IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


නීතිය සාමය බිඳ දමන වීදි කෝලාහලවලට ඉඩදිය යුතුද?

ජනාධිපති ධුරයේ තමා සිටිනතාක් රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. තමන්ගේ අරමුණ හරි දේ කිරීම මිස ජනප්‍රිය දේ කිරීම නොවන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබිණි. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් අමතා කළ විශේෂ ප්‍රකාශයේදී මේ අදහස් පළ විය.

තමුන්ගේ පාලන ක්‍රමය සම්බන්ධයෙන් මේ ආකාරයට ඍජුව අදහස් ප්‍රකාශ කිරීම රටක නායකයකුගේ යහපත් ලක්ෂණයක් වශයෙන් අපි දකිමු. රටක නීතිය හා සාමය පවත්වාගෙන යාමට රාජ්‍ය නායකයා අසමත් වන්නේ නම්, එහිදී රටේ පාලනය බිඳ වැටීම වැළැක්විය නොහැක. එවිට බිහිවන්නේ අරාජික තත්ත්වයකි. එවැනි තත්ත්වයකදී රටට සිදු විය හැකි හානිය පසුගිය වසරේ ඇති වූ අරගලය කාලසීමාවේදී අප සියලු දෙනාටම අත්විඳීමට හැකි විය. ඒ මහා අර්බුදය අවසානයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක වැටවල් පවා බිඳ දමමින් ඒ තුළට කඩා වැදීමට කලබලකාරී පිරිස් කළ උත්සාහය අවසානයේදී වළක්වාගනු ලැබුවේ, ආරක්ෂක හමුදා මගින් සිදු කළ මෙහෙයුමකිනි. ඒ සිද්ධිය ද ජනාධිපතිවරයා සිය කතාවේදී උපුටා දක්වා තිබූ අතර, එහිදී ආරක්ෂක හමුදා ඉටු කළ මෙහෙය සම්බන්ධයෙන් ඔහු තුති පුද කළේය.

ජනාධිපතිවරයා එහිදී තවදුරටත් කියා තිබුණේ, සාමකාමී අදහස් ප්‍රකාශයටත්, තමා විවේචනය කිරීමටත් හැකි නමුත්, වීදි කෝලාහල කිරීමට කිසිදු අයිතියක් කිසිවකුටත් නොමැති බවය. එවැනි තත්ත්වයකදී රටේ නීතියේ ආධිපත්‍යය රැකගැනීමට අසීරු වීමෙන් රට අස්ථාවරභාවයට පත්වීම වැළැක්විය යුතුය. එම කාරණය අවධානයට ගත් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදු කළා විය යුතුය. එවැනි අවස්ථාවලදී ආරක්ෂක හමුදා නීත්‍යනුකූල ලෙස යොදවා එම තත්ත්වයන් පාලනය කිරීමට විරුද්ධ වීමට කිසිවකුටත් නොහැක.

ඒ කෙසේ වුව ද රටක ජනතාව වීදි බැස කලකෝලාහල කිරීමට තුඩු දෙන හේතු පිළිබඳ විමසිලිමත්ව කටයුතු කිරීම රටක නායකයකුගේ වගකීම බවත් පෙන්වා දිය යුතුය. එසේ විමසිලිමත්ව ජනතාවගේ සාධාරණ ගැටලු කෙරෙහි සංවේදී නොවී අත්තනෝමතික ආකාරයට තීන්දු ගැනීමේදී සිදු විය හැකි බරපතළ ප්‍රතිවිපාකවලට පසුගිය වසරේ ඇති වූ අරගලය හොඳම උදාහරණය සපයයි. එම අරගලය මුල් අවස්ථාවේදී පාරට බැස්සේ ගොවි ජනතාවය.

ඔවුන්ගේ එම සටන කොතරම් සාධාරණදැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර් යේෂණ ආයතනය පසුගියදා නිකුල් කළ සමීක්ෂණ ප්‍රතිඵලයකින් පැහැදිලිව අනාවරණය විය. 2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම නිසා එම මහ කන්නයේදී අක්කරයකට ලබාගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වී ඇතැයි එහි සඳහන් වෙයි. මේ රටේ ගොවීන් එදා පාරට බැස්සේ එම තීන්දුවේ ආදීනව පිළිබඳ කොතරම් කරුණු දැක්වුවත් ආණ්ඩුව එයට කන් නොදී තමන්ගේම මතයේ පිහිටා දරදඬු උද්ධච්ඡ ආකාරයකින් කටයුතු කිරීම හේතුවෙනි.

ඉන් පසුව එම අරගලය ගෝල්ෆේස් දක්වා පැමිණ රටේ ආර්ථිකය කඩා වට්ටා, රට බංකොලොත් කළ දේශපාලන බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් කළ උද්ඝෝෂණය මහා අර්බුදයක් බවට පත්විය. එය මුලදී සාමකාමී අරගලයක් වුව ද පසුව එය ප්‍රචණ්‍ඩකාරී විවිධ අන්තවාදී දේශපාලන අරමුණු තිබූ පිරිසක් අතට පත්වීමෙන් රට මහා අනතුරකට මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී නීතියට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදුණු සියලු දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දඬුවම් දීම අවශ්‍යය. එසේම එම නීතියම රට බංකොලොත් කළ දූෂිත දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව ද ක්‍රියාත්මක විය යුතුය. ඔවුන් ද රටේ නීතිය හා සාමය බිඳ දැමීමේ පාපකර්මයට දායකවූවන් බැවිනි.

සාමකාමී අදහස් ප්‍රකාශ කිරීම සහ නායකයා විවේචනය කිරීම ප්‍රචණ්‍ඩත්වයට පෙරළෙන්නේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි ආණ්‍ඩුවේ නායකයන් සංවේදී නොවීම හේතුවෙන් බව ඉතිහාසය අපට කියා දෙන පාඩමයි. පසුගිය වසරේ රටේ ඇති වූ කලකෝලාහලවලට පදනම වැටුණේ ඒ හේතුවෙනි.

ඒ සමගම පෙන්වා දිය යුත්තේ, වීදි කෝලාහල ඇති කිරීමට කිසිවකුටත් අයිතියක් නැතුවා සේම, දූෂිත, වංචනික අපරාධකරුවන්ට ද රටේ දේශපාලනය කිරීමට අයිතියක් නැති බවය.

 

(***)



අදහස් (2)

නීතිය සාමය බිඳ දමන වීදි කෝලාහලවලට ඉඩදිය යුතුද?

Nimal Sunday, 09 April 2023 05:16 AM

සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නායකයා විවේචනය කිරීමට අවශ්‍ය නම් ප්‍රචණ්‍ඩත්වයට නොගොස් මාධ්‍ය ආයතන, දේශපාලන මණ්ඩප වෙත පැමිණ පක්ෂ විපක්ෂ අතර දේශපාලන සාකජ්ජා වෙත සහභාගි වන්න. jvp, sjb, npp, හෝ වෙනත් දේශපාලන කණඩායම් හෝ ඕනෑම කණ්ඩායමක් සමඟ සහභාගි වී ඔබලාගේ අදහස ඉදිරිපත් කරන්න. එවිට රටේ පුරවැසියයන් ඔබලාගේ ඉල්ලීම් මොනවාද යන්න නැරඹීමට සහ අධ්‍යයනය, නිරීක්ෂණය කිරීමට හැකියාවක් ඇත. මහපාරේ අර්බුද කිරීමෙන් රජයට ගැටළුවක් නොමැති වුවත් රටේ සාමාන්‍ය පුරවැසියන්ට හිරිහැරයකි..

:       6       8

චන්දිම Monday, 10 April 2023 07:41 AM

අපේ රටේ ආණ්ඩුවේ දේශපාලකයින් එදා මුලින්ම මිනිස්සු සාමකාමිව විරෝධතා දක්වනකොට ඒවාට උත්තර දුන්නේ ඉතා නින්දිත උද්දච්ච වචන වගන්තිවලින්... ඔවුන් හැසුරුනේ ඔවුන්ට ඒ බලය ලැබුණේ ජනතාවගෙන් නොව වෙනත් සුපිරි බලවේගයකින් වගේ විදියටයි. තෙල් නැහැ කිව්වාම සමහරු කිව්වේ එංගලන්තයේත් ඔහොම තමා කියලා. ඉතින් ඕනෑම අරගලයක් වැරැදි පැත්තට යොමු වෙන්න පුළුවන් පාලකයින්ගේ උද්දච්ච හැසිරීමට. ඔවුන් කවදාවත් තමන්ගේ වැරැදි පිළිගත්තේම නැහැ. ආර්ථික අර්බුදය කෝවිඩ් පිට දාලා තමන්ගේ ඇඟ බේරාගෙන දිගටම යන්න හැදුවා. නමුත් ජනතාවට තේරුණා ඔවුන්ගේ දුෂිත ක්‍රියා නිසා රට බංකොළොත් වූ බව. අදටත් දුෂණය කළ දේශපාලකයින්ට එරෙහිව කිසිම සොයා බැලීමක් නැහැ.

:       3       9

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථික පෙරැළියක අවශ්‍යතාව
2024 මැයි මස 16 552 1

මෙරටට නිදහස ලැබීමේ තැන් සිට මේ දක්වා විවිධ ආණ්ඩු මාරුවීම් සමග රටේ ආර්ථික ප්‍රතිපත්තිවලද යම් ‍යම් වෙනස්කම් ඇතිවූ බව නිරීක්ෂණය කළ හැකිය. 1948 නිදහස ලැබූ කා


ස්වාධීන නිදහස් චින්තනයෙන් විදුදය බැබළවූ යතිවරයාණෝ
2024 මැයි මස 15 558 0

එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වත්මනෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) උප කුලපතිවරයකුද වූ, ස්වාධීන නිදහස් චින්තනයෙන් මෙරට භික්ෂු පරපුරට නව මංපෙ


ජන අභිලාෂය වැඩද? කතාවද?
2024 මැයි මස 15 925 2

ජනාධිපතිවරණය ළඟදී පැවැත්වෙන බැවින් වෘත්තීය සමිති ඇතුළු සමහර සංවිධාන සිතන්නේ වර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමෙන් තමන්ට ඕනෑම දෙයක් රජයෙන් දිනාගත හැකිය යන්


මන්ත්‍රීන් වගකීම පැහැර හැරීම තනතුර බාල්දු කිරීමක්
2024 මැයි මස 15 122 0

පාර්ලිමේන්තුව වරින් වර රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙයි. හොඳ සහ නරක මාතෘකා දෙවර්ගයම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවගේ විමසුමට ලක්වුණත් බොහොමයක් අ


අයාලේ ගිය පශ්චාත් නූතනවාදී කතිකාව
2024 මැයි මස 14 241 0

ලෝක සන්දර්භයක් තුළ දී නූතනවාදී කලා සාහිත්‍යය හා සංස්කෘතික සංකලනය සඳහා පදනම වැටෙනුයේ පළමුවන ලෝක යුද්ධය පසුබිම් කොටගෙනය. විශේෂයෙන්ම සාහිත්‍ය නිර්මාණක


හික්මීම ලේඛකයකුට භයානකයි
2024 මැයි මස 14 240 1

නූතන ලාංකික සාහිත්‍යයෙහි ප්‍රතිභාසම්පන්න ලේඛිකාවක වන ශමෙල් ජයකොඩී පාඨක ආකර්ෂණයට හා කතාබහට ලක් වූ අගනා නවකතා රැසක් මෙරට සාහිත්‍ය යට දායාද කළ විදෙස්ගත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 740 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2277 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1956 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site