යෝජිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තවමත් සමාජය තුළ ඇත්තේ අවිනිශ්චිත බවකි. විචිකිච්ඡාවකි. අප එසේ කියන්නේ ඡන්දය සම්බන්ධ විවිධ පාර්ශ්ව විසින් පළ කරන අදහස් උදහස් සලකා බැලීමෙන් පසුවය. ඒ අතර මෙම මැතිවරණය සඳහා රජයේ සහාය ලබාදෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව මාධ්‍ය වාර්තා කළේය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එල්ල වූ තර්ජන පිළිබඳව කෙරෙන පොලිස් පරීක්ෂණ ගැන තම කොමිසම සෑහීමකට පත් නොවන වග ද එම ලිපියේ සඳහන්ය. එසේම මැතිවරණය පැවැත්වීම පිළිබඳ රාජ්‍ය ආයතන (සංවිධාන) වලින් ලැබෙන සහාය මද බව ද එහි දැක්වෙයි.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසමේ ප්‍රධානියා රාජ්‍ය නායකයාට ඡන්දය සඳහා සහාය වන ලෙස ඉල්ලමින් ලිපියක් ලිවීම සාමාන්‍යයෙන් සිදු නොවන්නකි. එම ලිපිය දකින ඕනෑම කෙනකුට මැතිවරණය නිසියාකාරව පවත්වා හමාර කිරීමට හැකියාවක් ලැබේද? යන්න පිළිබඳ සැකයක් මතුවන බව සඳහන් කළ යුතුය.
ඒ අතර ජනාධිපතිවරයා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් රංගේ බණ්ඩාර ඇතුළු පිරිස මැතිවරණය නොපැවැත්විය යුතු බවට වන මතයක් ප්‍රචාරය කරමින් සිටිති. විශේෂයෙන්ම රටේ පවත්නා අති දුෂ්කර ආර්ථික තත්ත්වය හුවා දක්වමින් ඡන්දය කල් දැමිය යුතු යැයි ඔවුහු ප්‍රකාශ කරති.
විපක්ෂය මේ සම්බන්ධයෙන් දරන මතය වන්නේ රජය යම් දේශපාලන උපක්‍රමයක් මගින් ඡන්දය නැවතත් කල් තැබුවහොත් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතින් රැකගන්නට මහජනයා සමඟ වීදි බසින බවය. මේ ආකාරයට යෝජිත පළාත් පාලන ඡන්දය ජාතික තලයේ ප්‍රබල දේශපාලන මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ ඡන්දය සම්බන්ධයෙන් හටගෙන ඇති අවිනිශ්චිත බව නිසාය.
2023 මාර්තු 09දාට ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම පැත්තෙන් ඉටුවිය යුතු රාජකාරි නොපිරිහෙලා ඉටුකෙරෙමින් පවතී. එය ස්වාධීන කොමිසමක ශක්තිය මෙන්ම ස්වාධීනත්වය විදහා දැක්වෙන කටයුත්තකි. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ දී එහි මුඛ්‍ය අරමුණක් වූයේ කිසිදු පාර්ශ්වයකට ගැති නොවී ජනතාවගේ අයිතින් හා උරුමය සුරක්ෂිත කර දීමය. මැතිවරණ කොමිසම සීරුවෙන් මෙහෙයවන පළාත් පාලන මැතිවරණය පුංචි ඡන්දය නමින් හැඳින් වුවත් මේ මොහොතේ එය ප්‍රධාන ජාතික මැතිවරණයක් බවට පත්කර ගන්නට විපක්ෂයේ දේශපාලනඥයෝ තැත් කරමින් සිටිති.
පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ සිටි අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය හමු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණේ ඡන්දය සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙනු ඇති බවය. එහෙත් දැන් මැතිවරණය සම්බන්ධ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වන බවද අමතක නොකළ යුතුය.
මෙම මැතිවරණය පවත්වන ලෙස හා නවත්වන ලෙස ඉල්ලමින් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගණනාවක් ද ඉදිරිපත්ව ඇත. ඒවා ගැන තීරණාත්මක විභාගයක් ලබන 10දා සිදුවන බව ප්‍රකාශිතය. අධිකරණයේ සිදුවන විභාගයෙන් පසුව හෝ තමන්ට යුක්තිය ඉටුවනු ඇත යන්න ඡන්දයේ අවිනිශ්චිත බවින් සසල වී සිටිනා ජනතාව අපේක්ෂා කරති.
ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩක් වන් ඡන්දය නිසි ලෙස පැවැත්විය යුතුය යන්න විවාදාත්මක කරුණක් නොවේ. රටේ පරමාධිපත්‍යය ජනතාව සතුය. එම පරමාධිපත්‍යය බලය අන් කිසිවකටත් වඩා උත්තරීතරය. ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන බල කේන්ද්‍රයන්හි උල්පත ජනතාවයි. එබැවින් මහජනතාව සතු පරම පවිත්‍ර ඡන්ද අයිතිය සුරක්ෂිත විය යුතු බව බහුතර පිළිගැනීමයි.
(***)
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඡන්දයේ අවිනිශ්චිතතාව තුරන්කර ජනතා අයිතිය තහවුරු කරමු