පාර්ලිමේන්තු පරිශ‍්‍රයට යන මාර්ගයේ බත්තරමුල්ලේ දියත උද්‍යානය අසල පාලම වඩාත් පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර කලක් ගතවී ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම පාලම උස්කිරීම හා පළල් කිරීම සඳහා අතිවිශාල මුදලක් වැය කරන බව ද වාර්තා වේ. පාලම යටින් ගලායන දියවන්නා ඔයේ බෝට්ටු පැදීම සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමට මෙම පාලම විශාල ප‍්‍රමාණයෙන් පුළුල් කරන බව ද කසුකුසුවකි.
අපි මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ උපදේශක (ඉඩම් සංවර්ධන, සැලසුම් හා මෙහෙයුම්) වීරසේන අධිකාරි මහතාගෙන් විමසුවෙමු.
ප‍්‍රශ්නය පාර්ලිමේන්තු වටරවුම අසල පිහිටි පාලම පුළුල් කරන්නෙ ඇයි? මේ පාලම බොහොම හොඳට තිබුණ එකක්නේ?
පිළිතුර මෙතැන මාර්ග තදබදයක් තිබෙන තැනක්. අනික මේ පාලම පළල් කිරීමට හා උස් කිරීමේ අවශ්‍යතාවක් තිබුණා.
ප‍්‍රශ්නය පාලම උස් කරන්න විශාල වියදමක් දරන්න වෙනවා.
පිළිතුර ඒකට යන වියදම ගැන දන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි. පාලම උස්කරන්නෙ ජලය බැස යාමේ පහසුවට.
ප‍්‍රශ්නය කලිනුත් වතුර බැස ගියානේ.
පිළිතුර නමුත් වතුර බැස යාමට තිබූ කානුව ප‍්‍රමාණවත් නැහැ.
ප‍්‍රශ්නය ආරංචිය නම් තියෙන්නේ බෝට්ටු රේස් තරග තියන්න මේ තරම් විශාල මුදලක් වැය කරල පාලම උස්සනව කියලයි.
පිළිතුර මමත් ඔය ආරංචිය ඇහුවා. හැබැයි අපි නම් එහෙම එකක් දන්නේ නැහැ. ඇරත් බෝට්ටු යන එකේ වැරැද්දක් තියෙනවද?
ප‍්‍රශ්නය කිසිම වැරැද්දක් නම් නැහැ. නමුත් මේ තරම් විශාල මුදලක් වැය කරන එක තමයි ප‍්‍රශ්නය.
පිළිතුර ඕනෑම සංවර්ධන වැඩක් කරනකොට මොකක් හරි විරෝධයක් දාන එක සිරිතක්. කණ්ඩලම හදනකොට කී දෙනෙක් විරුද්ධ වුණාද? දැන් ඔය විරුද්ධ වෙච්ච අයත් අගේට යන්නේ. හයිවේ එපා කිව්වා. එපා කියපු අයත් යනවනේ. ඒ වගේ තමයි දෙයක් කරන්න ගත්තම විවිධ කතා කියනවා. රටක් දියුණු වෙන්න නම් මේව කරන්න එපායෑ.
ප‍්‍රශ්නය පාලම උස්කරන්නෙ බෝට්ටු රේස් තියන්න අවශ්‍ය නිසා නොවෙයිද?
පිළිතුර මේ ආසන්නයෙ තවත් ගොඩනැගිලි එහෙම හැදේවි. ප‍්‍රදේශයේ ජලය බැස යාම විධිමත්ව සිදුවෙන්න ඕනෑ. පොඩි වැස්සකටත් ජලය රොක්වීම සංවර්ධනයට බාධාවක්. ජලය බැසයාම විධිමත් කරන්න අවශ්‍යයි. නුගේගොඩට යනකම් පයින් යන්න පුළුවන් මාර්ගයක් හදන්න සැලසුම් කරලත් තියෙනවා.
ප‍්‍රශ්නය කෝට්ටෙ නගරයේ බොහොම වෙනස්කම් කරනව වගෙයි.
පිළිතුර රටක සංවර්ධනයට, පරිසරයත් අදාළයි. පරිසරය පියකරු වෙන්න ඕනෑ. නාගරික සංවර්ධන අධිකාරියෙන් ජනතාවට ප‍්‍රසන්න නගරයක් ඇති කරනවා.
කෝට්ටේ හා මහරගම නගර සභා බල ප‍්‍රදේශවල පසුගිය සෙනසුරාදා (2) සිට පැය 72 ක කාලයක් ජලය කපා හරින බවට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදන කර තිබුණත් පැය 96 ක් ගතවන තුරුත් ජලය සැපයීමට මණ්ඩලය අපොහොසත් විය. මෙම නගර සභා දෙකේ වෙසෙන ලක්ෂ ගණනක් වූ ජනතාවගෙන් සියයට 95 ක පමණ පිරිසක් පාවිච්චි කරනු ලබන්නේ නළ ජලයයි. දින 4 ක කාලයක් නළ ජලය නොලැබීමෙන් මෙම ජනතාව අතිශයින් අසීරුතාවකට පත්වී සිටියහ.
මේ පිළිබඳව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ආර්.ඩබ්ලිව්.ආර්. පේ‍්‍රමසිරි මහතාගෙන් විමසුවෙමි.
ප‍්‍රශ්නය පැය 72 න් ජලය සපයනවා කිව්වට බැරිවුණා නේද?
පිළිතුර ඔව්. හිතුවට වඩා පොඩි කාලයක් ගියා.
ප‍්‍රශ්නය දියත උද්‍යානය අසල පාලම උස් කිරීමේදී මේ ජල නළයට හානිවෙලා කියල ආරංචියි.
පිළිතුර නෑ.... නෑ.... එහෙම එකක් නැහැ. පාලම ඇතුළෙත් නළ එලන්න තියෙන්නෙ. විශේෂයෙන් ඒ පාලම අබලන් තත්ත්වයක තිබිල තියෙන්නේ. ලොකු ජල ගැල්මකදී ජලය බැසයාමේ අපහසුවකුත් තිබිල තියෙනවා.
ප‍්‍රශ්නය පාලම ඇතුළෙන් නළ එලන්නේ ඇයි? කලින් තිබුණේ පාලම යටින් නේද?
පිළිතුර ජලය ගලා යනවිට කුණු රොඩු රැඳිලා ක‍්‍රමවත්ව ජලය බැස ගියේ නැහැ. ඒ නිසා පාලම ඇතුළතින් නළ එලීමට තීරණය කළේ ජලය බැසයාම විධිමත්ව සිදුවිය යුතු නිසා.
ප‍්‍රශ්නය නළ එලීම මෙතරම් ප‍්‍රමාද වුණේ?
පිළිතුර මේ නළ එලීම බොහොම ව්‍යාකූල එකක්. සරල නැහැ. හේතුව මෙතැන එක දිගට නළ එලීමක් තිබුණේ නැහැ. නළ එලීම වංගු සහගත එකක්. ඒ නිසා බලාපොරොත්තු වුණාට වඩා වැඩි කාලයක් ගතවුණා.
ප‍්‍රශ්නය මේ පාලම උස් කළේ දියවන්නා ඔයේ බෝට්ටු රේස් යන්නද?
පිළිතුර මම නම් එහෙම එකක් දැනගෙන හිටියෙ නැහැ. එහෙම එකක් දන්නෙත් නැහැ.
ප‍්‍රශ්නය දින තුන හතරක් ජලය නැතිවුණාම මිනිස්සු විශාල අසීරුවකට පත්වෙනවා.
පිළිතුර ඔව්. බලාපොරොත්තු නැති විදියට අලූත්වැඩියා කටයුතු කල් ගියා.
ප‍්‍රශ්නය කඩිනමින් අලූත්වැඩියා කරල කල්වේලා ඇතිව ජලය ලබාදීම මණ්ඩලයේ වගකීම.
පිළිතුර අපිත් බලාපොරොත්තු වුණේ එහෙම තමයි. ඒත් ඉතින් අහඹු දේවල් සිදුවෙනවා.
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොළඹට වතුර නැති උනේ බෝට්ටු පදින්න පාලම උස්සපු නිසාද?
ජල සම්පාදන සේවක පිරිස Friday, 15 August 2014 08:57 AM
අපි හැමෝම නම් දන්නවා ඇත්තටම වතුර නැති වුනේ බෝට්ටු පදින්න පාලම උස් කරපු නිසා කියලා (නදී)_
ලෙස්ලි Wednesday, 13 August 2014 01:10 AM
එයාලට බෝට්ටු පදින්න ලැබෙනවා නම් අපිට මාසයක් වුණත් වතුර නැතුව ඉන්න පුළුවන්. (නි)
මංජු ශ්‍රී Friday, 15 August 2014 12:01 PM
පාලම ඉස්සුවට කමකුත් නැහැ, බෝට්ටු රේස් ගියාට කමකුත් නැහැ වතුර හදන්න ගිය කාලය වැඩියි. කළමනාකාරිත්වයක් නැතිනිසා පරක්කු උනේ පැය 8 ඇතුලත දෙන්න පුළුවන් (නදී)
සදුනි Wednesday, 13 August 2014 04:28 PM
ධම්මි හරි.සංවේදී කටයුතු වලදී මනා සැලසුමක් තිබිය යුතුමයි.ජලය කේන්ද්‍ර කරගෙන සංචාරක කටයුතු ප්‍රවර්ධනය කාලෝචිත ක්‍රියාවක්. (නි)
චාමික Wednesday, 20 August 2014 08:02 AM
වතුර බහින කාණුව ප්‍රමාණවත් නැති නිසා පාලම් ඉස්සුවේ මොන රටේද ? ඇමරිකාවේ, ඇමරිකාවේ!(අ)
අජිත් Wednesday, 13 August 2014 03:57 AM
දින 3ක් වතුර නැතුව ඉන්න බැහැ. ඒ ගැන චෝදනා කළාට කමක්නැහැ. නමුත් රටේ යහපතට අලුත් දෙයක් වෙනවා නම්, ඒ බවත් හදවතට අනුව හිතන්න. (නි)
ධම්ම Wednesday, 13 August 2014 11:39 AM
බෝට්ටු යන්න බට ඉස්සුවාට ඇති වැරැද්දක් නැහැ. වැරැද්ද මිනිසුන්ට නොදැරිය හැකි කාලයක් වතුර වසා සිටීමයි. මෙවැනි සංවේදී දේට අත ගහනකොට එය මනා සැලසුමකින් කළයුතුයි. (නි)
කවීෂ Saturday, 16 August 2014 05:46 AM
පැය 8 ඇතුලත හදන්න පුළුවන්නම් මංජු ශ්‍රී ඔයා ඇවිල්ලා හදලා දෙන්න එපැයි. එතන තිබුන තත්ත්වය දන්නේ එතන වැඩ කරපු මිනිස්සුයි. කට්ටිය හිතන් ඉන්නේ වතුර බටයක් එලන එක හරිම ලේසි දෙයක් කියලා. ඒකට තාක්ෂනයක් තියෙනවා, ඒ තාක්ෂණය උපයෝගි කරගෙන ඒ වැඩේ කරන්න ඕන. නැතිනම් ඉක්මනටම ආයෙත් පාලමත් එක්කම හදන්න වෙයි ඒක පිපිරුවොත්. කරන වැඩේ හරියට කරන්න නෙවෙයි ද ඕන.(අ)
Dulanga Saturday, 08 January 2022 11:54 AM
තාමත් වතුර නෑ. අනික ඔය කියනවා වගේ ට්‍රැෆික් එකක් ඔතන ගුවන් පාලමේ ඇති වෙන්නේ නෑ. ට්‍රැෆික් එක තියෙනනේ රාජගිරිය හරියෙයි, බත්තරමුල්ලෙයි. තව ඔතන වතුර හිරවීමක් හො ගොඩවීමක් හෝ නිසි ලෙස ගලා නොයෑමක්... පාලම හැදූ පසු මං දන්නා තරමින් නම් වෙලා නෑ. මෙතන අනිවාර්යයෙන් වෙන හේතුවක් ඇති. එනැතත් මෙවා කලින් හදද්දී හොයලා බලන්නේ නැතුවද හදන්නේ...