IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


තවත් රාජපක්‍ෂලා කූඩුවට යයිද?

25_page_17-th 

 

මෛතී‍්‍ර-රනිල් යහපාලනයේ දින සියය ගෙවී යාමට තිබුණේ එක් දිනයක් පමණි. බැසිල් රෝහණ රාජපක්‍ෂ ඒ රාති‍්‍රයේදී අත්අඩංගුවට පත්විය. ඒ රාති‍්‍රයේදීම ඔහු කඩුවෙල මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික සෝමපාල මහතා රිමාන්ඞ් බාරයේ තැබීමට නියෝග කළේය.  ඒ ලබන මැයි මස 5 වැනිදා දක්වාය.

 


හිටපු ඇමැති බැසිල් සමග දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.කේ. රණවක හා  ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුද රිමාන්ඞ් බාරයට පත් වූහ.


කවුද මේ බැසිල් රෝහණ රාජපක්‍ෂ ඒ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීම අසීරු නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ බාල සොහොයුරා ලෙස ඔහු ආණ්ඩුව තුළ ආධිපත්‍යයක් පතුරුවාගෙන සිටියේය. ඇතැමකුට අනුව බැසිල් යනු මහින්ද  රාජපක්‍ෂ ආණ්ඩුවේ මහ මොළකරුය. ඒ අර්ථයෙන්ම ඒ ආණ්ඩුවේ යුව රජුය. ඒ ආණ්ඩුවේ මුදල් හැසිරවිමේ බලයක් ඔහු අත්පත් කැරගෙන සිටියේය. ඒ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය බාර ඇමැතිවරයා හැටියටය. එකල බැසිල්ට එරෙහිව -හ්ම්” කියන්නට කෙනෙකු ආණ්ඩුවේ සිටියේ නැත.


එහෙත් එම නිශ්ශබ්දතාව පුපුරා ගියේය. ඒ ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුවය. එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ මැතිවරණ යාන්ත‍්‍රණය මෙහෙයවනු ලැබුවේ බැසිල්ය. එහෙත් එම ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්විය. මහින්ද රාජපක්‍ෂ පරාජය වූයේ රාජපක්‍ෂවරුන් නිසා බවට විවිධ පාර්ශ්වලින් චෝදනා  එල්ල විය. එසේ චෝදනා ලාභි රාජපක්‍ෂවරුන් අතර බැසිල් ඉදිරියෙන්ම සිටියේය.


ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වී හතළිස් අට පැයක් sghගතවීමට මත්තෙන් බැසිල් ඇමරිකාවට ගියේය. ඒ බිරිය පුෂ්පා රාජපක්‍ෂ සමගය. ඇමරිකන් පුරවැසියකු වන බැසිල් ගේ ඇමරිකානු ගමන මෙරට දේශපාලන ක්‍ෂේත‍්‍රයේ උණුසුම් කතාබහට  මාතෘකාවක් විය. ‘අයියාගේ මේ රජගේ මල්ලි කඩාලා” යනුවෙන් සිරස්තලද පළවිය.


ඇමරිකාවට ගිය බැසිල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්‍ෂ පරාජයේ වගකීම තමන් බාරගන්නා බවත් ඒ අනුව පක්‍ෂයේ ජාතික සංවිධානයක ධූරයෙන්  ඉල්ලා අස්වන බවත්ය.


බැසිල් ඇමරිකාවේ සිටියදී මෙරට මාධ්‍ය මිතුරන් සමග නිරන්තරයෙන් කතා කළේය. ජනාධිපතිවරණයේදී ලැබූ පරාජයට  හේතු ඔහු විස්තර කළේය. -මීට  ඉස්සර වෙනත් පක්‍ෂ ලබා තියෙන පරාජ දිහා බැලූවම ඇත්තටම මේක පරාජයක් නෙවෙයි” ඒ ඔහු නිතර කී වැකියකි. ඒත්  ඕවා දැන්ම ලියන්න යන්න එපා. මම ලංකාවට එනවනේ. ඊට පස්සේ පුළුල්ව කතා කරමු.” බැසිල් සංවාදය නිමා කරන්නේ එසේය.


දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි ගණනක පාරිතෝෂිත දීමනා පසුගිය ජනාධිපතිවරණයේදී   සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි බැසිල්ට එරෙහිව චෝදනා එල්ල වූයේ ඔය අතරවාරයේදීය. ඔහුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගන්නා මෙන් අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය. ඒ අනුව ඇතැමුන් ප‍්‍රකාශ කළේ බැසිල්  යළි ලංකාවට නොඑනු ඇති බවය. තවත් අය ප‍්‍රකාශ කළේ බැසිල් ලංකාවට පැමිණියහොත්  කටුනායක ගුවන් තොටුපොළේදීම අත්අඩංගුවට ගනු ඇති බවය. එහෙයින්ම රටේම අවධානය බැසිල් දෙස යොමුව  තිබිණි.


 ඉකුත් 21 වැනිදා පස්වරුවේ බැසිල් ලංකාවට පැමිණියේය. එහෙත් කටුනායකදී ඔහු අත්අඩංගුවට ගැනුණේ නැත. ඒ වෙනුවට මහත් හරසරින් ඔහු පිළිගනු ලැබිණි. -මං හොරකම් කරලා නෑ. ඒකයි බය නැතුව ආවේ” බැසිල් කටුනායකදී මහත් හරසරින් තමන් පිළිගත් පාක්‍ෂිකයන් අමතා කීවේය.


 ඊට පසු දින කොල්ලූපිටියේ පිහිටි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගියේ පැමිණිල්ලට අදාළව සිය ප‍්‍රකාශය ලබාදීමටය. එම ප‍්‍රකාශය සඳහා පැය හතක පමණ කාලයක් ගත වී තිබිණි. අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි. අනතුරුව රාතී‍්‍ර 8.00 පමණ කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්  මෙන්ම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා සැකකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නියෝග කළේය.


සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි යන්න නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකිය. ඉකුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛතී‍්‍රගේ වේදිකාවෙන් කියැවුණු ප‍්‍රධාන කාරණයක් වූයේ  මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරුන් සිටින බවය. එම හොරු අල්ලන බවය. ජනාධිපතිවරණයෙන් අනතුරුව   සමාජයෙන්   මතු වූ ප‍්‍රශ්නය වූයේ -”කෝ හොරුන්” යන්නය. එය ආණ්ඩුවට මඟ හැරයා නොහැකි ලෙස ඉස්මතු විය.


 රටේ දේශපාලනය පෙළගැසීම්වලට අනුව මහ මැතිවරණයකට යාමට සිදුවීම වැළැක්විය නොහැකිය. එක් අතකින් මහින්ද රාජපක්‍ෂ රැුල්ලක්ද සුළි නගමින් තිබේ. දේශපාලනයේ වාසි අවාසි කාටදැයි තවම නිශ්චිතවම ප‍්‍රකාශ කළ නොහැකිය. කුමන හෝ දේ සිදුකළ යුතුව තිබේ. ඒ කාට කාටත්ය. ඒ අනුව තවත් රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබේ. සතිය ගෙවී යමින් තිබුණේ ඒ පිළිබඳව ඉඟි පළ කරමිනි.

 

m



අදහස් (0)

තවත් රාජපක්‍ෂලා කූඩුවට යයිද?

කල්පගේ Saturday, 02 May 2015 07:40 AM

නීතිය කාටත් එකයි (නි)

:       0       0

නිමල් Thursday, 30 April 2015 03:02 AM

මොන පක්ෂ වුණත් කමක් නැහැ, වැරැද්දට දඩුවම් දෙන්න (නි)

:       0       0

තිස්ස Thursday, 30 April 2015 10:56 AM

අත්අඩංගුවට අරන් හිරේ දාන්නයි ඕනෑ. නැතුව යවන්න ඕනෑ රෝහලට නොවෙයි (නි)

:       0       0

ගමගේ Friday, 01 May 2015 02:55 AM

පළමුවෙන්ම විමසා බලන්න ඕනෑ ඇයි රාජපක්ෂලා විතරක් කියන එක? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site