(අශන්ති වරුණසුරිය)
ඕමාන් මිනිස් ජාවාරම මේවන විට කරළියේ බෙහෙවින්ම කතාබහට ලක්වී තිබෙන ඛේදනීය සිදුවීම රාශියකින් සැදුම්ලත් ප්‍රශ්නයකි. දිගින් දිගටම කතා බහට ලක් වුවත් මේවන තුරුත් මෙකී මිනිස් ජාවාරමේ මහ මොළකරුවන් කවුරුන්ද යන්න හෙළි කර ගැනීමට හැකි වී නැත.
ඕමාන් මිනිස් ජාවාරම සම්බන්ධයෙන් හෙළිදරව් කළ රන්තැටිගේ නිශ්ශංක හෙවත් ඩුබායි සුද්දා සමඟ මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ.
ඔබේ නමත් එක්ක සම්බන්ධ ඩුබායි ගමනේ මූලාරම්භය මතක් කළොත් ?
"ඩුබායි සුද්දා" මැදපෙරදිග මිනිස්සු දාපු නමක්. මම ලංකාවේ රාජ්‍ය සේවකයෙක් විදියට රජයේ රැකියාවක් කරමින් ඉදලා, පසුව 2019 ඩුබායි රාජ්‍යට ගිහිං ලක්ෂ දෙකහමාරකට හොරෙක්ට අහු වෙනවා. මාව වංචනික ලෙස රැවට්ටූ මේ පුද්ගලයාව මම කාලයක් හෙව්වා. පසුව ඔහුව හොයන්න ඇප් එකක් හැදුවා. මේ ඇප් එක හරහා ගොඩක් අය එකතු වුණා. මිනිස්සු ගොඩක් එයාලගේ ප්‍රශ්න කියන්න පටන් ගත්තා. මෙහෙම කාලයක් යනකොට ජාවාරම් කාරයින්ට තිත තියන්න මම කල්පනා කළා. ඒ වෙනුවෙන් වැඩ ගොඩක් කළා. ඒ අනුව තමයි කාලයත් එක්ක මිනිස්සු මට ඩුබායි සුද්දා කියලා නම දැම්මේ. මේක ලොකු ජාවාරමක්.
එතකොට කාන්තාවන්ගේ ප්‍රශ්න විතරද ඔබට එන්නේ ?
නැහැ දෙපාර්ශවයේම ප්‍රශ්න එනවා. පිරිමි අයගෙන් නම් එන්නේ බොහොමයක් මුදල් ලබා ගෙන රැවට්ටු ප්‍රශ්න. කාන්තාවෝ නම් ගණිකා සේවයට අලෙවි වෙනවා. ජාවාරම් කාරයෝ කාන්තාවෝ බිස්නස් කරනවා.
කවුද ජාවාරම්කාරයෝ ? ලංකාවේ අයද ඒ රට වල අයද ?
ලංකාවේ තැරැව්කරුවන් හරහා රට ගියාම ඕමාන්හි බාබර්ලාට මේ විදියට විකිණෙනවා. ඕමාන් වල ලංකාවේ කාන්තාවන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. බහුතරයක් ගණිකා සේවයේ රැකියා. තැරැව්කරුවන් ඩුබායි රටට කාන්තාවන් ගෙන්නලා ඒ හරහා ඕමාන් වලට ගෙන එනවා. මෙහිදී ලක්ෂ 14,17, 20ටත් අපේ කාන්තාවෝ විකිණෙනවා. මේ ප්‍රශ්න එක්ක අදාල ගෙදරින් එළියට පැන්නම නැවත මෙම කාන්තාවන් ජාවාරම්කරුවන්ට අහු වෙලා නැවතත් ගණිකා සේවයට විකිණෙනවා. තානාපති කාර්යාලය පවා කාන්තාවන්ව විකුණනවා. මෙහෙම ප්‍රශ්නයක් වෙලා සමාජ ගත වෙන්න කාන්තාවන් කැමති නැහැ. නීතියේ පිහිට පතන්නෙත් නැහැ. නීතියට ගියාමත් කාන්තාවෝ තවත් අසරණයි. ඒ නිසා කාන්තාවෝ නිහඬයි.
ඔබට බොහෝ දෙනෙක් ප්‍රශ්න පවසලා තියෙනවා. මෙකී පිරිස්ට ඔබ පිහිට වෙලා තියෙනවා ද ?
ඔව් ගොඩක්. ඒත් සමහරු දන්නෙත් නැහැ ඔවුන්ගේ නිදහස වෙනුවෙන් මම මූලිකත්වය ගත්ත කියන එකවත්. එහෙම රහස්‍ය භාවයෙන් සිදුකළ බොහෝ දේවල් තියෙනවා.
ඔබ සතු සාක්ෂි සාධක සමඟ ඕමාන් හැර වෙනත් රටවල තානාපති කාර්යාල වලත් මෙවන් දේ සිදු වෙනවා ද ?
මේකට අපේ කාන්තාවෝ විකිණෙනවා සේ වෙනත් රට වල කාන්තාවොත් මෙලෙස විකිණෙනවා. දේශපාලන හස්තයන්ගේ හයියෙන් මේ දේවල් සිදු කෙරෙනවා. සල්ලි එන ප්‍රධාන මාර්ගයක් නිසා මේක යට ගහනවා. සියලු තානාපති කාර්යාලවල මේ දේ වෙනවා. ඉදිරියේදී සාක්ෂි සහිතව හෙළි කරන්න සූදානම්.
ඕමාන් තානාපති කාර්යාලයේ නිලධාරියෙක්ට මේ වන විට නිතිය ක්‍රියාත්මක වෙනවා ?
නමුත් ඔහුගේ ඉත්තෝ ඉන්නවා. අවශ්‍ය කරන තව ප්‍රධාන දෙදෙනෙක් ඉන්නවා. ඔවුන්ටත් දඩුවම් ලබා දිය යුතුයි.
ඔබ දිගින් දිගටම දේශපාලඥයින් සම්බන්ධ බවට පවසන්නේ ඇයි ?
කාන්තාවෝ කියනවා ඔවුන් රට යනකොට අරයව, මෙයාව හම්බ වෙන්න කියලා මැප් එකක් දීලා එකිනෙක නිලධාරී ළඟට යැවුවා කියලා. නිලධාරීන්ව මෙලෙස හසුරුවන්න දේශපාලන හස්තයක් තිබිය යුතුයි. මේවාට 225ම වග කිව යුතුයි. මිනිස්සුගේ සාක්ෂි බොහෝ මා සතුයි.
ඔබ පසුගිය දා CID ගියා නේද ?
ඔව්, පැය 24ක්ම මම ජාවාරම්කරුවන්ගෙ තොරතුරු ලබා දුන්නා. ඔවුන් අපක්ෂපාතිව මේ දේවල් සිදු කරයි කියල මම හිතනවා.
එතකොට ඩුබායි සුද්දා පිටුපස කවුද ඉන්නේ ?
මිනිස්සු. මේක මැදපෙරදිග අරගලයක්.
ඔය මැදපෙරදිග අරගලේ පිටුපස දේශපාලනය පක්ෂයක් නැතිද ? පක්ෂ වල ඔබට ආරාධනා එහෙම ලැබිලා නැතිද ?
ජනතාව කියනවා මම තැනකට එන්න ඕන කියලා. ඔව්, පක්ෂ වලින් මට ආරාධනා තියෙනවා. විවිධ පක්ෂ සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. විජය කුමරතුංග කියන චරිතෙට මම හරිම කැමතියි. මේක දියසෙන් කුමරු වගේ බහුතරයක් බිහි විය යුතු කාලයක්.
ඒ කියන්නේ ඔබ චන්ද්‍රිකා කුමරතිංග, කුමාර වෙල්ගම සමඟ එකතු වෙන්න කැමතියි ?
මම කැමති කෙළින් කතා කරන නායකයන්ට. කුමාර වෙල්ගම එවන් චරිතයක්. ඔහු මගේ ගමේ. ගමේ මිනිස්සුත් හරිම ආදරෙයි ඔහුට.
(තැරව්රිකානියකගේ වදහිංසාවට ලක්වෙන අසරණ කාන්තාවගේ වීඩියෝ දර්ශණ සහ ඕමාන් මිනිස් ජාවාරමේ තවත් විස්තර ඇතුලත් ලංකාදීප Online රතු කට්ට අශන්ති වරුණසුරිය සමඟ සම්පුර්ණ වීඩියෝව)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඕමාන් සිද්ධියට සම්බන්ධ තව දෙන්නෙක් ඉන්නවා
AB Tuesday, 06 December 2022 07:17 PM
ආසියානු රටවල් ඉන්දියාව ඇතුළුව කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයේ යෙදවීම නතර කර තිබේ. මේවනවිට සෞදි අරාබියාව ඇතුළු මැදපෙරදිග රටවල් කනතාවන් වෙනුවෙන් ඔවුන්ගේ රටවල තිබු දැඩි නීති ඉවත් කර ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව ඔවුනට සමාජයේ පිරිමින් සමානව අවස්ථවන් ලබාදී තිබේ. එමනිසා වදහිංසාවට ලක්වෙන අසරණ කාන්තාව සහ ඕමාන් මිනිස් ජාවාරම පිලිබදව පමණක් නොව සියලු මැදපෙරදිග රටවල මෙවැනි ක්‍රියාවන් සිදුවනවා ඇත. මෙම සියලු කරුණු රජතන්ට්‍රික තානාපති මට්ටමින් සකජා කර විසදා ගත යුතුවේ.