(ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක)
ප්‍රවීන රංගධර අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනිගේ අවසන් කටයුතු අද (12) වැනිදා රාගම ශාන්ත පාවුළු දේවස්ථානයේදී සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජැක්සන් කලාකරුවකු වන්නේ කුමන කලා ධාරාවෙන් ද යන්න විමසා බැලුවහොත්, එයට පිළිතුරක් පහසුවෙන් තීරණය කිරීම පහසු දෙයක් නොවනු ඇත. රංගනය, අධ්‍යක්ෂණය, රචනය, නිෂ්පාදනය, නිවේදනය, ගායනය, නර්තනය, දේශනය, ගවේශනය, චිත්‍රකලාව යන බහුවිධ කාර්යයන් මෙන්ම, සාහිත්‍ය, වේදිකාව, සිනමාව, සංගීතය, ගුවන්විදුලිය, පුවත්පත් කලාව, ඉතිහාසය, පුරාවිද්‍යාව, භාෂාව යන විෂය ඥානයෙන් ද ඔහු මනාව සන්නද්ධය.
මේ සියල්ලත් සමගම, ඔහුට ආරෝහපරිනාහ දේහධාරී කඩවසම් රූපකායක් සමග නිරවුල් ආකර්ෂණීය කටහඬක් ද දායක වී තිබිණ. මෙවන් සකලවිධ නිපුණතා, කුසලතා උරුම කරගත් අන් අයකු හෝ ඔහුට සමීප විය හැකි අන් අයකු හෝ අපගේ ජීවිත කාලයේ පමණක් නොව, අප දන්නා ඉතිහාසයේ පවා නැත. මෙවන් විරල මිනිසකු අනාගතයේ යම් දිනෙක බිහි වේ යැයි අනුමාන කිරීමට අපහසු තරමට ජැක්සන් නම් මේ අරුමැසි මිනිසා අසාමාන්‍යය.
පාසල් සමයේ සිට චරිත නිරූපණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දී ද ඉදිරිපත් කළ විවිධ රංගන දායකත්වයන්ගේ සාර්ථකත්වයන් නිසාම ඔහු එකල වේදිකාවේ දැවැන්තයන් වූ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, බන්දුල ජයවර්ධන, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන ආදී පුරෝගාමී නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට දායක කරගන්නා ලදී. සහජයෙන් උරුම කරගත් කුසලතාවට සහ කඩවසම් රූපකායට අමතරව, අධ්‍යනයෙන් ඔපමට්ටම් කරගත් විෂයානුබද්ධ ඇසූ පිරූ තැන් ඇති මහිමය නිසා, ජැක්සන් ඔහුගේ සමකාලීන සගයින්ට වඩා කැපී පෙනුන සුවිශේෂී චරිතයක් විය.
අසූව දශකයේ මුල් භාගයේ මෙරටට රූපවාහිනිය හඳුන්වා දීමෙන් පසු, අත්හදා බැලීමක් ලෙස ආරම්භ කළ ටෙලිනාට්‍ය කලාවේ පුරෝගාමීන් වූයේ එවකට මෙරට වේදිකා නාට්‍ය කලාවේ නිරතව සිටි ශිල්පීන්ය. හෙන්රි ජයසේන, ධම්ම ජාගොඩ, ලූෂන් බුලත්සිංහල, පරාක්‍රම නිරිඇල්ල, බන්දුල විතානගේ වැනි නාට්‍යකරුවන්ට රූපවාහිනියේ නාට්‍ය අංශය බාරව තිබීම නිසාම එවකට ටෙලිනාට්‍ය කලාවේ රංග කටයුතු සඳහා ශිල්පීන් තෝරා ගැනුනේ ද වේදිකාවෙනි. මේ වන විටත් වේදිකාවේ කැපී පෙනුණ දඟකාර, කටකාර, හැඩකාර, වැඩකාර සහ දැනුමෙන් සරුසාර ජැක්සන්, හඳුන්වා දෙන අලුත් කලාවට නැතිවම බැරි චරිතාංග නළුවෙක් විය.
ජැක්සන්ගේ සිනමා ප්‍රවේශය වන 1993 වසරේ ගුරුගෙදර සිට 2022 වසරේ ‘‘සිංහබාහු’’ දක්වා ඔහුගේ සිනමා ගමන වෛවර්ණ ය, සංඛ්‍යාත්මකව ගතහොත් ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක වැනි සම්මානනීය නළුවන්ගේ චිත්‍රපට සංඛ්‍යාව ජැක්සන්ගේ අංකය අබිබවා ගිය ද, ඔවුන් බොහෝ හරසුන් වාණිජ විත්‍රපට රාශියක් ඔවුන්ගේ සංඛ්‍යාවට එකතුව ඇති නිසා රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව සහ ගුණාත්මක රංගනය අතර අනුපාතය සලකා බලන විට ජැක්සන්ගේ අංකය ඔවුන් ද අබිබවා යනු ඇත.
තමාට ආරාධනා ලැබෙන සියලුම චිත්‍රපට විමසීමකින් තොරව බාරගන්නා සිරිතක් ජැක්සන්ට තිබුණේ නම්, මේ වන විට චිත්‍රපට සංඛ්‍යාවෙන් ද අනෙකුත් ජනප්‍රිය නළුවන් අබිබවා යෑමට ජැක්සන්ට හැකියාවක් තිබුණි. එහෙත් ඔහු රංගන පිපාසයකින් හෝ අහේනියකින් පෙළුණු නළුවෙකු නොවන නිසාම, ඔහු චරිත තෝරා ගත්තේ නිසි පූර්ව විමසීමකින් පසුවය. පිටපත කියවා අධ්යක්ෂවරයා සමග මූලික කතිකාවකින් පසු, තමා සෑහීමකට පත්වන්නේ නම් පමණක් එකඟ වීම, ප්‍රතිභාපූර්ණ රංගධරයකුගේ පිළිවෙතයි. ජැක්සන් එම කාර්යය එසේම කළ නිසාම, ඔහුට ඇරයුම් ලැබුණ බොහෝ නිර්මාණ ඔහු ප්‍රතික්ෂේප කර ඇත.
‘‘සිංහබාහු’’ තිර පිටපත් සංකල්පයේදීම, එහි ප්‍රධාන චරිතය වූ සිංහයාගේ භූමිකාව සඳහා මා ජැක්සන් තීරණය කර අවසන්ය. එම දුෂ්කර ප්රතාපවත් භූමිකාව සඳහා වෙනත් නළුවකු ගැන මම දෙවරක් නොසිතුවෙමි. නළුවා හෝ නිළිය කවුරුන් දැයි කලින් දැන සිටීම තිර රචකයකුට මහත් අස්වැසිල්ලකි. ජැක්සන්ගේ උපදෙස් මත මුල් රචනය වෙනස් කළ අවස්ථා ද මෙම පිටපතෙහි අඩංගුය.
සිංහබාහු චිත්‍රපටයේ සිංහයාගේ චරිතය තරුණ, වැඩිහිටි සහ මහලු වශයෙන් අදියර තුනකින් සමන්විතය. මුල් සැලසුම් අනුව, මෙහි තරුණ අදියර සඳහා ජැක්සන්ගේම දෙටු පුත් අකිල තෝරාගෙන තිබූ අතර, වැඩිහිටි සහ මහලු අදියරයන් දෙක නියමිතව තිබුණේ ජැක්සන්ටය. සිංහබාහුගේ චරිතය කරන්නේ ජැක්සන්ගේම කනිටු පුත් සජිත විසිනි. තමාගේම පුතුන් දෙදෙනා ප්‍රධාන සහාය චරිතවලට තබා චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට ලැබුණු එම දුර්ලභ අවස්ථාව ගැන ජැක්සන් සිටියේ අප්‍රමාණ ප්රබෝධයකිනි.
අනතුරෙන් පසු ජැක්සන් සුවය ලැබෙනතුරු අපි රූගත කිරීම් නවතා දැමුවෙමු. ඔහුගේ තුවාල බරපතළ බව අප දැන සිටියත්, එය මෙවන් ඉරණමකින් අවසන් වේ යැයි අපි අනුමාන නොකළෙමු. අනතුරට පත්වී සිටි ජැක්සන් අනුරාධපුර මහ රෝහලට මගේ වාහනයෙන් ගෙන ගියේ මමයි. එහිදී කරන ලද මූලික ප්‍රතිකර්මවලින් පසු කොළඹ මහ රෝහලට ඔහු රැගෙන ආවේ ද මා සමගය.
කොළඹ මහ රෝහලේ ප්‍රථම ශල්‍යකර්මයෙන් පසු ජැක්සන් ප්‍රකෘති සිහිය ලැබීම අපට ඉමහත් සහනයක් විය. ඒ අනුව අපි බලා සිටියේ යළි දිනක ඔහු සුවය ලබන තුරුය. ඔහුගේ චිත්‍රපටයේ ඉතිරි රූගත කිරීම් නිම කිරීම කෙසේ වෙතත්, ඔහුගේ පණ නල ආරක්ෂා වී නිවසේ රැඳී සිටියා නම් එය ද අපට සැනසීමකි.
එහෙත් ශල්‍යකර්මයෙන් පසු යළි සිහි ලබා අප සමග කතා බස් කළ ජැක්සන්ට ඉන්පසු මොකක්ද වුණේ කියා අපට අපැහැදිලිය. මේ ගැන අදාළ වෛද්‍යවරුන් නිහඬව සිටින නිසාම සමාජ මාධ්‍යවල නොයෙකුත් ප්‍රලාප පැතිරෙන්නට පටන් ගති. සමාජ මාධ්‍ය ජාලාවල වැරදි තොරතුරු පැතිරෙන්නේ නම් ඒවාට නිවැරැදි පිළිතුරු දිය හැක්කේ සහ දිය යුත්තේ, අදාළ වෛද්‍යවරුන් පමණි. ඔවුන් අද වන තුරුත් නිහඬව සිටීම සමාජ මාධ්‍යකරුවන්ට පමණක් නොව, අප සියලු දෙනාටම අපැහැදිලි කරුණකි.
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දඟකාර,කටකාර,හැඩකාර,සරුසාර ජැක්සන්
beau Thursday, 12 October 2023 05:40 PM
බෞද්ධයින්ගෙන් පිරි ලංකාවේ කෙනෙකුගේ මරණය වටහා ගන්න බැරි ඇයි? අමරණීය කෙනෙක් ලෝකයේ නැත. මරණය කවදා හෝ කර්මයට අනුව තමා ළඟට එයි...!
ajith Friday, 13 October 2023 04:28 PM
මෙය රටේ එක් කලාකරුවෙකුගේ නික්ම යාමක් පමණයි. දක්ෂ කලාකරුවන් අතීතයේ සිටියාක් මෙන් අනාගතයේදීත් බිහිවෙයි.
මොට්ටපාල Sunday, 15 October 2023 07:19 AM
මාධ්‍ය මගින් ජනතාව රැවටීම හරිම කණගාටුයි මුලින්ම ජැක්සන් රෝහලට ගෙනාවාම කැමරා අටවාගෙන රෝහල් කාර්ය මණ්ඩලයට දෙවියන්ට වගේ සලකා පස්සේ කලේ මොකක්ද කියලා ජනතාව දන්නවා දින 500ක් හෝ ආසන්න ගණනක් එක ආකාරයට සිටිද්දී සිරුරේ තුවාලයක් වත් නැතුව තිබුනේ හෙද හෙදියන්ගේ කැපවීම නිසා කියලා කිව්වොත් කාටවත් නැහැ කියන්න බැහැ... ජැක්සන් සුවකරන්න හැකියාව තිබුණා නම් සිංගප්පූරුවේ රෝහලකට ගෙනගියේ නැත්තේ ඇයි? උපන්නොත් මරණය නියතයි... ඒක වළක්වන්න හැකියාව තියෙනවා නම් මේ ලෝකය කොහොම තියේද?