IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දෙන්නෙකුට ආදරය කරන්නට ගිහින් කරගත්තු විපතක්

5  

 

ලෝචනා කියන්නේ පවුලේ බඩපිස්සි. ඇගේ වැඩිමහල් සහෝදරිය විවාහ වෙලා ගොඩාක් ඈතට ගිහින්. ගෙදර ජීවත් වුණේ අම්මයි, තාත්තයි ලෝචනයි විතරයි. ලොකු දෝණි දීග දුන්නට පස්සෙ අම්මගෙයි, තාත්තගෙයි හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව තමයි ලෝචනා. අහිංසක මාපියෝ දෙන්නා මහපොළවත් එක්ක ඔට්ටු වුණේ රජ වෙන්න නෙමෙයි. ගෙදර හිටපු පුංචි එකීට හොඳට උගන්නන්න. ආදරේ ගැන ජීවිතේ ගැන හයක් හතරක් නොතේරෙන වයසෙදිම ලෝචනා පේ‍්‍රම සබඳතාවක් ඇති කරගත්තා. සොඳුරු විදිහට දැනුණු ආදරෙත් එක්ක ඇගේ ජීවිතේට ළං වෙච්ච සමීර යුද හමුදා සෙබළෙක්. සමීරව ලෝචනාට මුණ ගැහෙන්නේ ලෝචනාගේ ඥාති නිවසකදි. පුංචි කොළ කෑල්ලක ලියලා දීපු සමීරගෙ දුරකථන අංකයට කථා කරන්න ලෝචනා දෙවරක් සිතුවෙ නැහැ. ඒ ඇතිවුණ කථාබහ පේ‍්‍රමයකට පෙරළෙන්න ගියේ දින කිහිපයක් විතරයි.

 

13_PAGE_05_RASA
කොළඹ ප‍්‍රදේශයේ සේවයේ නියුතු සමීර ඔහුට ලැබෙන හැම නිවාඩුවකටම ලෝචනා මුණ ගැහෙන්න ගියා. ඒ වෙනකොට මේ ආදරේ බොහෝ දුර ගිහින් තිබුණා. ලෝචනාගෙත් සමීරගෙත් පෙම් සුවේ නවාතැන් වුණේ පාසල් මාවතේම පිහිටි ලැගුම් හලක්. ලෝචනාව තමන්ගෙ කරගන්න හිතේ පුරවගත්තු බලාපොරොත්තුවත් එක්ක ඇගේ අවශ්‍යතාවලට බොහෝ අවස්ථාවල වියහියදම් දැරුවා. ලෝචනාගෙ මාපියෝ මහා ලොකු සල්ලිකාරයො නෙමෙයි. තරුණ වයසෙ විලාසිතා කරන්න අනවශ්‍ය වියදම්වලට දෙන්න ඒ තාත්තා ළඟ මුදල් තිබුණෙ නැහැ. මේ නිසා ලෝචනා ඇගේ සමහර අඩුපාඩුකම් මාපියන්ට වඩා පැවසුවෙ සමීරට. අහිංසක අම්මයි තාත්තයි පුළුවන් විදිහට මහ පොළව එක්ක ඔට්ටු වෙලා ලෝචනාට උගන්නන්න ලොකු කැපකිරීමක් කළා. ඒත් ඒ කැපකිරීමේ දාඩිය කඳුළු ලෝචනාට දැනුණෙ නැහැ.


ඇය ආසකරන දේවල් ගන්න සෑම මාසෙකම මුණගැහෙන්න එන අවස්ථාවල සමීර මිල මුදල් දුන්නා. ඇඳුම් අරන් දුන්නා. මේ දේවල් දකින අම්මා අහන ප‍්‍රශ්නවලට දෙන්න උත්තරත් ඇය ළඟ තිබුණා. මම අම්මට ගොඩාක් බොරු කිව්වා. ඒ කියපු හැම බොරුවක් ගාණෙම මම අද විඳවනවා. අම්මා මාව ගොඩාක් විශ්වාස කළා. අම්මට මං ගැන පුංචි සැකයක්වත් ඇති වුණේ නැහැ. අම්මයි, තාත්තයි හිතන් හිටියෙ මම හොඳට ඉගෙන ගනීවි කියලා. ඒ දෙන්නා ගොඩාක් සතුටින් හිටියෙ මම පන්තියෙ ගොඩක් ඉස්සරහින් හිටපු නිසා. ඒ හැම දේම අද බොඳවෙලා ගිහිල්ලා. හැම දේකටම වඩා මට  ඕන වුණේ සමීර අයියා ළඟින් තියාගන්න. සමීර අයියා මට නැති වේවි කියලා බය හිතුනා. ඒ නිසාම මම සමීර අයියාට ගොඩාක් ළං වෙන්න උත්සාහ කළා. මම එයාගෙ ආදරේ දැක්කෙ හරිම සොඳුරු විදිහට. පුළුවන් හැම වෙලාවකම අපි මුණ ගැහුණා. ඒ අතර මගේ අඩුපාඩුකම් ගොඩක් සොයලා බැලූවෙ සමීර අයියා. මට කවදාවත් සමීර අයියා ගැන අවිශ්වාසයක් ඇති වුණේ නැහැ. මම මටත් වඩා එයාව විශ්වාස කළා. ඒ විශ්වාසය නිසාම සමීර අයියා එක්ක  ඕනම තැනකට යන්න මට බයක් දැනුණෙ නැහැ. මම මගේ මුළු ආත්මෙම එයා වෙනුවෙන් පූජා කළා. මේ හැමදේම කළේ සමීර අයියව මගේ ළඟින් තියාගන්න.

tdfjh
සිහින ලෝකෙක තනි වෙච්ච ලෝචනාට තමන්ගෙ මාපියන්ටත් වඩා ජීවිතේ වටිනාම පුද්ගලයා වුණේ සමීර. ඒ වෙනකොට ලෝචනා මුළු ලෝකෙට හොරා ගැහැණියක් වෙලා ඉවරයි. හෝටල් කාමරය ඇතුළෙ තාවකාලික සතුටක් එක්ක ජීවත් වුණ ලෝචනා තමන් පණ වගේ ආදරය කරපු සමීර මහාමෙරක් තරම් විශ්වාස කළා. පෙම් සුව විඳින බොහෝ අවස්ථාවලට සමීර ලෝචනාගෙ ඡුායාරූප ලබාගත්තෙ ඇයට හොර රහසෙමයි. ඇගේ නිරුවත් ඡුායාරූප, වීඩියෝ දර්ශන සමීරගෙ ජංගම දුරකථනය ඔස්සේ ලබා ගැනීමට තරම් සමීර ඇය සමග මුණ ගැසුණ බොහෝ අවස්ථාවලදී සූක්‍ෂම වුණා.


රත්තරං මාපියො දෙන්නගෙ දෙපා වැඳලා ආශිර්වාද අරන් පාසල් යන්න ගෙදරින් එන ලෝචනා නගරයේ පොදු වැසිකිළිය තුළදී පාසල් ඇඳුම උනාදමා වෛවර්ණ ඇඳුමකින් සැරසී සමීර සමඟ හෝටල් කාමරයට ගියා. පාසල අවසන් වෙන වෙලාවට ගෙදර ගියේ කිසිවක් නොවුණ ගාණට. මේ රවට්ටන්නෙ අහිංසක මාපියො නෙමෙයි තමන්මයි කියලා ඇයට තේරුම් යනකොට ජීවිතේ විනාශ වෙලා ඉවරයි.


කාලය දින සති මාස ගෙවිලා ගියේ පුදුම ඉක්මනට. ඔය අතරතුර හදිසියේම සමීරට උතුරු පළාතට ලැබුණු ස්ථාන මාරුවීමත් සමග ලෝචනාගේ ලෝකෙම කඩා වැටුණා. ස්ථාන මාරුවත් එක්ක වෙනදා වගේ මුණ ගැහෙන්න, කථා කරන්න හැකියාවක් ඔහුට ලැබුනෙ නැහැ.


ඔය අතරේ සමීර අයියගෙ යාළුවෙක් මට නිතර දුරකථනයෙන් කථා කළා. සැප දුක හෙව්වා. යාළුවෙක් වගේ හිටියා. සමීර අයියත් දැනගෙන හිටියා එයාගෙ යාළුවො මාත් එක්ක කථා කරනවා කියලා. ඒ අයියා ටිකක් අමුතු කෙනෙක්. එයා මගේ ජීවිතේට ටිකටික ළං වෙන විදිහට කථා කළා. සමහර දවස්වලට සමීර අයියගෙන් කෝල් එකක්වත් නැති වෙලාවට ඒ අයියට කථා කරලා මම දුක කිව්වා.’’


කාලයත් සමග ලෝචනාගෙ දුක සැප සොයපු සමීරගෙ හොඳම යාළුවා සහ ලෝචනා අතර තිබුණු හිතවත්කම පේ‍්‍රමයකට හැරෙන්න මහ කාලයක් ගියේ නැහැ.


ලෝචනා පේ‍්‍රම සබඳතාවන් දෙකම සමබරව පවත්වාගෙන ගියේ දෙදෙනාගේම හිත රිදවන්න බැරි කමට. එහෙත් නිවාඩුවට ගමට පැමිණෙන සමීරට තමන්ගෙ මිතුරන් හරහා මේ පෙම්පලහිලව්ව කන වැටෙන්න මහ කාලයක් ගතවුණේ නැහැ. යහළුවන් සමග විනෝද වෙන සමීරට මධුවිත තොලගාපු යාළුවො ලෝචනාගෙ චරිතය පිළිබඳ පවසන ඇතැම් කථාවලින් සමීර තමන්ගෙ හොඳම යහළුවන් සමග පවා අඩදබර ඇති කරගත්තා. එහෙත් සත්‍ය වසන් වුණේ කෙටි කාලයක් පමණයි.


ලෝචනාගේ මේ අමුතු සෙල්ලම අල්ලන්න සමීර ලෝචනා පස්සෙ ලූහුබැන්දා. කිසිදු වෙනසක් නොපෙන්වා සමීර ලෝචනාට වෙනදටත් වඩා ආදරේ කළා. ඒත් සමීර ලෝචනාගෙ මේ සෙල්ලමේ අවසානයක් දැක්කේ නැහැ. ඒ පේ‍්‍රමය වෛරයට පෙරළෙන්න ගියේ තත්පර ගාණයි. සමීරගේ මිතුරෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් මත සමීර ලෝචනා පසුපස ලූහුබැන්දා. තමන් පණ වගේ ආදරේ කරපු පෙම්වතිය තමන්ගේම මිතුරෙකුගෙ අතේ එල්ලිලා හෝටල් කාමරයේ පෙම් සුව විඳිනවා බලා ඉන්න පුළුවන් කාටද?


ක්ෂණික ආවේගශීලිත්වය පාලනය කරගත නොහැකිව සමීර ලෝචනාට අත ඉස්සුවා. ලජ්ජාව සහ අසරණකමින් සමීරගෙ දෙපා ළඟ ඇද වැටුණ ලෝචනා සමීරගෙන් සමාව යැද්දා.


‘‘උඹ දැනගනිං ලෝචනා මම උඹට මැරෙනකම් විඳවන්න දෙයක් කරනවා’’


‘‘උඹ දන්නෙ නැහැ සමීර කියන්නෙ කවුද කියලා’’


සමීරගෙ ක‍්‍රියා කලාපයන් එන්න එන්නම දරුණු වුණා. ඉවසීම ඉක්මවා ගිය සමීර ලෝචනාගෙ ගෙදරට ගිහින් ලෝචනා කොල්ලොත් එක්ක කාමර ඇතුළෙ පෙම්සුව විඳපු හැටි, ලෝචනා වෙනුවෙන් කරපු දේවල් හැමදේම මාපියො ඉදිරියේ වැමෑරුවා. ලෝචනාගෙ අහිංසක මාපියො දෙන්නගේ ඇස්වල කඳුළු හිතේ ගින්දර පෑන් තුඩකින් ලියලා ඉවර කරන්න බැහැ.


ලෝචනා කළේ බරපතළ වරදක් කියලා ඇය තේරුම් ගන්න කොට ඇගේ ජීවිතේ විනාශ වෙලා ඉවරයි. සමීරගේ සිතේ ලෝචනා පිළිබඳ පළිිගැනීමේ චේතනාව දිනෙන් දින දරුණු වුණා.


ඔහුගේ ජංගම දුරකථනයේ තිබුණු ලෝචනාගෙ නිරුවත් ඡුායාරූප, වීඩියෝ දර්ශණ යහළුවන් අතර මුදා හැරියෙ ආදරය පිට පෙරළුණු වෛරය නිසා. සීඞී තැටි හරහා දුරගමන් බස්රථ වලට, පිටකොටුව ක්‍ෘ වෙළඳසල් වලට, ත‍්‍රීරෝද රථවලට ඇගේ නිරුවත් ඡුායාරූප බෙදාහැරියා.


මේ දේවල් එක්ක ලෝචනාගෙ දෙමාපියන්ට ගමේ ජීවත්වීමට තරම් වාතාවරණයක් තිබුණෙ නැහැ. දහදුක් විඳලා දරුවො හදලා ඒ අහිංසක මාපියො විඳින අපවාදවලට අද ලෝචනා මුළු ජීවිතෙන්ම වන්දි ගෙවනවා.


සමීරගෙ ක්‍ෂණික කෝපය ලෝචනාගෙ මුළු ජීවිතේම විනාශ කරන්න ගියේ තත්පර ගාණයි. ආදරය කියන්නෙ එක්තරා විදිහක රැුවටීමක්. තරුණ හිත් ව්‍යාකූලයි. මෙවැනි සැබෑ ආදරය හඳුනා නොගත් පෙම්වතුන් මේ සමාජයේ  ඕන තරම් ඉන්නවා. ආදරයයි වෛරයයි අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක්. ආදරය කරද්දි ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. ආදරය සුන්දරයි වගේම අසුන්දර වෙන්න යන්නෙත් සුළු වෙලාවයි. ඔයාගේ ජීවිතේ කොතැනක හරි වැරදුණොත් පණ දෙන්න ආපු පිරිමි එදාට නැහැ. ඉතුරු වෙන්නෙ ඔයාගෙ අහිංසක මාපියො දෙන්නා විතරයි. ඔයාගෙ රොඞ්ඩ වුණත්, දරුකැක්කුමට ඔයාව තාම රත්තරං මාපියන්ට වටිනවා.


මෙහි නම් ගම් මනඃකල්පිතය.

m



අදහස් (0)

දෙන්නෙකුට ආදරය කරන්නට ගිහින් කරගත්තු විපතක්

දුලා Friday, 19 June 2015 04:35 AM

මේ කෙල්ලෝ ඔක්කොම හොයන්නේ තමන්ගේ සැප විතරයි... අර සමීර කොච්චර ආදරෙන්ද හිටියේ.. මේ කෙල්ලම තමයි අසහනෙට වෙන කොල්ලෝ එක්ක ගිහින් නා ගත්තේ.. මෙව්වා පව් කියලා වැඩක් නෑ.. ඒ කෙල්ලගේ වැරැද්දට දඩුවම් ලැබුණා...(ම)

:       0       0

සුධිර ලක්මාල් විජේවර්ධන Friday, 19 June 2015 01:40 AM

මෙි දැරිවිගේ දෙමාපියෝ කෙචිචර නමි දුක්වෙනවා අද්ද ? මෙි ලිපියෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. ළමයි කොචිචර බුද්දිමත් උනත් සමාජයේ දැනුම නැතිකමින් මෙි දේවල් වෙන්නෙ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 761 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site