කිලිනොච්චිය සින්නපරන්තන් ප‍්‍රදේශයේ වෙල්යායක තිබී කුඩා දැරියකගේ මළ සිරුරක ඇටසැකිල්ලක් පසුගිය 19 වැනිදා සවස හමු වීමත් සමග යාපනය පාසල් සිසුවියගේ ඝාතනයෙන් උණුසුම් වූවා සේ කිලිනොච්චියද උණුසුම් වුණා. ඒකට හේතුව වුණේ පසුගිය ජුනි මාසයේ 21 වැනිදා කිලිනොච්චිය උරුදිපුරම් එ`එක්කාඩු ගම්මානයේ අතුරුදහන් වූ තුන් හැවිරිදි උදයකුමාර් යර්ෂිකා දැරියගේ මළ සිරුර බවට දැරියගේ මවත් කිලිනොච්චිය පොලිසියත් හඳුනා ගැනීමත් සමගය.
අවුරුදු තුනක් වූ මේ දැරිය අතුරුදහන් වෙලා මාසෙකට ආසන්න කාලයක් ගියාට පස්සේ මළ සිරුර හමු වුණේ 19 වැනිදා සවස කිලිනොච්චිය සින්නපරන්තන් ප‍්‍රදේශයේ කෝවිලක් අසල පිහිටි වෙල් යායක ගොයම් ගස් අස්සේ දියේ පාවෙමින් තිබියදී. මළ සිරුර හමුවෙන විට නම් අඳුරගන්න බැරි තරම් නරක් වෙලා තිබුණේ නමුත් දැරිය අවසන් වරට ඇඳ සිටි ඇඳුම් වලින් දැරියගේ මව අඳුරගත්තා.
මේ පුංචි දැරියගේ මළ සිරුර මේ විදිහට හම්බවෙන කොට ගම්වාසීන්ට වගේම කිලිනොච්චිය පොලිසියටත් දැන් ලොකු ප‍්‍රශ්නයක් වෙලා මේ දැරියට මොකද වුණේ කියන එක ගැනනම්.
පුංචි යර්ෂිකා දැරිය පසුගිය ජුනි 21 වැනිදා පවුලේ අය වූ අයියා, අම්මා වගේම තවත් නෑදැ වෙන ළමයින් දෙදෙනෙක් එක්ක අසල තිබුණු ඇළකට නාන්න ගිහින් මෙහෙම යන කොට යර්ෂිකාගේ අම්ම රෙදි සෝදන සබන් ගෙනැල්ල නැති නිසා ආපහු ගෙදර ඇවිත්. මේ ඇළ තියෙන්නේ මීටර් 500 ක් විතර දුරකින්. ඉතිං යර්ෂිකාගේ අම්මා ගෙදර එන අතරේ යර්ෂිකයි එයාගේ අයියයි අතරේ රණ්ඩුවක් වෙච්ච නිසා යර්ෂිකා දැරිය ඇළට නාන්න යන්නැතිව මග නැවතිලා, අම්මා සබන් අරන් ඇළට ගියාම යර්ෂිකා එතන නොසිටපු නිසා කට්ටියගෙන් ඇහුවම කියල තියෙන්නේ ඔවුන් සමග ඇය නොපැමිණි බවයි.
කොහොම හරි එතන ඉඳන් යර්ෂිකා හොයන්න ගත්ත උත්සාහයන් නම් අනන්තයි. යර්ෂිකා දැරියගේ අතුරුදහන් වීම ගැන ඇයගේ මව විසින් කිලිනොච්චිය පෙලිසියේ පැමිණිල්ලක් දැමීමෙන් පසුව මේ උණුසුම වැඩි වෙන්න ගත්තා. කොහොම හරි ගමේ අයගේ විස්තර වලිනුයි පවුලේ අයගේ විස්තර වලිනුයි පොලිස් පොත් පිරුණත් යර්ෂිකා ගැන කිසිම හෝඩුවාවක් ලැබුණෙ නම් නැහැ.
කොහොම හරි පුංචි යර්ෂිකා හොයන්න පොලිසිය විශේෂ කාර්ය බළකාය, යුදහමුදාව හා ප‍්‍රදේශවාසීන් එක්ක දහසක් පමණ දෙනා එ`එක්කාඩු ගම්මානයේ වැව් ඇළවේලි වෙල්යායවල් සියල්ලකම දින ගණනාවක් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කළද වැඩක් නොවුණේ පුංචි යර්ෂිකා ගැන කිසිදු හෝඩුවාවක් නෙැලැබුණි. මේ අතර වාරයේ ගම්වැසියන්ගේ විවිධ කටකතා විය. යර්ෂිකා දිය නෑමට ගිය ඇළේ විශාල කිඹුලෙකු සිටින බවත් කිඹුලාගේ ගොදුරක් වන්නට ඇති බවටත්, තවත් කටකතාවක් වූවේ යර්ෂිකාගේ මවගේ අනියම් සැමියෙකුට දැරිය ලබා දී ඇති බව හෝ මුදලට විකුණා ඇති බවට යන අයුරිනි. කොහොම හරි එ`එක්කාඩු ගම්මානයේ සෝදිසි කරපු කුඹුරු යායකම ගොයම් අස්සෙ තිබිලා යර්ෂිකාගේ මළ සිරුර හම්බ වෙද්දි හැම කෙනෙකුටම ලොකු ප‍්‍රශ්නයක් වෙලා මෙච්චර කාලයක් යර්ෂිකා දැරියට මොකද වුණේ කියන එක සහ මිය යාම සම්බන්ධයෙන් මේක දැන් කිලිනොච්චි පොලිසියටත් ගැටලූවක් වෙලා.
දැනට කිලිනොච්චිය පොලිසිය සැක කරන්නේ යර්ෂිකා දැරිය කුමන හෝ කාර්යක් සඳහා පැහැරගත් අය විසින් මෙම මරණය සිදු කොට ඇති බවයි. යර්ෂිකා දැරිය පැහැර ගැනීමෙන් පසුව යුද හමුදාව හා පොලිසිය එක්ව සෝදිසි කරන විට පැහැරගත් පාර්ශවය බිය වී මෙම ඝාතනය කොට කුඹුරේ ලියද්දක ස`ගවන්නට ඇති බවට තමයි කිලිනොච්චිය පොලිසිය කියා සිටින්නේ.
මේ වෙන කොට අදාළ මළ සිරුරේ කොටස් විශේෂ පරික්‍ෂණයක් සඳහා කොළඹට යවා තිබෙනවා. ඒ මෙම දැරියගේ මරණය කුමන ආකාරයකින් සිදුව ඇත්ද යන්න සෙවීම සඳහා කොහොම වුනත් කැලේ පිපුණ අහිංසක මල් කැකුළක් අකාලයේ අහිමි වීම ගැන පුළුල් පරික්‍ෂණයක් සිදු කොට වරද කරුවන්ට නිසි ද`ඩුවම් දිය යුතුය.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිලිනොච් දැරියගේ ඝාතකයා තවමත් රහසක්
කනිෂ්ක Monday, 27 July 2015 11:47 AM
මිනිසුනේ බඩට කලින් ජීවත්වෙන්න රටක් ඉතුරුකරගනිල්ලා... (ර)
ක්‍රිෂාන් Thursday, 30 July 2015 08:00 AM
මේ අපරාද නැති කරන්නනම් එල්ලුම් ගහ ගේන්නම වෙනවා.අපේ රට දැන් තිරිසනුන්ගෙන් පිරිලා.(ම)