IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනතාව රැස්වන තැන්වල විදුලි සැරසිලි පරෙස්සමින් ඕනෑ

බෙල්ලන්විල පෙරහර බලන්නට පැමිණි කාන්තාවක විදුලිබල මණ්ඩලය විසින් සිදු කළ සැරසිල්ලකින් සිදුවූ විදුලි කාන්දුවකින් විදුලි සැර වැදී මිය ගිය පුවත නොබෝදා අප පුවත්පත වාර්තා කළේය.

මහනුවර ඇසළ පෙරහරේ අලි කුලප්පු වීම නිසා හටගත් කලබලයෙන් පෙරහර බලන්නට පැමිණ සිටි පිරිසක් නොසන්සුන්ව තුවාල ලැබූ පුවත ඊට පසුදා එනම් විසිතුන් වැනිදා වාර්තා විය. ඒ පිළිබඳ වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ සමාජ මාධ්‍යවල ප්‍රදර්ශනය වූයේය.

මහජනයා රැස්වන ස්ථානවල අනතුරු වළක්වා ගැනීම උදෙසා පූර්වෝපායන් සලසා ගැනීම කෙරේ දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බව මෙම සිද්ධි දෙකෙන්ම පෙනී යයි. එම අනතුරු වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් සෙවීමත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමත් වෙනම කාරණයකි. එහෙත් මෙම සිද්ධි පාඩමකට ගෙන ඉදිරියේදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම ඉතාමත් වැදගත් වේ.

ප්‍රජාවගේ මට්ටමිනුත් ජාතික මට්ටමිනුත් ප්‍රජා අනතුරු වළක්වා ගැනීම කළ යුතු බවට දෙන අනතුරු හැඟවුමක් ලෙස සලකා මෙම විෂය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ල යොමු කිරීමෙන් මිනිස් ජීවිත බොහෝ ගණනක් බේරා ගත හැකිය.

මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහර සියවස් කීපයක් තිස්සේ පවත්වාගෙන එන උත්සවයකි. එම පෙරහරේ අලි කුලප්පු වීම නිසා මහජනයා නොසන්සුන් වී තුවාල ලැබූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

පෙරහර සංවිධායකයන් තමන්ගේ ජීවිත කාලයටත් පෙර සිදු වූ මෙවැනි සිද්ධි පිළිබඳ අසා දැනගෙන ඉන්නා ඇත්තෝ වෙති. එම නිසා අලි කුලප්පු වීමේ අවදානම අඩු කිරීම හා අලි කුලප්පු වීම හේතුවෙන් මහජනයා කැළඹී බියට පත් වීමේ අවදානම අඩු කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳ අවබෝධයක් පෙරහර සංවිධායකයන්ට තිබිය යුතුය.

පෙරහරේ සංසුන්ව ගමන් කළ නොහැකි අලි ඇත්තු සිටිත් නම් මෙම සතුන් හඳුනා ගැනීම පෙරහරට මෙම සතුන් එක් කරගැනීමට පෙරාතුවම කළ යුත්තකි. අලි කුලප්පු වීමේ අවදානමක් ඇත්නම් ඊට කළ යුතු පිළියම් ද කලින් දැන සිටිය යුතුය. සතුන් තෝරා ගැනීම උන්ගේ ඇත්ගොව්වන්ට උන් කෙතරම් දුරට පාලනය කරගත හැකිද යන්න පිළිබඳ පූර්ව අවබෝධයක් තිබීම වැදගත්ය.

මේ ලෝකේ සත්ව හිංසාව පිළිබඳ මානයන් අලුත් වන යුගයකි. අලින් මේච්චල් කිරීම දී යොදා ගන්නා උපක්‍රම සත්ව හිංසාව පිළිබඳ නව අදහස් දරන නව පරම්පරාව ශිෂ්ට ඒවා ලෙස නොපිළිගනිති. සමාජ මාධ්‍යවල ඔවුන් දක්වන අදහස්වලින් ඒ බව පිළිබිඹු වේ. ඒවා අහිංසාව පිළිබඳ බෞද්ධ මතයට ද පරස්පර වූ මත නොවේ.

පෙරහර යනු මෙරට සම්ප්‍රදායික කලා මංගල්‍යයකි. එවැනි උත්සව නිසා සංචාරකයෝ වැඩි වැඩියෙන් මෙරටට එන්නට පෙළඹෙති. එනිසා වඩාත් සාධනීය අයුරින් පෙරහරේ පැවැත්ම තහවුරු විය යුතුය. ඒ සඳහා ප්‍රජා ආරක්ෂාව පිළිබඳ කරුණුත්, සත්ව හිංසාව වැළැක්වීම පිළිබඳ කරුණුත්, එක සේ සලකා නිසි ක්‍රියාමාර්ග ගත යුතු වේ.

ප්‍රජාව සහභාගි වන ස්ථානවල සිදුවිය හැකි සෑම අනතුරක්ම මැන බලා පූර්ව තීරණ ගත යුතු බව බෙල්ලන්විල සිද්ධියෙන් පෙනේ.
ප්‍රජා අනතුරු වළක්වා ගැනීම සම්බන්ධ විෂය අලුත් ලෝකය තුළ වඩාත් සැලකිල්ලට ලක් වූ විෂයකි. මහජනයා රැස්වන ස්ථාන කර්මාන්තශාලා හෝ නිවසේදී සිදු විය හැකි හදිසි අනතුරු හා ඒවා වළක්වා ගැනීමේ දැනුම දැන් විෂයක් ලෙස ගොනු කර ඇත.

විදුලි බලයෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම පිළිබඳ පොතක් තරම් කරුණු අන්තර්ජාලයේ ඇත. විදුලිබල මණ්ඩලයේ සැරසිලි කණුවකින් විදුලිය කාන්දු වීමත් එයින් මහජනයාට විදුලි සැර වැදීමත් ඒ නිසාම ජීවිත හානි වීමත් අතිශය කනගාටුදායකය.
විදුලි සැර වැදීම වළකාලන තාක්ෂණය දියුණුව පවතින වර්තමානයේ එසේ සිදුවීම වඩාත් ශෝකය දනවන්නකි.

(***)



අදහස් (0)

ජනතාව රැස්වන තැන්වල විදුලි සැරසිලි පරෙස්සමින් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site