IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ගම්මානේ පුරා මත්වතුර බෙදූ කරිඤ්ඤං සෝමේගේ කර්ම විපාකය

 455  

 

සුරාධුත්ථ යනුවෙන් වචනයක් බණ පොතේ සඳහන් වෙයි. මත්වන ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම සුරාධූර්ථ බවයි. ඇතැම් අංශවලින් එදාට වඩා දියුණු වී ඇති වර්තමාන සමාජයේ සුරා වර්ග රාශියකි. විවිධ නම්වලින් ඒවා හඳුන්වනු ලබයි. කුමන නමකින් හැඳින්වුවද සිදුවන්නේ එකම දෙයකි. එනම් මත්වීමයි. මත්වීමෙන් සිදුවන්නේ මනසේ පාලනය නොමැති වීමයි. පාලනයෙන් තොර මනස විවිධ ක්‍රියාවන් සහ කථාවන් සඳහා මිනිසා පොළඹවයි.

SLTK_26.qxd
ඇතැම්හු රූපයෙන් ද ඇතැම්හු ධනයෙන් ද ඇතැම්හු කුලයෙන් ද ආදී විවිධ දේවල් පමණට වඩා සිතන්නට යාමෙන් මත්වෙයි. ඒ හැම මත් වීමකම අවසාන ඵලය වන්නේ මානසික පාලනය නොමැති වීමයි. අප මෙහිලා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මත්ද්‍රව්‍ය ගැනීමෙන් මනස අවුල් කරගැනීමයි. මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිහි විසඥ වන බව ඇතැම්හු කියති. නමුත් සිදුවන්නේ එය නොව මානසික පාලනය නැතිවී යාමයි. එනිසාම ඒ අවස්ථාවේ මනසට නැගෙන හැම සිතුවිල්ල වචන බවට පත්වේ. තම වචනය ද නැවත ශ්‍රවණය වීමෙන් එය ක්‍රියාවක් බවට පත්වෙයි. මත් වීම නිසා ඉර හඳ නුසුලන අපරාධ පවා මත් මිනිසා විසින් සිදුකරනු ලබන්නේ එම නිසාය. මත්ද්‍රව්‍ය පාලනය කිරීම එකකි. අනෙක් අයට අරන් දීම අනෙකකි. මත්ද්‍රව්‍ය විකිණීම වෙනත් එකකි. අකුසලයේදීද ඒවාට වෙන වෙනම වර්ගයේ විපාක ලැබෙයි. වෙනත් කෙනෙකුට බීම සඳහා මත්ද්‍රව්‍ය අරන් දීමෙන් ලැබෙන අකුසලය මත්ද්‍රව්‍ය විකිණීමෙන් ඇතැම් විට නොලැබේ. ඒ සඳහා ලැබෙන්නේ වෙනත් විපාකයකි. තමා දුන් දෙය පෙරලා තමාම ආපසු ලබයි. තමා සමාජයට දුන් දෙය යහපත් නම් එය ද අයහපත් නම් එය ද පෙරලා තමාට ලැබේය යන්න බෞද්ධ නියමයයි.


ඇතැම් පුද්ගලයෝ තමන් කරන ක්‍රියාව නරක දෙයක් ලෙස පිළිගත්තත් තමා එය කරන්නේ මේ නිසා යයි එයට සාධාරණ හේතු සොයා කියති. මං මේ නරක වැඬේ කරන්නේ ජීවත් වීමටයි. ඇතැම්හු කියති. මෙය වරදක් බව මං දන්නවා, නමුත් දරු පවුලක් ජීවත් කරවන්නේ මේකෙන් ලැබෙන දෙයින්. කෑවට බිව්වට වැරදි කළාට මං හිත හොඳ මිනිසෙක්. ඔය ආදී දෙය කියති. බොහෝ අය එබඳු කතා කියන්නේ තමන් කරන වරද සඳහා සමාජ අනුකම්පාව ලබා ගැනීමේ අදහසිනි. ඇතැම් විට එම වචන නිසා සමාජ අනුකම්පාව ලැබෙන්නටද පිළිවන. නමුත් තමා කරන අකුසලයේ විපාකයෙන් ගැලවීමට එය ප්‍රමාණවත් වන්නේ නැත. අසකුලයේ විපාකය පෙරළා තමාටම හෝ නැතිනම් තමාගෙන් යැපෙන්නන්ට හෝ ලැබේ. එහි වෙනසක් නැත.

23-pg23d--taks-pgs
වර්තමාන ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය විකිණීමෙහි යෙදෙන කොටස් දෙකකි. නීත්‍යානුකූල ලෙස මත්ද්‍රව්‍ය විකුණන අය සහ නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය විකුණන අය වශයෙනි. නීත්‍යානුකූල ලෙස මත්ද්‍රව්‍ය විකුණන අයට පොලීසියෙන් හෝ අධිකරණයෙන් බාධාවක් සිදුවන්නේ නැත. එයට හේතුව එයට පවතිනා නීතිය මගින් නීත්‍යානුකූල බලයක් ලබාදී තිබෙන නිසාය. කළ අධ්‍යයනවල දී බොහෝ විට දක්නට ලැබෙන්නේ එකී නීත්‍යානුකූල බලය ලබා ගෙන ඇත්තේ එවකට බලයේ සිටින බලවතුන් සහ ඔවුන්ගේ අදහස් සමග පෑහෙන අදහස් ඇති සහචරයන් බවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියදෙනෙකුට පමණම බාර් තියෙන බවද එයින් එක් අයෙකුට බාර් දොළහක් තිබෙන බව ද පසුගියදා පුවත්පත්වල පළවී තිබිණි. කිසියම් ක්‍රියාවක් අකුසලයක් වශයෙන් අධ්‍යයනය කර බලන සිව් ආකාර විධි ක්‍රමයක් පිළිබඳව දහමෙහි උගන්වනු ලබයි. සුරාව සම්බන්ධයෙන් කරන හෙළිදරව්වකදී ඒ සිව් ආකාර ක්‍රමය ගත හැකිය. එම සිව් ආකාර ක්‍රමය මෙසේ දැක්විය හැකිය.


1. ඍජු වශයෙන් තමන්ම මත්ද්‍රව්‍ය අලෙවි කිරීම.
2. මත් ද්‍රව්‍ය අලෙවි කිරීමට අනුබල දීම.
3. මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සුදුසු එකක් යැයි අනුමත කිරීම.
4. මත් ද්‍රව්‍ය අලෙවි කරන්නා ප්‍රසංසාවට ලක් කිරීම.


මේ සිව් ආකාර විධියෙන් ගම්මානය පුරාම මත් වතුර බෙදූ කරිඤ්ඤං සෝමේගේ කතාව අයිති වන්නේ ඍජු වශයෙන්ම මත් වතුර විකුණා එහි දිට්ඨධම්ම වේදනීය අකුසල විපාක ලැබූ කෙනෙකු හැටියටයි. සෝමේගේ ඒ කතාව මෙසේය. එක්තරා ගමක් විය. ඒ ගමේ සෝමදාස නම් පුද්ගලයකු සිටියේය. ස්ථිර රැකියාවක් නැති ඔහු තම ජීවනෝපාය වශයෙන් කරනු ලැබුවේ කරිඤ්ඤං පෙරීමය. සෝමදාස රැකියාවක් නැති කම නිසා කරිඤ්ඤං පෙරුවාට ඔහු ගම්මානයේ බොහෝ දෙනාගේ හිත දිනා ගත්තේය. ඒ ගමන්ම කරිඤ්ඤං පෙරීමද යහමින් කරගෙන ගියේය. කාලයක් යන විට රැකියාව ඔහුගේ නමේ මුලට එකතුවිය. ඒ අනුව හේ කරිඤ්ඤං සෝමේ යි ගමපුරා ප්‍රකට විය. නමේ අග තිබූ දාස කෑල්ල ලොප්වී ගියේය.


සෝමේගේ කරිඤ්ඤං බොන අයට පොලීසියෙන් ඉඳහිට බාධා පැමිණුනාට සෝමේට පොලීසියෙන් කිසිදවසක බාධා පැමිණුනේ නැත. කරිඤ්ඤං බොන්නන්ට ඉඳහිට උසාවි දඩ නියම වුණද සෝමේට ඒ කිසි බාධාවක් වූයේ නැත. වරින් වර පොලීසියට පැමිණෙන හැම ස්ථානාධිපතිවරයෙක්ම සෝමේගේ ලේ නෑයෝ වගේය. ඒ හැම නිලධාරියකුම හොඳින් හීලෑ කර ගැනීමට ප්‍රදේශයේ මන්ත්‍රී තුමාගෙන් යහමින් උදවු උපකාර ද සෝමේට ලැබුණි. සෝමේගේ රූමත් බිරිඳ ළඟ මන්ත්‍රීතුමා හීලෑ වන්නට විය. සෝමේගෙන් කරිඤ්ඤං බී ගෙදර අවුල් අපිළිවෙළ කරන මිනිසුන් පොලීසිය විසින් ගෘහ ප්‍රචණ්ඩත්වය යටතේ උසාවි දැම්මාට සෝමේගේ රැකියාවට හෝ ඔහුට ඉන් කිසිදු අලාභයක් වූයේ නැත. තනියම පටන් ගත් රැකියාව ව්‍යාප්ත වීමත් සමඟ එය ජාවාරමක් බවටද පසුව එය මහා ජාවාරමක් බවට පත්විය. සෝමේ ජාතික ඇඳුම අඳින්නට පටන් ගත්තේය. වෙහෙර විහාරවල බොහෝ විවෘත කිරීම් වැඩි වශයෙන්ම කෙරුණේ සෝමේගේ පින්වත් කරිඤ්ඤං දෑතින්ය. හේ ප්‍රාදේශීය සභා පළාත් සභා හරහා පාර්ලිමේන්තුවට ද ගියේය. කරිඤ්ඤං පෙරීම සිය රැකියාව වශයෙන් කළාට ඒ බව රටේ කොයි කවුරුත් දැන සිටියාට මහජන ඡන්දවලින් හෝ කිසි දවසක පස්සට ගියේ නැත. නීතිය ද ඔහු පසුපස හඹා අවේ නැත. දේශපාලනයට ගිය පසු තම ආගම පමණක් නොව කොයි ආගමත් එකයයි කියූ කරිඤ්ඤං සෝමේ පන්සල් පල්ලි කෝවිල්වලට නෑතිවම බැරි කෙනෙක් බවට පත්විය.


මෙච්චර බලයක් ඇතිව ජීවත් වුණත් කල්යත්ම සෝමේගේ කර්ම විපාකය ඇස් පනාපිටම පඩිසන් දෙන්නට පටන් ගත්තේය. එය හරියට දෙවු ගමන් කිරි නොමිදෙන්නා වගේය. සෝමේ දිනුම සඳහා ගැසූ හැම තුරුම්බුවක්ම ආපසු පෙරලී කණපිට හැරිණි. ඔහුගේ බිරිඳද කලක් තිස්සේ පවත්වාගෙන ගිය වෙනත් සම්බන්දයක් නිසා ඔහු හැර දමා ගියාය. විදෙස්ගතව සිටි දුවගේ විවාහයද ඉරිතලා ගියේය. මහා සුවිසල් මන්දිරයක හිතේ සතුට හා සැහැල්ලුව නැති බලසම්පන්න සෝමේ හුදකලා විය. කරිඤ්ඤං පෙරුවාට ජීවිතයේ සියළු ජයග්‍රහණ එමගින් ලබා ගත්තාට ඔහු කවදාවත් කරිඤ්ඤං බිව්වේ නැත. එසේ වූ සෝමේ බීමට ඇබ්බැහි විය. එකම අරමුණක් ඔස්සේ පමණක් පැමිණි දැඩි උගත්කමක් නැති සෝමේ සිය අරමුණ කරා ගියේය. නමුත් ජීවිතය සැලසුම් කර ගැනීමට ඔහුට බැරිවිය. බිරිඳට සැමියාගෙන් විය යුතුම දේවල් මඟ හැරී ගියේය. උසස් පාසල්වල ඉගෙන ගත්තත් සිය එකම දියණියට පිය සෙනෙහස ලැබුණේ නැත. ඔහුගෙන් කරිඤ්ඤං බී ගෙවල්වල ගොස් විකාර නැටූ අය සේම සෝමේගේ දරු පවුලද කඩා ඉහිරී ගොස්ය. බිරිඳද ඔහු අතහැර ගොස්ය. සිය දුව ද ඇයගේ සැමියා අතහැර ගොස්ය.


මානසික පීඩනය එන්න එන්නම වැඩි වෙයි. එම පීඩනයම කායික රෝග සඳහාද බල පෑවේය. බඩවැල් දියවෙන අඳුනානොගත් රෝගයකින් හේ පීඩා වන්දේය. සැප සම්පත් හඹා ගිය සෝමේ ඒවා ලැබෙන විට ඒ සැප විඳින්නට තරම් නිරෝගී බවක් නැති විය. ජීවිතයේ ඒ සියල්ල ලැබෙන විට ඒ සැප විඳගැනීමට අපොහොසත් විය. හේ බොහෝ දුක්විඳ මරණයට පත් විය. සැප සම්පත් හඹා යන බොහෝ අයට ඒවා ලැබුණු විට ඇතැම්විට ඒවා විඳින්නට නොලැබීම ද එක්තරා කර්ම විපාකයකි. ජීවිත කාලයේ ජීවත්වීම බෞද්ධ ඉගැන්වීමයි. අනාගතයේ ජීවත්වෙමියි අධිෂ්ඨාන කරගෙන සැප සම්පත් ගෞරව කීර්ති නාම අධ්‍යාපන සහතික ආදිය පසුපස හඹාගොස් ඒවා ලැබුණු විට ඒවාගේ ඇති හිස් බව වටහා ගනියි. සෝමේගේ කතාව මගින් ලොවට කියාදෙන කරුණු කාරණා කිහිපයක්ම තිබේ.


ලොකු ලොකු අධ්‍යාපන සහතික නැතත් ඉතාම කුඩාම තැන සිට ඉහළම තැන දක්වා ඔහු ගමන් කළේය. ඇතැම් කෙනෙකුට ඔහුගේ ජීවිතයේ සාර්ථක අධිෂ්ඨානය දැකිය හැකිය. මී කුණක් විකුණා ඇරඹි ආර්ථික ගමන සිටු තනතුරක්  දක්වා ගිය හැටි ජාතක පොත අපට කියාදෙයි. නමුත් බණ පොතේ කියා දුන් දෙයම පෙරලා ආපසු තමාට ලැබේය යන ඉගැන්වීමද සෝමේගේ ජීවිතය තුළ කියවෙයි. එනම්, ඔහු සමාජයට බෙදුවේ ද පසුව දියුණු වූ පසු බොන්නට අනුබල දුන්නේ ද මත් වතුරය. ඒවා පානය කළෝ ගෘහ ජීවිතය අවුල්කර ගත්හ. සෝමේ ද පෙරලා ලැබුවේ එයයි. එනම්, තමාගේ ගෘහ ජීවිතය අවුල් කර ගැනීමයි. සෝමේට සමාජයේ පටබැඳි තිබුණු නම වූයේ බොකු දිරානා යන නමයි. එයට හේතුව ඔහු විකුණන මත්වතුර බීමෙන් බොක්ක දිරා යාමයි. අවසානයේ ඔහුට වැළඳුණු සොයාගත නොහැකි රෝගය වූයේද ඔහුගේ බඩ වැල් දියවී යාමයි. ඇතැම්හු යම් යම් බලපුලුවන්කාරකම් අනුව නීතියට ද වැරදී පාප ක්‍රියාකොට නීතියෙන් ගැලවෙති. නමුත් කිසිවකුටත් කර්ම විපාකයෙන් ගැලවීමට නොහැකි බව මෙයින් පෙනේ.

m



අදහස් (0)

ගම්මානේ පුරා මත්වතුර බෙදූ කරිඤ්ඤං සෝමේගේ කර්ම විපාකය

ලංකා Saturday, 30 April 2016 05:50 AM

මිනිසා අනාගතයේ ජීවත්වෙමියි අධිෂ්ඨාන කරගෙන සැපසම්පත්, ගෞරව කීර්ති නාම, අධ්‍යාපන සහතික ආදිය පසුපස හඹාගොස් ඒවා ලැබුණුවිට ඒවාගේ ඇති හිස් බව පසුව වටහා ගනියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 315 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 243 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 148 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 285 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 454 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1080 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1089 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1455 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 378 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site