තරුණයන් හත්දෙනකු හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍යය මතට නැඟ ගත් ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදාහැරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමිය ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසට අයත් සෙල්ලිපි පවා තැන්පත්ව ඇති භූමියකි. ඒ ඓතිහාසික පුරාවිද්‍යා බිමට ඉකුත් ජනවාරි 5 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනවසරයෙන් ඇතුළු වී ඇති තරුණයන් හත් දෙනකු නටබුන් චෛත්‍යය මත නැඟ මෙම ඡායාරූප ගෙන සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදාහැර ඇත. මෙම තරුණයන් ත්‍රිකුණාමලය හා අම්පාර ප්‍රදේශවල පදිංචි, විශ්‍වවිද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් බවට හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා අප පුවත්පතට පවසා තිබිණි.
විශේෂ අවධානය යොමු කළ යුතු සිදුවීමකි. මේ රට අත්‍යන්තයෙන්ම බෞද්ධ රටකි. එහෙත් අනෙකුත් ආගමිකයෝ ද අප්‍රමාණ සහජීවනයෙන් කල් ගෙවති. මෙරට සාතිශය පොදු මහජනයා තුළ ජාති බේද ආගම් බේද හෝ මිනිස් වර්ගයාට නිගාදෙන වෙනත් බේද කිසිවක් නැත. එහෙත් අන්තවාදී අශිෂ්ට සුළුතරයක් සිටිති. කවර හෝ ගැටුමක් මවාපා තමන්ගේ පටු හා පවිටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඔවුහු උත්සුක වෙති. එහෙයින් ශිෂ්ට බහුතරය එබඳු උගුල්වලට හසු නොවී සාමූහික විචාර බුද්ධියෙන් කටයුතු කළ යුතුය. එහි වැදගත්කම එයට හිමි නිසි අර්ථයෙන්ම හඳුනා ගත යුතුය.
කවර ආගමික ස්ථානයකදී වුවද සංවරව, විනීතව හැසිරීම අපේක්ෂා කළ යුතුය. එම ස්ථානයට නිගා දෙන අයුරින් හැසිරීම, එසේ හැසිරී එය සමාජගත කිරීම කිසිදු ශිෂ්ට පුරවැසියෙක් අනුමත නොකරයි. පිදුරංගල සිදුවීමේදී සමාජයේ පතුළ බිඳගෙන මතු වී ආ විරෝධය එයට කදිම නිදසුනකි. ඉගෙන ගන්නවා නම් පිදුරංගල සිදුවීම ඕනෑම පුරවැසියකුට හොඳ අත් පොතකි. එහෙත් විනාශෙයන් මෙපිට පාඩම් ඉගෙන නොගන්නා අශිෂ්ට, අශීලාචාර, අනීතික හා අවිනීත සුළුතරයක් ද සිටිති. කිරලාගල නටබුන් දාගැබ මත නැඟ ඡායාරූප ගෙන සමාජ ජාල, වෙබ් අඩවිවලට මුදාහළ අශිෂ්ටයන් අයත් වන්නේ එම පිරිසටය.
තරුණ යන වචනයට දිය හැකි එක් අරුතක් වන්නේ දිලිසීමය. යුගය වර්ණවත් කිරීම එම තරුණයන්ගේ වගකීමය. රටක ජීවනාලිය ලෙස තරුණ පරපුර හැඳින්වෙන්නේ ද එහෙයිනි. ඒ තරුණයා ගුණයෙන් පැහැපත් විය යුතුය. ඥානයෙන් පෝසත්විය යුතුය. සාමූහික විචාර බුද්ධියෙන් පිරිපුන්ව පරාර්ථකාමීත්වයෙන් අනූන විය යුතුය. යුක්තිගරුක විය යුතුය. සත්‍යගරුක විය යුතුය. සටන්කාමී විය යුතුය. සිය දෙවුර මත පැටවුණු වගකීම් එයට හිමි නිසිබරින් හඳුනාගෙන ඒ වෙනුවෙන් කැපවිය යුතුය. රටේ අනාගතය බාරගත යුතු වන්නේ එකී සියලු ලක්ෂණ සාර සුබාවට වගා කර ගත් තරුණ පරම්පරාවකටය.
කිරලාගල පුරාවිද්‍යා භූමියේ දී සිය නිරුවත සේයාරූගත කර ලොවට පෙනෙන්න සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරිය තරුණයන් ප්‍රදර්ශනය කළ නීච, අධම මානසිකත්වය කෙවිටෙන් තලා පිටමන් කළ යුතුය. මේවා දඟකාර යෞවනයන්ගේ වැඩ ලෙස සුරතල් නොකළ යුතුය. තම රටේ ඉතිහාසය නොදන්නා හෝ ඒ ඉතිහාසය පිළිකෙව් කරන ඒ ඉතිහාසය පිටු දකින තක්කඩියන් ලෙස එම තරුණයන් හඳුනා ගත යුතුය. ජාතික අධ්‍යාත්මයට ගරු නොකරන ඒ මත වසුරු හෙළන තරුණ පරපුරකින් ඒ රටට අබමල් රොනක තරමින් වත් ප්‍රයෝජනයක් නැත.
මේ වූ කලී නොදැන කළ වැරැදි යැයි සිතිය නොහැකිය. ඒ බව පැහැදිලි වන්නේ එම සේයාරූ අන්තර් ජාලයට මුදාහැරීම හරහාය. එහි අරමුණ කුමක්ද? තම තක්කඩිකම සමාජගත කිරීමෙන් ඔවුන් අපේක්ෂා කරනුයේ කුමක්ද? ‘‘මේ අපේ හැටි, තොපට පුළුවන් දෙයක් කරපල්ලා’’ යන සංඥාව මෙයින් නිකුත් නොවන්නේද? රටේ නීතියට යම් තරමක හෝ පක්ෂපාතීත්වයක් වේනම් මෙසේ තිරශ්චීන ලෙස කටයුතු කරයිද?
හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම තක්කඩියන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා සිසුන් බවය. එහෙත් එම විශ්‍වවිද්‍යාලයේ නම අප පුවත්පතේ පළ නොවීය. තක්කඩියන් හත් දෙනකු නිසා මුළු විශ්‍වවිද්‍යාලයකටම නිගරු කළ නොහැකිය. විශ්වවිද්‍යාලයක් සම්බන්ධයෙන් අප සතුව ඇති ගෞරවනීය හැඟීම එපරිදිය. එහෙත් මේ තක්කඩියන්ට සියවස් ගණනාවක් ඉපැරණි බොදු බිමක් සම්බන්ධයෙන් ඒ ගෞරවය නිපදවා ගත නොහැකි විය. මේ නීච හා අධම ක්‍රියාව කළ තක්කඩියන්ට උපරිම දඬුවම් දිය යුත්තේ එහෙයිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්නේ උද්දච්චකම ඉහවහ ගිය, හොද නරක නොදත් මෝඩ රැලකි.නමුත් ව්ශ්වවිද්‍යාල සිසුන්ය. සාමාන්‍ය දැනුම්වත් නැති මෙවන් අසීලාචාර සිසුන් කෙසේ බුද්ධිමත් සිසුන් වන්නේද ??
අපි ඊට වඩා කරන්න ඕනෑ මේ වගේ ඉන්න අපේ උගත් බුද්ධිමත් තරුණයින් ආරක්ෂා කරන එක. මේක කොලු කමට කරපු වැඩක්...
විශ්ව විද්‍යාලවලට පත්වන්නේ උගත්, බුද්ධිමත් දරුවන්... එයිනුත් හතර වසරේ ශිෂ්‍යයින් කියන්නේ රටටත්, සමාජයටත් අවශ්‍ය රටේ ජීවනාලියයි. ඔවුන් ළඟ කොලුකම නැතත් තරුණකම තියෙනවා. මේ දරුවන්ට හොඳ නරක ගරුකිරීම් ගැන අවබෝධයක් තිබිය යුතුයි. අද ඒවා තරුණයින් අතරේ නැත්තේ අපේ පටු දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් නිසයි. අපේ ඉතිහාසය මකාදමා රෝම ඉතිහාසය උගන්වන අධ්‍යාපන ක්‍රමයකින් දේශීයත්වයත්, අවබෝධයත් ළමයින්ට ලැබෙන්නේ නෑ. අපේ රටේ කුමන ජාතීන් හිටියත් ඉගෙනගත යුත්තේ ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් ශ්‍රී ලාංකික ඉතිහාසයයි. අන්‍යාගමික නායකින්ගේ යුතුකම ඔවුන්ගේ දරුවන්ට අනිකුත් ආගම්වලට සහ අනිකුත් සංස්කෘතීන්ට ගරුකිරීමට ඉගැන්වීමයි. එයට තමාගේ පාර්ශවයෙන් එන සෑම බාධකයන්ටම විරුද්ධව අවංකවම නැගී සිටීමයි...
මෙම සිදුවීමට අදාළ තරුණයින්ට "තක්කඩින් " යන වචනය භාවිත කලේ එම වචනයේ අර්ථයවත් දැනගෙනද? පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කරගත යුතු විනා, ඒවාට වන්දනාමාන කරන ජනයා ගැන නම් මා අසා නැත. කිසියම් ලෙසකින් මෙම ඓතිහාසික නටබුන් (දාගැබ) විහාරස්ථානයකට අයත් වුවා නම් එය සංරක්ෂණය කර ගනිමින් ආරක්ෂා කරගැනීම විනා, වල් වැදීමට සැලැස්වීම, යුක්ති සහගතද? ජාතිවාදී කෝණයෙන් බලා, මේ සිද්ධියට අදාළ තරුණයින් හට මරණ දණ්ඩනය දීමට වලිකන අය, අනුරාධපුරයේ අටමස්ථාන හා ශ්‍රී පාද පුදබිම් හා ඒ අවට පරිසරය වනසන සිංහල බෞද්ධයින්ව මුලින්ම දඟගෙට දැක්කිය යුතුය. රටේ ජීවත්වෙන තරුණයින් කිහිපදෙනෙකුගේ, නොහොබිනා ක්‍රියාවක් හේතුකොට ගෙන රටතුළ ජාතිවාදය වපුරා, ඒ තුළින් තමන් කැමති තක්කඩි පාලකයෙක් බලයට ගෙන ඒමේ ක්‍රියාන්විතය නේද? මේ හොර තක්කඩි රැල සිදු කරමින් සිටින්නේ? ඔය වපුරන බීජ වල සරු අස්වැන්න පළමුවෙන් වපුරන්නාටම නෙලා ගැනීමට සිදුවෙන බව පමණක් සිහියේ තබා ගන්න. එසේ සිදු නොවුන හොත්, මේ මහා පොළව මත තිබෙන පන්සල්, පල්ලි, කෝවිල් වෙනුවට, හරක් මඩු වඩා ප්‍රයෝජනයක් සහිත බවත් අවබෝධ කර ගන්න..
උදේ හවා අරාබියට ඇස්, කන් යොමාගෙන ඉන්න මිනිස්සු දන්නවද ලංකාවේ ඉතිහාසය ගැන...? අනික මේ මිනිස්සුන්ගේ ආගමේ හැටියට ඒ ගොල්ලන්ගේ දෙවියෝ තමයි ලෝකෙට ලොක්කා...
කඩුවකින් පතුරපු ආගමක් අදහන මිනිස්සුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?
මේ වගේ කියන්න ඕන 70 වසරක් පාලනය කරපු කලු සුද්දෝ රටේ වටිනාකම ඉතිහාසය මොන භාෂාවක් කතාකලත් මොන ආගමක් ඇදෙහෙව්වත් එම වටිනාකම රටේ සියලු දෙනාටම අධ්‍යාපනය තුළින් දෙන්න ඕන
පාසල් කාලයේදී හරියට මේවයේ වටිනාකම,වැදගත් කම උගන්වුවනම් මේවගේ දෙයක් වෙන්න 5% වත් අවස්ථාවක් නැත.. වැරැද්ද ඇත්තේ රජයේ ය.පාසල් අධ්‍යාපනය රටේ ඉතිහාසය හරියට ඉගැන්වෙන පරිදි සිදුවිය යුතුය.අධ්‍යාපනය රජය විසින් නියාමනය කලයුතුය.
ඔබතුමිය දන්නෙත් නැහැ... මේ වගේ තැනක විස්තර. හොයලා ඉගෙන ගන්න මේවගේ තියෙන වළලුවලින් දෙන අර්ථය එහෙම. හැමවෙලාවේම කට මැත දොඩවන වෙලේ ඒවත් හොයලා බලලා ඉගෙන ගන්න.
බද්රානි නෝනේ, මේ තරුණයෝ හිතාමතාම රටේ බහුතරයගේ හිත රිදවන්න උත්සාහ කරලා තියෙනවා. එ්කට නීතියෙන් දඬුවම් ලබිය යුතුයි. ඉවසීම සහ නිවටකම අතර වෙනස ගැන ඔබතුමියට අවබෝධයක් නැහැ වගෙයි මට පේන්නේ.. ඒ වගේම ඔබතුමිය පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාවක් ගැන විකාර ලියනවා හොඳයි ඔබතුමා ගේට්ටුව ඇරලා තිබ්බා කියලා මට පුළුවන්ද ඔබතුමිගේ මිදුල කැත කරන්න?
ගඩොල් ගොඩකට නැග්ග කියල හිරේ දාන්න ඕනද
“තරුණ යන වචනයට දිය හැකි එක් අරුතක් වන්නේ දිලිසීමය. යුගය වර්ණවත් කිරීම එම තරුණයන්ගේ වගකීමය. රටක ජීවනාලිය ලෙස තරුණ පරපුර හැඳින්වෙන්නේ ද එහෙයිනි. ඒ තරුණයා ගුණයෙන් පැහැපත් විය යුතුය. ඥානයෙන් පෝසත්විය යුතුය. සාමූහික විචාර බුද්ධියෙන් පිරිපුන්ව පරාර්ථකාමීත්වයෙන් අනූන විය යුතුය. යුක්තිගරුක විය යුතුය. සත්‍යගරුක විය යුතුය. සටන්කාමී විය යුතුය. සිය දෙවුර මත පැටවුණු වගකීම් එයට හිමි නිසිබරින් හඳුනාගෙන ඒ වෙනුවෙන් කැපවිය යුතුය. රටේ අනාගතය බාරගත යුතු වන්නේ එකී සියලු ලක්ෂණ සාර සුබාවට වගා කර ගත් තරුණ පරම්පරාවකටය.“ මේ විග්‍රහයම ඇති ජාතියකට හැදෙන්නට. ස්තුතියි ඔබ වැනි කතෘවරුන්ට. බද්‍රා නෝනෙටත් යමක් පවසමි. මහපොළවේ පය ගහල ජීවත් වෙන්න උත්සාහ කරන්න. හොඳ නරක ඔයිට වඩා අවබෝධ කරගන්න. Dj ඔබට ප්‍රතිචාර දැක්වීමටවත් නොවටී.