ලංකාවේ වත්මන් ආපදා තත්වය තුළ විදේශ ණය ගෙවීම් වහා අත්හිටුවා, තිරසර ණය ගෙවීම් ක්‍රියාවලියක් තහවුරු කිරීමේ ප්‍රතිව්‍යුහගත කිරීමක් නැවත කරන මෙන් නොබෙල් ත්‍යාගලාභී ජෝසෆ් ස්ටිග්ලීට්ස් ඇතුළු ලොව ප්‍රසිද්ධ විශිෂ්ට ආර්ථික විද්‍යාඥයන් ද ඇතුළුව ආර්ථික විද්‍යාවේදීහු 121 දෙනෙක් ඉකුත් 2025 දෙසැම්බර් 20 වැනිදා ප්‍රසිද්ධ ඉල්ලීමක් කළහ.
ඔවුන්ගේ ඉල්ලීම ආරම්භ කර තිබුණේ, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව, 17 වැනි වරට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම අනුව, ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ණය සේවා සඳහා සීමිත සහනයක් (ඩොලර් බිලියන 02.9 ක) මාස 48 ක කාලයක් තුළ ලබා දෙන්නේය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට තිරසාර විසඳුමක් එමගින් නොලැබුණි. ඒ නිසා, ශ්‍රී ලංකාව බාහිර කම්පනවලට, විශේෂයෙන් පාරිසරික ව්‍යසනවලට නතුවීමේ වැඩි විභවයක් සහිත වන්නේ ය” කියමිනි.
මෙම ආර්ථික විද්‍යාර්තීන් කියන අයුරු, “ලාංකීය විනිමය ආදායමෙන් සියයට 25 ක් පමණ ණය සේවාව සඳහා ගෙවීමට ආණ්ඩුවට සිදුව ඇත. මෙය ලොව වැඩිම ණය ගෙවීමේ අනුපාතය වන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලිකයන්ට අනුව, ඔවුන්ගේ ආකෘති යටතේ වුවත් ණය සහනයෙන් පසුව ද, ශ්‍රී ලංකාව ණය සේවා අර්බුදයකට නැවත ගොදුරු වීමේ සියයට 50 ක ඉඩ ප්‍රස්ථාවක් ඇත. නැතිනම් නැවත ණය ප්‍රතිව්‍යුහකරණයක් අවශ්‍ය වනු ඇත”.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද නැවත ණය අර්බුදයකට ඉඩ ඇතැයි විශ්වාස කරන පසුබිමක, ලොව කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් විසින්, විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා යළි වඩා තිරසාර ණය ප්‍රතිව්‍යුහකරණයකට යන මෙන් කෙරෙන මේ ඉල්ලීමට මගේ වැඩි අවධානයක් යොමු වූයේ ස්ටිග්ලීට්ස් ගේ අත්සන පමණක්ම නොවේ. පසුගිය කොරෝනා වසංගත සමයේ, ගෝලීය වෙළෙඳපොළ ආර්ථිකය නැවත අත්පත්කර ගත යුතු “යථා තත්වය” ගැන වූ විද්වත් කතිකාවල කතා කෙරුණු“යථා තත්වය” කුමක්දැයි ප්‍රශ්න කරමින් ඒ කතිකාවට වෙනත් මානයක් එකතු කළ ආර්ථික විශේෂඥයන් අතළොස්සකගෙන් ප්‍රංශ ජාතික තොමස් පිකෙටි, බ්‍රිතාන්‍ය ජාතික කේට් රේවත් වැන්නන් ද මෙයට අත්සන් කර තිබීම මට කුතුහලයක් වූවකි. අවුරුදු 15 ක පර්‌යේෂණවල ප්‍රතිඵලයක් ලෙස තොමස් පිකෙටි 2013 දී පළ කළ “21 වැනි සියවසේ ප්‍රාග්ධනය”කෘතිය විසින් ඔහු විකල්ප ධාරාවේ ආර්ථික විද්‍යාඥයකු ලෙස ස්ථානගත කෙරුණි. ඔහු විසින් රචිත එවැනි විවාදාත්මක, සම්මතයෙන් බැහැර වූ දෘෂ්ටිවාදයක් පාදක කර ගනු ලබන නිබන්ධන ගණනාවක් ඇත. එමෙන්ම, කේට් රේවත් ද අනාගතය සම්බන්ධව, සම්මතයෙන් බැහැර දැක්මක් ඇති ආර්ථික විද්‍යාඥවරියකි. ඇය විකල්ප ධාරාවේ ආර්ථික චින්තනියක ලෙස හඳුනා ගනු ලැබුණේ, 2017 දී ඇය ප්‍රකාශයට පත් කළ “ඩෝනට් ආර්ථික - 21 වැනි සියවසේ ආර්ථික විද්‍යාඥයකු ලෙස සිතිය හැකි පිළිවෙත් සතක්” යැයි වන ඉතාම ජනප්‍රිය මෙන්ම බොහෝ සංවාද සාකච්ඡාවලට පාදක කර ගනු ලැබූ කෘතිය සමග ය.
ලාංකීය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව මේ විද්‍යාර්ථීන්ගේ මූලික හා ප්‍රධාන අදහස් දැක්වීම වූයේ, “ලාංකීය බදු ගෙවන්නන් මත පැටවෙන බර, ඔවුන්ට දැරිය හැකි බරක් නොවන” බව ය. දිට්වා සුළි කුණාටුවේ මහා විනාශ ඊට එකතු වූ විට, “..... ආර්ථික ස්ථාවරත්වයක් රඳවා ගැනීමේදී වර්තමාන ණය සම්බන්ධ ගනු දෙනු කෙතරම් සුළුපටු දැයිද යන්න, විනාශයේ විශාලත්වය විසින් පෙන්නුම් කරන්නකි. දැනටත් බිඳවැටෙනසුලු රටේ සමාජ, ආර්ථික පැවැත්ම, අවදානම් තත්වය උත්සන්න කරන්නේය. අඩුවන ආදායම්, ඉහළ යන ඉදි කිරීමේ වියදම සහ ආනයන අවශ්‍යතා වැඩිවීම, ප්‍රක්ෂේපණය කරනු ලැබූ ප්‍රතිව්‍යුහගත කිරීමේ වාසි, වහා අහෝසි කෙරෙනු ඇතැයි ඔවුන්ගේ නිරීක්ෂණය සමග මත භේදයක් නැත. එසේ වුවත් යෝධ ප්‍රාග්ධන ඒකාධිකාර කිහිපයක් ගෝලීය වෙළෙඳපොළ හසුරුවන ආර්ථිකයක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ආර්ථික ආකෘතික රාමුව ඇතුළත තාවකාලිකව ණය සේවා අත්හිටුවා නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වනු ඇතැයි සිතිය නොහැක්කකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුමෙහි ප්‍රශ්නය අත්සන් කරන විට ද තිබූවකි. එය මේ දිට්වා සුළි කුණාටුව ගොඩ ගැසූ විනාශය පිළිසකර කර ගැනීමට හැකි තරමේ ආදායම් උපයා ගැනීමට තබා, වාර්ෂික ආනයන වියදම පියවා ගැනීමට හැකි විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට ඉඩක් හදා නැත. 2023 මාර්තු මස අත්සන් කරනු ලැබූ ගිවිසුමෙහි කොන්දේසි එකින් එක කතා නොකළත්, එහි ඇති පොදු සරල කතාව වන්නේ, නගර කේන්ද්‍රීය විවෘත වෙළෙඳපොළ සඳහා වන සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් අවධාරණය කිරීමය. විදේශ විනිමය සංචිතය යළි තහවුරු කර ගැනීම, ණය තිරසාරත්වය සහ දූෂණයට ඇති ඉඩ අවම කිරීම ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ආණ්ඩුව එකඟවූ කොන්දේසි සපුරන්නේ යැයි ඔවුන්ගේ විමර්ශකයන් වාර්තා කරන්නේ නම්, වාරිකයකට ඩොලර් මිලියන 344 ක් පමණ ලැබෙන්නේය.
පසුගිය අප්‍රේල් මාසයේ සිදු කෙරුණු විමර්ශනයට අනුව සිව් වැනි වාරිකය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කෙරුවේ, නිල විදේශ විනිමය සංචිතය මාර්තු 2025 දී දළ වශයෙන් ඩොලර් බිලියන 06.5 ක් වන්නේ යැයි වන සටහන හා ලබන 2026 වසරේ දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 05 ට අඩු කර ගැනීමේ කොන්දේසිය ද සමග (1) ආදායම් බදු අය කිරීමේ පදනම පුළුල් කිරීම හා බදු එකතු කර ගැනීම තවදුරටත් කාර්යක්ෂම කර ගැනීම - 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 08.2 ක් වූ බදු ආදායම, 2024 දී සියයට 13.5 ක් වීම, ඔවුන් බෙහෙවින් අගය කෙරුවකි. (2) රාජ්‍ය ව්‍යාපාර, “ප්‍රතිව්‍යුහගත කිරීම” යටතේ පෞද්ගලීකරණය කිරීම සහ විදුලිය ගාස්තු, නිෂ්පාදන වියදම පියවීමට හැකි අයුරු සකස් නොකිරීම ගැන නුරුස්නාව සහ (3) විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා, දූෂණය අවම කරගත හැකි කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම (මෙය මේ වැනි විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක කවදාවත් නොවන්නකි) යන කාරණා අවධාරණය කරමිනි.
මෙහි සම්පිණ්ඩනය ගතහොත් එහි ඇත්තේ, දේශීය ආර්ථිකයෙහි රජයේ වියදම් දැඩිව පාලනය කර ගැනීමත්, අවශ්‍ය වියදම් සඳහා බදු වැඩියෙන් එකතු කර ගැනීමත් සමග, විදේශ ණය ගැනීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීම වෙනුවෙන් විදේශ විනිමය සංචිතය යම් ප්‍රමාණයකට වර්ධනය කර තබා ගැනීමත් පමණි. මෙය නැවත, දූෂණය අවම කර ගැනීමේ උත්සාහයක් සමග පූර්ව-කොරෝනා වසංගත සමයේ වෙළෙඳපොළ ආර්ථිකයට ගොඩ වන්නට දරන්නාවූ උත්සාහයක් පමණි.
විදේශ ණය සඳහා පොලී ගෙවීමේ කාලය දීර්ඝ කර ගනු ලැබුණේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාණ්ඩුවට ලබා දෙන්නට එකඟ වූ සහන වෙනුවෙන් ජාත්‍යන්තර ආයතන හා ව්‍යාපාර එකඟවූ මේ ණය සූත්‍ර අනුව පමණි. ණය මතින් ඔවුන් තවමත් ලබා ගන්නා ලාබය අඩු නොවුණත් ප්‍රතිව්‍යුහගත කිරීමේ මේ සූත්‍රය තුළ මීට වැඩි සහන සඳහා කේවල් කිරීමේ ඉඩක් ලංකාණ්ඩුවට නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත්වී රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ ගොඩ දැමුවේ යැයි කියන මේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයට තේ, ඇඟලුම් හා රබර් නිෂ්පාදන අපනයනයෙහි සැලකිය යුතු ඉහළ යාමක් සමග 2024 දී උපයා ගත හැකි වූයේ ඩොලර් බිලියන 16.2 ක් පමණි. 2024 වසරේ වාහන ආනයනය මුළුමනින් සීමා කර තිබියදීත් ආනයන-අපනයන වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 02.6 ක් විය. ඒ සමග වසර 05 ක කාලයක් ආනයනය නොකළ වාහන ආනයනය සඳහා ආණ්ඩුව 2025 වසර සඳහා ඩොලර් බිලියන 02 ක් වෙන් කරන බව ද පවසා තිබිණ. වාහන 2,500 ක් ආනයනය කර ඇතැයි වන වාර්තා අනුව, 2026 වසරේ ඉන්ධන භාවිතය ද ඉහළ යෑමත් සමග ඒ සියලු වියදම්, ආනයන-අපනයන වෙළෙඳ ශේෂයේ ප්‍රසාරණයට එකතු වනු ඇත.
ඉන් පැහැදිලිව කියන්නේ, දිට්වා සුළි කුණාටුව විසින් විනාශ කරනු ලැබූ රට ගොඩ ගැනීමට, විදේශ ණය ගෙවීම් තාවකාලිකව නවතා නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් නොහැකි බවය. සැබෑම කතාව නම්, අපගේ ආර්ථික අර්බුදය ගොඩගැසී ඇති ණය ගෙවීම ප්‍රමාද කර ගැනීමත් වාරික මුදල අඩු කර ගැනීමත් අලුතින් ණය ගැනීමේ ගැටලුවක් නොවේ. එය ගතවූ අවුරුදු 47 ක කාලයේ මේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකය ඉතිරි කළ ගැටලුවය. ණය නොවී, ආනයන-අපනයන වෙළෙඳ ශේෂය පියවා ගැනීමට නොහැකි වූ ගැටලුවය. එය දිට්වා සුළි කුණාටුව විසින් තව උග්‍ර කෙරූවකි. විනාශ වූ යටිතල පහසුකම් සමග සියලු ඉදිකිරීම් හා ඉදිරි වසර කිහිපයේ ජන ජීවිතය නඩත්තු කර ගැනීමට, අපට හෙටත් ඩොලර් ණයට ගැනීමට සිදුවන්නේය. යළි යළි ඉහළ යන ණය ගෙවීම කළමනාකරණය කර ගැනීමත්, ණය පියවීමට යළි යළිත් ණය නොගෙන, වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයන්නේ කෙසේද යන්නත් අප මුහුණ දෙන අර්බුදය වන්නේ ය.
විසඳුමක් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හා නිර්දේශ අතර කිසිදු මග පෙන්වීමක් නැත. ණය සේවා අර්බුදයකට අප නැවත ගොදුරු වීමේ සියයට 50 ක ඉඩ ප්‍රස්ථාවක් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගන්නේ ද ඔවුන්ගේ සැලසුම් සමගින් වුවත් තිරසර විසඳුම් නැතැයි ඔවුන් ද දන්නා නිසා ය. මේ ආණ්ඩුවේ කිසිවකුට හා ජනාධිපතිට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත්ව, තිරසර ජාතික සංවර්ධන සැලසුමක් හදා ගැනීමට අනාගතවාදී දෘෂ්ටියක් නැතැයි ගෙවී ගිය අවුරුද්දකට වැඩි කාලයේ ඔප්පු කෙරූවකි. ඔවුන්ගේ උපදේශකයන් හා මහ බැංකුවේ ප්‍රධානීන් ඇතුළු ඔවුන් සමග ඉන්නා විශේෂඥයන් ද පෞද්ගලික අංශයේ ජාවාරම්කාරයන්ගේ තේරීම් හා විවෘත වෙළෙඳපොළ අත හරින්නට නුසූදානම් කල්ලියකි. ජනාධිපති 2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ 2025 වසර අවසන් වන විට ඔවුන්ට මේ රට 2019 පැවැති තත්වයට ඔසවා තැබිය හැකි යැයි කිව්වේ ඒ උපදෙස් හා ආර්ථික මග පෙන්වීම් අනුව ය.
මේ රටේ ආර්ථිකයේ ස්වාභාවය කියවා ගත යුත්තේ ආණ්ඩු පාලනයේ දේශපාලන ඉතිහාසය සමග ය. ආණ්ඩු මාරු වුවත් දේශපාලනයේ වෙනසක් නොවුණු බව තේරුම් ගැනීමෙනි. ඒ වගේම, ජෝසෆ් ස්ටිග්ලීට්ස් ඇතුළු ලොව ප්‍රසිද්ධ විශිෂ්ට ආර්ථික විද්‍යාඥයන් යෝජනා කරන්නාවූ විදේශ ණය ගෙවීම් වහා අත්හිටුවා, නැවත තිරසර ණය ගෙවීම් ක්‍රියාවලියක් තහවුරු කිරීමේ ප්‍රතිව්‍යුහගත කිරීම ද තවමත් නොකඩවා පැවැත එන ආණ්ඩු පාලනයේ දේශපාලනය විසින්ම තීන්දු කරනු ඇති හෙයින්, අප මෙතෙක් අවධානය යොමු නොකළ සැබෑ සමාජ ආර්ථික අර්බුදය වන, ඉහළ යන ණය ගෙවීම කළමනාකරණය කර ගැනීමටත්, ණය පියවීමට යළි යළිත් ණය නොගෙන, වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයන්නේ කෙසේද යන්නටත් උත්තර නොලැබෙනු ඇත.
ක්ෂණික පිළිසකර කිරීම් හා අමතර දෛනික වියදම් සඳහා වහා ණය ගැනීමට සිදු වුවත්, 2026 වසරේ අර්ධයක් ගෙවෙන්නට පෙර, අපනයන නිෂ්පාදන ආදායම 2026 අවසන් වන විට අවම වශයෙන් ඩොලර් බිලියන 20 ක් දක්වා ඉහළ දමා ගත හැකි සහ ඉදිරි අවුරුදුවල එය සියයට 10 කින් වැඩි කළ හැකි ආකාරයේ ජාතික සංවර්ධන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සමත් විය යුතුය. අපනයන නිෂ්පාදන හා සේවා විවිධාංගීකරණයක් සහිත ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමත් කාර්යක්ෂම, සුවපහසු පොදු මගී ප්‍රවාහනයක් සමග වාහන සහ ඉන්ධන ආනයනය නියාමනය කිරීමත් වැඩිවන රෝගීන් සඳහා රෝහල් සහ ඇඳන්, වෛද්‍ය උපකරණ, ඖෂධ වෙත තබන අධිමිලැති අවධාරණය වෙනුවට, රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමත් එහි ප්‍රධාන යෝජනා විය යුතුය. දිට්වා සුළි කුණාටුව විසින් අපට බල කෙරෙන්නේ, මේ දූෂිත මහ නගර කේන්ද්‍රීය විවෘත වෙළෙඳපොළ අත හැර, එවැනි විකල්ප සංවර්ධන ආකෘතියක් සකසා ගැනීමට ය. එවැන්නක් කොහේ තියෙන්නේදැයි ඇසීමට නොවේ.
(*** කුසල් පෙරේරා)
2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එන වසරේ ආර්ථිකය කොතැනටද?