IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ගානියර් බැරිස්ටර් නාටකයේ තිර ගැලවෙයි

මුළු මහත් ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව කෙරේ දිනාගැනීමට සමත් වූ ශ්‍රී ලාංකිකයන් වේ නම් ඒ අතලොස්සකි. නමුත් ශ්‍රී ලංකාව තවත් රටක් හා මුහුණට මුහුණ මානයේ පවතින ගැටුමකට ළං කරවීමට සමත් වූ අයෙක් මේ දක්වාම ඔවුන් අතර නොසිටියේය. එහි ගෞරවය ඇතැම් විට හිමිවනු ඇත්තේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සහායක සංක්‍රමණික නිලධාරිනිය ලෙස සේවයේ නියුතු 34 වියැති ගාර්නියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට විය හැක.

ආර්. ජී. සේනානායක මාවතේ (පැරණි ග්‍රෙගරි පාර) පිහිටි ස්විස් තානාපති කාර්යාලයෙන් පිටතදී, ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 5 දෙනෙක් තමාව පැහැරගත් බව ඇය ප්‍රකාශ කළාය. සිය දුරකතනය පරීක්ෂා කැරුණු බවටත්, එහි වූ තොරතුරු ලබාගැනුණු බවටත් ඇය පැමිණිලි කළාය.

තමාගේ ඇස් බැඳ, ලණුවකින් ගැට ගසා, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාට නිකුත් කළ වීසා බලපත් සම්බන්ධයෙන් නැවත නැවතත් ප්‍රශ්න කැරුණු බවට ඇය චෝදනා කළාය. නිශාන්ත ද සිල්වාට දැනටමත් ස්විට්සර්ලන්තයේ රැකවරණය හිමිව ඇත.

තමා පැහැර ගනු ලැබූයේයැයි නැඟූ චෝදනාවට උඩින් තවත් කාරණා ඇය හෙළිදරව් කරන්නට යෙදුණාය. එදින රැයේ නිවස වෙත ගිය තමාට, විවිධ පුද්ගලයින් පෙර අවස්ථාවල එහි පැමිණ තමා ගැන විමසා ඇතැයි අසල්වැසියන්ගෙන් දැනගත හැකිවූ බව ද ඇය කීවාය.

වහාම සිය ප්‍රධානියා වන ස්විස් සංක්‍රමණික නිලධාරිනිය නොවැම්බර් මස 25 වැනිදා රාත්‍රියේම අමතා තිබෙන ඇය, ආරක්ෂක හේතූන් මත දැනට පදිංචිව සිටින නිවසෙන් වෙනත් ස්ථානයක් කරා යන බව දැනුම් දී ඇත. ඇය නිවසින් යන බව පවසා තිබෙන්නේ කඳු නගින්නකු වන ඇයගේ සැමියා - ප්‍රදීප් එල්මෝ හා පවුලේ ළගම සාමාජිකයන් සමගය.

සිය ජීවිතය අනතුරේ පවතින බව ඇය කියා ඇත.

ස්විස් තානාපති හෑන්ස් පීටර් මොක් මහතා ඇය මුහුණදුන්නේයැයි කියන අත්දැකීමට සම්බන්ධ තොරතුරු මත  වාර්තාවක් පිළියෙල කළේය. සම්පූර්ණ වාර්තාවක් නොවූ එහි අන්තර්ගතව තිබුණේ කලබලයට පත්ව සිටි තානාපති කාර්යාල සේවිකාව කළ ප්‍රකාශයෙන් ලබාගත් කරුණු පමණකි. ඔහු එම වාර්තාව විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට භාර දුන්නේය. නොවැම්බර් මස 27 වැනි බදාදා දෙදෙන හමුවුණහ.

ස්විස් තානාපතිවරයා එදින උදැෑසන විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමෙන් පසුව එදිනම සන්ධ්‍යාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පවත්වන්නට ද ගියේය.

නොවැම්බර් 28 වැනිදා, බ්‍රහස්පතින්දා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ස්විස් තානාපති කාර්යාලය වෙත පැමිණියේය. තානාපති මොක් සමග පවත්වන්නට යෙදුණු හමුවක දී ඔවුහු සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉල්ලා සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පිළිතුරු දුන් ස්විස් තානාපතිවරයා අදාළ තානාපති කාර්යාල සේවිකාව කම්පනයට පත්ව සිටින නිසා ඇයගෙන් වැඩිමනත් තොරතුරු ලබාගැනීමට තමාට නොහැකි වූ බව පැවසුවේය. තමා දන්නා සියලුම තොරතුරු සටහන් කර විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට භාරදුන් බව ඔහු කීවේය. ඒ අනුව පරිශීලනය කළ හැකි නිල මට්ටමේ ප්‍රකාශයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින්ට එතෙක් තිබුණේ ස්විස් තානාපතිවරයා ලබා දී තිබූ එම සටහන පමණකි.

තානාපති මොක් අනතුරුව මෙම සිදුවීම කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගේ, (විශේෂයෙන්ම බටහිර රටවල) අවධානයට යොමු කළේය. ඔවුහු කලබලයට පත්වූහ. වහාම ආරක්ෂක පියවර ගැනීමට යොමුවූ ඔවුන්ගෙන් බොහෝ දෙන, හදිසි අවස්ථාවක දී ඇමතීම සදහා ඔවුන්ගේ තානාපති කාර්යාලවල සේවය කරන ජේ්‍යෂ්ඨ නිලධාරීන්ගේ දුරකතන අංක එම කාර්යාලවල සේවයට අනුයුක්ත කර සිටින මෙරට කාර්යමණ්ඩල සාමාජිකයන් වෙත ලබාදීමට පියවර ගත්තේය.
 
ජීවිතවලට බරපතල තර්ජන එල්ලවන තත්ත්වයක් පවතින්නේ නම් වහාම තානාපති කාර්යාලයට අදාළ රටේ අගනුවර වෙත ඔවුන්ව පියාසර කරවීමට පියවර ගැනෙනු ඇති බව එම කාර්ය මණ්ඩලවල සේවක සේවිකාවන්ට දැනුම්දෙනු ලැබිණ.

සුලු පිරිසක් වෙනත් අදහසකට තටු දෙමින්, ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගත් බව කියන සිදුවීම ‘සිකාරියෝ’ යන කේත නාමය යටතේ ක්‍රියාත්මක වන ඊශ්‍රායෙලයේ පුහුණුව ලැබ ඇතැයි කියන කණ්ඩායමක ගිණුමට බැර කළේය.

සිකාරියෝ යනු මෙක්සිකෝවේ ක්‍රියාත්මක මත්කුඩු ජාවාරම් කල්ලි ඔවුන්ගේ එදිරිවාදීන් ඝාතනය කිරීම සදහා ඝාතකයින් හැදින්වීමට බොහෝවිට භාවිතා කරන යෙදුමකි.  පසුගියදා තිරගත කරන ලද චිත්‍රපටියක් හමුවේ සිකාරියෝ යන මෙම යෙදුම තවදුරටත් ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය.

කිසිදු පදනමක් නොමැතිව කරන ලද මෙම අනවශ්‍ය වර්ණ ගැන්වීමෙන්, ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගනු ලදැයි කියන සිදුවීමට නොමනා, එසේත් නැතිනම් භයංකර ස්වරූපයක් හිමිවිය. මේ සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස පසුගිය සිකුරාදා දිනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ බහුපාර්ශවීය කාරණා සම්බන්ධයෙන් වන අතිරේක ලේකම් අහමඞ් ජවාඞ් මහතා හමුවූ තානාපතිවරු පිරිසක් ඉල්ලා සිටියහ. ජවාඞ් මහතා එම අවස්ථාව වන විට සිටියේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග නවදිල්ලිය බලා ගොස් සිටි විදේශ කටයුතු ලේකම් ආරියසිංහ වෙනුවට වැඩබලන විදේශ කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කරමිනි.

තානාපති මොක්ගේ පැමිණිල්ල ගැන දැනගත් විදේශ කටයුතු සම්බන්ධයෙන් වන ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව දැඩි ලෙසම කෝපයට පත්විය. ස්විස් රජය නියෝජනය කරමින් එම දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රකාශයේ මෙසේ සදහන් විය.

“නොවැම්බර් මාසයේ අවසන් භාගයේ දී, කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි ස්වදේශීය සේවිකාවක් මහමග දී පැහැරගෙන තිබෙන නාදුනන පුද්ගලයින් පිරිසක් තානාපති කාර්යාලයට අදාළ තොරතුරු අනාවරණය කරන ලෙස ඇයට තර්ජනය කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකරන ලෙස අවස්ථා කිහිපයකදීම දන්වා විදේශ කටයුතු සම්බන්ධයෙන් වන ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව එයට ප්‍රතිචාර දක්වා තිබේ”

මෙම ප්‍රකාශයම උපුටා දැක්වූ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් පැස්කාල් බේරිස්වයිල්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති (ස්විට්සර්ලන්තයට ද අනුයුක්ත කර සිටින) කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට, ස්විට්සර්ලන්ත සහ ශ්‍රී ලංකාව අතර විශ්වාසය නැවත ගොඩනැගීම සදහා අවශ්‍ය පියවර ගැනීමට බර්ලින් නුවර තවමත් සූදානමින් පසුවන බව වැඩිදුරටත් පැවසුවාය. වෙනත් වචනවලින් කියතොත්, ඇය ප්‍රසිද්ධියේම පිළිගත්තේ ස්විට්සර්ලන්ත රජයට ශ්‍රී ලංකාව කෙරේ කිසිදු විශ්වාසයක් නොමැති බවය.

ඇයට අනුව, පැහැරගැනීමක් සිදුව ඇති බවට නැගෙන චෝදනා දෙරට අතර විශ්වාසය පළුදු වීමට හේතුවී ඇත. පැස්කාල් මෙම ප්‍රකාශයට සිදුකළේ අදාළ තානාපති කාර්යාල සේවිකාව වෛද්‍ය ප්‍රතිකාර සදහා ගුවන් මගින් ස්විස්ටර්ලන්තය වෙත ගෙන ඒමට කර තිබූ ඉල්ලීමක් අරබයා එරට රජයේ නිලධාරීන් සහ තානාපති හෙට්ටිආරච්චි අතර පැවැති සාකච්ඡාවෙන් පසුවය.

දැන් පැමිණෙන්නේ කුතුහලය ඉහළටම නැගෙන අවස්ථාවය.

පැහැර ගැනීමක් සැබෑවටම සිදුව තිබේ ද? මුහුණදීමට සිදුවූ අත්දැකීම හමුවේ කැලඹුණු මනසකින් සහ බලවත් පීඩාවකින් ඇය සිය පළමු ප්‍රකාශය සිදුකරන්නට ඇති බව පවසන අය වෙතත්, මෙම තානාපති කාර්යාල සේවිකාව ස්විස් තානාපතිවරයාට පළමුවරට ලබාදුන් ප්‍රකාශය සහ පැය 20ක කාලයක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන ප්‍රකාශයන් අතර පරස්පරතා එමටය. නමුත් ඇයගේ ලද අත්දැකීම හමුවේ ඇයගේ මානසික තත්ත්වය සහ චිත්ත පීඩාව නැවත වරක් ගෙනහැර දක්වන ඔවුන්, පළමු ප්‍රකාශය ඇය කර තිබෙන්නේ එවැනි තත්ත්වයක් යටතේ බව පවසන අතරම යම් සිදුවීමක් නියත වශයෙන්ම සිදුව තිබෙන්නේ වුවත් එය ඇය විස්තර කරන ආකාරයෙන් සිදුව නොමැති බවට අවධාරණය කරයි.

එවැනි පරස්පරයක් මතුවීමට හේතු ලෙස ඔවුන් ගෙනහැර දක්වන්නේ ඇයගේ කායික හැසිරීම සහ ඇයට වහාම පදිංචි නිවසින් ඉවත්වීමට සිදුවීම යන කාරණාය. නමුත්, පැහැරගැනීමක් සිදුවූ බවට තමන් කළ ප්‍රකාශය බෝම්බයක් පුපුරුවා හැරියාක් වැනි තත්ත්වයක් ඇති කර තිබෙන බව ඇයම පසුව වටහාගැනීම ද, ඇය කළ ප්‍රකාශයන්ගේ මෙවැනි නොගැලපෙනසුලු ස්වභාවයක් ඇතිවීමට හේතුවූවා වන්නට පිළිවන. ඇය පැහැරගත් බවට හෝ තුවක්කුවක් පෙන්වා තර්ජනය කර රඳවාගත් බවට හෝ, කිසිදු සාක්කියක් මේ දක්වාම සොයාගැනීමට හැකිව නොමැත.

“ඇයගේ ප්‍රකාශය හමුවේ සැකසංකා ගණනාවක් මතුවෙනවා. ඒ වගේම එය පරස්පරතාවලින් සහ වියවුල්වලින් ගහණයි. මේක ගොතපු කතාවක්” යයි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් පොලිසියේ ඉහළ ආරංචි මාර්ගයක් සදහන් කළේය.

අදාළ තොරතුරු ඉක්මනින්ම ජනතාවට ලබාදෙන බව පැවසූ එම ආරංචි මාර්ගය, විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙමින් තිබෙන බව පෙන්වා දී වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කළේය. කෙසේවුවත්, පැහැරගැනීම සිදුවුනු බව ඇය කියන වේලාවට පසුවම වාගේ ඇය කොල්ලුපිටියේ සිට ඇති බව තහවුරු කැරෙන තාක්ෂණික සාක්කි හමුව තිබෙන බව සදහන් වේ. සේවිකාව පැහැරගත් පුද්ගලයෝ ඇයව එහි දමා යන්නට ඇති ද? එසේත් නැතිනම් එහි ගොස් තිබෙන්නේ ඇයම ද? පැහැරගැනීම සිදුකළ බව කියන පුද්ගලයින් ඇයව නිදහස් කර ඇතැයි සහතික කැරෙන කිසිවක් නොමැති බව එම ආරංචි මාර්ගය කීවේ ය.

තානාපති කාර්යාල සේවිකාව කර තිබෙන ප්‍රකාශය අරබයා මතුව තිබෙන බරපතල සැක සංකාවලට තවත් පදනමක් ලබාදෙමින් රජයට අයත් ඩේලිනිව්ස් පුවත්පත ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කළ ප්‍රකාශයක් එහි පළකර තිබුණේ මෙලෙසය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිම කණ්ඩායමක් හෝ මේ රටේ කිසිම ආරක්ෂක අංශයක් ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව පැහැරගත්තේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ගොතපු චෝදනාවක්” යයි ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් දැක්වූයේ බත්තරමුල්ල, අකුරුගොඩ ඉදිකැරුණු නව යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමිනි. තමා 100්‍ර ක වගකීමකින් යුතුව එම ප්‍රකාශය කරන බව ඔහු අවධාරණය කළේ ය.

පසුගිය සතියේ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසුවේ ය.

මේ කියන පැහැරගැනීම රජයේ ගරුත්වයට හානි කිරීමට ගත් උත්සාහයක් ලෙසයි අපි දකින්නේ. ස්විස් තානාපති කාර්යාලය මේ ගැන කුමක් කියන්නට, කුමක් කරන්නට යෙදුනත්, ඒ කාරණය සම්බන්ධයෙන් ඔවුන්ට හරි දැනීමක් තිබෙනවා ද කියා අපි දන්නේ නැහැ.

තමා පැහැරගැනීමට ලක්වූයේ ආර්.ජී.සේනානායක මාවතේ පිහිටි ස්විස් තානාපති කාර්යාලය ආසන්නයේ දී බව මුලින්ම පවසා සිටින්නට යෙදුණත්, දැන් ඇය එම කතාව වෙනස් කර තිබේ. සවිට්සර්ලන්තය වෙත සංක්‍රමණය වීම සදහා සිය උදව් ඉල්ලා සිටි ගුරුවරියක හමුවීමට ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය වෙත ගිය බව තානාපති කාර්යාල සේවිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂකයින්ට පවසා ඇත. ඊට අදාළ වාර්තා ඇය එම ගුරුවරියගෙන් ලබාගෙන තිබේ.අනතුරුව ඇය කියා තිබෙන්නේ තමා එම ගුරුවරිය කොළඹ 3, කොල්ලුපිටිය පැල්මයිරා මාවතේ පිහිටි නිවසක දී හමුවීමට ගිය බවය. තුවක්කුවක් පෙන්වා ඇයව පැහැරගනු ලැබූයේ එසේ ගිය අවස්ථාවේ දී බව මෙම තානාපති කාර්යාල සේවිකාව පසුව පවසා තිබේ. ඇය ලබා දී තිබෙන මුල් ප්‍රකාශයේ කොතැනකවත් තුවක්කුවක් ගැන සදහනක් නොමැත.

‘ද සන්ඩේ ටයිම්ස්’ දේශපාලන තීරුව ඇසුරිනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර

 



අදහස් (9)

ගානියර් බැරිස්ටර් නාටකයේ තිර ගැලවෙයි

sunil Tuesday, 17 December 2019 11:57 AM

බලාගෙන ඉන්න..අන්තිමේදී ආණ්ඩුවේම රෙදි ගැලවේවි.

:       157       28

BimalThursday, 26 December 2019 11:09 AM

රෙදි ගැලවුණා වගේද?

:       0       0

max Wednesday, 18 December 2019 11:15 AM

තිර රචනය ඉතාමත්ම දුර්වල, එ් නිසාම පරස්පරතා බොහෝ ඇති ව්‍යාජයකි..., මෙම ස්විට්සර්ලන්ත සිද්ධිය.

:       12       80

Anton Saturday, 21 December 2019 09:41 AM

ගින්නක් නැතිව දුමක් ඇතිවෙයිද? තව ටිකක් කල් යයි තිත්ත ඇත්ත දැනගන්න.

:       336       22

KapilaSaturday, 21 December 2019 01:52 PM

මෙතන ඇති ගින්නක් නම් නෑ හරියට ගලපාගන්න බැරිව ගොතපු ප්‍රබන්ධයක් බව නම් පේනවා. කොහොම වුණත් ඇත්ත එළිවෙයි..

:       3       322

BamunuarachchiSunday, 22 December 2019 01:36 AM

අන්තිමට තිරේ විතරක් නොවෙයි, රෙද්දත් ගැලවෙනවා.

:       3       66

ranganaMonday, 23 December 2019 04:52 AM

ඕනෑම කෙනෙක්ට ඕනෑම චෝදනාවක් කරන්න පුළුවන් හොද තිර පිටපතක් ලියාගන්න ඕනේ මුලින්ම....

:       1       62

anil Saturday, 21 December 2019 07:02 PM

තුවක්කුව රාජිතගේ වෙන්නැති. කටේ ඔබන්න හදන්න ඇති...

:       1       91

machan-machan Sunday, 22 December 2019 12:51 AM

මීදුම එන්නේ ගින්නක් නැතිව... තියන ගිනි නිවන්න.

:       1       67

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 77 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 62 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 199 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 25 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 501 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 249 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 376 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site