කැනඩාවේ සංචාරයකට යන ඕනෑම කෙනකුගේ සිහිනය වන්නේ නයගරාවයි. කැනඩාවත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර මායිමේ පිහිටි නයගරා දිය ඇල්ල නරඹා ප‍්‍රීතිවන සංචාරකයන්ගෙන් බහුතරයක් දෙනා රාත‍්‍රිය ගතකරන්නේද මේ නයගරා නගරයේයි. නයගරා ඔන් ද ලේක් නමින් හඳුන්වන මේ ඉපැරැුණි නගරයේ සීතලෙන් පිරුණු රාත‍්‍රියක හුදෙකලා වීදියක තනි වූ විට ඒ කිසිදු සංචාරකයකු සැබෑවටම තනිවන්නේ නැත. ඔවුන්ගේ තනි නොතනියට දහසක් අවතාර අසල ගැවසෙන බැවිනි.
මේ අවතාර අතරින් සුප‍්‍රසිද්ධම අවතාරය සැරිසරන්නේ අහසේය. පැරැුණි තැපැල් කන්තෝරුවට උඩ අහසින් ගමන් අරඹන ඒ අවතාරය කෙමෙන් කෙමෙන් නයගරා නගරයට ඉහළින් පාවී යන්නේ නිල් පැහැති ආලෝකයක් ලෙසිනි. ඉපැරැුණි කැනඩා පොලීසියේ කොස්තාපල්වරුන්ගේ හිස රැඳි තොප්පියේ පැළැඳි නිල්පාට ආලෝකයට හැම අතින්ම සමාන වූ මේ ආලෝකය අවතාරයක් බව නයගරා නගරයේ පදිංචිකරුවෝ නම් මොනවට දනිති.
එහෙත් මේ නගරයේ සංචාරය කරන අමුත්තකු නම් මේ ආලෝකය දෙස බලා සිටින්නේ ඒ කුමක්දැයි යන විපිලිසර සිතිවිල්ලකිනි.
ටික වේලාවක් අහසේ දර්ශනය වී එක පාරටම අතුරුදන් වන මේ ආලෝකය වසර සිය ගණනකට පෙර සිට නයගරාවේ හොල්මන් කරන කොස්තාපල්වරයකුගේය. එනිසාම මේ අවතාර ආලෝකයට නාගරිකයන් දී ඇති නම මුරකරුවාය.
නයගරා නගරයේ සැරිසරණ අනෙක් සුප‍්‍රසිද්ධම අවතාරය වනුයේ ෂොපියා ෂෝගේ ආත්මයයි.
ජෙනරල් ‘‘ඉෂාක් බ්‍රොක්”ගේ පෙම්වතිය වූ ෂොපියා ෂෝට ඔහු සමග විවාහ වීමට අවසරයක් නොවීය. හේතුව ඔහුගේ පියා මේ විවාහයට තදින්ම විරුද්ධ වීමය. එසේ වුවත් බ්‍රොක්ගේ කඳවුරට යන ඇය ඔහු හමු වී පේ‍්‍රමයේ ආශ්වාදය ලැබීමට අමතක නොකළාය.
එහෙත් ඔහුට පේ‍්‍රම සිහිනයේම පැටලී සිටින්නට ඉඩ ලැබුණේ නැත. එවකට උතුරු කැනඩාවේ ජනපදිකයන් ඇමරිකානුවන්ට එරෙහිව සටන් වදිමින් සිිටි බැවිනි. මේ සටන්වලට මැදිහත් වන්නට බ්‍රොක්ට සිදුවිය.
මේ කතාව කියන්නට කලින් ඉතිහාසයේ බිඳක් හෙළිදරව් කළ යුතුය. මේ වනවිට ඇමෙරිකාව තුළ ගොඩනැගූ ඉංග‍්‍රීසි ජනපද එකමුතුව බි‍්‍රතාන්‍යයට එරෙහිව කැරැුලි ගසමින් සිටියේය. එහෙත් උතුරු කැනඩාවේ ජනපදිකයෝ තවදුරටත් බි‍්‍රතාන්‍ය කිරුළ පිළිගනිමින් සිටියහ. ඔවුහු ඇමෙරිකානුවන් වීමට දඟලන පිරිසට එරෙහිව සටන් කළහ. ජෙනරල් බ්‍රොක් සිටියේ මේ අතරය.
ඔහු බි‍්‍රතාන්‍යය වෙනුවෙන් ඇමරිකානුවන්ට එරෙහිව සටන් වැදුණු හමුදා නිලධාරියෙකි.
එය 1812 ඔක්තෝබරයට අයත් එක්තරා දවසකි. බ්‍රොක් සිය හමුදා බළඇණිය ක්වින්ස්ටන් හයර්ස් වෙත කැඳවූයේය. ඊළඟ මොහොතේ ඇමෙරිකානු හමුදාව සහ බි‍්‍රතාන්‍ය හමුදාව අතර තීරණාත්මක යුද්ධයක් හටගත්තේය. බි‍්‍රතාන්‍ය සෙබළු එකා දෙන්නා කඳවුර ඉදිරිපිට මැරී වැටුණහ. එහෙත් ඇමෙරිකානු හමුදාවක් පෙනෙන ඉසව්වක සිටියේ නැත.
විමතියට පත් බ්‍රොක් වහා ඉදිරියට ආවේය. ඔහු සිටි තැනට යාර පනහකට පමණ ඔබ්බෙන් වූ පඳුරු යායක සැඟවී සිටි ප‍්‍රතිවාදීන්ගේ ගිනිඅවි බ්‍රොක් වෙත යොමුවිය. එක් උණ්ඩයක් පියඹා ආවේ ඔහුගේ පපුව ඉලක්ක කරගෙනය. උණ්ඩය පපුව පසාරු කරගෙන යද්දී බ්‍රොක් බිම ඇද වැටුණේය. ඒ ඇසිල්ලේම ඔහුගේ මරණයද සිදුව තිබිණි.
මේ ඛේදනීය සිදුවීම පිළිබද පුවත ෂොපියා වෙතද ගියේය. විලාප දීගෙන පැමිණි ෂොපියා සිය පේ‍්‍රමවන්තයාගේ පපුව මත ඇදවැටුණාය. සිහිසුන්ව සිටි ඇය යළිත් සිහිය ලැබුවේත් හඬාගෙනමය. බලාසිටි අය සිතුවේ ඇයද ළය පැලී මිය යනු ඇතැයි කියාය. ඔහුගේ ආදාහනයෙන් පසු සිය නිවෙසට ගිය ෂොපියා මාස ගණනාවක් යනතුරුම හඬා වැළපුණ අතර ඒ දුකින්ම අකාලයේ මිය ගියාය. එහෙත් අදටත් රෑ මැදියමේදී ඇය ජීවත්ව සිටි රැජින වීදියේ නිවසෙන් ඇගේ අඳෝනා හඬ ඇසෙයි. එපමණක්ද? සුදු වස්ත‍්‍රයකින් සැරසුණු මේ ගැහැණියගේ අවතාරය රැජින වීදිය දිගේ රෑ මැදියමේ දිවයයි. ඇය දිවයන්නේ ඇගේ පේ‍්‍රමවන්තයා මියගිය සටන් බිමට බව නයගරා නගරයේ වැසියනට නම් රහසක් නොවේ.
මෙබඳු අවතාර කතා ඕනෑතරම් මේ නයගරා නම් වූ හොල්මන් නගරයේදී ඇසිය හැකිය.
නයගරා නගරය උතුරු කැනඩාවේ ඉදිකෙරුණු ප‍්‍රථම අගනුවරයි. 18 වැනි සියවසෙහි මෙහි පැමිණි ජෝන් බට්ලර් විසින් මේ නගරයේ පුස්තකාලයක්, උසාවියක්, තැපැල් කාර්යාලයක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ පල්ලි දෙකක්ද ඉදිකෙරිණි.
මේ නගරයට නයගරා යන නම දී ඇත්තේ එහි ආදි වාසී ගෝත‍්‍රිකයන්ය. ඔවුන්ගේ භාෂාවෙන් ජලයේ හෙණ හඬ යන අරුත ඇති වචනය නයගරාය. මේ හෙණ හඬ නැගුණේ නයගරා දිය ඇල්ලෙන් බව අමුතුවෙන් කිවයුතු නැත.
1781 දී මෙහි පැමිණි බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් පළමුවරට ජනපදයක් පිහිටුවා ගන්නාලද අතර 1782 වන විට එම ජනපදයට පවුල් පහළොවක් අයත් විය. මේ බි‍්‍රතාන්‍ය ජනපදය එදා බුල්බර්ග් ලෙස නම් කෙරිණි.

ඊට දසවසරකට පසුව නොමැර්ක් යනුවෙන් යළි නම් කෙරුණු මෙම ජනපදයට එම නම දුන්නේ ජෝන් සිම්සියෝය. ඔහු ජනපද පහක් නිර්මාණය කළ අතර නයගරා ඔන් ද ලේක් ඉන් එකකි.
1815 මැයි 27 වැනිදා නයගරාවට පැමිණි ඇමෙරිකානු භටයෝ ජෝර්ජ් බළකොටුවට බෝම්බ දැමූහ. ඒ වන විට මේ බළකොටුවෙහි රැුඳී සිටියේ දහසක බළ ඇණියකි. එහෙත් පැමිණ සිටි සතුරු හමුදාවේ සෙබළු පන්දහසක් සිටියහ. එබැවින් බි‍්‍රතාන්‍ය සෙබළු දහසක් දෙනාට සිදුවූයේ ඛේදනීය මරණයකට හිමිකම් කීමටය. අල්ලාගනු ලැබු සෙබළුන්ට දස වද විඳ මැරෙන්නට සිදුවිය.
අනතුරුව මුළු නගරයටම ගිනි තැබුණු අතර නයගරා ඔන් ද ලේක් අළු දුවිලි ගොඩක් පමණක් විය.
මේ බිම මත අලූත් නගරයක් නිර්මාණය කෙරුණේ තවත් වසර කිහිපයකට පසුවය. අද දක්නට තිබෙන නයගරා නගරය එසේ අලූතින් ඉදිකරන ලද නගරයයි. මේ නගරය පුරා අදත් සැරිසරන දහසක් අවතාර අර කී සටනේදී වධ වේදනා විඳ කෲරතර මරණයකට ලක්වූ සෙබළුන්ගේය.
කෙසේ හෝ වේවා නයගරා ඔන් ද ලේක් ලොව වැඩිම අවතාර ගණනක් සැරිසරණ නගරයයි. මේ නගරයට ගොස් ඕනෑම රාත‍්‍රියක පැය හතරක් සිටියහොත් නොවැරදීම අවතාරයක් දැක බලාගත හැකිය. ඒ තරමටම අවතාර... හොල්මන්... අවතාර...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පිළිගන්න වෙනවා. බුද්ධාගමේ මේවයේ ඇත්තක් ඇති බව කියනවා. (ස)
මම ගිහින් දවස් 3ක් හිටියා. මම නම් ඔය කියන දේ දුටුවේ නැහැ (නි)
ලංකාවේ කොහෙ හරි මේ වගේ දෙයක් ආරංචි උනාම, අර දොස්තරලා දෙන්නත් එක්කගෙන ගිහින් කියනවා මෙහෙ එහෙම නෑ. අපි කැමරා උලුක් කොරන් බලං හිටියා ආවේ නෑ කියලා. හැබැයි කැනඩාවේ අදාල තැන් වල පිංතූර අන්තර්ජාලයෙන් අරං රස කර කර කියනවා “නයගරා ඔන් ද ලේක් නමින් හඳුන්වන මේ ඉපැරණි නගරයේ සීතලෙන් පිරුණු රාත‍්‍රියක හුදෙකලා වීදියක තනි වූ විට ඒ කිසිදු සංචාරකයකු සැබෑවටම තනිවන්නේ නැත. ඔවුන්ගේ තනි නොතනියට දහසක් අවතාර අසල ගැවසෙන බැවිනි.“ කියලා. එතනත් ලංකාවේ දේවල් අඩුතක්සේරු කරපු එක නෙවෑ කරලා තියෙන්නෙ. (නදී)
ලංකාවේ නම් හොල්මන් විකාර, එතකොට මේ හොල්මන්? (නදී)
හොල්මන් කිව්වම මටත් ආශාවක් ඇතිවුණා කැනඩා යන්න. (ස)
අනාගතේ දවසක මම යනවාමයි මෙහි හොල්මන් සත්‍යද කියා දෑසින් දැක ගන්න ..? මොකද මම කවදාවත් හොල්මන් විස්වාස නොකරන නිසා ...?ස්තුතිය් ලිපිය සැපයු ලංකාදීපයට ...!!! (දී)
හොල්මන් කිවුවහම මටත් ආශාවක් ඇති වුණා (නි)
කැනඩා යන්න මම කියල දෙන්නම්. (ස)
අනේ මම තරහ නැහැ නුගේ ගොඩ ...මම තරහෙන් ලියල වගේද ඔයාට දැනුනේ ? ඔය මමත් බය නැහැ බය නැහැ කීවට ඉඩලා හිටලා බයකුත් දැනෙනවා හොල්මන් ගැන කතා කියනකොට ඒ ත් හොල්මන් කියල දෙයක් නැහැ කියන තැන තමයි මමනම් ඉන්නේ ...? දවසක හොල්මන් කියන දේ සත්‍ය දකින්න බලාපොරොත්තු වෙනවා.(නදී)
නුගේගොඩ පරණ කතාවක් කීවේ ..අපි මිනී ඔලු ඇහිදපු එකනේ. මිනිසුන් හොදටම බීල මිනීවළවල් කපන විට ..පරණ ඒවා ..මතු උනාම ..වල දමන්න අමතක වෙලා යනවා. අපිත් ආදාහන උත්සවයකට කනත්තකට ගියාම ඕව දැකල අනිකුන්ටත් ඇගිල්ලෙන් පෙන් නානවා. කුඩා කාලේ නොදැනුවත් කමට ඒ මිනි ඔලු ගෙනිහින් තරහ නපුරු අයගේ ගෙවල් වල දොරකඩ තියල ගියාට ...ඒ වැඩ වලින් අපි ළමා කාලේ ඒ දග කාරකම් ගැන ආඩම්බර උනාට ..කාටවත් පාඩුවෙන වැඩ කලේ නැහැ ...අද අපි එහෙම වසවර්තියෝ නෙවේ ..හොද ළමයි....?ඒ පරිසර අධයයනය..අපි හරි පාරට යොමුකලා ....ඒ කෙන් හිතේ බයකුත් නැතිඋනා ..වගේම ..හොල්මන් කියන්නේ මොන විකාරද කියලත් හිතුනා ...අදටත් මට ඒ ගැන විශ්වාසයක් නැහැ ...? ඒවා දකින්න ආසයි ..හොල්මන් මොන වගේද කියල බලන්න.(නදී)
හොල්මන් මම කවදාවත් දැකල නෑ. හොල්මන් කියල වෙන වෙන දේවලට රැවටිලා තියෙනවා. (ස)
රූපවති, තරහ ගන්න දෙයක් නෙමෙයි කිව්වේ. පරණ කතාවක් මතක් වුණා. ගිහිල්ලම බලමු නේද, හරියටම බය වෙන්නේ කවුද, නැත්තේ කවුද කියලා (නි)
ඉෂාර හරි, ඇයි ලංකාවේ අවතාර ඔටුවොද? ඒවත් ලස්සනට දාන්නකො. (ස)
අපිත් එනවා. හැබැයි මිනි ඔලු නම් නැතිලූ. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. (ස)
රුපවති, පරණ කතාව කිවුවේ එක නම් තමා. මාත් ගමේ හදුනා දුවිලි සුවද, වෙලේ, නියර අදුරන කෙනෙක් නිසාත්, ඔබ විදි සුන්දර ළමාවිය, එසැන අප සැමගේ ළමාවිය නිසාත් පමණි. හිත් රිදවිමකට හෝ සමච්චලයට කලා නම් නොවේ. " කන්දේ ලන්දේ දුර පෙන තෙක්මානේ.......මන බැන්දේ සින්දේ සුවපහසේ වාසේ ගම්මානේ.... (ස)
අවතාර පෙනෙන්නේ ජොතිෂ්‍ය අනුව මනුෂ්‍ය ගනයෙන් ඉපදුන අයට කියල මම අහල තියෙනවා. දේව ,රාක්ෂ ගණ වලින් ඉපදුන අයට හොල්මන් පෙන්නේ නැතිලු .මම පාන්දර බස් එක ගන්න මිනි පිට්ටනිය ලඟින් ගියත් කවදාවත් එයා මන් දිහා බලල නැහැ. මට තියෙන්නේ දේව ගනය කියලා අම්ම කියල තිබුන .ඇත්ත ,නැත්ත මම නොදනිමි.(නදී)
ඔය ලංකාවේ දකින්න ලැබෙන අවතාර එහෙදි දකින්න බැරිද...මෝහිනී වගේ...මොකද එයා නොදක මට නයගරා ගිහින් වැඩක් නැහැ..!! (ස)
ඔව් නුගේගොඩ එහෙනම් ..මිනී ඔලු නැහැ තමා එයාලා ප්‍රමිතියට වැඩ කරන නිසා ..?ගජබා ඔයත් ලැස්ති වෙන්න අපි ඔයාට මෝහිනී පෙන්වන්නම් ..?අපේ නඩේ කට්ටියම යනවා ..?(නදී)