හිරුණිකා යනු වෙඩි උණ්ඩයක් නිසා ජීවිතය අහිමි වූ දේශපාලනඥයකුගේ දියණියකි. ඒ වෙඩි උණ්ඩය අපට කියා දෙන්නේ දේශපාලන ත‍්‍රස්තවාදයක් මිස අනෙකක් නොවේ. භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ සමුගැනීමෙන් පසු ඔහු වෙනුවෙන් උපන් දේශපාලන බලවේගය හිරුණිකාය. මහ සුළඟට ගල් පර්වත නෙසෙල්වෙන්නේ යම් සේද ඇයද බොහෝ රැවුම් ගෙරවුම්, අසාධාරණකම් ජයගනිමින් පෙරට පැමණ සිටී.
හිරුණිකා යනු දේශපාලන කරළියේ නව මගකි. හුදෙක්ම අසාධාරණය මගින් උපන් සාධාරණ කාන්තා බලවේගයකි. බස්නාහිර පළාත් කොළඹින් වැඩිම මනාප දිනූ ඇගේ කතාබහට අපි ඉඩක් වෙන් කරමු.
.jpg)
ප‍්‍රශ්නය - හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියට දේශපාලනයට එන්න ඕනෑ කියන අදහස ආවේ කවදාද?
පිළිතුර - ඇත්තටම දේශපාලනයට එන අදහස පාසල් යන කාලෙ ඉඳලම මගේ හිතේ තිබුණා. ඒක හදිසියේ ඇතිවුණු දෙයක් නෙවෙයි. තාත්තා ජීවත්ව
|
|
ඉන්න කාලෙත් මා දේශපාලනයට එනවා කියලා තාත්තට කියල තිබුණා. 2011 ප‍්‍රාදේශීය සභාවටත් ඉල්ලන්න අවශ්‍යතාව තිබුණා. ඒ වෙලාවෙ තරඟ නොකලෙ, එකක් මා නීති විභාගය කරල තිබුණෙ නෑ. අනික තාත්තා කිව්වා, ඔයා දේශපාලනයට පැමිණිය යුත්තේ විවාහ වෙලා මවකුත්වෙලා යම් ස්ථාවරත්වයකට ආවට පස්සෙ කියලා. නමුත් මගේ අරමුණ ඊට කලින් සිද්ධවුණා.
ප‍්‍රශ්නය - පියාගේ අහිමිවීම ඔබට ලොකු වේදනාවක් බවට පත් වුණා. නමුත් අද ඔබ පළාත් සභා මන්ත‍්‍රීවරියක්. මෙතැනින් ඔබේ පියාට සාධාරණයක් වුණා කියල ඔබ විශ්වාස කරනවද?
පිළිතුර - තාත්තා අන්තිමට පාර්ලිමේන්තුවෙ හිටියෙ 2004 දී. ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙ හිටියෙම නෑ. ජනාධිපති තුමාගෙ වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් විදියට හිටියෙ. ජනතාව ඔහුට තියන ප‍්‍රසාදය ආයෙත් පෙන්වන්න තාත්තට ලොකු වුවමනාවක් තිබුණා. නමුත් එයාට ඊට අවස්ථාව ලැබුණෙ නෑ. පළාත් සභාවේ මේ විදියට තැනකට ඇවිත් මම පෙන්නුව ජනතාව සත්‍යය අසත්‍යය, යුක්තිය, අයුක්තිය ගැන හිතන බව. ඒ අතින් මා සතුටු වෙනවා මේ තරම් ඡන්ද මට ලබා දීමෙන් මගේ පියාට සාධාරණයක් වුණා කියලා.
නමුත් මේක හරි සාධාරණය නොවෙයි. ඒ සාධාරණය ඉෂ්ඨ වෙන්නේ ඔය මිනීමරුවන්ට දඬුවම් ලැබුණු දවසටයි. අපට සැනසිල්ලෙ නිදාගන්න ලැබෙන්නෙ ඔවුන් ඒ දඬුවම් විඳපු දවසටයි. මගේ තාත්තගේ ඔළුවට වෙඩි තියපු මිනිහ මගේ මූණ දිහා බලන්නෙ හරියට හපන්කමක් කළා වගේ. සමාජයේදීත් ඔවුන් මෙහෙමනෙ. අහවලා මැරුවෙ මා කියලනෙ කියන්නෙ. ඒක වීරකමක් වගේ අපටත් පෙන්නනවා. මා මන්ත‍්‍රීවරියක් වුණාට එදා තිබුණ දුක මට අදටත් තියනවා. මම හදවතින් අවංකව හිනා වෙන්නෙ මේ වැරදිකාරයො දඬුවම් විඳින කොටයි.
ප‍්‍රශ්නය - පියාගෙ මරණින් පස්සෙ ඔබ දිගින් දිගටම මාධ්‍යයේ කිව්වා, කොළොන්නාවේ කුඩු වලට තිත තියනවා කියලා. දැන් කොහොමද ඒ කටයුතු?
පිළිතුර - කොළොන්නාවේ කුඩු ගේන්නෙ, කුඩු ව්‍යාප්ත කරල තියෙන්නෙ එක පුද්ගලයෙක්. කොළොන්නාවට විතරක් නෙවෙයි මුළු කොළඹ දිස්ත‍්‍රික්කයටම වෙන තැනක් දුන්නොත් ඔහු මේ බිස්නස් එක එතනත් කරනවා. ඔහුට තියන එකම ආදායම් මාර්ගය කුඩු බිස්නස් එක. කොළොන්නාවේ මරණ ගෙවල් 10කට ගියොත් එයින් අටක්ම කුඩු බීල මැරිච්ච අය. කොළොන්නාවේ සිංහපුරේ බලන්න. කට් ඇන්ඞ් කලූ, දම්මිකා මේ සේරම කුඩු බිස්නස්... කාගේ අයද? තෙල් බාලල එහෙමත් එහෙමයි. තාත්තා මරන්න ප්ලෑන් කළෙත් තෙල් බාලලගෙ ගෙදරනෙ. හැබැයි වැල්ලම්පිටියෙ පොලිස් ස්ථානාධිපතිතුමා කුඩු මර්දනයට විශාල උත්සාහයක් දරනවා. මට පුළුවන් උපරිම සහාය ඒ සඳහා ලබා දෙනවා. නමුත් දේශපාලනය එක්ක ගෑවුණු කුඩු ප‍්‍රශ්නයක් කොළොන්නාවේ තියෙන්නෙ. බලමු ඉදිරියට.
ප‍්‍රශ්නය - ඔබ කිව්වා, ඔබේ පියාගේ ඝාතනය තෙල් බාලගෙ ගෙදරදී ප්ලෑන් කළා කියලා. ඒ කියන්නේ භාරත ලක්ෂ්මන් ඝාතනය සිදුවුණේ ක්ෂනිකව නෙමෙයි. සැලසුම් කිරීමක් මත.
පිළිතුර - තෙල් බාලගෙ ගෙදරදී උදේ කට්ටිය කතා වෙලා තියනවා. අද දවස ඇතුළත භාරත මරණවා කියලා. මේ ගැන තාත්තටත් ටෙලිෆෝන් කෝල් ආවා. නමුත් ඔහු ඒවා ගණන් ගත්තෙ නෑ. මේ වගේ දෙයක් කරාවි කියලා තාත්තා හිතුවේ නෑ. නමුත් හැන්දෑව වෙද්දී ඒ සැලසුම ප‍්‍රසිද්ධියේ සිද්ධකළා.
ප‍්‍රශ්නය - ඔබට සංවිධායක කම ලැබිල තියෙන්නෙ එ.ජාප. යේ බල කඳවුරක් වන මැද කොළඹ. ඉදිරිය ඔබේ ගමනට පහසු වේවිද?
පිළිතුර - ඇත්ත... පසුගිය මැතිවරණයේදී මට වැඩිම මනාප ලැබුණෙ කොළොන්නාවෙන්. දුමින්ද සිල්වාටවත් කොළොන්නාවෙන් මට තරම් මනාප නෑ. මැද කොළඹින් වෙනදාට වඩා වැඩි ප‍්‍රවණතාවක් මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණා. ඉදිරියට මගේ ජනතා සේවය කොළොන්නාව මැද කොළඹ මුල් කරගෙන විසිරී පැතිර යාවි. මම කොළොන්නාව අත අරින්නෙ නෑ.
ප‍්‍රශ්නය - කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ලැබුවට ඔබට මොකුත් තනතුරක් ලැබුණෙ නෑ. ඒ ගැන දුකක් නැද්ද?
පිළිතුර - නෑ මම අලූතින් ආපු කෙනා. තව ජ්‍යෙෂ්ඨ අය ඉන්නවනෙ. මම කොහොමත් ඇමතිකමක් බලාගෙන හිටියෙ නෑ. ඇමති කමක් ලැබුණත් නැතත් පළවෙනියා වීමේදී යම් වැඩි වරප‍්‍රදායක් ලැබෙනවා. මට දීර්ඝ කාලීනව ඇමතිකම් බලාගෙන වැඩ කරන්න අදහසකුත් නෑ, ඇමතිකම වුණත්, මන්ත‍්‍රීකම වුණත් කළ හැකි වැඩ කොටස කරනවා.
ප‍්‍රශ්නය - ඔබට ඡන්දය දීපු අයට සාධාරණයක් කිරීමේ ශක්තිය ඔබට තියනවද?
පිළිතුර - මට මනාප ලැබුණෙ හේතු කීපයක් මත. එකක් තාත්තගෙ මරණින් පස්සෙ මම ගෙන ගිය සටනට දිරි දීපු පිරිසක්. තව අය ‘‘පවු’’ කෙල්ලෙක්නෙ කියල ඡුන්දෙ දීපු අය ඉන්නවා. තාත්තා වෙනුවෙන් ඡුන්දෙ දීපු අය හිටියා. පාවෙන ඡුන්ද තරුණ තරුණියන්ගෙ ඡුන්ද ලැබුණා. උදව් බලාපොරොත්තුවෙන් ඡන්දෙ දීපු අයත් ඇති. මෙතනින් සීයට 70ක් විතර කිසිම දෙයක් බලාගෙන ඡුන්දෙ දීපු අය නෙවෙයි. නිතරම මාව හමුවෙන්න එන්නෙ හැමදාම දකින මුහුණු. කොහොම වුණත් පක්ෂ පාට භේදයක් හිරුණිකාට නෑ. කළ හැකි උදව්ව මම කරනවා.
ප‍්‍රශ්නය - අපි දන්න හැටියට ඔබ කාලයක් නිරූපණ ක්ෂේත‍්‍රයේ හිටියා. ඒක සිද්ධ වුණේ කොහොමද? නිවසින් කැමැත්ත ලැබුණාද? නැත්නම් ඔබේ කැමැත්තටද ඒවා කළේ?
පිළිතුර - ඇත්තටම මම කළේ මොඞ්ලින් නෙවෙයි. මම එංගලන්තෙ ඉන්නකොට එක මැගසින් එකකට හින්දි විදිහට ඇඳල පෙනී සිටියා. පස්සෙ ලංකාවට ආවට පස්සෙ අම්මට ලොකු වුවමනාවක් තිබුණා ශ්‍රී ලංකා රූ රැජින තරඟයට මාව ඉදිරිපත් කරන්නට තාත්තා ඒකට කැමති වුණේ නෑ. එයා කිව්වෙ ඔයා අනාගතේ දේශපාලනය කරනවා නම් කවදහරි ඔය දේ අවාසියක් විදිහට ඒවි කියලා. මා ඒකට තර්කත් කළා. තාත්තටත් ප‍්‍රශ්නයක් වේවි, නොයෙක් පින්තූර ගන්න තියනවනෙ කියලා. මම එයාට ගොඩක් කරදර කරල තමයි අන්තිමට කැමැත්ත ගත්තෙ. පස්සෙ මම ලංකා රූ රැුජින තරගෙට ඉඳල ජාත්‍යන්තර රූ රැජින තරගයටත් ගියා. තාත්තා නැතිවුණ දවසෙම පහුවදා රූ රැුජින එකට ගත්ත පින්තූර වෙබ් අඩවිවල පිළිකුල් විදිහට ප‍්‍රචාරය කරල තිබුණා පින්තූර ගත්තු අය කිව්වා ඒවා එකක්වත් එළියට යන්නෙ නෑ කියලා. මට මඩ ගහන්න සමූහ පින්තූරත් දාපු නිසා තවත් ගෑණු ළමයි හරි අපහහසුතාවට පත්වුණා. පස්සෙ පස්සෙ මේවා වෙබ් වල දාලා මට මඩ ගහන කොට තාත්තගෙ පින්තූර ළඟට ගිහින් ‘‘අනේ තාත්තා කිවුව දේ අහපු නැති නිසයි’’ මේ දේ වුණේ කියල අඬනවා. තාත්තා කිව්ව සමහර දේවල් අහන්නෙ නැතුව මා වරද්දා ගත්ත තැන් කීපයක් තියනවා.
ප‍්‍රශ්නය - දැන් හිරුණිකාගේ වයස කීයද?
පිළිතුර - අවුරුදු 26යි.
ප‍්‍රශ්නය - මන්ත‍්‍රීධූරය දරන ගමන් අධ්‍යාපන කටයුතු සිදු වෙනවද? නැත්නම් නැවතිලාද?
පිළිතුර - දැන්නම් ඇත්තටම කෙරෙන්නෙ නෑ. නීතිවේදී විභාගය ඉවරයි. එහි අවසන් විභාගය ලියන්න බැරිවුණා. ඒක ඉක්මණින්ම ඉවර කරනවා. ඉදිරි ගමන නීතිඥ නමින් ගියාම තවත් වටිනාකමක් තියේවි කියලා මා විශ්වාස කරනවා.
ප‍්‍රශ්නය - දැන් ඔබ ඉන්නෙ විවාහ වෙන වයසෙ කොහොමද පෙම්වතෙක් එහෙම ඉන්නවද?
පිළිතුර - මට පෙම්වතෙක් හිටියා. ඇමතිකෙනෙකුගෙ පුතෙක් නමුත් තාත්තාගෙ මරණින් පස්සෙ ඒක නැතිවුණා. අපි අවුරුදු පහක් විතර ආදරසම්බන්ධය පැවැත්තුවා. මට හොඳ යාළුවො පිරිසක් ඉන්නවා. පෙම්වතෙක් කියලා කෙනෙක්... මෙහෙමයි බඳිනවා කියලා ස්ථිරව කවුරුත් නෑ.
ප‍්‍රශ්නය - හිරුණිකා විවාහ වෙන කෙනා කොහොම කෙනෙක් විය යුතුයි කියලද ඔබ විශ්වාස කරන්නෙ?
පිළිතුර - එයා කෙළින් කතා කරන්න ඕනැ. කිසි දේකට බය වෙන්න බෑ. අනිවාර්යෙන් දේශපාලනය කරන්න ඕනැ. පිරිමි කටහඬක් තියෙන්න ඕනෑ. හොඳට තර්ක විතර්ක කරන්න පුළුවන් වෙන්න ඕනැ. ඒ ඇති.
ප‍්‍රශ්නය - ඔබට ගෙදර දොර වැඩ කටයතු එහෙමත් පුළුවන්ද?
පිළිතුර - මට උයන්න හොඳට පුළුවන්. ඉස්සර මම උයාගෙනත් කෑවනෙ. කොහොමත් දැන්නම් උයන්න වෙලාවක් නෑ.
ප‍්‍රශ්නය - ඔබට වෙනත් පක්ෂ වලින් ආරාධනා ලැබිලත් තියනවද?
පිළිතුර - දැන්නම් නෑ. ඉස්සර එ.ජා.පයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් එහෙම කතා කළා.
ප‍්‍රශ්නය - ඊළඟ මැතිවරණයකදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අදහස කොහොමද?
පිළිතුර - අවස්ථාවක් ලැබුණොත් තරඟ කරනවා. ප‍්‍රාදේශීය සභාවක හිටියත් බලාපොරොත්තුව පාර්ලිමේන්තුවට යාමනෙ. මටත් ඒ අරමුණ තියනවා. ඉදිරියේ වැදගත්, උගත් පිරිසක් පාර්ලිමේන්තුවට ඒවි. එදාට වැදගත් මංගල කතාවක් කරන්න මගේ හීනයක් තියනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම ඔබ හොද අදහස් තියෙන පොලවේ පයගහල ඉන්න හොද කෙනෙක් කියල මගේ නම් අදහස. මම ඔබට සුබ පාතනවා සහෝදරි.(දී)
ඔබේ පියා මරා දැමුවා මිනිසුන්ට නිසි දඬුවම් ලැබෙවියයි ඔබ හිතනවද? (නදී)
නියමයි! (නි)
ඔබගේ දේශපාලන ගමන් මගට සුභපතනවා (දී)
ඉදිරියට යාමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා (දී)
හිරුනිකා, ඔබ ඇත්තටම නියම එඩිතර ගැහැනියක්. ඔබට වරදින්න විදිහක් නැහැ. අනිවාර්යයෙන්ම. ඔබේ පැතුම ඉටුවේවි. මම නිතරම දෙවියන්ගෙන් ඉල්ලනවා.(නදී)
ඔබට ජයෙන් ජයම වේවා... ජය ශ්‍රී...(අ)
හිරුණිකා දියණිය, ඔබ ඔය එඩිතරකමෙන්ම ඉදිරියට ගියොත් කවදාහරි මේ ලක් මෑණියන්ගේ කඳුලු පිසදාන්න ඔබට පුලුවන් වේවි. (නි)
ඔබට සුභපතනවා (දී)
ඔබ දැන් ශ්‍රිලංකාවේ මැදට ඇවිත් තියෙන්නේ ඒ කියන්නේ හැමෝම ඔබව දන්නවා එඩිතරකමකුත් තියෙනෙවා. පලිගන්න චේතනාව හිතින් අයින් කරගන්න. වරදට දඩුවම් අනිවාර්යයි (නදී)
කුඩු නැති කිරීමට ඔබ තොර ගත යුත්තේ පොලිසියේ හෝ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ ඉහල තනතුරකි. දේසපාලනය කිරීමෙන් ඔබද කුඩු කරුවන්ගේ ගොදුරක් විය හැකිය. දෙසපලනයේ සිට ඔබට කළහැකි එකම දෙය කුඩු වලට ඇබ්බෙහි වූවන් ඉන් මුදාගැනීමට,පුනුරුත්තාපනය කිරීම හෝ නඩත්තුව සඳහා සමාජසේවා ආයතනයක් ඇරබීම පමණි. ඔබගේ අවංක අරමුණ ඔබව ශ්‍රී ලාංකීය සමාජයේ ඉහලම තලයකට ඔසවා තබනු ඇති නමුත් එය දේසපාලනය නොවේ . අනපේක්ෂිත සිදුවීමක් නිසා ඔබ අපේක්ෂාකළ සුන්දර ජීවිතය අතහැර . ජීවිතයේ ඉතිරි සම්පූර්ණ කාලයම අහිමිවූ පියාණන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට යොදා නොගන්න. (දී)
ඔබට ජය (දී)
භාරත ලක්ෂ්මන් දේශපාලකයා නොව තාත්තා දුවක් ලෙස ඔබ සිටිනු බලාපොරොත්තු වූයේ කෙසේද . ඔබට ජය (දී)
ජයෙන් ජයම වේවා...(නදී)
"කෙලින් කතා කරන පිරිමි කටහඩක් මගේ පෙම්වතා වේවි" අයියෝ එහෙනම් ඔයාටත් සදා සොත්ති භවන්තු තේ. එහෙම අයත් කාලයක් හිටියා මේ දේශපාලනේ. ඔයා කෙලින් වැඩ කලාට තවම තාත්තගේ මිනිමරුවට දඩුවම් දෙන්න මොකද ඔච්චර පැකිලෙන්නේ.(නදී)
කුඩු හා දේශපාලනය යනු පොත්තට ගස මෙන් ගසට පොත්ත මෙන් බැදුණු දෙයකි (නදී)
ඔයාගේ උගත් කම ,අවංක බව හොදින් පේනවා.අලුත් ගණන් වලට අනුව තව අවරුදු 17-20 කය කදී මුළු සිංහල ප්‍රජ වෙන් 80% කුඩු වලටත් අනෙත් පිරිස අදික මත පැන් සහ වෙනත් දෙවලින් විනාශ වෙනවා. (අ)
මේ වගේ කතා කව්රුත් කියනවනේ. ලංකාවේ අය මේවා ඉස්මුදුනින් පිලිගන්නවනේ (නදී)
මම දන්නේ දැක්කේ පච්චයක් තියෙනවා ඇඟිල්ලේ (දී)
නිලන්ත ඔබේ අදහස වැරදියි. පොලිසිය කරන්නේ දේශපාලකයාට අවැසි දේ. ඔබ හරිම බොළඳයි . හිරුනිකා, ඔබේ අදහස් හොඳයි. ඔබේ අරමුණ කෙසේද ජය ගන්නේ තාත්ත මරපු උන්ව රකිනා අය ඉන්නා තැනක. (නදී)
හිරුනිකා ඔබ එඩිතර වගේම පෞරුෂත්වයක් තියෙන කාන්තාවක් . නිවැරදි තීරණ ගත්තොත් ඔබට වරදින්නේ නැහැ. කාන්තා අපි ඔබට කවදත් සුභපතනවා,ජයවේවා! (නදී)
කුඩු එක්ක හැප්පෙන්න පුළුවනි නම් ඔබට රටම උනත් දිනන්න පුළුවනි. මොකද අද රට කරවන්න කුඩු කාරයොත් ඉන්න නිසා. උන් එක්ක හැප්පෙන එක ලේසි වෙන්නේ නැහැ. පරෙස්සමෙන්. ඔබට මේක කරන්න පුලුවනිනම් රටම ඔබට සහයට එයි.(නදී)
ලසන්ත, ඒ පච්චයක් නෙවේ. වරදියි කියල බයට මගුල් මුද්ද දාන තැන කල්තිය සලකුණු කරගෙන. වැඩිය ඒ ගැන හිතන්න එපා.(නදී)
ඔබට ජයෙන් ජයම වේවා ! (නදී)
ඕකට සුදුසුම කෙනා තමා දුමින්ද, අනේ මන්ද මට නම් මෙයාගේ ලස්සනක් පෙනෙන්නේ නැහැ රූප රැජිනියක් වන්න තරම්. (ස)
ඔබගේ ඉදිරි ගමනට මගෙන් උනුසුම් සුභ පැතුම් (නදී)
ඇත්තටම සන්තෝසයි ඔයාගේ මේ එඩිතර කම ගැන. ඒ වගේම මමත් කොලොන්නාව වැල්ලම්පිටිය , මට පුළුවන් හැම අවස්ථාවකම ඔබට සහයෝගය දෙනවා. හැබැයි සාදාරණ විදියට අපි සැමට ජීවත් වෙන්න ඕනේ. (නදී)
හිරුනිකා දියනිය ඔබ ඔය එඩිතර කමෙන්ම ඉදිරියට ගියොත් කවදා හරි මේ ලක්මෑනියන්ගේ කඳුලු පිසදාන්න ඔබට පුලුවන් වේවි! (නදී)
ඔබට ජයෙන් ජයම වේවා! (නි)
ඔබ උගත්කමත්, බුද්ධිමත්කමත් සහිතව දේශපාලනය කියන වචනයට ගෞරවයක් ගෙනදෙන අයුරින් ක්‍රියාකරනු ඇතැයි සිතමු. ඔබට ධෛර්ය,ශක්තිය ලැබේවායි පතමු. ඔබට ආරක්ෂාව ලැබේවායිද පතමු. (නි)
ඔබට ජය! (නි)
දේශපාලනේ කරන කට්ටිය ගැන අහලා අහලා ඇති වෙලා. (දී)
පළමුව ඔබ ජීවිතය පටන් ගත් හැටි අමතක නොකරන්න. ඔබගේ පියාගේ සැබෑ මිතුරන් හැඳින ගන්න. වාසිය තකා තනතුරු බලා ඔබට ළං වූ අය ගැන විමිසිලිවත් වන්න. එසේ කළහොත් ඔබට හොඳ අනාගතයක්. නැතිනම් අනාගෙන කන්න වෙන්නේ. (නදී)
ඔබට සුබ අනාගතයක් තිබෙනවා ප්‍රතිපත්ති ගොඩක් වටිනවා. මිනිස්සු ගරු කරන්නේ ඒවාට . (නදී)
ඔබට ඡන්දය දුන් අය ගැන නිවැරදි වැටහීමක් ඇති බව පෙනෙනවා. ඔය විදියට හිතො මහ පොළවේ පයගහලා හිටියොත් දුර ගමනක් යන්න පුළුවන්. අපි ඔබට ආශිර්වාද කරනවා. (නි)
බල්ලා මගේ කකුල කෑවට මම කනවද බලු කකුල කියා පළමුව ඔබ ස්ථාවරත්වයක් හදාගන්න (නදී)
කුඩු නවත්වන්න නම් ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ බලය බිඳ දැමිය යුතුයි. රටෙන් අඩක් වකුගඩු රෝග වලින් මැරෙද්දි විනෝද වෙන කාර් රේස් යන දේශපාලුවන් ඉන්න රටක් මේක.(නදී)
ඔබගේ කතාව අගය කරනවා හිරුනික. ඔය ප්‍රතිපත්තියම දිගටම තියාගෙන ඉන්න. කතාවෙන් කියන දේ සියට සීයක්ම බැරි උනත් ඔයාට පුළුවන් උපරිමයෙන් කරන්න. (දී)
ඔබේ ඔය ප්‍රතිපත්තිය ගැන අපි සතුටුයි (දී)
හොඳයි
සුභ පැතුම් සහෝදරී (නදී)
මතට තිත තැබීමට හැකි නම් ගොඩාක් හොඳ දෙයක්. ඒත් ඒක දැන් ව්‍යාප්තිය වැඩි වෙලා තියෙන්නේ (නදී)