IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දිනූ සැමට සුබ පැතුම්: පරාජිතයන් මන්දෝත්සාහී වනු එපා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත්වී තිබේ. ඉතා තරගකාරී එහෙයින් උණුසුම් උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්ව මවුපියන්ගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවමින් විදුහල් මාතාවට අපමණ ගෞරවයක් හා කීර්තියක් දිනා දුන් ජාතියේ දූ පුතුන්ට ලංකාදීපයේ ශුභාශිංසනය පළමුව පිරි නමමු. එමෙන්ම අපේක්ෂිත ඉලක්කය එලෙසින්ම සපුරා නොගත්ත ද තමන්ගේ ජීවිතයේ අනාගත ගමන් මග සකසා ගත් දූ පුතුනට එම ඉලක්ක සපුරා ගැනීමට දිරිය බලය ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ජීවිතය යනු විභාග නොවන්නා සේම විභාග යනු ජීවිතය ද නොවේ. විභාග යනු ජීවිත ගමනේ එක් මංසලකුණකි. එය තීරණාත්මක බව සැබෑය. එහෙත් “ලොවෙන් එකකු එක් දෙයකට වෙයි සමත” යන්න අභියෝගයට ලක් වූ කියමනක් වුවද පොදු ලක්ෂණය වන්නේ එයය. එහෙයින් විභාග සමත්වීම හෝ අසමත්වීම ජීවිතයේ ප්‍රධාන සාධකය නොවේ.

මෙවර උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා විෂය ධාරාවෙන් මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණී මුණසිංහ සිසුවිය සමස්ත ලංකා පළමු ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටින්නීය. කොළඹ රාජකීය විද්‍යාලයේ මානෙත් මනුල පෙරේරා  සිසුවා භෞතික විද්‍යා විෂය ධාරාවෙන් සමස්ත ලංකා පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටී.

වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය කොළඹ සිරිමාවෝ බලිකා විද්‍යාලයේ දිල්සරණි තරුණිකා ද ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ පළමු ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය සිසුවාද හිමිකරගෙන සිටිති. 

2022 උසස් පෙළ විභාගයට මුහුණ දුන් දරුවෝ ඒ සඳහා සුමට ලෙස තැනූ මාවතක ගමන් නොකළහ. කොවිඩ් වසංගතයත් ඒ පසුපසින්  පැමිණි ආර්ථික අර්බුදයත් අප රටේ අධ්‍යාපනයේ සාම්ප්‍රදායික ගමන් මගට මාරාන්තික ලෙස බලපෑම් කළේය. මෙම දරුවන් සමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේද අතිශයින්ම දරුණු සහ අකීකරු කොන්දේසිවලට යටත් වෙමිනි.

එහෙයින්ම එක් අතකින්  ඉහළ ප්‍රතිඵල දෙස බලා නිම්හිම් නැති ප්‍රීතියක් භුක්ති විඳිය හැකිය. එමෙන්ම ඉහත පරිසරය තුළ අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කර ගැනීමට නොහැකිවීම හඬා වැටීමට තරම් කාරණාවක් ද නොවේ.

රටක සංවර්ධනයට ඉදිරි ගමනට සෑම පුරවැසියකුම දායක විය යුතුය. ඒ සඳහා විභාග සහතික මෙන්ම තමන් සතු සුවිශේෂ හැකියා සම්පත්තින්ද දායක කර ගත හැකිය. වෛද්‍යවරයකුට කළ හැකි සේවය ඉංජිනේරුවකුට කළ නොහැකිය. ඒ අනුව ඒ ඒ ක්ෂේත්‍රවලට අවැසි පුරවැසියන් සිටිය යුතුය.

රටක් දියුණු කළ හැකි වන්නේ එබඳු සාමූහික ප්‍රයත්නයකිනි. 2022 උසස් පෙළ විභාගයට මුහුණ දුන් සෑම දරුවකුට විවර වූයේ තම රටට දායක විය හැකි මාර්ගයක්ය. තමන් යා යුතු මාර්ගය නිවැරදිව හඳුනාගෙන එම මාර්ගයේ නොනැවතී යන්නේ නම් අපට  අනාගතයේ දී හමුවනු ඇත්තේ ජයග්‍රාහකයන් පමණි.

 අප හැමදාමත් අවධාරණය කරන පරිදි මෙරට අධ්‍යාපනය තුළ තරම් පන්ති බේදය ඇති වෙනත් ක්ෂේත්‍රයක් නොමැති තරම්ය. සම්පත් විෂමතාව මෙන්ම පාරිසරික ගැටලුවලින් ද මෙම පන්ති බේදය නිර්මාණය වී තිබේ. ඇතැම් දරුවෝ සැතපුම් හත – අට පයින් ගොස් අකුරු කරති.

වන අලි තර්ජන විදුලිය නොමැතිවීම ජලය නොමැතිවීම ආදී දහසක් දුෂ්කරතා මැද පාසලට යන දරුවාට අධ්‍යාපනය ලැබීමට නිසි පහසුකම් නැත. ඇතැම් විට ගුරුවරුන් නැත. එහෙත් සියලු දරුවන්ට ලැබෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයකි. මෙම විෂමතාව තුරන් කළ දිනට අධ්‍යාපනය තුළ අපට ජයග්‍රහකයන් මිස පරාජිතයන් හමුනොවනු ඇත. 

(***) 



අදහස් (1)

දිනූ සැමට සුබ පැතුම්: පරාජිතයන් මන්දෝත්සාහී වනු එපා

dasthakeer Wednesday, 06 September 2023 12:09 PM

මෙතෙක් පලකරපු හොඳම ලිපිය වෙන්න ඕනේ..

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site