IMG-LOGO

නිදහස ලැබුණු දා ආගමික මෙහෙවර සිදුකළ පොල්වත්ත පන්සල

 

ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු 1948 පෙබරවාරි 4 වැනිදා එවක අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිය රාජකාරි කටයුතු ඇරැඹීමට පෙර ප්‍රථමයෙන්ම ආගමික කටයුතු සිදුකරනු ලැබුවේ අරලිය ගහ මන්දිරය අසල පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමය හෙවත් පොල්වත්ත පන්සලෙනි.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 04 වැනිදා ලැබුණු නිදහස පිළිබඳ ඓතිහාසික තොරතුරු විමසීමේදී එය ප්‍රදානයක් නොව අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව අපේ රටේ මුතුන් මිත්තන්ගේ ජීවිත කැපකිරීම් මත මහත් පරිශ්‍රමයකින් යුතුව ලබාගත් නිදහසක් බව පැහැදිලිය.

විජාතික බලවේග හමුවේ දණ නොනමා අපේ රටේ නිදහස, ස්වාධීනත්වය, ස්වෛරීභාවය ගොඩනගා ගැනීම වෙනුවෙන් ජීවිත පරදුවට තබා ක්‍රියාකළ ජාතික වීරවරයින් අතර ජාති, ආගම්, කුල බේද වලින් තොරව නැගී සිටි හික්කඩුවේ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, රත්මලානේ ධම්මාරාම, වාරියපොළ ශ්‍රී සුමංගල, කඩහපොල හිමි වැනි සංඝ පීතෘවරයන් වහන්සේලාද එමෙන්ම මායාදුන්නේ, පළමු රාජසිංහ, දෙවන රාජසිංහ රජතුමන්ලාගේද වීරකැප්පෙටිපොල, ගොන්ගාලේගොඩ බණ්ඩා, මද්දුම බණ්ඩාර ජාතික වීරවරයෝද ඓතිහාසික ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් ජීවිත කැප කළහ. ඒ හා සමගම අනගාරික ධර්මපාල, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, වලිසිංහ හරිස්චන්ද්‍ර, පොන්නම්බලම් රාමනාදන්, සිද්ධි ලෙබ්බේ ඇතුළු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාද ලංකාවේ නිදහස වෙනුවෙන් කළ කැප කිරීම් මත තවදුරටත් ඔවුනට යටත් විජිතයක් ලෙසින් පවත්වාගෙන යාමට නොහැකිවූ බැවින් 1948 පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍යයන් විසින් අග්‍රාණ්ඩුකාරවරයා පත් කිරීමේ බලය එලෙසින්ම ඔවුනත තබාගෙන නිදහස ප්‍රදානය කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වූ විලියම් ගොපල්ලව මහතා නිදහස ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා විය. ඔහු පත්කිරීමේ බලය බ්‍රිතාන්‍ය මහ රැජිනට හිමිවිය. එම තත්ත්වය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පසුව පූර්ණ නිදහස ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවිය.

මුතුන්මිත්තන් මහත් පරිශ්‍රමයෙන් කැපවීමෙන් කළ කාර්ය හේතුවෙන් 1948 පෙබරවාරි 04 වැනිදා ලැබුණු නිදහස ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ නිදහස ලබා ගැනීමට තෝතැන්න විය. එය එසේ නොවන්නට නිදහස ලබා ගැනීමේ අභිලාශයන් තව තවත් ප්‍රාර්ථනාවක්ම වන්නට ඉඩ තිබිණි.

එවන් ඓතිහාසික නිදහස් සමරුව ලැබූ 1948 පෙබරවාරි 04 වැනිදා අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා තම අග්‍රාමාත්‍ය නිල මැඳුර නොහොත් ‘අරලිය ගහ මන්දිරය’ පසෙකින් පිහිටි පොල්වත්ත පන්සල ලෙසින් මහත් ප්‍රසිද්ධියක් උසුලමින් තිබූ කොළඹ ශ්‍රී ධර්ම කීර්ත්‍යාරාම විහාරයේ වැඩසිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හංචාපොල විමලවංශ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා ලබමින් පොල්වත්ත පන්සල මූලිකස්ථානයෙහි තබා ගන සියල්ලට ප්‍රථමයෙන් ආගමික කටයුතු ඉටු කළේය.

එහිදී නිදහසේ සිහිවටනයක් ලෙසින් අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා අඹ පැළයක් පොල්වත්ත පන්සලෙහි (ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමය) රෝපණය කළ අතර එම අඹ පැළය මහා රුක්ෂයක් ලෙසින් අදටත් එම විහාරස්ථානයේ (පොල්වත්ත පන්සල) දක්නට ලැබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හංචාපොල විමලවංශ අනුනායක මාහිමිපාණන් අපවත්වීමෙන් පසුව ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමාධිපතිත්වයට පත්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඉඳුරුවේ උත්තරානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් නිදහස් ආගමික සැමරුම් උත්සව පැවැත්වූ අතර, හංචාපොල විමලවංශ නාහිමි පිළිරුව හා ඩී.එස්. සේනානායක පිළිරුව සකස් කොට තැන්පත් කිරීමද සිදුවිය. කල්යාමේදී අවපැහැගැන්ව තිබූ පිළිරූ වෙනුවට නව පිළිමයක් විහාරාධිපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ආචාර්ය වෑතර මහින්ද හිමිපාණන් විසින් තැන්පත් කිරීමද සිදුවිය.

1948 වර්ෂයේ සිට අද දක්වාම සිටි සියලුම රාජ්‍ය නායකයන් පක්ෂ භේදයෙන් තොරව නිදහස් සැමරුම් ආගමික උත්සව කටයුතුවලට ඔවුන්ගේ ආශිර්වාදයද හැකි හැමවිටම සහභාගීත්වයද ලබාදීම සිදුවේ.

ඒ අනුව ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ආදී අගමැතිවරුද ජනාධිපතිවරුද ආශිර්වාදය ලබාදීමට හැකි හැමවිටම නිදහස් දින සැමරුමට පූර්වගාමීව ආගමික කටයුතුවලට සහභාගීත්වයද ලබා දෙන ලදී. එසේ නොහැකිවූ හැම අවස්ථාවකම විශේෂ නියෝජිතයෙකු ලෙසින් ඇමැති මන්ත්‍රීවරු සහභාගි කරවීමද සිදුවිය.

එදා සිට අද දක්වාම කොළඹ මහ නගර සභාව ආගමික උත්සව කටයුතු සඳහා පූර්ණ දායකත්වය දරමින් කටයුතු කිරීම සිදුවේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දායකත්වයද සහභාගීත්වයද අගය කළ යුතුය. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරු ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමන්ලාද ගෞරවයෙන් සිහිපත් කරමි.

මෙවරද කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මැතිනියගේද කටයුතු සංවිධානයෙන් 2021 නිදහස් ආගමික සැමරුම් උත්සව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත මකුලෑවේ විමල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි මස 04 වැනිදා පෙ.ව. 6.30 ට කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයෙහි ඓතිහාසික අඹරුක අබියස දී සිදුකිරීමට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතී.


(***)
කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමාධිපති
ආචාර්ය  - බණ්ඩාරවෙල විමලධම්ම හිමි



අදහස් (0)

නිදහස ලැබුණු දා ආගමික මෙහෙවර සිදුකළ පොල්වත්ත පන්සල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site