IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


දේශපාලනය බොල්කරවන බොල් පක්ෂ

මේ ලියැවෙන්නේ මෙවර ජනාධිපතිවරණය අළලා වූ ලුහුඬු සටහනකි. ගත යුතු හොඳම දේශපාලන තීරණය ශ්‍රීලනිපය ගෙන ඇත. පක්ෂයේ නායකයා වුවත් රටේ ජනාධිපතිවරයා ලෙස සිටිය යුතු මැතිවරණ මධ්‍යස්ථභාවය අතින් ස්වාධීනව සිටීමට ජනාධිපතිවරයා ගත් තීරණය අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී ය. තනතුරු දරමින් මැතිවරණ කටයුතු මෙහෙයවන අගමැති ඇතුළු අයට එය එක්තරා ආකාරයක අභියෝගයකි.

එසේම ශ්‍රීලනිප නායකයා ලෙස ජනාධිපතිවරයා ඒ ගත් තීරණය අතිශයින්ම දේශපාලනිකය. එසේම ශ්‍රීලනිපය තම ස්ථාවරය පැහැදිලි කරමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් වූ අදහස්, එකඟතා සහ වැඩපිළිවෙළ පිළිබඳ කෙටි හැඳින්වීම් ද පැහැදිලි ය, පුළුල් ය, ජාතික ය, එහි ප්‍රකාශිත වාම නැඹුරුව දේශපාලන සහ සමාජමය වශයෙන් රටට වැදගත් ය.
 
මෑත ඉතිහාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර අනෙකුත් ‘පක්ෂ’ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවලට සාපේක්ෂව මේ මාධ්‍ය සාකච්ඡාව ඉතාම පිළිවෙළක් සහ විනයක් සහිත දේශපාලන පැහැදිලි කිරීම්වලින් යුත් එකක් වීම සුවිශේෂීය. නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ සහ පේෂල ජයරත්න එහි දී ශ්‍රීලනිප විනයකින් කටයුතු කළහ.
 
එය එසේ වුවත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සංකල්පගත කිරීම ඉතා අසීරු ය. මේ මොහොත ආකෘති ගත ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට හෝ  මාක්ස්වාදයට හෝ  වාමාංශික දේශපාලනයට හෝ පශ්චාත්-මාක්ස්වාදී වාමාංශයට හෝ එහි ප්‍රාමාණික බුද්ධිමත් දේශපාලන ක්‍රියාධරයකු වන මා මිත්‍ර සුමිත් චාමින්දට අනුව හෝ තේරුම් කළ හැකිද යන්නම උභතෝකෝටිකයකි. පන්ති පසමිතුරුතා නොව කල්ලි සහ පුද්ගල පසමිතුරුතා බලවත් වී ඇත. පන්ති සහයෝගිතා නොව කල්ලි එකඟතා සහ පෞද්ගලික ගනුදෙනු බලවත් වී ඇත. ජනයා සාමුහිකව නොව තනි පුද්ගල විමුක්තිය තනියෙන් සොයාගන්නා තැනකට පල්ලම් බැස ඇත. ජනරැලි ජනයා රැස්වන තාවකාලිකව ඔවුන්ගේ චිත්තවේග අවුස්සන සංදර්ශන බවට පත් වී ඇත. ජනයා ගේ දුක්ගැනවිලිවලට හැමදාම හැම දෙනාම ප්‍රතිචාර දක්වන්නේ පොරොන්දු සහ සටන්පාඨවලින් මිස විසඳුම් සහිත වැඩපිළිවෙළකින් නොවේ ය. කිසිදු වෙනසක් හෝ ප්‍රතිවිරෝධයක් නැති අය වෙන්ව තරග කිරීම සඳහා පමණක්ම පිහිටුවාගෙන ඇති බොල් පක්ෂ විසින් රටේ දේශපාලන ක්‍රමයත් පක්ෂ ක්‍රමයත් අර්ථ විරහිත කරනු ලැබ ඇත.
 
නොරැවටෙන්න, ජනයාගේ දුක් වේදනා, විලාප, අඳෝනා, නැති බැරිකම්, අසරණකම් සහ මෝඩකම් නමැති දිය රැලි මතින් සහ මගින් බලයට පත්වීමට, බලය අත්පත් කරගැනීමට මාන බලන කල්ලි මිස ජන දුක තමන්ලාගේ දුක යැයි සිතා මහජන සමාජය ඉන් ගලවා විමුක්තිය ලබාදීමේ මහජන ව්‍යාපාර තවම පක්ෂ බවට පත් වී නැත. ඒ ජන දුක් වනාහි ඒ දුක් විඳින ජනයාගේ බලය ලබා ගැනීම සඳහා ඒ ජනයා රැවටීම සඳහා ම වන බිලීපිත්තේ අමුණන කම්බිලි පණුවෙකි, ගැඩවිලෙකි. සමාජය පන්ති වශයෙන් හෝ ජන කණ්ඩායම් වශයෙන් දේශපාලනිකව සංවිධානයවීම සහ සංවිධානය කිරීම අතින් ජන සමාජයත්, එවැනි අරමුණු සහිත කණ්ඩායමුත් පෙන්නුම් කරන්නේ අන්ත අසරණ බවක් සහ අඥානකමක් ය. වමේ ප්‍රධාන පක්ෂය තම වාමාංශික අනන්‍යතාව මත වැටී ඇති දක්ෂිණාංශික කළු හෝ කොළ පැල්ලම මකා ගැනීමට දරන වෙහෙස තවමත් සාර්ථක වී නොමැත. එහෙත් එය සාර්ථක කරගත යුතුමය.

රාජ්‍යය යනුවෙන් කට පුරා සැකයක් නැතිව කිවහැකි ශිෂ්ට, ශීලාචාර, සංස්කෘතික සහ සංවිධිත ව්‍යුහයක් අපට නැත. එවැනි පසුබිමක ගෙවල් හදනවා, ආරක්ෂාව දෙනවා, හොරකම නැතිකරනවා යන සටන්පාඨ නොව දැන් අවශ්‍ය වී ඇත්තේ  ශිෂ්ට, ශීලාචාර, සංස්කෘතික සහ සංවිධිත රාජ්‍යයක් හදනවා යන සටන්පාඨය මත පදනම් වූ ඒකාබද්ධ, ජාලගත, ප්‍රයෝගික සහ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ය. ඒ වැඩපිළිවෙළ නම් හුදු මාධ්‍යය ඉදිරියේ කෑගසා අර්ථ විරහිත තර්ක, විහිර්‍ළු සහ අමන කතා කියන, යටි ගිරියෙන් කෑගසන, පෙර වැරැදි සහ දැන් වැරැදි කෝටියක් ඇති කතාකාරයන්ට කළ නොහැකි තරමේ අමාරු කටයුත්තකි. හෙණ ගසන විට එළියට දැමූ යකඩයක් සේ ජනාධිපතිවරණයෙන් පසු දැන් ඇති කියා මේ අය මුල්ලකට වීසි නොකොළොත් පැරණි ලංකාව මිස ශ්‍රී ලංකාව ශිෂ්ට, ශීලාචාර, සංස්කෘතික සහ සංවිධිත රාජ්‍යයක් බවට නම් පත් කළ නොහැකිය. එහෙත් ගැටලු වන්නේ ඊට සූදානම් සහ හැකියාව, කුසලතාව තිබෙන අපේක්ෂකයා කවුද යන්නය.

මෙවර ජනාධිපතිවරණයේ දී ජය ගන්නේ හෝ පරාජය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ හෝ එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් එක් අයෙකි. එහෙත් එය තීරණය වන බොහෝ කරුණු අතුරින් සාධක දෙකක් මූලිකය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලැබෙන්නේ කාටද කියන කාරණය ඉන් එකකි. ඒ පිළිබඳ තීරණය දැන් පැහැදිලිය. එහෙත් එහිදී  ශ්‍රීලනිපට වඩා මෛත්‍රීපාල සාධකය වඩාත් තීරණාත්මකය. මන්ද මේ මොහොතේ ශ්‍රීලනිපය යනු මෛත්‍රීපාල සිරිසේන ය. මෛත්‍රී සාධකය නොමැති ශ්‍රීලනිපය යනු හිස නැති කවන්ධයකි. ශ්‍රීලනිපය නැති මෛත්‍රී වනාහි හුදු හිටපු ජනාධිපතිවරයෙකි. වෙනත් ආකාරයකින් කියන්නේ නම් මෛත්‍රී නැති ශ්‍රීලනිපය ද, ශ්‍රීලනිපය නැති මෛත්‍රී ද තීරණාත්මක නොවන්නේ මේ මොහොතේ ඒ දෙක අතර ඇති වෙන් කළොත් විනාශ වන ආකාරයේ බැඳීම ය. එය හරියට පොජපෙ තුළ මහින්ද රාජපක්ෂ සාධකය බලවත් වී ඇති සේ ය. පොජපෙ-ශ්‍රීලනිප සන්ධානය යනු මහින්ද- මෛත්‍රී- බැසිල්- ගෝඨාභය සන්ධානගතවීම ය. කැමති වුවත් අකැමැති වුවත් හොඳ වුවත් නරක වුවත් ඇත්ත ඒකය. ඒ සාධක හතර ම එක සේ වැදගත්ය.

ඒ නිසාම මේ මොහොතේ ශ්‍රීලනිපය ගෙන ඇති දේශපාලන උපායමාර්ගය ඉන් පෙර ඒවාට වඩා සුවිශේෂී ය. එනම් පක්ෂයේ සභාපති ධුරයට ඉහළින් උපායමාර්ග තීරණය කිරීමට තීරණාත්මකව මැදිහත්වන නායකත්වයක් නිර්මාණයවීමයි. එය එක්තරා ආකාරයකට ශ්‍රීලනිපය ප්‍රතිපත්තිමය වශයෙන් නියාමනය කිරීමේදී ඉතා වැදගත් ය. එහි තවත් වැදගත්කමක් වන්නේ ඒ නායකත්වය ඒකාධිපති හෝ අසහාය එකක් නොවී පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නක් වීමය. මේ තත්ත්වය ශ්‍රීලනිපයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයකි.

ජනාධිපතිවරණයේ ජය පරාජය සඳහා තරමකින් හෝ බලපාන තවත් සාධකයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. එනම් ජවිපෙ අතින් වැඩිපුර විවේචනයට ලක්වන්නේ ඉහත කී පෙරමුණු දෙකෙන් කවර පෙරමුණක් ද යන්න මත ය. එනම් ජවිපෙ අතින් වැඩිපුර විවේචනයට ලක්වන්නේ එජාපෙ නම් එහි අවාසිය පොදුජන පෙරමුණට ය. එහෙත් ඒ අවාසිය ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වැළැක්වීමට හේතු වේ යැයි කිව නොහැක. එය එසේ වන්නේ ශ්‍රීලනිපය ඒ අවාසිය මකා දමන නිසා ය. ජවිපෙ අතින් වැඩිපුර විවේචනයට ලක් වන්නේ පොදුජන පෙරමුණ නම් එහි අවාසිය එජාපෙ අපේක්ෂකයාට ය.

ඒක එහෙම වෙන්නේ එජාපෙ සහ එජාප අපේක්ෂකයා පිළිබඳ විරෝධාත්මක විවේචනය නිසා ජවිපෙට ලැබෙන්නේ ගෝඨාභයට ලැබීමට නියමිත එජාප සහ ප්‍රේමදාස විරෝධී ඡන්ද ය. එවිට එජාපය දිනවීමේ යටි අරමුණකින් ජවිපෙ කටයුතු කළාය යන මතය සමාජය තුළ තහවුරු වන්නේ 2015 සිට ජවිපෙ එජාපය සමඟ මිතුරුකමකින් සිටියාය කියන අපැහැදිලි සමාජ මතයකුත් තිබෙන නිසා ය. එසේම පොදුජන පෙරමුණ සහ එහි අපේක්ෂකයා පිළිබඳ විරෝධාත්මක විවේචනයක් මත පදනම්ව ජවිපෙ කටයුතු කළහොත් ඔවුන්ට ලැබෙන්නේ පොදුජන-ශ්‍රීලනිප විරෝධී ඡන්ද ය. එවිට පොදුජන- -ශ්‍රීලනිප අපේක්ෂකයා දිනවීම සඳහා එජාප ඡන්ද අඩු කිරීමට ජවිපෙ ක්‍රියා කළාය යන මතය සමාජය තුළ තහවුරු වනු ඇත. තම අපේක්ෂකයා නො දිනන බවත් එසේම මා ඉහත කී ආකාරයේ චෝදනාවකට ලක්වන බවත් ජවිපෙත් රටත් දන්නා පැහැදිලි කරුණකි. එබැවින් ජවිපෙ මේ අනතුරට නොවැටී ස්වකීය දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉතා සූක්ෂමව වැඩ කළයුතුය.
ඒ අතින් බලන විට ජවිපෙ හැසිරීම කොයි පැත්තෙනුත් ජවිපෙට අවාසිදායක ය. එය වළක්වා ගැනීමට නම් ජවිපෙ කළ යුත්තේ දෛනික ප්‍රතිචාරාත්මක දේශපාලනයෙන් මිදී ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් කේන්ද්‍රීයව ක්‍රියාත්මකවීමය යන්න මගේ අදහසය. එහිදී ජනාධිපතිවරණයට ජවිපෙ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ දේශපාලනමය වටිනාකම තහවුරු වනු ඇත. දුමින්ද නාගමුව, සිරිතුංග ජයසූරිය සහ  වජ්‍රපානි  යන අපේක්ෂකයන් වැදගත්වන්නේ ද එවැනි ප්‍රතිපත්තිමය දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීම අතින් ය. සමාජය ප්‍රගතිශීලී ලෙස වෙනස් විය යුතුය කළ යුතුය යන මතයේ ස්ථිරව සිටින ජන අවකාශය පුළුල් කිරීමට එය පිටුබලයකි. ‘මැතිවරණ සිවිල් සමාජය’ විහිළුවක් කිරීමටත් එය පිටුබලයකි. අනෙකුත් අපේක්ෂකයන් වනාහි දිනන්නෙත් නැති පරදින්නේත් නැති අදාළත් නැති අය ය.

ඉතින් මතුවට වැඩිපුර ලිවීමේ අරමුණින් මේ සටහන නිමා කරමින් මට කීමට ඇත්තේ දැන් විකල්පයක්, නායකයකු අවැසි වන්නේ පක්ෂවලට කල්ලිවලට නොව මේ  රටට බව ය. ආණ්ඩු නොව රට සහ රාජ්‍යය සාදන ප්‍රගතිශීලී විකල්පයක් අවැසිම ය. ඒ සඳහා අප කාගේත් අවධානය යොමුවිය යුතු ම ය.

ධම්ම දිසානායක



අදහස් (4)

දේශපාලනය බොල්කරවන බොල් පක්ෂ

Karu Sunday, 13 October 2019 12:41 AM

ජ.වි.පෙ.කියන දෙය ගෝඨාට බලපාන්නේ නැත. ඔවුන් ගිය වතාවේ සිටම එ.ජා.පෙ.ට පක්ෂපාතීව සිටියා. දෙවනුව ගෝඨාට නඩු පැවරීමට පුද්ගලිකවම එ.ජා.පෙ. සමග හවුල්ව වැඩ කළා. ඒ නිසා ඔවුන් මොනවා කිව්වත් එහි විශේෂත්වයක් නැහැ. තෙවැනිව ඔවුන් සැබවින්ම න්‍යායාත්මකව වමක් නොව නිකම් පුද්ගලික කාණ්ඩයකගේ කල්ලියකි. මිනිසුන් ඔවුන් කියන දේ පිළිගන්නේ නැත. ජ.වි.පෙ යනු මිනිසුන් අතර ඉතා අප්‍රසාදයට පත් සුලු කාණ්ඩයකි.ඔවුන් අනික් පක්ෂ වලට විවේචන එල්ල කරන්නේ තම ඡන්ද ගාන වැඩි කර ගන්නට හෝ පසුගිය ඡන්ද ටික තබා ගන්නටය. ජනාදිපති මන්දිරය විශ්ව විද්‍යාලයක් කරනවාය කීමෙන් අනුර කුමාරගේ දුර දක්නා බව සජිත්ට එහා නොයන බව පෙනේ.

:       34       104

samanwimalaSunday, 13 October 2019 10:08 AM

ජවිපෙ මුලින්ම මතවාදීව පරිහානියට පත් වන්නේ 1989 ජනාධිපති වරණයේදී ගත් අදුරදර්ශී ක්‍රියාමාර්ගය මගින්ය .ජවිපෙ නොවන සියලු ජනතාවගේ අප්‍රසාදය හෝ පිළිකුල ඔවුන් වෙත එල්ල උනා. ජනතාව ඔවුන් ආරක්ෂා නොකරන තත්වයක් තුල ආර්.ප්‍රේමදාස රජය ඉතා පහසුවෙන්ම ඔවුන් මර්දනය කලා. 2015 දී ඔවුන් වක්‍රව එජාපයට උදව් කලා. ඒ ඔවුන්ගේ තුන්වන පරිහානියට හේතුවයි . දෙක වන්නේ යුද්ධය තීරණාත්මක් මොතේ රාජපක්ෂ රජය, එම රජයේ අය වැය අවස්ථාවේදී එජාපය හා එක්ව පෙරලා දැමීමට උත්සහ දැරීමයි

:       0       45

de silva berlin Sunday, 13 October 2019 07:36 AM

ජවිපෙට සහ පෙරටුගමින්ට සම්බන්ධ ඊනියා ශිෂ්‍ය සංවිධාන විසින් විශ්ව විද්‍යාල වලට ඇතුළුවන නවක සිසුන්ට තාඩන පීඩන කරමින් නවක වදය මුවාවෙන් ඔවුන් බලහත්කාරයෙන් දේශපාලනයට ඇද දමමින් , ඔවුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය විනාශ කිරීම නිසා , මෙම පක්ෂ දෙකම ජනතාවගේ පිළිකුලට ලක්ව ඇත . ඔවුන්ට එක්දාස් නවසිය අනු ගනං වල අවසානයේ තිබු චන්ද වලින් අද තිබෙන්නේ 25% කට අඩු ප්‍රමාණයකි . ලබන චන්දෙදි තිබෙන ටිකෙනුත් 10 % විතර අඩුවනු ඇත , මෙම පක්ෂවල නායකයන්ගේ දරුවන් ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ හෝ බටහිර රටවලය .

:       3       43

විජිත් Sunday, 13 October 2019 03:21 PM

මහේෂ් සේනානායක, නාගානන්ද, අජිත් කොලොන්නේ, රොහාන් පල්ලෙවත්ත, ගාමිණි විජේසිංහ ඇතුළු සියලුම " විකල්ප " සංවිධානය හැර වෙනත් පිහිටක් ශ්‍රී ලංකාවට නොමැතිබව මේ ලිපියෙන් මනාව පැහැදිලිවෙනවා.

:       23       108

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 90 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 77 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 257 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 29 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 509 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 251 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 386 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site