IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ජනතා ආහාර ප්‍රශ්නයට මුලින්ම විසඳුම් අවශ්‍යයි

බඩ වියත රැකගැනීම ගැන ජන ව්‍යවහාරයක් තිබේ. සියලු පරිශ්‍රම කුස ගිනි නිවා ගන්නට බව සඳහන් කළ යුතුය. බුදුරජාණන් වහන්සේ ගොවියකුට ධර්මය දේශනා කරන ලද අවස්ථාවක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. කුස ගින්නේ සිටි ගොවියාට ආහාර ලැබෙන්නට සලස්සවා ඇත. කුස පිරුණ පසු සිත සන්සුන් වූ අතර ධර්මය අවබෝධ කරගත් බව දැක්වෙයි. අධිකව ආහාර ගෙන මහත් අපහසුවෙන් බුදුන් හමුවීමට පැමිණි සිටුවරයකු ගැන ද සඳහන් වන අතර ක්‍රමයෙන් ආහාර අඩු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කර තිබේ.

කොරෝනා තර්ජනයෙන් ජීවිත අනතුරකට පත්ව ඇති කාලයකි. සමාජයේ පහළ පන්තියේ ජනතාවට ආහාර හිඟ ය. හිඟය වෙනුවට ඔවුන්ට එහි මිල දැනේ. තවත් කොටසක් අතිශය සුඛිත මුදිතව වෙසෙති. ජන සමාජය තුළ ඇති නැති පරතරය වඩාත් දරුණු ලෙස පැතිරී ඇති බව වටහා ගත යුතුය.

කොරෝනා පාලනය කර ගැනීමට ගෙන යන කර්තව්‍ය පැසසුම් කටයුතුය. නොයෙක් අභියෝග මැද සෞඛ්‍ය අංශ සමග එකතු වී ඇති ආරක්ෂක අංශ කැපී පෙනෙන මෙහෙවරකය. වෙළඳ පොළ හැසිරීම තුළ සාමාන්‍ය ජනතාවට අපහසුතා මතු වී තිබේ. සියලු ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ නැග ඇත. එදිනෙදා අවශ්‍ය වන ආහාරවල මිල විශේෂිතය. මෙම ස්වභාවය ගැන තියුණු අවධානයක් අවශ්‍යය. සහල්, පරිප්පු, සීනි, පිටි, එළවළු හා මස්, මාළු මිල දරාගැනීම අපහසුය. වියළි කහ මිල ගණන් වැඩිවන විට ජනතාව එය මැදහත්ව ඉවසූහ. පිටරටින් ගෙන්වන දේ නතර කරන තීරණයට විරෝධය පළ කළේ නැත. එහෙත් රට තුළ නිපදවන, එළවළු හා පලතුරුවල පවා මිල අසාමාන්‍ය ලෙස ඉහළ නැග ඇති බව වෙළඳ පොළ වාර්තා දක්වයි. එය සතුටුදායක තත්ත්වයක් නොවේ. ආනයනකරුවන්ට, තොග හා සිල්ලර වෙළෙඳුන්ට දෝෂාරෝපණය කර තත්ත්වය පාලනය කරගත නොහැකි බව අවධාරණය කළ යුතුය.

ආර්ථික ප්‍රශ්න පැන නැගෙන හදිසි අවස්ථා තේරුම්ගත හැකිය. සුදුසු පරිදි විසඳුම් නිර්මාණය කිරීම අවශ්‍යය.  එයින් වර්ධනයක් සිදුවෙයි. එකී පරිවර්තනය ගැන හුවා දක්වන්නට ආර්ථික විශේෂඥයන්ට හැක. එහෙත් පළමුවෙන් ජනතාවගේ කුසගින්න ගැන අවධානය අවශ්‍යය. ප්‍රතිසංස්කරණ හා ආයෝජන ගැන තීරණ ගන්නා අතරවාරයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගැන ද කල්පනා කිරීම සුදුසුය.
 
මූලික ආහාර සපයා ගැනීමට ඇති පහසුව රටක සංවර්ධනයේ එක ලක්ෂණයකි. ඇමරිකාව, චීනය, බ්‍රිතාන්‍ය, ඉන්දියාව හෝ තායිලන්තය වැනි රටවල පවා ආහාර වෙනුවෙන් ජනතාව ගෙවන මිල සාධාරණ එකකි. ඉතාම දුප්පත් දරු පවුලකට පවා එදා වේල ජීවත් විය හැකි පසුබිමක් තිබේ. බොහෝ රටවල වියළි ආහාරවල මිල ඉතාම අඩුය. සහල්, පරිප්පු, අර්තාපල් හෝ ලූනුවලට වැඩි වියදමක් නැත. එහෙත් ඒවා රසවත්ව පිස අලෙවි කරන අවන්හල්වල දී ආහාර වේලකට අධික මුදලක් ගෙවන්නට සිදුවෙයි.

සිංගප්පූරුව වැනි රටවල අඩු මිලට පිසූ ආහාර විකුණන තැන් තිබේ. ඒවා සාමාන්‍ය ජනතාවට පහසුවකි. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනියව සිටි ජයලලිතා මහත්මිය අම්මා නමින් බොජුන් හලක් චෙන්නයි හි 2013 දී ආරම්භ කළේය. එහි බත් වේලක් රුපියල් පහකි. පසුව ඔඩිස්සා, කර්නාටක හා අන්ද්‍රා ප්‍රදේශ වෙත ව්‍යාප්ත වූ අතර දැන් නව දිල්ලියේ පවා සමහර ව්‍යවසායකයෝ එම නමින් අඩු මිලට ආහාර සපයති.

ඇමරිකාවේ ද සමහර ප්‍රාන්තවල සුපිරි හෝටල්වල පරිභෝජනය නොවූ ආහාර එකතු කර දුප්පත් ජනතාවට බෙදා හරින සංවිධාන තිබේ. ජනහිතකාමී පුද්ගලයෝ ඒවා පරෙස්සමෙන් එකතුකර ආකර්ශනීය ලෙස පැකැට් කර, ගෞරවාන්විතව දුප්පත් ජනතාවගේ අතට ලැබෙන්නට සලස්වති. ස්කැන්ඩිනේවියානු රටවල ටින් හා පැකැට් කළ ආහාර පවා කල් ඉකුත්වෙන දින ආසන්නයේ දී ඉතාම අඩු මිලට වෙනම විකුණන ස්ථාන ඇත.

සියලුම දෙනා එකම වෙළඳ පොළක යැපෙන්නට සලස්වා අධික ජීවන බරකින් පීඩාවට පත් කිරීම වෙනුවට අලුත් පැතිවලට යොමුවීම කාලෝචිතය. එදිනෙදා ආහාර වෙනුවෙන්  දුක් විඳින, එක්තරා ජන කොටසක් අද දවසේ ඉසිලිය නොහැකි පීඩාවකින් පසුවන බව සිහි තබා ගැනීම වගකිවයුතු අංශවල යුතුකමකි.

 

(***)
මිලින්ද මොරගොඩ          
www.milindaprashna.wordpress.com



අදහස් (2)

ජනතා ආහාර ප්‍රශ්නයට මුලින්ම විසඳුම් අවශ්‍යයි

siripala Friday, 10 September 2021 06:14 AM

ලෝකයේ දියුණු රටවල ඇති නැති පරතරය දකින්නට තිබේ නමුත් එය දශම ගණනකි. නමුත් මැක්ඩොනල්ඩ්ස් වෙත පැමිණ ඇති හැකි නැති බැරි හැමෝම එකම පෝලිමේ ගොස් ඔවුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ රුචිකත්වය අනුව ආහාර මිලදී ගනී. ලංකාවේද මැක්ඩොනල්ඩ්ස් පිහිටුවා තිබේ. නමුත් ලංකාවේ ඇති හැකි පිරිස සහ නැති බැරි අඩු ආදායම් පිරිස එකම පෝලිමේ ගොස් ආහාර මිලදී ගැනීමට ලංකාවේ ආර්ථික පසුබිමක් නිර්මාණය කල හැකිනම් වටිනේය.

:       0       2

Saman Saturday, 11 September 2021 09:16 PM

වැදගත් ලිපියකි. වැට් බද්ධ ආදී බදු ඉවත් කරද එය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමට දායක වී නැති බවක් පෙනෙන්න තියෙනවා. මේ නිසා බදු ප්‍රතිපත්තිය දුප්පතාට සහන ලැබෙන සේ වෙනස් කල යුතු බව පෙනෙනවා.. මේ සදහා අදිකව අදායම් ලබන අයවරුන්ට අධික අදායම් බදු පනවා එම වාසිය අත්‍යාවශ්‍ය බාන්ඩ වල මිල පහත දැමීම සදහා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා දුප්පත් මනුස්සයෙක් දවසම මහන්සි වී උපයන වැටුප සමහර පුද්ගලයන් එක විනාඩියෙන් උපයන බවක් පෙනෙන්න තියෙනවා. නමුත් වෙළද පොලේ භාණ්ඩ අලවි වන්නේ මේ දෙපිරිසටම එකම මිලකට. සමහරු තර්ක කරන්න පුළුවන් අධිකව ඔවුන් උපයන්නේ ඔවුන් ලද දැනුමට කියා. නමුත් මෙතරම් විෂමතාවයක් පැවතීම සාදාරන නැහැ නේද? එමනිසා අධිකව අදායම් උපයන අයවරුන්ට අධික අදායම් බදු පැනවීම සුදුසු බව පෙනෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 62 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 85 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 39 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 18 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 24 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 472 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1277 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1536 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site