ජනවාර්ගික ප්‍රශ්නය යළිත් පසුගියදා කරළියට පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙනි. බලය බෙදීම ඇතුළුව ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ එකඟත්වයකට පැමිණීම සඳහා වන සාකච්ඡාවක් දෙසැම්බර් 11 වැනිදායින් පසුව කැඳවන බව එම ප්‍රකාශයේ සඳහන් විය. එම සාකච්ඡාවට සහභාගි වෙන්නැයි ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනාවක්ද කළේය.
දෙසැම්බර් 11 වැනිදායින් පසුව පැවැත්වීමට යෝජිත සාකච්ඡාව මගින් ඉලක්ක කර ඇත්තේ ලබන වසරේ පෙබරවාරි 04 වැනිදා යෙදෙන 75 වැනි නිදහස් සංවත්සරය සමරන අවස්ථාව වනවිට ජනවාර්ගික ප්‍රශ්නයට පිළිගත හැකි විසඳුමක් සොයා ගැනීම බව සඳහන්ය. කුමන සාකච්ඡාවක් වුවද කිසියම් නිශ්චිත රාමුවක් සහ ඉලක්කයක් තබාගෙන ආරම්භයක් ගැනීම සුදුසුම ක්‍රමයයි. එහෙත් ජනවාර්ගික ගැටලුවේ දිග, පළල සහ ගැඹුර සලකා බලද්දී ඉදිරි මාස දෙකහමාරක් වැනි කෙටි කාලයක් විසඳුමක් ලබාගැනීම සඳහා ප්‍රමාණවත්ද යන්න සැක සහිතය. එහෙත් ආරම්භයක් ගැනීම සඳහා හෝ ජනාධිපතිවරයා දරන උත්සාහය අගය කළ යුතුය.
මේ රටේ ආර්ථික අර්බුදය විසින් සියලු දේ ගිලගන්නාතුරු වඩාත්ම සාකච්ඡාවට බඳුන් වූ අර්බුදය ජනවාර්ගික ගැටලුව විය. එය ජාතික ගැටලුව වශයෙන් හඳුන්වනු ලැබුවේද එයින් රටේ සෑම ක්ෂේත්‍රයකටම කළ බලපෑම් හේතුවෙනි. එක්තරා කාලයක ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව ජාත්‍යන්තරයේ වඩාත් සාකච්ඡා වූ මාතෘකාවක්ද වී තිබිණි. මේ නිසා ජාත්‍යන්තර බලපෑම්වලින්ද ශ්‍රී ලංකාව පීඩනයට පත් විය. මේ වන තුරුත් මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී ජිනීවා මානව හිමිකම් සැසියේ ශ්‍රී ලංකාව විශේෂ මාතෘකාවක් වීම වළක්වා ගැනීමට හැකි වී නැත. එයට එක් ප්‍රධාන හේතුවක් වශයෙන් පෙනී යන්නේ උතුරේත් දකුණේත් දේශපාලන නායකයන් අතර පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වීමය. එවැනි එකඟත්වයක් ඇතිවීමට සියලු දේශපාලන පක්ෂ අතර පුළුල් අවබෝධයක් තිබිය යුතුය. ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන්නේ ඉහත සඳහන් එකඟතා සහ අවබෝධය ඇතිකර ගැනීම අරමුණු කර ගනිමින් විය යුතුය.
ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සොයා ගැනීමට සියලු දේශපාලන පක්ෂ අවංකවම ඒ සඳහා කැපවී කටයුතු කිරීමද අවශ්‍යය. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැතැයිද ඒ නිසා විසඳුමක් සෙවීම නිෂ්ඵල යැයිද සිතන දේශපාලන පක්ෂද පාර්ලිමේන්තුව නියෝජනය කරයි. මුලින්ම එම දේශපාලන පක්ෂ හඳුනාගෙන ඔවුන් සමඟ වෙනම සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර නොගතහොත් ඔවුන් සාකච්ඡා මේසයට කැඳවා ගැනීම කාලය කා දැමීමක් පමණක් වනු ඇත.
විසඳුමක් සොයා ගැනීම සඳහා අවංක කැපවීමක් කිරීමට කැමැති දේශපාලන පක්ෂ මුලින්ම කළ යුත්තේ ජනවාර්ගික ගැටලුව දේශපාලන බලය ලබාගැනීමේ සටන් පාඨයක් බවට පත්කර ගැනීමෙන් වැළකීමය. දකුණේත් උතුරේත් සියලු දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් මේ ඓතිහාසික වැරැද්ද කරමින් සිටී. සාර්ථක විසඳුමක් සොයා ගැනීමට දකුණේ සිංහල ජනතාවගේ මෙන්ම උතුරේ දෙමළ ජනතාවගේද විශ්වාසය දිනාගැනීම මෙහිදී වැදගත්ම සාධකයයි. දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිගත හැකි මට්ටමකට බලය බෙදා දීමට සිංහල ජනතාව එකඟ විය යුතු සේම තමන්ගේ මූලික ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය තරම් බලය ලැබීමකින් තෘප්තිමත් වීමට දෙමළ ජනතාවටද හැකි විය යුතුය. සාකච්ඡා මේසය ඉදිරියට ගෙන යා හැක්කේ එවැනි අවබෝධයක් තුළින් පමණි.
ජනාධිපතිවරයා යෝජනා කර ඇති සාකච්ඡාවට යාමට පෙර ආණ්ඩු බලය හිමි පොහොට්ටුව බලය බෙදීමට කැමැතිදැයි දැනගැනීම වැදගත් වෙයි. පාලක පක්ෂයම බලය බෙදීමට අකැමැති නම් ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ගඟට ඉනි කැපීමක් වනු ඇත.
ජනවාර්ගික ගැටලුව විසඳීමට දශක ගණනාවක් තිස්සේ විවිධ ආකාරයේ සාකච්ඡා පැවැත්වී තිබේ. එයින් දශක තුනකට ආසන්න කාලයක් රටේ තිබුණේ යුද්ධයකි. එම සාකච්ඡාවලින් හෝ යුද්ධයෙන් හෝ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් නොලැබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ 75 වැනි නිදහස් සංවත්සරයේදී හෝ මේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණොත් 2048 දී නිදහසේ සියවැනි සංවත්සරයේදීත් මේ රට මෙසේම පවතිනු ඇතැයි කියාය.
එය එසේ නොවිය යුතු බව තීරණය කළ යුත්තේ රටේ පවතින සිංහල සහ දෙමළ දේශපාලන පක්ෂ නායකයන් විසිනි. දේශපාලන පක්ෂ බලය ලබාගැනීම සඳහා ජනවාර්ගික ගැටලුව තුරුම්පුවක් වශයෙන් භාවිත කරන තුරු බලය බෙදීම සඳහා මොන සාකච්ඡාවක් පැවැත්වුවත් පලක් නොවනු ඇත.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනවාර්ගික ප්‍රශ්නයට දැන්වත් විසඳුමක් සොයමු
AB Saturday, 03 December 2022 07:09 PM
ශ්‍රී ලාංකිකයන් වශයෙන් නොසිතා වාර්ගික වශයෙන් කටයුතු කරමින් ජනවාර්ගික ගැටළුව දේශපාලන බලය ලබාගැනීමේ සටන් පාඨයක් බවට පත්කර ගැනීම නිසා (පාර්ලිමේන්තුවේදී සහ පිටතදී සහ ජාත්‍යන්තරයට ගොස්) ලංකාවේ කිසිඳු සුළුජාතික දේශපාලන පක්ෂයක නායකයකු හට සිංහල ජනතාවගේ සහයෝගය ලබා රටේ නායකත්වයට පැමිණිය නොහැකිය. එමනිසා ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් බලයට තිබෙන්නා වූ "තණ්හාව" අතහැර රට සහ සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණකි. ඔවුන්ට බුද්ධිමත්ව සිතා වෙනස් වීමට කාලය පැමිණ තිබේ. ජනවාර්ගික ගැටළුව විසඳීමට දශක ගණනාවක් තිස්සේ විවිධ ආකාරයේ සාකච්ඡා පැවැත්වමින් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය අගය කරමු...!
ABFriday, 09 December 2022 08:43 AM
ඉදිරි මැතිවරණයෙන් පසු සියලු ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරනාවූ රජයක් පිහිටුවා පළමු වසර 5ක් තුල උතුරු නැගෙනහිර ජනතවගේ මුලික අවශ්‍යතත්වයන් පළමුව ඉටුකරමු. ශ්‍රී ලංකාව මේ අවස්ථවේ විසදිය යුතු මුලික ගැටලුව නම් ආර්ථික සමාජීය අර්බුදයෙන් රට ගොඩනැගීම වේ.
mangala Sunday, 04 December 2022 06:59 PM
කිසිම ජනබලයක් නැති මේ මනුස්සයා කොහොමද නැති ජනවාර්ගික ප්‍රශ්නයකට විසඳුම් හොයන්නේ... මෙන්න මේවාට තමයි රාජපක්ෂලාට ගහන්න ඕන මඩුවලිගෙන්. ලක්ෂ 60ක ගාණක ඡන්ද ටික කුට්ටිය පිටින් මේ ජෝකර්ට දුන්නා...
Lakmal Tuesday, 06 December 2022 07:40 AM
කොහෙද ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙන්නේ. මේකේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්.
Bamunuaracchi Tuesday, 06 December 2022 09:04 AM
ගින්නක් අවුලවන්න වගේ සූදානම.
Chain Tuesday, 06 December 2022 12:28 PM
හැමෝටම එක ප්‍රශ්නයයි තියෙන්නේ. කන්න නැති ප්‍රශ්නය. බඩු මිල වැඩිවීම. ආදායම අඩු වීම. ඒවා විසඳන්නේ නැතිව, මොවුන් ඔවුන්ගේ පැවැත්මට, ජනවාර්ගික ප්‍රශ්න හදනවා...