IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දේශීය වෛද්‍ය ක්‍රමය රකිමු: වැනසෙන නීති එපා

නැති ප්‍රශ්න ඇති කරගැනීම වෙනුවට කළ යුත්තේ තියෙන ප්‍රශ්න විසඳා ගැනීමය . එමෙන්ම ප්‍රශ්න විසඳීමේදී එයට ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්න ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතුය. ප්‍රශ්න විසඳුන රටක් නිර්මාණය කරගත හැකිවන්නේ එමගිනි.

ආණ්ඩුව ආයුර්වේද සංශෝධන පනතක් ගෙන ඒමට සූදානම් වෙයි. බොහෝ පනත් රජකාලය තරම් පැරැණිය. බොහෝ පනත් යාවත්කාලීන වී නැත. එහෙයින් ඒවා සංශෝධනය කර යාවත්කාලීන කළ යුතුය. ආයුර්වේද පනතද එවැන්නකි. එහෙයින් එය සංශෝධනය කිරීමේ වැරැද්දක් නැත.

දේශීය ආයුර්වේදය මෙන්ම පාරම්පරික වෙදකම මෙරට සංස්කෘතියේම කොටස්ය. ඉපැරැණි ජන ජීවිතය ගොඩ නැගුණේ මෙම පාරම්පරික මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සමඟ මුසුවෙමිනි. එහෙත් මෙම වෛද්‍ය ක්‍රම දියුණු කර ජාත්‍යන්තරය දක්වා ඔසොවා තැබීමට දියුණු විද්‍යාත්මක වැඩපිළිවෙළක් නොතිබීමේ වරද නිසා මෙම ආයුර්වේද ක්‍රම ඉබාගාතේ යන මට්ටමට පත් විය.

දේශීය වෛද්‍ය ක්‍රමයට නව වටිනාකමක් හිමිකර දෙමින් ඒ වෙනුවෙන් වෙනමම අමාත්‍යංශයක් ජේ.ආර්. ජයවර්ධන රජය හඳුන්වා දුන්නේය. පාරම්පරික වෛද්‍යවරයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර එම වෛද්‍ය ක්‍රමයට නිසි ගෞරවයක් හිමිකර දීමට ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා කටයුතු කළේය. ඉන් පසුව පැමිණි සෑම රජයක්ම දේශීය වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබේ. වර්තමානයේද දේශීය වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් සිටී.

ජන ජීවිතය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමට මෙන්ම යහමින් ඩොලර් උපද්දවා ගැනීමට මෙම ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්‍රමය පාවිච්චි කළ හැකිය. ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම අතිශයින්ම වැදගත්ය. ආයුර්වේද වෛද්‍ය පනතට සංශෝධන ගෙන ඒම හරහා රජය බලාපොරොත්තු වන්නේ එය නම් එය ඉතා වැදගත්ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ එමගින් මේ රටේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය සහ මුලින්ම විනාශ වීමේ අවදානමක් තිබෙන බවය. මෙවැනි පනත් කඩිමුඩියේ ගෙන එනවාට වඩා කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ඇතුළු සියලු පාර්ශව එක්ව මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමය. නිසියාකාරව තත්ත්වය තේරුම් ගැනීමය. දැනට ඉදිරිපත් කිරීමට සූදානම්ව තිබෙන පනතද ඒ පාර්ශව වහාම කියවා අවබෝධ කරගත යුතු බවද විපක්ෂ නායකවරයා කියා සිටී.

විපක්ෂ නායකවරයා මතු කරන කාරණය ද ඉතාම වැදගත්ය. වෛද්‍ය කේෂ්ත්‍ර සම්බන්ධයෙන් නීතිරීති සකස් කළ යුත්තේ ඒ සම්බන්ධව ප්‍රමාණවත් දැනුමක් ඇති පුද්ගලයන් සම්බන්ධ කර ගනිමිනි.

එක් අතකින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය තිබේ. ආයුර්වේද වෛද්‍ය සභාවක් තිබේ. එමෙන්ම දේශීය වෛද්‍ය පර්​ෙ ය්ෂණායතනයක් තිබේ. ආයුර්වේද රෝහල් පද්ධතියක් තිබේ. අවශ්‍යවන්නේ මෙම සියලු අංගෝපාංග ඒකරාශී කිරීමය. එමගින් වඩාත් නිවැරැදි වැඩ පිළිවෙළක් සකස්කර එය ක්‍රියාත්මක කිරීමය.

එක් ආරංචි මාර්ගයකින් පැවසෙන්නේ දේශීය ආයුර්වේද පනතට සංශෝධන ගෙන ඒම හරහා දේශීය වෛද්‍ය නියාමන අධිකාරියක් පිහිටුවීමට යෝජිත බවය. ඇතැම් දේශීය වෛද්‍යවරුන් පවසන්නේ එමගින් දේශීය වෛද්‍ය ක්‍රමය ද දේශපාලනීකරණයට ලක්වන බවය. මන්දයත් ඒ සංශෝධන සම්මත වුවහොත් දේශීය වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගැනෙන්නේ එම නියාමන අධිකාරියෙන් වීම නිසාය. එම නියාමන අධිකාරියට පත්වන පුද්ගලයන්ට අනුව දේශීය වෛද්‍ය ක්‍රමයේ අනාගතය තීරණය වනු ඇත.

දේශීය වෛද්‍යවරයා තම ඖෂධ තමන්ම නිෂ්පාදනය කර ගනී. එය සිදුවන්නේ පාරම්පරික දැනුමට අනුවය. එය නියාමනය කරන්නේ කෙසේද? දැනට තිබෙන පනතට අනුව වෛද්‍යවරයා කවරකු වුවද ඔහු නිෂ්පාදනය කරන ඖෂධ පිළිගැනීමට ලක්කරනු ලබන්නේ ආයුර්වේද වෛද්‍ය සභාව මගිනි.

එම බලය එම වෛද්‍ය සභාවට අහිමිවීම යනු ධම්මික පැණිය වැනි විකාරවලට ලයිසන් ලැබීමය. එම අනතුරට දේශීය හා පාරම්පරික වෛද්‍ය ක්‍රමය පත් නොකිරීම සියල්ලන් සතු වගකීමය. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇති පරිදිම එය සියලු පාර්ශව එක්ව සාකච්ඡා කර තීන්දු ගත යුතු තත්ත්වයකි.

(***)



අදහස් (2)

දේශීය වෛද්‍ය ක්‍රමය රකිමු: වැනසෙන නීති එපා

himal Monday, 10 July 2023 01:22 PM

මේ ලියුම්කරුත් ඔය යෝජිත පනත ගැන කියවලා තියෙන්නේ ඔය කියන දේශපාලකයා කියපු දේ විතරක්ද කොහේද? පරණ කතා ටිකක් කියනවා... ඒත් හරියට ගවේෂණය කරලා නැති බව පේනවා...

:       0       1

වෛද්‍ය රාජ් එස්.ලියනගමගේ Thursday, 13 July 2023 11:48 AM

හෙළ වෙදකම, දේශීය වෙදකම, සිංහළ වෙදකම යනු පරම්පරාවෙන්.. ගුරුගෝල ඇසුරෙන් නොකඩවා පැවැතීගෙන එන්නා වූ... හෙළ පුරුද්ද.. දැක පුරුද්ද... කල පුරුද්ද... පලපුරුද්ද... කැටිකර ගත් පුුඥාව මුල්කර ගත්, (අතීතයේ මෙන්ම ගම්බද වර්තමානයේද අකුරු කිරීමට නොහැකි) පාරම්පරික පරම්පරාවට.. ගුරුගෝල ඇසුරෙන්.. වැඩිදියුණු වන/ වැඩි දියුණු කරගත්.. විපරිත නවීන රෝගවලටද හෙළ වෛද්‍යවරයාගේ ප්‍රඥාව මෙහෙයවා ප්‍රථිකාර, පිළියම් සතු/ සොයාගත් අනභිබවනීය වෛද්‍ය ක්‍රමයකි. හෙළ/සිංහල වෙදකම... වෙනත් වෛද්‍ය විද්‍යාවන් මෙන් අතීත පොතපතේ සඳහන් ප්‍රතිකාර, ක්‍රමවේද ගිරව් මෙන් කටපාඩම් කර වර්තමාන රෝගවලට පිළියම් යෙදිය හැකි ක්‍රම වේදයක් නොව හෙළ/සිංහල වෙදකම.... දක්ෂ, ප්‍රඥාවන්ත හෙළ/ සිංහල වෛද්‍යවරයා නවීන ලෝකයේ විපරිත රෝගාබාධයන්ට ඔබින ලෙස පාරම්පරික දැනුම ප්‍රඥා⁣වෙන් වැඩි දියුණු කර.. තම ප්‍රථිකාර ක්‍රමය ස්වාභාවිකවම සංරක්ෂණය කර ගනී... හෙළ, සිංහල පාරම්පරික වෛද්‍ය ක්‍රමය රටේ ස්වාධීන කර රජයේ නිසි අවධානය යොමුකර නවීන අධ්‍යාපනය, තාක්ෂණය පුර්ණ රාජ්‍ය අනුගුුහය යම් දිනක ලැබ දුනහොත් ලොවක් මවිත කරණ අපුරුතම ප්‍රථිකාර ක්‍රම වේදයන් හෙළ ලක්දෙරණෙන් බිහිවනුු ඇත.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 151 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1575 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site