බාල වයස්කාර දරුවකු අපයෝජනය කළ චෝදනාවලට වරදකරු වූ හිටපු විදුහල්පතිවරයකුට බරපතළ වැඩ සහිත අවුරුදු 7ක සිරදඬුවමක් නියම වූ පුවතක් පසුගියදා වාර්තා විය. මන්නාරම මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මේ දඬුවම දී තිබුණේ, මන්නාරම පාසලක හිටපු විදුහල්පතිවරයකුටය. ඔහු 2014 වසරේ එම පාසලේ සේවය කරමින් සිටියදී මේ අපරාධය සිදු කළ බවට චෝදනා ලබා සිටි අතර, එම චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට විනිසුරුවරයා තීරණය කර තිබිණි.
පාසල් ඇතුළේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අතින් අපයෝජනයට ලක්වෙන සිසු සිසුවියන් පිළිබඳ වරින් වර වාර්තා වෙමින් තිබීම කාගේත් සිත් කම්පාවට හේතු වන තත්ත්වයකි. පාසල් තුළදී දරුවකුට තිබිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු මවුපියකුට සැකයක් තිබිය යුතු නැත. උදෑසන තම දරුවන් පාසලට ඇරලවන මවුපියන් ඊළඟට බලාපොරොත්තු වන්නේ, එම දරුවන් නිසි පරිදි අධ්‍යාපන කටයුතු අවසන් කර නිරුපද්‍රිතව ආපසු නිවෙසට පැමිණෙනු දැකීමටය. පාසලට යන දරුවා සූදානම්ව සිටින්නේ තම ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට මිස ඔවුන්ගේ අපයෝජනයට ලක්වීමට නොවේ. එසේ දරුවන් අපයෝජනය කිරීම මුළුමනින්ම පිටුදැකිය යුතු උපුටා දැමිය යුතු පිළිලයකි. එම වැරැද්දට ලබාදිය යුත්තේ ඉහළම දඬුවමය.
මේ අතර, කුරුණෑගල නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලකින් ද මෙවැනි ළමා අපයෝජන පැමිණිල්ලක් ලැබී ඇති බව ද වාර්තා විය. එම පාසලේ පහ වසර ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් 11 දෙනකු පමණ එම දැරියන්ට ඉංග්‍රීසි විෂයය ඉගැන්වූ ගුරුවරයාගේ අතවරයට වරින් වර ලක්වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලීසියට පැමිණිලි ලැබී තිබේ. 55 හැවිරිදි දෙදරු පියකු වන සැකකාර ගුරුවරයා සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති බව දැනගත් වහාම ප්‍රදේශයෙන් පැනගොස් සිටි අතර, පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබීය.
මේ සිද්ධියේදී අදාළ විදුහලේ විදුහල්පතිවරයාගේද වැරැද්දක් වාර්තා වී ඇතැයි චෝදනා කෙරේ. අතවරයට ලක්ව සිටින සිසු දැරියන්ගේ මවුපියන් මේ අපරාධය පිළිබඳව විදුහල්පතිවරයාට පැමිණිලි කර තිබුණ ද, ඒ පැමිණිලි ඔහු නොසලකා හැර කටයුතු කර ඇති බවට මවුපියෝ චෝදනා කරති. එයින් කෝපයට පත් මවුපියන් පිරිසක් විදුහල්පතිවරයාට තර්ජනය කර, රාජකාරියට බාධා කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව ඊට සම්බන්ධ මවුපියන් පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කර තිබිණි.
තම දරුවන්ට අතවරයක් සිදුව තිබෙන අවස්ථාවක මවුපියන්ට ඉවසුම් නැතිව යාම පුදුමයක් නොවේ. එහෙත්, කුමන අවස්ථාවකදී වුව ද නීතිය අතට ගැනීම අනුමත කළ නොහැක. වැරැදිකරු සොයා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පොලීසියේ හා අධිකරණයේ රාජකාරියයි. මවුපියන් කළ යුත්තේ, පොලීසියට තමන්ගේ සහාය ලබාදීම මිස ඔවුන්ගේ රාජකාරිය තම අතට ගැනීම නොවන බව ද පෙන්වා දිය යුතුය.
මෙවැනි සිදුවීම් පසුගිය කාලයේ වරින් වර මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරිණි. එසේ අතවරයකට ලක්වන දරුවෝ මානසිකව කඩා වැටීමකට ලක්වීමේත්, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීමේත් අවදානමට මුහුණ දෙති. ඒ තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමට මවුපියන්ගේ අවධානය යොමු වීම අවශ්‍යය. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට අධ්‍යාපන නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.
පාසල් තුළදී දරුවන් අපයෝජනය කරන පාපකාරී අධම ගුරුවරුන්ටත්, විදුහල්පතින්ටත් නීතියෙන් ඉහළම දඬුවම් ලබාදීම අවශ්‍යය. එසේ දඬුවම් ලබාදීම මේ වැරැද්ද යළිත් සිදු වීමට තිබෙන ඉඩකඩ අහුරා දැමීමට හේතු වනු ඇත. එවැනි අසික්කිත ගුරුවරුන් ආරක්ෂා කිරීමට ආධාර සහ අනුබල දෙන විදුහල්පතිවරුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතුය. අධ්‍යාපන ක්ෂේත්‍රයට අරක්ගත් එවැනි අපරාධකාරී ගුරුවරුන් සහ විදුහල්පතින් කිහිප දෙනකු හේතුවෙන් සමස්ත ගුරු පරපුරේ කීර්තිය සහ අභිමානය සේදී යාමට ඉඩ දිය යුතු නැත.
(***)
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගුරු ගෞරවය වනසන ඇමීබාවන් පිටුදකිමු