දැඩි ආගමික ළැදියාවකින් පසුවන අය අදහාගත නොහැකි තරමේ විස්මිත අත්දැකීම් වලට මුහුණ දෙන සිද්ධීන් අසන්නට ලැබේ.
බදුල්ල පස්සර පාර මැටිගහතැන්න ගමේ පදිංචි ආර්.එම් නන්දාවතී (57) සහ ඇගේ දියණිය චම්පා එරංගනීද සිල්වා (18) යන දෙදෙනාගේ මේ අත්දැකීමද එවැන්නකි.
නන්දාවතී විවාහ වී ඇත්තේ අන්‍ය ආගමිකයකු සමගයි. එහෙත් ඇය උපතින්ම බෞද්ධ කාන්තාවකි. ඒ අනුව ජීවත්වීමට සැමියාගෙන්ද බාධාවක් නොවීය. දියණියන් දෙදෙනෙක් හා පුතෙක් සිටියද තරුණ පුතා අකාලයේ මියගියේ වස පානය කිරීමෙනි.
නන්දාවතී හා දියණියන් දෙදෙනා මේ සිද්ධියෙන් පසු ආගමික කටයුතු වලට වඩාත් නැඹුරු වූහ. ඒ අනුව බෞද්ධ වෙහෙර විහාරස්ථාන සොයා යමින් ආගමික වතාවත් වල නියැලීම ඔවුහු පුරුද්දක් කරගත්හ.
අම්මේ ‘අපි අනුරාධපුරේ යමු’ දියණි චම්පා අම්මාට යෝජනා කළාය. ඒ අනුව බදුල්ලේ සිට බසයෙන් කොළඹට ගිය මේ දෙදෙනා කොළඹින් රාත‍්‍රී 10.30 ට පමණ අනුරාධපුර බසයට ගොඩ වූහ. එම බසය අනුරාධපුරයට ළංවන විට අලූයම් 3.30ට පමණ ඇත.
![]() |
චම්පා එරංගනීද සිල්වා |
කවදාවත් අනුරාධපුරේ ගොස් නැති මේ දෙදෙනා අන්දමන්ද වූහ. ගැහැණු දෙදෙනෙක් නිසා මහ රෑ ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ ළඟට හෝ විශ‍්‍රාම ශාලාවකට හෝ යාම සඳහා පාර ඇසීම අවදානම් බව ඔවුන්ට වැටහී ගියේ ඒ වන විටත් තමන් දෙස ඇස දල්වා සිටි මිනිසුන් කීපදෙනෙක් දැකීම නිසාය.
තරුණ දියණියද රැකගෙන මග සොයාගෙනම යායුතු යැයි මවට සිතිණ. ඒ අනුව මගතොට දන්නා අය මෙන් වෙනසක් නොහැඟෙන සේ පාර දිගේ ගමන් කරද්දී මංසන්ධියකට සේන්දු වූහ.
එම ස්ථානයේ පැවැතියේ අඩ අඳුරකි. මියගිය අයියාට පින් පිණිස පූජා කිරීමට රැගෙන ගිය රන් ආලේපිත රුපියල් විසි දහසක් පමණ වන කුඩා පාත්තරයද, අටපිරිකරද තුරුලූ කරගත් නංගී අම්මා දෙස බැලූවාය. අම්මා දියණිය දෙස බැලූවාය.
බුදුගුණ සිහිකිරීම හැර කළහැකි වෙන දෙයක් නොවූයෙන් දෙදෙනාම ඉතිපිසෝ ගාථාව කොඳුරන්නට පටන් ගත්තාය.
එසැණින් කාන්තාවක් තමන් දෙසට එනු අයුරු දක්නට ලැබිණ.
අඩි පහමාරක් පමණ උස සිහින් සිරුරකින් යුතු ඇය සුදුපැහැති ශරීර වර්ණයෙන් යුතුවිය.
මුළු කොණ්ඩයම පූළුන්සේ සුදෝ සුදුය. වයස අවුරුදු 50 ක් පමණ වෙතැයි සිතිය හැකිය.
ඔයාලා කොහේද මේ යන්නේ ඇය විමසුවාය
අපි ජය සිරි මහ බෝධීන් වහන්සේ සොයාගෙන යනවා. අම්මයි දුවයි එකවරම පිළිතුරු දුන්හ.
එන්න. මමත් ඒ පැත්තට යන්නේ කියමින් ඇයි ඉස්සර වූවාය.
අම්මයි දුවයි ඒ පිටුපසින් ගමන් කළහ.
![]() |
රත්නායක මුදියන්සේලාගේ නන්දාවතී |
ටික දුරක් යද්දී තිදෙනාම ළංවූහ. අම්මාටද දුවටද මේ ස්ත‍්‍රිය කව්දැයි දැනගන්නා තෙක් ඉස්පාසුවක් නැත.
උපාසකම්මා කොහේ ඉඳලද ආවේ? නන්දාවතී විමසුවාය.
මම මාතර ඉඳල ආවේ. ඇය සැහැල්ලූවෙන් උත්තර දී ගමන ඉක්මන් කළාය.
ඇගේ අතේ වූයේ සිලිමල්ලක් පමණි.
මව සහ දියණිය ගේ සිත් කුතුහලයෙන් පිරීගියත් ආගන්තුක ස්ත‍්‍රිය පිටුපසම යාම හැර ඔවුන්ට වෙන විකල්පයක් නොතිබිණ.
අලූයම 6 පමණ වන විට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගියත් ගේට්ටුව විවෘත කර නොතිබිණ.
ආගන්තුක ස්ත‍්‍රිය එහි මුරකරුවන් ළඟට ගොස් යමක් පවසා මේ දෙදෙනා ජය සිරි මහ බෝධින් වහන්සේ ළඟට ගෙන ගියහ.
වන්දනා මාන කිරීමෙන් පසු දෙදෙනා කැටුවගියේ විශ‍්‍රාම ශාලාවක් වෙතයි.
රැුගෙනගිය පිරිකර මෙන්ම රන් ආලේපිත පාත‍්‍රයද විශ‍්‍රාම ශාලාවේ කාමරයක ආරක්ෂාවට තබා වැසිකිළි යාමට හා මුහුණ කට සෝදා ගැනීමට පහසුකම් ලබා දුන්නාය.
මේ සියල්ල කළත් වැඩි කතා බහට ඇය අකමැති බවක් පෙනිණ. තේ බොන ස්ථානයටද මේ දෙදෙනා කැටුව ගියාය. නන්දාවතී ආප්ප මිලදී ගත්තාය. ‘‘කමු ආප්ප’’ නන්දාවති ආරාධනා කළත් ස්ත‍්‍රිය එපා යැයි කීවාය.
කෙසේ නමුත් නන්දාවතිගේ පෙරැත්තය නිසා ආප්පයක් අතට ගත්තාය. තේ පානයෙන් පසු මේ දෙදෙනා කැටුව ජයසිරි මහා බෝ හාමුදුරුවන් වෙත රැගෙන ගිය ඇය බෝධීන් වහන්සේ ඉදිරියේ ඔවුන්ට ඉදගන්නට උපදෙස් දී බෝධි පූජා ගාථා ඇතුළත් පොත් පිංචක්ද දුන්නාය. ඉන් පසු ඇය අතුරුදන් වූවාය.
අම්මයි දුවයි රැගෙන ආ අටපිරිකර හා පාත‍්‍රය පූජාකර ගාථා මහ හඬින් කියමින් වන්දනා මාන කළහ. වන්දනාමාන කර නැගිටිනවාත් සමගම මග සෙනග අතුරින් යළිත් අර කාන්තාව මතුවූවාය.
අනුරාධපුරේ තවත් සිදධස්ථාන වඳින්න තියෙනවා, මමත් එක්ක යමු ඇය කීවාය.
දියණිය අම්මා ළඟට ළංවී, ‘‘අම්මේ මට නම් මෙයා සැකයි, මට නම් බයයි’’ කියා කීවාය.
කෙසේ නමුත් අවසානයේ රුවන්වැලි මහා සෑය වඳින්නට පමණක් යාමට තීරණය කරගත් නන්දාවති සහ දියණිය ඇය සමගම රුවන්වැලි සෑය අසලට ගියහ. ඒ වන විට සැදැහැවතුන් පිරිසක් පෙරහැරකින් කප්රුකක් වැඩම කරමින් සිටියහ.
මව සහ දියණිය මෙන්ම ආගන්තුක ස්ත‍්‍රිය එම කප්රුකේ දෑත තබාගෙන ඉදිරියට ගියාය. රුවන්වැලි සෑය වටා ගමන් කරද්දී ආගන්තුක ස්ත‍්‍රිය අතුරුදන් වූවාය.
ඉන් පසු ඇය යළි හමුනොවිණ. රුවන් වැලි මහ සෑය වැඳපුදාගත් නන්දාවති සහ දියණිය අනුරාධපුරයෙන් සමුගත්තේ බරපතළ ප‍්‍රශ්න කීපයක් හදවතේ හොල්මන් කරද්දීය’
මේ කාන්තාව කවුද? ඇය වැඩිය කතා නොකළේ ඇයි? ඇය මෙලෙස උදව් කළේ ඇයි? වරින් වර අතුරුදන්ව යළි මතුවුණේ කොහොමද? මේ අද්භූත ආත්මයක්ද?
කෙසේ නමුත් මේ ප‍්‍රශ්න වලට පිළිතුරු නොලැබිණ. බදුල්ලට පැමිණි මේ සිද්ධිය අසල්වැසියන්ට පැවසූ විට සමහරෙක් කීවේ ඒ මියගිය පුතාගේ අද්භූත ආත්මය විය හැකි බවය. තවත් සමහරු කීවේ පින්බලයෙන් මතු වූ ස්ති‍්‍රයක් බවය.
පසුදා ඔවුන් දෙදෙනා නවගමුමේ පත්තිනි දේවාලයට යාම තීරණය කළේද මියගිය තරුණයා වෙනුවෙන් පූජාවක් පැවැත්වීමටය.
එදින අපූරු සිදු වීමක් සිදු විය.
බෝධින් වහන්සේ ළග වාඩි වී සිටියදී බෝමළුවේ යමක් දිස්විය. එය කුඩා දහම් පොතක් වැනිය. සිලිමල්ලක තිබූ එය අතට ගෙන බලන විට තිබුණේ සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් පතක් හා මුදල් රුපියල් පන්දහකි. මෙය පොලිස් මුරපොළට දෙමුදැයි අම්මා විමසූ විට දියණිය ඊට විරුද්ධ වූවාය. එපා අම්මෙ අපි බැංකුවට දෙමු. බසයට නැගුන ඔවුන් හෝමාගමට පැමිණෙන විට ධාරානිපාත වැස්සකි. වැස්ස පවා නොතකා හෝමාගම සම්පත් බැංකුවට ගොස් මුදල් හා ක්‍රෙඩිට් කාඞ්පත භාරදුන් අවස්ථාවේ බැංකු කළමනාකාරිත්වය අපමණ ස්තුතිය පළකළේය.
මෙය හිමි පුද්ගලයා නාරාහේන්පිට බැංකු ශාඛාවේ ගිණුම් හිමියෙක් බව පැවසූ ඔවුන් එය අදාළ පුද්ගලයාට බාර දීම සඳහා එම බැංකු ශාඛාවට යවන බවද කියා සිටියහ.
මේ සිදුවීම් මාලාව නන්දාවතීටත් දියණියටත් තවමත් මහා ප‍්‍රහේලිකාවකි.
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජය සිරිමහ බෝධිය වන්දනාමාන කරවූ අද්භූත ස්ති‍්‍රය
බන්දුල Wednesday, 03 April 2013 11:03 AM
මෙවන් අත්භූත සිද්දීන් ඕනා තරම් වෙනවා (දී)
සංජීව Wednesday, 10 April 2013 02:52 PM
මල විකාර කථා (ස)
මාලන් Monday, 08 April 2013 12:24 PM
දැන් අර බැංකු පොත වැටිලා තිබිලා හම්බවුන එක අද්භූත සිද්දියක් වුනේ කොහොමද? (ස)
චින්තන Monday, 01 April 2013 10:48 AM
කොළඹට එන්නේ නැතිව නුවරට ගිහින් හෝ මහියංගනය හරහා අනුරාධපුරේ යන්න කෙටි මාර්ග තියෙනවනේ. බදුල්ලේ සිට තනි බසයෙන් අනුරාධපුරේ යන්න පුළුවන්. මේ දෙන්නා කාගෙන්වත් ඒ ගැන අහලා නැද්ද? (නදී)
අචිනි Sunday, 07 April 2013 04:34 PM
අද්භූත ආත්මයක් නම් ආප්ප කයිද? (නි)
ඉෂාන් Sunday, 31 March 2013 03:52 PM
වැඩිය හිතට ගන්න එපා මේවා. (නි)
තිලක් Friday, 05 April 2013 08:12 PM
මේ කතාවේ තව විස්තර ඇති.(නදී)
සංජීව Wednesday, 10 April 2013 04:54 PM
අචිනි, භූත ආත්මේ ආප්ප කාපු එක තව ආශ්චර්යයක් (නි)
සචී Friday, 05 April 2013 03:08 PM
අපේ ඉන්ද්‍රියන් වලට ග්‍රහණය කරගන්න පුළුවන් දේවල් වලත් යම්කිසි සීමාවක් තියෙනවා. (නි)
ලකිත Wednesday, 03 April 2013 08:01 AM
අයියෝ මේ දෙන්නා ගෙදරින් එළියට බැහැලා තියෙන්නේ එදාමද මන්දා. මේ වගේ දේවල් කොච්චර නම් වෙනවද? මොන භූත ආත්මද ? (ස)
නිරෝෂන් Thursday, 05 September 2013 12:36 PM
මමත් ආසයි වැඩි විස්තර දැන ගන්න (දී)
චාමර Tuesday, 02 April 2013 09:38 PM
මේවා අත්බුත දේවල් වත් අමුතු දේවල් වත් නොව මේවා සාමාන්‍ය ජීවිතයේදී මිනිසුන්ට අත්දකින්න වෙන සිද්ධි කිහිපයක් පමණි.(නදී)
මහේෂ් Monday, 01 April 2013 11:30 PM
අපිට ඇසට නොපෙනෙන කොපමණ දේවල් තියෙනවාද (දී)
මහේෂ් Tuesday, 02 April 2013 11:31 AM
අත්භූත දේවල් අපි විශ්වාස නොකලාට එවන් දේවල් තියෙනවා (දී)
නාලක Wednesday, 01 May 2013 10:24 PM
අපිට බොරු කියන්න බැහැ
අසන්ක Wednesday, 24 April 2013 08:44 AM
ඔබ දෙපලට උදවු කරන්න ආවේ බ්‍රහ්ම ලෝකෙන් හරි නාග ලෝකෙන් හරි ආව දේව දුතයෙක් බව මට හැගේ. (නි)
ජැක්සන් Thursday, 04 April 2013 08:00 PM
මේවා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට . (අ)
ආනන්ද Tuesday, 02 April 2013 03:48 AM
කවුර හරි කෙනෙක් උදවු කළ හැටියක් නම් මටත් දැනෙනවා. ඒත් මග නොදැන මෙහෙම ගමන් යන එක අනතුරුදායකයි. (නි)