IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


දිනෙන් දින මතට යටවෙන තරුණ පරපුරේ අනාගතය?

තරිඳු ජයවර්ධන

මේ දිනවල රටපුරාම කතාබහ මත්ද්‍රව්‍ය නිවාරණය ගැනයි. රටම මත්ද්‍රව්‍ය නිවාරණය ගැන කතා වෙන්නේ මත්ද්‍රව්‍යවලින් ලංකාව කප් ගහනා තැනට පත්වී හමාර වූ පසුබිමකය. ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකම හෙරොයින්, ගංජා ආදී මත්ද්‍රව්‍ය දැඩිව ව්‍යාප්තව පවතින අතර එහි බරපතළකම ඇත්තේ එන්න එන්නම පාසල් සිසුන් ඒ කෙරෙහිි යොමුවීමේ වැඩි ප‍්‍රණනතාවක් ඇති නිසාය. මේ ලිපිය තරුණ පරපුර බිලිගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම ගැනයි.

මත්ද්‍රව්‍ය කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය. එනම් නීත්‍යනුකූල මත්ද්‍රව්‍ය සහ නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍ය ලෙසයි. නීත්‍යනුකූල මත්ද්‍රව්‍ය යනු යම් කාර්යයක් සඳහා   නීත්‍යනුකූලව ඇති එහෙත්  එමඟින් මත්වන හෝ මත්වීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයයි. දුම්වැටි අලෙවිය නීත්‍යනුකූල වුවද එය ද මත්ද්‍රව්‍යයක් ලෙස සැලකේ. දෙවැන්න නම් නීතියෙන් තහනම් කර ඇති හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍යයි.

ඒ අතරින් හෙරොයින් භාවිතය මේ වන විට ලංකාවේ බරපතල අර්බුදයක් බවට පත්ව තිබේ.   1980 දශකයේදී හා ඊට පෙර හෙරොයින් භාවිතය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. ඒ විදේශයක සිට ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු භාවිත කරන බවට හෝ විදේශ රටවලින් ලංකාවට එන විදේශිකයන් භාවිත කරන බවටය. එය ක‍්‍රමයෙන් වර්ධනය වී මුලින්ම කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශ මත්ද්‍රව්‍ය රකුසාගේ ග‍්‍රහණයට නතු වූයේ පාතාලයට සහ දේශපාලනයට නෑකම් කියමිනි. දශක හතරකට ආසන්න වෙද්දී හෙරොයින් යනු රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇති සුලභ මත්ද්‍රව්‍යක් බවට පත් විය. මේ වන විට ශ්‍රී ලංකාවේ සෑම පොලිස් කොට්ඨාසයකින්ම හෙරොයින් හමුවී තිබේ. හෙරොයින් භාවිත කරන පිරිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හරොයින් මෙන්ම කේරළ ගංජා ද ලංකාව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර ගොස් ඇත්තේ ඊට විවිධ ආකර්ශනීය නම්ද පටබඳිමිනි. ශ්‍රී ලංකාවේ කේරළ ගංජා ජාවාරම ගැන වෙනත් ලිපියකින් කරුණු අනාවරණය කරනු ඇත. 

හෙරොයින්

හෙරොයින් යනු ලංකාවේ නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක් නොවේ. හෙරොයින්හි විද්‍යාත්මක නාමය ඩයිඇසිටයිල් මෝෆීන්ය. මෝෆීන් නිපදවන්නේ පොපි ශාකයෙන් ගන්නා අබිංවලිනි. පොපි මල වියළී යාමෙන් පසු ඉතිරිවන ගෙඩිය ඉංග‍්‍රීසි භාෂාවෙන් pod of the poppy flower ලෙස හැඳින්වෙයි. පහත ඡායාරූපයේ ඇත්තේ එයයි.

ඊට හරස් අතට හැපුමක් දැමූ විට එහි ශ‍්‍රාවය වන කිරි වැනි ද්‍රාවයෙන් අබිං නිශ්පාදනය කරයි. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ පොපි මල පරවූ පසු ඇති ගෙඩියට කැපුමක් දැමීමෙන් පසු කිරි වැනි දියරය වෑස්සෙන අන්දමයි.

හෙරොයින් නිෂ්පාදනය කරනුයේ අබිංවලිනි. එක් දහස් අටසිය ගණන්වල ජර්මනියේ බෙහෙත් ව්‍යාපාරිකයකු විසින් මෝෆීන් නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ කාසය ස`දහා ප‍්‍රතිකාරකයක් ලෙසය. එම වකවානුවේ අබිං සඳහා ඇතැම් රටවල විශාල පිරිසක් ඇබ්බැහිවී තිබුණු අතර වැඩි කළක් යන්නට පෙර අබිංවලට වඩා වැඩි ඇබ්බැහිවීමක් මෝෆීන් සඳහා ඇති විය.

1950 පමණ වන විට මෙම මෝෆීන් ශල්‍යකර්මවලදී වේදනා නාශකයක් ලෙස ද භාවිතයට ගැණුනි. 1937 දී පමණ ශල්‍යකර්ම සඳහා මෙය මුලින්ම භාවිතයට ගත්තේ ජර්මන් විද්‍යාඥයෙකි. ඉන් පසු එය Dolophine නමින් ඇමෙරිකාවට යවන ලදී.

‘‘යුද්ධයේදී තුවාල ලබන සොල්දාදුවන්ට ඒ කාලේ ශල්‍යකර්ම කරන්න වේදනා නාෂකයක් ලෙස මෙය ලබාදීලා තියෙනවා. එය බහුලව සිදුවූ නිසා ‘හීරෝ ඉන්’ කියන නමින් මෙය හ`දුන්වන්න ගත්තා. ‘හීරෝ ඉන්’  පසු හෙරොයින් බවට පත් වුණා.’’ යැයි මත්ද්‍රව්‍ය ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහනක දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පුහුණුකාරියක වන රසාංගිකා චන්ද්‍රසිරි මහත්මිය පැවැසුවාය.

ලංකාවේ හෙරොයින්වල ව්‍යාප්තියේ තරම ගැන මීට පෙර සඳහන් කළ අතර පහත වගුවෙන් ඒ ගැන යම් වැටහීමක් ගත හැකිය. එහි ඇත්තේ ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් 2017 වසරේ දී හෙරොයින් අත්අඩංගුවට ගැනීම්ය.

 

ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී ඇත්තේ පාසල් සිසුන් සහ තරුණයන්ය. ඔවුහු ඒ සඳහා විවිධ උපක‍්‍රම භාවිත කරති. ඒ ගැන හරි දැනුමක් නැති තරුණයෝ සහ පාසල් සිසුහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දැලට පහසුවෙන් හසුවෙති.

2017 වසරේ මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගත් වයස අවුරුදු 18ට අඩු ළමයින් සංඛ්‍යාව 3564කි. එම වසරේ වයස අවුරුදු 19ත් 24ත් අතර තරුණයන් 8321 දෙනකු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 25ත් 29ත් අතර තරුණයන් 6401 දෙනකු ද එම වසරේ මත්ද්‍රව්‍ය වැරදි ස`දහා අත්අඩංගුවට ගෙන ඇත. පහත වගුවේ දැක්වෙන්නේ මත්ද්‍රව්‍ය වැරදි සඳහා පසුගිය වසරවල තරුණයන් අත්අඩංගුවට ගෙන ඇති ආකාරයයි.

 

 

අවුරුදු 18ට අඩු

අවුරුදු 19- 24

 

අවුරුදු 25 - 29

 

2010

123

3461

8261

2017

3564

8321

6401

2017 වසර වන විට අවුරුදු 24ක් දක්වා වයස්වල තරුණ තරුණයන් මතට ඇබ්බැහිවීමේ සීඝ‍්‍රතාවය මෙයින් පැහැදිලිව පෙන්නුම් කරයි. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් තැන තැන තිබීමෙන් පමණක් මෙය කළ නොහැකිය. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා කාරණා දෙකක් අවශ්‍ය වේ. එකක් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමය. අනික නම් මත්ද්‍රව්‍යවලට ඇබ්බහි නොවී සිටීමට රටේ තරුණ පරපුර දැනුම්වත් කිරීමය.

ඒ සඳහා ප‍්‍රායෝගික වැඩ පිළිවෙළක් සකස් නොකළහොත් රටේ තරුණ පරපුරෙන් අති බහුතරයක් තවත් වසර කිහිපයක් යන විට මත් රකුසාට බිලිවනු ඇත.



අදහස් (3)

දිනෙන් දින මතට යටවෙන තරුණ පරපුරේ අනාගතය?

Raveendra Wednesday, 30 January 2019 12:37 PM

ඉතාම වැදගත් මෙන්ම මෙහි භයානකකම, මෙහි ආදීනව හොඳින් පහදා දීම පිළිබඳව මෙම ලිපිය සකස් කළ සියල්ලෝටම අවංකව අප ස්තුති වන්ත වන්නෙමු. ඇත්තෙන්ම අපගේ අනාගත තරුණ පරපුර, මාතෘභූමිය , ඉතාම විනාශකාරී දිශාවකට ගමන් කරමින් තිබෙන බව මෙම ලිපියෙන් මනාව පෙන්නුම් කර ඇත. කව්රු මොන විදියට අපගේ අදහස්වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කලත් මෙයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ සියලුම දේශපාලන පක්ෂ මෙන්ම අදාළ රජයේ නිලධාරීන් මෙන්ම නීති පිළිබද ආයතන නොවන්නේද? වංක ආරක්ෂක නිලධාරීන්, රජයේ නිලධාරීන්, දේශපාලකයන්... මෙම ව්‍යවසනයට උපරිම දායකත්වයක් දෙන නිවටයින්ය. ළඟම මෙන්ම හොඳම උදාහරණය දින කීපයකට පෙර එළියට පැමිණි කුඩු මුදලාලියෙක්ය. ඔහුගේ මුදල් වෙනුවෙන් එලියට ගැනීමට (අනාගත පරපුරට හෙන හත වැදුණත් කමක් නැහැ.. අපිට අපේ ගතමනාව ලැබෙනවා නම් යන්න ඔප්පු කරමින්) බොරු කප්පරක් ඇදබාමින් එළියට ගැනීමය. මතක තියාගන්න උඹලා මේ උදව් කරන්නේ අනාගත පරපුරක් විනාශ කිරීමට බව...

:       0       129

තුසිත මලලසේකර Tuesday, 05 February 2019 12:04 AM

මගේ අදහස නම් ගංජා හා හෙරොයින් භාවිතා කිරීම ද වරදක් සේ සලකා දැඩි දඬුවම් පැමිණ කිය යුතු ය.... එවිට අල්ලා ගැනීමට අසීරු ජාවාරම්කරුවන්ට පාරිභෝගිකයන් අහිමි වනු ඇත.......

:       0       2

අමින්ද Thursday, 07 February 2019 06:05 AM

හරවත් හෙලිදරව්වක්. අප රටේ අපරාධ වැලැක්වීමට ගන්නාවූ ජනප්‍රිය ක්‍රියාමාර්ගය වන්නේ නීතිය ස්ථාවර හා බලවත් කිරීම පමණකි. එහෙත් සෑම දෙයකම පූර්ව හා පසු ලෙස කොටස් දෙකක් ඇත. අපරාධ (මත්ද්‍රව්‍ය ජාවාරමද අපරාධයකි) ඇතිවූ පසු එය නැවත ඇති නොවීමට නීතියෙන් කටයුතු කළ යුතු බැවින් එය ස්ථාවරව හා බලවත්ව තිබීම අතිශය වැදගත් වේ. නමුත් අප ඉතාමත් අඩුවෙන් අවධානය යොමු කර ඇත්තේ පුද්ගලයෙකු අපරාධයට යොමු නොවන තැනට සමාජ ක්‍රමය සකස් කර මිනිසුන් පෙළගැස්සවීම නොවේද? ඒ සඳහා රජය ඇතුළු සියලුම දෙනා ගනු ලබන්නේ “දැනුවත් කිරීම“ නම් ජනප්‍රිය ක්‍රමය පමණකි. එහෙත් එයින් අත්වන ප්‍රතිඵලය ඉතා සුලු එකකි. දෙමව්පියන්, පාසල, ආගමික ස්ථානය හා අසල්වැසියන් යන කොටස් හතරට මෙම ක්‍රියාවලියේදී ඇත්තේ ප්‍රබල වගකීමකි. ආදරය, හොඳ-නොහොඳ, විස්වාශය හා බුද්ධිය පවුල තුළින් පූර්ණවශයෙන් ලැබිය යුතු වේ. උගත්කම, නැණ-නුවණ හා හරිමග පාසල තුළින් පෙන්විය යුතුය. ධර්මාවබෝධය හා හැදියාව ආගමික ස්ථානය තුළින්ද පිළිගැනීම, එකමුතුකම හා ලෙන්ගතුකම අසල්වැසියන්ගෙන් ද ලැබිය යුතු වේ. එවිට අපරාධ ඇතිවීම නැවැත්විය හැකිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 319 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 172 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 524 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 562 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 166 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 47 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 269 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 77 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site