IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නීතියේ ආධිපත්‍යය බිඳවැටෙන්න දෙනු එපා

නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ හා එම විධානය පවත්වාගෙන යාමේ වගකීම පොලිසිය සතුය. එම වගකීම පොලිසිය ඉටු කරනු ලබන්නේ මහ ජනතාව වෙනුවෙනි. එහෙයින් එම වගකීම නිසිරිසි ලෙස ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය පොලිසියට ලබාදීම ජනතාවගේ යුතුකමය. එසේ නොවුණහොත් ජනතාව කරාම අනතුර ළඟාවීම වැළැක්විය නොහැකිය. 

මෙම  පෙරවදන පොලිසියට අදාළ  ප්‍රවෘත්තියක් සම්බන්ධයෙනි. 

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ ගංජා වැටලීමකට සෙල්ලකතරගම වල්ලි ගුහාව ප්‍රදේශයේ නිවෙසකට ගිය කතරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පිහි සහ පොරෝ රැගෙන පහර දීමට උත්සාහ කළේ යැයි කියන යුද හමුදා සෙබළකු ඔහුගේ බිරිය පුතා සහ දියණිය කතරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවය. 

ඉතා නරක මෙන්ම අහිතකර හා විනාශකාරී ප්‍රතිඵල රැගෙන එන ප්‍රවණතාවකි. එය ප්‍රවණතාවක් ලෙස හැඳින්විය යුත්තේ එබඳු සිදුවීම් ගණනාවක් ආසන්න මෑත අතීතයෙන් වාර්තා වූ හෙයිනි. 

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ පිළියන්දල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකුට පහරදුන් බව කියන අඹු-සැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බවය. පිළියන්දල පොලිසියේ නිලධාරීන් දෙදෙනා රාත්‍රී රථවාහන රාජකාරියේ යෙදී සිටියදී කැස්බෑව දෙස සිට  පැමිණි කුඩා ලොරි රථයක් ඔවුන් ඉදිරියෙන් අපරීක්ෂාකාරී ලෙස ධාවනය වනු දැක මොරටුව මාර්ගයට හැරවීමත් සමගම නැවතීමට සංඥාකර ඇති අතර, එම අවස්ථාවේ ලොරි රියැදුරු ලොරිය ඔවුන් දෙසට එකවරම හරවා යට කිරීමට උත්සාහ දරා පලායාමේ දී ඇතිවූ සැකය මත ලොරිය හඹාගොස් නවතන ලෙස කෑ ගසා ඇත. එහෙත් ලොරි රියැදුරා පොලිස් නිලධාරීන්ට මග හරස් කරමින් ලොරිය ධාවනය කර ඇත. 

ලොරි රථය නිවසක් ඉදිරිපිට නැවතීමත් සමග ලොරි රියැදුරා සහ ඔහු සමග සිටි පුද්ගලයා සමග නිවෙස දෙසින් පොලු මුගුරු රැගෙන  පැමිණි කාන්තාවක ඇතුළු හත් දෙනකු පමණ පිරිසක්  පොලිස් නිලධාරීන්ට පහරදී ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. පොලිස් නිලධාරියකු මෙම සිදුවීම ජංගම දුරකථනයෙන් සිය ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ පොලිස් නිලධාරීන්  දෙදෙනා මැරයන්ගෙන් බේරාගෙන රෝහල් ගතකර  සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. 

අම්පාර එච්. එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවැති සැණකෙළි භූමියේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂකවරයකුට හා පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් හමුදා සෙබළකු  ඇතුළු දෙදෙනකු අම්පාර  පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

කතරගම සිද්ධියට මෙන්ම අම්පාර සිද්ධියට හමුදා සෙබළුන් දෙදෙනකු සම්බන්ධ ය. ආරක්ෂක අංශ සාමාජිකයන් වන  හෙයින්ම ඔවුන්ට නීතිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් තිබිය  යුතු මෙන්ම සෙසු සාමාන්‍ය පුරවැසියන්ට වඩා විනයක් තිබිය යුතුය. එහෙත් සිදුවීම්වලින් පැහැදිලි වන්නේ ඔවුන් සතු දැනුම මෙන්ම විනය ද ගිලිහී ඇති බව ය. 

වැරැදි නොකිරීමට බලපාන සාධක දෙකකි. පළමුවැන්න ස්වයං විනය වේ. එම ස්වයං විනය නොමැති පුද්ගලයන් මෙල්ල කිරීම සඳහා  නීතිය තිබේ. නීතියෙහි අවධාරණය කර ඇති දඬුවම්වලට බිය නිසා වැරැදි නොකර සිටීමට ඇතැම්හු පෙළඹෙති. පොලිස් නිලධාරීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමෙන් පැහැදිලි වන්නේ ස්වයං විනය  මෙන්ම නීතියට ඇති බිය සමාජයෙන් පහව යමින් තිබෙන බවය.

මෙය ඉතා විනාශකාරි ප්‍රතිඵල අත්කර දෙන භයානක ප්‍රවණතාවක් ලෙස හඳුනාගත යුතු වන්නේ එහෙයිනි. නීතියේ ආධිපත්‍ය බිඳවැටීමෙන් ආදේශ වන්නේ  කැලෑ නීතිය වේ. එවිට කිසිවකුගේ හෝ පැවැත්ම තහවුරු නොවන බව ඒකාන්ත වශයෙන්ම තහවුරු වූ සත්‍යයකි.

(***)



අදහස් (3)

නීතියේ ආධිපත්‍යය බිඳවැටෙන්න දෙනු එපා

Kapila Perera Saturday, 05 August 2023 08:09 AM

නීතියක් කොහේද තියෙන්නේ...? පොලිසිය හැසිරෙන්නේ ආණ්ඩුවට ඕනෑ විදිහට...

:       0       0

Perera Sunday, 06 August 2023 02:32 AM

පොලිසියේ අද ප්‍රධානම රාජකාරිය දේශපාලුවන් රකින එක... රටේ නීතිය හා සාමය රකින රාජකාරිය වෙලාවක් ලැබුණොත් කරනා සුළු රාජකාරියක්...

:       0       0

Dharmapala Dissanaike Wednesday, 09 August 2023 08:52 PM

ජනාධිපතිතුමා විනිසුරුවන් පත්කරන තාක්කල් නීතියේ පෙරමුණක් නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site