහරිනවා. ඒ දෙන්නා පාඩුවේ වැඩ කරගෙන ගියා. කෙනෙකුගේ මුහුණ දිහෑවත් බැලූවේ නැහැ.
කොහු බත් වියලා සකස්කිරීමේ කම්හලේ සේවක සේවිකාවන් වත්තේ වැඩට හිටිය දෙන්නා ගැන විස්තර විමසුවිට කියා ඇත්තේ එවැනි කතාවකි.
අඹු සැමි යුවළ හා ඔවුන්ගේ දරු දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු වත්තේ වැඩට හිටිය අඹු සැමි යුවළ අතුරුදන්වීම නිසා මෙය ඔවුන්ගේ වැඩක් බවට සැක පහළ කිරීම නිසා ඔවුන්ගේ වතගොත පොලිසිය සොයන්නට පටන්ගෙන ඇත.
නලින් මහත්තයා ඔහුට අයත් කොහු මෝල බද්දට ලබාදී තිබූ අතර එයින් ලැබුණු මුදලද ගෙදර තබාගෙන සිට ඇති බව පොලිසියට දැනගැනීමට ලැබී ඇතත් ඒ මුදල් ප‍්‍රමාණය කොපමණ ද යන්න කියා හෙළිවී නොමැත.
බොහෝවිට එය ලොකු මුදලක් විය හැකි බව පොලිසියේ විශ්වාසයයි.
මෝල බද්දට ලබාදී ගත් මුදල් ගැනද වත්තේ වැඩට ආ අඹුසැමි යුවළ දැන සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.
වත්තේ වැඩට පැමිණ සිටි අඹුසැමි යුවළ එක්වී මුළු දරු පවුලම ඝාතනය කර සිරුරු වතුරේ ගිල්වා මුදල් හා දේපොළ පැහැරගෙන යන්නට ඇති බව සැකකරන නිසා ඔවුන් සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෝල බද්දට ලබාදී රුපියල් 75,000 ක පමණ මුදලක් ලබාගෙන ගෙදර ගෙනවිත් තබාගෙන සිටි බවටද තොරතුරු පොලිසියට ලැබී ඇත.
මුළු පවුලක්ම ඝාතනය කළ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම බරපතළ ගැටලූවකට මුහුණපා ඇත්තේ දැනට අතුරුදන්ව සිටින සැකකාර අඹුසැමි යුවළ ගැන වතගොත දන්නා කෙනෙක් සොයාගැනීමට නොහැකිවී ඇති නිසාය.
නලින් හෙට්ටිආරච්චි මහතා මේ අඹු සැමි යුවළ වත්තේ වැඩට ගෙන ඇත්තේ ඔවුන් ගැන හරිහැටි සොයා බැලීමකින් තොරව බව පොලිසියට පෙනීගොස් ඇත.
සැකකාර අඹු සැමි යුවළගේ නම් ගම් හෝ ඔවුන් කොහේ සිට ආවේද යන්න ගැන හෝ ඔවුන්ගේ අනන්‍යතාවය හෙළිකර ගැනීමට කිසිදු දෙයක් තවම පොලිසියට ඒ නිවසේ තිබී හමුවී නොමැත.
මාරවිල දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා සිද්ධියවූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා සිරුරු හලාවත රෝහලට ගෙනගොස් තිබේ.
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නියෝගයක් අනුව මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය සී. ද සිල්වා මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් දසනායක උප පොලිස් පරීක්ෂක වීරසේකර, පොලිස් සැරයන්වරුන් වන අයි.එම්.එන්. ඊරියගොල්ල (53221) ගුණරත්න (21837) සහ පියරත්න (41443) යන මහත්වරුන් සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන සහ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගින් දිගට නඩු අහල කලකදී වසර කිහිපයක් සිර දඬුවම් දෙනවට වඩා ඉක්මන් තීරණ ගෙන කල් නොඇර එල්ලුම් ගහට නියම කරන්න ඕනේ (නදී)
රටේ නීතිය හරියට තිබෙනවානම්, ක්‍රියාත්මක වෙනවනම් මේ කිසිදෙයක් මේ ආකාරයට සිදුවෙන්නේ නැත. (බ)
ඔයා හරි ජනක ලංකාවට සෞදි නීතිය අවශ්‍යයි එවිට මේ අපරාධ අඩු වේවි (බ)
මෙවන් අපරාධකරුවන්ට එල්ලුම් ගහ නියම කරන්න ඕනෑ (නි)
මිනී මැරීමට මරණ දඩුවම දෙනවා නම් අපේ රටේ මෙපමණ මිනි මැරුම් වෙන්නේ නැහැ, රුපියල් සියටත් මිනි මරණ කාලයක් නීතියේ දුර්වල කම (නදී)
රටේ මෙහෙම නීතියක් තිබියදී මිනීමරුවෝ බය නැහැ. මේ රටට ඕනෑ සෞදි නීතිය. (නි)
ජනක, මිනිසුන්ගේ ආකල්ප වෙනස් නොකර මොනවා ගෙනාවත් වැඩක් නැහැ. වෙන රටවල විකාර නීති අපිට ඕනෑ නැහැ (නි)
හොඳ ලිපියක් (නි)
මෙවන් අපරාධකරුවන්ට එල්ලුම් ගහ නියම කරන්න ඕනෑ. (අ)
කරුණාකර නැවතත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන මෙන් ගරු මෛත්‍රී පාලනයෙන් ඉල්ලා සිටිමු . (හේ)
ලිපිය හදවතට වදිනවා. කදිමයි. (නි)
එල්ලුම් ගහ දැන්වත් ක්‍රියාත්මක කරන්න (නි)
වැදගත් වන්නේ සෞදි නීතියද, එංගලන්ත නීතියද, ලංකාවේ නීතියද නොව නීතිය නීතිය හැටියට ක්‍රියාත්මක කිරීමයි. මේ රටේ කට්ටියකට එක නීතියකුත් අනෙක් අයට තව නීතියකුත් ක්‍රියාත්මක වනවිට මෙවැනි දේ කිරීමට මිනිසුන් බය නැතිවෙනවා. එම නිසා නීතිය සැමට සාධාරන රටක් නිර්මාණය කිරීමට ඇපකැප වෙමු. (නි)
රටේ දැන් යහපාලනයක් නේද? ඔක්කොම එකතුවෙලා මෙවන් නරුමයන් මිනිසුන් බලාසිටියදී එල්ලා මරන්න ඉල්ලා සිටිමු. (නි)
රටට අවශ්‍ය මරණ දණ්ඩනය ක්‍රියාත්මක වනතුරු මෙවැනි සිදුවීම් සාමාන්‍ය දෙයකි (නි)
මේ අපරාධය කළවුන්ට සාප වේවා (බ)
රටේ බලු නීතියක් තියද්දි මිනීමරුවෝ බය නැහැ මිනි මරන්ට රටට ඕනේ සෞදි නිතිය ..එංගලන්තේ නිතිය නොවේ (බ)