IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කාර්ය සාධක බළකායේ පත්කිරීම් ගැන විවේචන

එක රටක් - එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා පිහිටුවන ලද නව කාර්යසාධක බළකාය පුවත් මවන සංසිද්ධියක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම එහි සභාපතිත්වයට පත් කරන ලද බොදුබල සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ පත්වීම සමාජයේ බොහෝ දෙනා විසින් ප්‍රශ්නයට ලක්කර ඇත. මේ ගැන මුලින්ම රජයට සිය අකමැත්ත හා කනස්සල්ල පළ කර තිබුණේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් බව ප්‍රකාශිතය. සබ්‍රි මහතාගේ විරෝධයට අදාළ වන හේතු සාධක ඔහු විසින් වගකිවයුත්තන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.

අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස එක රටක් - එක නීතියක් ස්ථාපිත කිරීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයෙහිලා උත්සුක වෙමින් සිටින වකවානුවකදී ඔහුගේ අනුදැනුමක් හෝ මත විමසුමක් නොකර ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නීති විෂයට අදාළ කාර්යසාධක බළකායක් පත් කිරීම ගැන අමාත්‍ය අලි සබ්‍රි අග්‍රාමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ද කරුණු දක්වා තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වීම නිසා ඔහු සමඟ සාකච්ඡාවකට ඉඩක් ලැබී නැත.

‘එක රටක් - එක නීතියක්’ යන සංකල්පය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රටට ඉදිරිපත් කළ අදහසකි. එය ඉටුකිරීමට ජනවරමක් ජනාධිපතිවරයාට හිමි වී ඇති බැවින් ඊට උචිත පියවර ගැනීම වරදක් නොවේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අධිකාර පත්‍රය අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ව්‍යවස්ථා විශාර ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවට  රජය ලබා දී ඇති ප්‍රධාන මඟපෙන්වීම වන්නේ නව ව්‍යවස්ථාව තුළින් එක රටක් - එක නීතියක් යන සංකල්පය තහවුරු කිරීමය. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදන කමිටුව මේ වන විට දේශපාලන පක්ෂ සහ තවත් සංවිධාන ගණනාවක මත විමසා ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ඇත.

තවත් සති කිහිපයකින් එම කෙටුම්පත ධවල පත්‍රිකාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයේ මූලික සාකච්ඡාව පිණිස යොමු කරන බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙයට දෙසතියකට පමණ පෙරදීය.
මෙම පසුබිමේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එක රටක් - එක නීතියක් සංකල්පය උදෙසා විශේෂ කාර්යසාධක බළකායක් පිහිටුවීම අවශ්‍ය ද? උචිත ද? යන්න සලකා බලනු වටී. ජනාධිපතිවරයා මේ ගැන සිය පාර්ලිමේන්තු කණ්ඩායමට ප්‍රකාශ කර තිබුණේ අදාළ කමිටුව පත් කළේ තමන්ට උපදෙස් දීමට මිස නව නීති සම්පාදනයට නොවන බවයි. එහෙත් එක රටක් - එක නීතියක් වැනි සංකීර්ණ විෂයක් උදෙසා පත් කළ කාර්ය සාධක බළකායක ප්‍රධානත්වය නීතිය පිළිබඳව විශාරදයකුට නොපවරා ඥානසාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙවන් කාර්ය සාධක බළකායක් පත් කිරීම සාධාරණ ද යන්න විමසිය යුතු ප්‍රශ්නයකි. විධායක ජනාධිපතිතුමා පත් කරන කාර්ය සාධක බළකායට ඔහුට අභිමත කෙනකු පත් කිරීමේ බලය නීතියෙන් හිමිවේ.

එහෙත් එම පත්වීම් සමාජයේ සාධාරණ පිළිගැනීමට ලක්විය යුතුය. මේ ගැන ප්‍රතිවිරුද්ධ තර්ක ඉදිරිපත් කරන ආණ්ඩුවට සහාය දෙන ඇතැම් දේශපාලන මතධාරීන් කියා සිටින්නේ අධිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පත් කරන ලද අවස්ථාවේදීත් මෙවැනිම සමාජ විරෝධයක් මවා තිබූ නමුත් ඔහු සිය කාර්යභාරය ඉටුකිරීමේ දී ප්‍රශස්තභාවයෙන් ක්‍රියා කොට සමාජ ගෞරවයක් දිනාගත් බවයි. එහෙත් අලි සබ්‍රි මහතාගේ පත්වීම සහ ඥානසාර ස්වාමින් වහන්සේගේ පත්වීම එලෙස තුලාවකට දමා සැසඳීමට යාම කොතරම් දුරට යහපත් අභ්‍යාසයක් දැයි මැදහත් සමාජය ප්‍රශ්න කරති.

ඥානසාර ස්වාමින් වහන්සේ සිංහල බෞද්ධ සමාජයේ කිසියම් පිළිගැනීමක් ලබා ඇති යතිවරයෙකි. එහෙත් උන්වහන්සේගේ අතීත ක්‍රියා කලාපය ප්‍රශ්න කිරීමට දැන් ඇතැම්හු පෙළඹී සිටිති. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම කතෝලික රදගුරු සමුළුවද මෙම පත්වීමට දැනටමත් විරෝධය පළ කර ඇත. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිකුත් කරන ලද ප්‍රකාශයෙහි සඳහන් වන්නේ මෙවන් කාර්ය සාධක බළකායකින් සැකසෙන නීති රටේ පිළිගත් නීත්‍යානුකූල රාමුවට අයත් නොවන බවය. රටේ නීති සම්පාදන බලතල මැතිසබයේ මහජන නියෝජිතයන් සතුව තිබිය දී මෙවන් කාර්ය සාධක බළකායකින් නීති සම්පාදනය කිරීම විධායක බලතල බාහිර පාර්ශ්වයකට පවරා දීමක් බවත් නීතිඥ සංගමය ප්‍රකාශ කර ඇත. එමගින් මහජන ස්වෛරීභාවය බිඳවැටෙන බව ද නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබේ. කතෝලික රදගුරු සමුළුව සිය ප්‍රකාශය මගින් කියා සිටියේ එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකා ගැසට්ටුව අවලංගු කළ යුතු බවය.  

දැන් මෙම කාර්ය සාධක බළකාය සමාජයේ උණුසුම් තර්ක විතර්කවලට බඳුන්ව පවතී. බොහෝ අංශවලින් එල්ල වන්නේ විවේචනය. එම නිසා එක රටක් - එක නීතියක් කාර්ය සාධක බළකාය යහපත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය වාතාවරණය සැකසීම ආණ්ඩුවේ වගකීමයි. එසේත් නොමැති නම් මෙම කාර්ය සාධක බළකාය වෙනුවට වෙනත් විකල්පයක් රජය විසින් නිර්මාණය කළ යුතුය. එසේ නොකර අන් අයගේ මත නොවිමසා කටයුතු කිරීමට යාමෙන් හෑල්ලුවට ලක්වන්නේ රටේ නීති සම්පාදන ක්‍රියාවලිය උදෙසා පත් කළ මෙම කාර්යසාධක බළකාය බව බහුතර ජනතාවගේ විශ්වාසයයි.

(***)



අදහස් (4)

කාර්ය සාධක බළකායේ පත්කිරීම් ගැන විවේචන

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 November 2021 11:59 PM

ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණ පද්ධතිය, ගරු අගවිනිසුරු තුමා ඇතුළු විනිසුරුතුමන්ලා, අධිකරණ සේවා කොමිෂන් සභාව ආදී වගකිවයුතු අංශ තිබියදී, මේ කාර්ය සාධක බලකා දමාගෙන කරනා අඳබාල වැඩ ගැන නීතිය දත් අයට ඇත්තේ පිළිකුලකි. වසර පහකට පමණ කලකට බලයට පත්වී එන දේශපාලනඥයන් කිසිදු විචාරයක් නොමැතිව රටේ නීතිය සමග සෙල්ලම් කිරීම බලවත් අපරාධයකි. ඊටත් වඩා අවාසනාව නම්, රටේ ජනතාවට මේ කිසිවක් ගැන අවධානයක් නොමැතිවීමයි. ජනසන්නිවේදන ක්ෂේත්‍රය හා නීතිය ගැන යම් පරිචයක් ඇති අප වැන්නන් රට දැනුවත් කිරීමේදී එයට අකුල් හෙලනා අය ගැන අපට ඇත්තේ කනගාටුවකි.

:       1       4

sujeewaTuesday, 09 November 2021 12:16 PM

ඔබ සඳහන් කර ඇති සියළු අංශ ක්‍රියාත්මක වනුයේ මහජන අදහස් අනුව හෝ මහජන මතය අනුව නොවේ. මෙතෙක් සකසා ඇති නීති පද්ධතිය තුලය. එම නීති පද්ධතිය යාවත්කාලීන විය යුත්තේ ජනතාවට අවශ්‍ය පරිදිය. ඒබැවින් ජනතා මතය ලබා ගැනීම සඳහා කිසියම් අවස්ථාවක් ලබා දිය යුතුය. යම් මතයක් නීතියට අනුකූල නොවීම මතම ඉවතට විසිවීමෙන් ජනමතය පිළිඹිබු නොවේ. ඒබැවින් පළමුව ජනතා අදහස් විමසා ඒ් අනුව යෝජනා ගොනු කල යුතුය. ඒසේ සකසන යෝජනා පවතින නීතියට අනුකූලද නැත්ද යන්න පිළිබඳ තීරණ. ඔබ කියූ අංශ විසින් සිදු කරනු ඇත. ඒවිට ඒම තීරණය අනුව යෝජනා හකුලා ගන්නේද, ඒම යෝජනා සංශෝධනය කරන්නේද, නැතහොත් නීතියට පටහැනි වුවත් ඒය ජනමත විචාරණයකට යොමු කරන්නේද යන්න ‌විධායකය හා ව්‍යවස්ථාදායකය තීරණය කරනු ඇත. ජනමත විචාරණයකින් සම්මත වුවහොත් ඒය ඔබ කී අංශ වලටද පිලිගැනීමට සිදු වන අතර ඒය නීතියක් බවටද පත්වනු ඇත. ජනතාව ප්‍රතික්ෂේප කල හොත් ඒය නීතියක් නොවන බැවින් ඔබ කියූ අංශ විසින්ද ප්‍රතික්ෂේප කරනු ඇත. නීතිය සැකසිය යුත්තේ ජනතාව විසිනි. ජනතාවට නොවැදගත් නීතියකින් පලක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව ප්‍රතික්ෂේප කරන දෙයක් කෙසේ හෝ රැක ගැනීම නොවේ.

:       2       0

VithanaWednesday, 10 November 2021 08:06 AM

බයියෙක් වීම නිසා මොලයෙන් එන විකාර අදහස්...

:       1       1

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 10 November 2021 07:21 PM

ඔබතුමාට ගැලපෙන පිළිතුර විතාන මහතා විසින් දී ඇති බැවින් මම නිහඬ වෙමි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 438 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 351 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 167 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 359 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 531 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1158 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1237 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 394 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site