IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ගුරුකන්ද විහාර භූමිය අවුලකට හේතු නොකරගනිමු

අන්තවාදී දෙමළ දේශපාලනඥයන් හා කණ්ඩායම් මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයට සිදු කරන බලපෑම් නවත්වන ලෙසත් විහාරස්ථාන භූමිය අත්පත් කරගෙන එහි කෝවිලක් ඉදිකිරීමේ සැලැස්ම ඉවත් කර ගන්නා ලෙසත් බලකරමින් මුලතිව් බෞද්ධ ජනතාව හා භික්ෂූන් වහන්සේලා උද්ඝෝෂණයක් කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 

ගුරුකන්ද විහාරය පහුගිය කලක පටන් පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එම විහාරස්ථානයේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 2  වැනි සියවස හා දස වැනි සියවස අතර කාලය දක්වා දිවයන්නකි. එහි ඇති පුරාවිද්‍යාත්මක සාධකවලින් ඒ බව ඔප්පු වී තිබේ. මෙම විහාර බිමේ ඉපැරණි සංඝාවාස පද්ධතියක නටබුන් තිබේ. ඒ අනුව මෙම විහාරස්ථානය පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 

කරුණු කාරණා එපරිදි වුවද දෙමළ දේශපාලනඥයන් පිරිසක් හා කණ්ඩායමක් එම භූමිය අත්පත් කරගෙන එහි කෝවිලක් සෑදීම සඳහා අනවරත උත්සහයක යෙදී සිටිති. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට ඔප්පු වී තිබියදීත් මේ උත්සහ කරනුයේ ගුරුකන්ද විහාර බිම මුල්කර ගනිමින් යළිත් අනවශ්‍ය ගැටුම් ඇති කිරීමට දැයි සාධාරණ සැකයක් මතුවේ. 

උමතු අන්තවාදී සහරාන්ලාගේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා එක් දින ප්‍රහාරයෙන් අපි තවමත් කම්පාවට පත් වී සිටිමු. අන්තවාදී උමතුව කෙතරම් බියකරුදැයි මුළු රටම හොඳින් හඳුනාගෙන තිබේ. එයට අමතරව තිස් වසරක යුද්ධයක බිහිසුණු කටුක අත්දැකීම් අප සතුය. මනුෂ්‍යත්වය අගයන සියලුම ජනයාගේ ඒකාන්ත ප්‍රාර්ථනය වනුයේ යළිත් මේ රට තුළ එබඳු වර්ග සංහාරයක් නොවිය යුතු බවය. සාමය හැර අන් කිසිවක්ම එපා යැයි කියන තැනට මෙරට ජනයා පත්ව සිටිති. 

ගුරුකන්ද විහාර බිම මූලික කරගනිමින් අන්තවාදී දේශපාලනඥයන් හා කණ්ඩායම් මේ උත්සහ දරමින් සිටින්නේ රට යළිත් එබඳු උගුලකට හසු කිරීමටද? යළි යළිත් සනාථ වී ඇති බිමකට අයිතිය කියාපාන්නට යන්නේ කුමක් වෙනුවෙන්ද? ආගමට හා ජාතියට සම්බන්ධ කාරණා බොහෝ සංවේදී බවද ආවේගය උපදවන සුළු බවද සත්‍යයකි. මේ උත්සහය ඒ වෙනුවෙන්ද? මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය. 

සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා කවර ජන වර්ගයක් නියෝජනය කළද අපි ශ්‍රී ලංකිකයෝ වෙමු. ඒ ශ්‍රී ලංකාවේ අතීතය සිංහලයාගේත් දෙමළාගේත් මුසල්මානුවාගේත් අතීතයම වේ. අපගේ ප්‍රෞඪත්වය ඔප් නැංවෙන්නේත් අප වෙතට අභිමානය රැගෙන එන්නේත් ඒ ඉතිහාසයමය. ඒ ඉතිහාසය වන්දනාමාන කළ යුතු වන්නේ එහෙයිනි. එය සෑම වර්ගයකටම අයත් පුරවැසියන් සතු අනුල්ලංඝනීය අයිතියකි. 

අනෙකාගේ සංස්කෘතියට ගරු කිරීම ශිෂ්ට මිනිසාගේ වගකීමය. එසේ කළ නොහැකි නම් එය අශිෂ්ටත්වය අශීලාචාරත්වය ප්‍රදර්ශනය කිරීමකි. රටක් තුළ විවිධාකාරයේ ප්‍රශ්න මතුවන්නේ එබඳු අශිෂ්ට අශීලාචාර සුළුතරය නිසාය. එහෙත් එමගින් පැන නගින තත්ත්වය එම සුළුතරයට පමණක් සීමාවන්නේ නැත. මුළු රටටම එහි වන්දිය ගෙවීමට සිදු වේ. 

මුලතිව් යැයි කී විට එය යුද්ධයේ එක් බියකරු මතක සටහනකි. අවසන් මහ සටන ඇවිළී ගියේ ඒ භූමිය මතය. ඒ අරමුණ මත සිටි පිරිස්වලට එය අතිශයින්ම වැදගත් වනු ඇත. එහෙත් එය සුරුවමක් බවට පත්විය යුතු නැත. එක් අතකින් යුද්ධය වූ කලී කාලයේ වැලි තලාවෙන් වසා දැමිය යුතු දෙයකි. ඒ මතක බර තවදුරටත් කරේ තබා ගෙන යා යුතු නැත. එමගින් සිදුවන්නේ පැරණි තුවාල යළි යළිත් පෑරීම පමණකි. එය වඩාත් යහපත් හෙට දවසක් අපේක්ෂා කරන මිනිසකුට සතුටුවිය හැකි තත්ත්වයක් නොවේ. 

ඒ බිම මත අලුත් මල් පිපිය යුතුය. මනුෂ්‍යත්වයේ සුවඳ පැතිරෙන මල් පිපිය යුතුය. ඒ සඳහා සියලු දෑත් එක්විය යුතුය. අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුය. අලුත් දවසක් උදාවෙනු ඇත්තේ එමගින් පමණි. 

විශේෂ අවධානයට ලක් කළ යුතු කාරණාවකි. රටේ ජනයා මුහුණ දෙන ගැටලු ඔවුනොවුන්ම විසඳා ගත යුතු යැයි පාලකයන් සිතන්නේද? එසේ සිතන්නේ නම් අනාගත සියලු විපත් නිර්මාණය වනු ඇත්තේ එබඳු සිතිවිලි මගින් මහජනයාට තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩ දෙන්නේ නම් රටකට පාලනයක් කුමටද? එමෙන්ම ගුරුකන්ද විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුව අතිශයින්ම සංකීර්ණය. එය ඔවුනොවුන්ටම විසඳා ගැනීමට ඉඩදීම නොකළ යුතුය. එයට වගකිවයුත්තන් අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුය. 

 



අදහස් (1)

ගුරුකන්ද විහාර භූමිය අවුලකට හේතු නොකරගනිමු

Priyantha Wijerathna Monday, 10 June 2019 12:57 PM

ආදරයෙන් වගකිවයුතු පාර්ශව වෙතින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ එම තීරණ වෙනස් කරගන්නා ලෙසයි.. ඒ මන්දයත් අතීතයේ කෝනේෂ්වරන්, මඩු පල්ලිය, කොච්චිකඩේ පල්ලිය යන ස්ථාන බෞද්ධ සිද්ධස්ථාන විය. තවදුරටත් මෙතරම් කැපකිරීම් කරන අපට කෙනෙහිලි කම් කිරීම නවත්වන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි..

:       1       204

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18061 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 12891 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 454 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 136 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 810 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site