IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කටු අකුල්වල පිපි මල් මල් බඳුන්වල සිනාසේ

(ක්‍රිෂාන්ත දයානන්ද)

අපෝස්තලික කාර්මේල් නිකායේ උතුම් වෙරෝනිකා මව්තුමී අනුස්මරණ අභියෝගතා ශූරතාවලිය ඉකුත් සැප්තැම්බර් 23 වැනිදා ගම්පහ සිරිකුරුස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මෙරට ග්‍රාමීය අඩු ආදායම් ලබන ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනික අවැසිතා පිරිමසාලීමට සහ ස්වදේශීය සිංහල සහ දෙමළ ස්ත්‍රී සමාජය සවිබලගැන්වීම පිණිස රෝමානු කතෝලික ප්‍රතිපදාව පිළිපදින අපෝස්තලික කාර්මේල් පැවිදිවරියන් වර්ෂ 1922 පෙබරවාරි 05 වැනිදා නිකාය ලංකා පොළොවට මානවාදරය රැගෙන පැමිණියේය. ගෙවීගිය වර්ෂ 2022 පෙබරවාරි 05 වැනිදා එම මානුෂීය මෙහෙවරට සියවසක් සපිරිණි.

ඉංග්‍රිසි ජාතික දුක්ප්‍රාප්තියේ වෙරෝනිකා මව්තුමිය 1868 ජුලි 16 වැනිදා අපෝස්තලික කාර්මේල් නිකාය පැවිදි බව පතන්නියන් උදෙසා උපැදවීය. ප්‍රංශ පොළොව මත සිය නිකාය බිහිකළ ද භාරතීය කාන්තා විමුක්තිය ප්‍රාර්ථනාව පසුකාලීනව ඉන්දීය භූමිය තුළ නිකාය ස්ථිරසරව ස්ථාපිත කිරීමට කටයුතු යෙදිණි. එහි ඵලදායක ශානරයක්ව විසිවන සියවස පටන් ගැනුමේදීම අපෝස්තලික කාර්මෙල් පැවිදිවරියෝ ලංකා ධර්මදූත සේවය පිණිස ද පැහැදුන් සිතැතිව යොමුවූහ. ලූඩ්ස්, ක්ලෙයා, ක්‍රෙසෙන්ස්, ජස්ටීන් යන ඉන්දීය ජාතික පැවිදිවරියන් සිව්දෙනාගේ කරුණාගමනයෙන් බිහිවන අපෝස්තලික කාර්මෙල් ලංකා ප්‍රාදේශිකය අද්‍යතනයෙහි සිංහල සහ දෙමළ පැවිදිවරියන් 250 දෙනෙකුගෙන් යුත් ලාංකේයත්වයට අනන්‍ය වූ සංචිතයකි.

අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛ අපේක්ෂාව කරගත් පැවිදිවරියෝ 60 දශකයේ පාසල් රජයට පවරාගැනීමේ ප්‍රතිපත්තිය හඳුන්වාදෙන තුරු පාලනය කළ පාසල් සංඛාව නිශ්චිතව පවසාලිය නොහැකි වුවද එය ප්‍රමාණාත්මකව ඉතා ඉහළ අගයක් ගන්නා බව සත්‍යයය. එකී කාලීන අභියෝග සාර්ථකව පිළිගනිමින් වර්තමානයේහි සිය සතු පාසල් 20 ක පමණ පාලනය ගෙන යන පැවිදිවරියන් මෙම උත්තරීතර සේවාව යාවත්කාලීනව පවත්වාගෙන යාම පසසාලිය යුතුය.

ඇන්ගලිකානු භක්තික සෝෆී නම් ඉංග්‍රීසි ජාතික තරුණිය පියාගෙන් ලද පැවිදි උරුමය පරමාදර්ශයට ගෙන සිය දේව විශ්වාසයට පටහැනි එහෙත් එකම ගැලවුම්කාර දෙව්දුව අදහන රෝමානු කතෝලික පැවිදිවරියක්වීමේ විප්ලවීය පෙත්මගට වර්ෂ 1851 සැප්තැම්බර් 14 වැනිදා දුක්ප්‍රාප්තියේ වෙරෝනිකා ලෙස පැවිදි නම් ලැබ පරිවර්තිත වූවාය. ඒ ප්‍රංශය පාදක කරගත් ජෝසෆ් ඔෆ් ද ඇපරිසන් පැවිදිවරියන්ගේ නිකායෙහිය.

යහමින් පැවිදි ජීවිතය ගෙනගිය වෙරෝනිකා පැවිදිවරිය දෙවියන් වහන්සේගේ කැඳවීම ද පැවිදි කමටහන් ලද ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාද සාක්ෂාත් කරලමින් ජෝසෆ් ඔෆ් ද ඇපරිසන් නිකායට ස්වකැමැත්තෙන් සමුගෙන දී සිය නව නිකාය බිහිකිරීමට පරිත්‍යාගිත වූවාය.

දුෂ්කරතා හා අකටයුතුතා ද, අපහාස හා අවලාද ද, ගැහැනියකට දරාගත නොහැකි අශිෂ්ට දුෂ්ඨකම් ද උට්ඨාන වීර්යයයෙන් උහුලාගෙන වර්ෂ 1868 ජුලි 16 වැනිදා මිහිමත ගැහැනු සමාජයේ ශාන්තිය පිණිස අපෝස්තලික කාර්මෙල් නිකාය උරුම කළේය. එකී දුක්ප්‍රාප්තියේ වෙරෝනිකා මව්තුමිය වර්ෂ 1823 ඔක්තෝබර් 01 වැනිදා මෙලොව උත්පත්තිය ලබා 2023 ඔක්තෝබර් 01 වැනිදා සියවස් දෙකක් සපිරීය. මේ ද්වි මංගල්‍යය සිහිපත් කිරීම පිණිස අපෝස්තලික කාර්මෙල් නිකායේ ලංකා ප්‍රාන්ත පාලක සභාව වර්තමාන පැවිදිවරියෝ පාලනය ගෙන යන සමස්ත ලංකා කාර්මෙල් පාසල්වල අධ්‍යාපනය ලබන බාලක බාලිකා විෂය කුසලතා, විශේෂ කුසලතා සහ ක්‍රීඩා කුසලතා අගයන අන්තර් පාසල් අභියෝගතා ශූරතාවලියක් සංවිධානය කර පවත්වන්නට යෙදුණෝය.

මේ ශූරතාවලිය උතුම් වෙරෝනිකා මව්තුමී අනුස්මරණ අභියෝගතා ශූරතාවලිය ලෙස, මව්තුමියට දක්වන උපහාරයක්ව සංවිධානය කර පැවතුණි. එහිදී පාසල් 20 ක බාලක බාලිකාවෝ දෙදහසක් ප්‍රධාන අභියෝග ක්ෂේත්‍ර ත්‍රිත්වයක, විවිධාංගික ඉසව් 16 ක සිය කුසලතා ප්‍රදර්ශනය කළහ. මෙකී ප්‍රයාමයන්හි කුසලතා ප්‍රදර්ශිත බාලක බාලිකාවන්ට ගෙවීගිය 2023 සැප්තැම්බර් 23 දා සහතික පත්‍ර සහ කුසලාන පිරිනැමීම අපෝස්තලික කාර්මෙල්වරියන් සතු ගම්පහ සිරිකුරුස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී මහත් උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය.

සමස්ත ලංකා රදගුරු සම්මේලනයේ සභාපති සහ කුරුණෑගල පදවියේ රදගුරු දේවධර්මාචාර්ය අතිගෞරවනීය හැරල්ඩ් ඇන්තනි රදගුරු හිමිපාණෝ ප්‍රධාන කොට සැපත් පැවිදිවරු හා පැවිදිවරියන් ද, සපැමිණි සම්භාවනීය සමාරාධිතයන් ද, ගුරුවර ගුරුවරියන් ද විජයග්‍රාහී බාලක බාලිකාවන් ද ඒකරාශීව මේ උත්සවාලංකාරය ආකර්ශණීය ලෙස පැවැත්විණි.

අපෝස්තලික කාර්මෙල් නිකායේ ලංකා ප්‍රාන්තය අභිනවයෙන් හඳුන්වාදෙන වෙරෝනිකා මව්තුමී අනුස්මරණ අභියෝගතා ශූරතාව ලාංකේය කාර්මෙල් පාසල් අතුරින් ප්‍රථමස්ථාන උපරිම සංඛ්‍යාවක් ජයග්‍රහණ කර වර්ෂ 2023 හි අග්‍රගණ්‍ය පාසල ලෙස සම්භාවනාවට පාත්‍රවෙමින් ගම්පහ සිරිකුරුස විද්‍යාලය ජයග්‍රහණය කළ අතර, එහි අනුශූරතාව හලාවත කාර්මෙල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලය විසින් හිමිකර ගන්නා ලදී.

මෙම සමස්ත ක්‍රියාන්විතයේ සංකල්පය සහ මෙහෙයුම අපෝස්තලික කාර්මෙල් නිකායෙහි අධ්‍යාපනික කටයුතු භාර කවුන්සල්වරිය වන මේරි නිමල්කා පැවිදිවරියගේ අප්‍රතිහත ධෛර්යයට දෙවියන් ගෙනදුන් භාග්‍යයක් යැයි සිතීම විවාදයෙන් විරහිත සිතීමකි. එපමණටම ඒ සඳහා දෘශ්‍ය සාක්ෂි පැවතුණි.

දෙවියන් වහන්සේගේ ආදරය තුළ දරුවර ලෝකය සවිබල ගන්වන්න ගත් මෙකී උත්සාහය හදවත් ඇති මිනිසුන් නොපමාව අගයන්න පෙළඹෙනු ඇත.

තවද තරුඑළි පායන්නේ අහසෙහි මිස මහ පොළොවෙහි නොවන බව ද එසේ පායනා තරු එළි අල්ලෙන් වැසිය නොහැකි බව ද අප දත යුතුය. එනයින් වර්ෂ 2023 හි ස්ථාපිතවන උතුම් වෙරෝනිකා මව්තුමී අභියෝගතා ශූරතාවලිය චිරාත් කාලයක් සදීප්තව පවතිමින් දරුවන් පෝෂිත කරනු දැක්ම පැවිදි නොපැවිදි සියල්ලන්ගේම අව්‍යාජ මිනිස්කම විය යුතුය.

 



අදහස් (0)

කටු අකුල්වල පිපි මල් මල් බඳුන්වල සිනාසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site