නොවැම්බර් මාසයේ උදාවත් සමග මහනුවර නගරයේ ජනතාව අතර කිසියම් තැතිගැන්මක් ඇතිවූයේත් විවිධ කටකතාවලින් පිරීගියේත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිටදී නවීන පන්නයේ ප‍්‍රාඩෝ රථයකින් පැමිණි තරුණයන් තිදෙනකු විදේශීය කාන්තාවක පැහැරගෙන යාමට තැත් කිරීම වැළැක්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකු උස්සා පොළොවේ ගැසීමේ සිද්ධියක් පිළිබඳ ආරංචිය පැතිරයාමත් සමගිනි.
සිද්ධියට සම්බන්ධ තරුණයන් තිදෙනා මහනුවර දිස්ති‍්‍රක්කයේ තරුණ දේශපාලකයෙකුගේ නමද භාවිත කරමින් මෙම කටයුත්ත සිදුකර ඇති බවට තවත් ආරංචියක් පැතිරයාම නිසාම බොහෝ දෙනා මෙම සිද්ධියේ අගමුල සොයා බැලීමට තවත් උත්සුක වූහ.
මේ ගැන සටහනක් තැබීමට පෙර මහනුවර නගරයේ දිවා කාලයේ මෙන්ම විශේෂයෙන් රාති‍්‍ර කාලයේ සිදුවන කි‍්‍රයාකාරකම් පිළිබඳ සටහනක් තැබීම වැදගත් යැයි සිතුවෙමි.
මහනුවර නගරයේ මේ දිනවලදී රංචු පිටින් සැරිසරණ විදේශීය තරුණියන් දැකගත හැකිය. මෙම තරුණියන් මහනුවර අවට ඇති ලොජ් සහ වෙනත් කුඩා නිවාස කෙටිකාලයකට කුලියට ගෙන ජීවත්වෙති.
මෙම තරුණියන් මෙසේ පැමිණ සිදුකරන්නේ කුමක්ද? ඔවුන් ගැවසෙන්නේ කොහේද? විශේෂයෙන් රාති‍්‍ර කාලයේ ඔවුන්ගේ භූමිකාව කෙබඳුද? යන්න සොයා බැලීම බුද්ධි අංශ නිලධාරින්ට අයිති කටයුත්තකි.
පසුගිය සැප්තැම්බර් මස තිස් එක්වැනිදා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපස ගේට්ටුව භාර රාජකාරිවල නිරතවූයේ පොලිස් සැරයන් වජිර පි‍්‍රයන්ත ජයමහ මහතායි.
මෙම සිද්ධියෙන් පහරකෑමට ලක්වූ ජයමහ මහතා ඉරිදා ලංකාදීපයට කරුණු අනාවරණය කරමින් පවසා සිටියේ මෙවැන්නකි.
මම සවස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප‍්‍රධාන ගේට්ටුවේ රාජකාරි භාරගෙන රාජකාරි කරමින් සිටින විට රාති‍්‍ර 9.25ට පමණ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආසන්නයෙන්ම ඇති වඩුගොඩපිටිය වීදිය ඔස්සේ ටයර් ශබ්ද නගමින් වාහන කිහිපයක් පැමිණෙන ශබ්දය ඇහුණා.
ඒ සමගම ති‍්‍රරෝද රියක් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිට නවත්වනු ලැබුවා. එහි සිටිය අය කිසියම් කලබලයකින් සිටින බවත් මා නිරීක්ෂණය කළා.ඒ සමගම කළු පැහැති නවීන පන්නයේ ප‍්‍රාඩෝ රථයක් ඒ අසලට ඉතා වේගයෙන් පැමිණ නවත්වනු ලැබුවා.
ඉන් බැසගත් තරුණයන් තිදෙනකු එහි සිටි විදේශීය ජාතිකයන් දෙදෙනකු හා කාන්තාවක සමග යම් වාදයක පැටලූනා. මාගේ රාජකාරි ගිනි අවිය සූදානම් කරගෙන මේ දෙස මඳවේලාවක් බලාගෙන සිටියදී ප‍්‍රාඩෝ රථයේ පැමිණි තරුණයන්, ති‍්‍රරෝද රථයේ සිටි විදේශීය කාන්තාවක බලහත්කාරයෙන් එළියට අදින බවක් දුටුවා.
මම වහාම කි‍්‍රයාත්මකවී මා සමග සිටි ග‍්‍රාමාරක්ෂක නිලධාරියාට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස දන්වා ගේට්ටුව අසළට පැමිණ ඔවුන් විසින් සිදුකරන කටයුත්ත වහාම නතර කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිටින් ඉවත් වන ලෙසත් සියලූ දෙනාට දන්වා සිටියා.
ඒ සමගම අපි අහවල් දේශපාලනඥයාගේ සමීපතම යැයි කියමින් එක්වරම මට පහර දෙන්න පටන් ගත්තා. මාව තුන්වරක් මල්පාත්තිය අසල පැති බැම්මේ ගැසුවා. නිලධාරින් පැමිණ මාව බේරා ගැනීමට උත්සාහ කළත් නොහැකිවූ බැවින් රේඩියෝ පණිවිඩ දී අමතර නිලධාරින් ගෙන්වාගෙනයි මා ඔවුන්ගෙන් බේරාගැනීමට හැකිවුණේ.
ඒත් ඔවුනට මාංචු දැමීමටවත් ඔවුන් පැමිණි ප‍්‍රාඩෝ රථයේ යතුර ලබාගැනීමටවත් කිසිවෙකුටවත් හැකිවුණේ නැහැ. මේ තත්ත්වය තුළ මා ඉතාමත්ම පසුබෑමකට ලක්ව සිටිනවා.
විසිහතර වසරක පොලිස් සේවය තුළ මා කළ කී දේ බොහෝයි. මා පොලිස් බුද්ධි අංශ නිලධාරියකු වශයෙන් වසර දහයක් සේවය කර තිබෙනවා.
නමුත් මා පහර කෑමට ලක්වීමෙන් පසු මාගේ ඉහළ නිලධාරින් හැසුරුණ ආකාරය සම්බන්ධයෙන් මට දැඩි කලකිරීමක් තිබෙනවා. මා මින් ඉදිරියට පොලිස් රාජකාරියේ යෙදෙන්නේ නැහැ. සනීපවූ පසු විශ‍්‍රාම යාමට තීරණය කර තිබෙනවා.
මා ¥වරුන් තිදෙනකුගේ පියෙක්. අවසන් දුව ඉපදී දැනට මාස එකහමාරක් වෙනවා.
මාගේ භාර්යාවත් පොලිස් නිලධාරිනියක්. මට ඇතිවූ මේ තත්ත්වය මත ඇයටත් දෙපාර්තමේන්තුව තුළ යම් අසාධාරණයක් වේ යැයි මට බියක් ඇතිවී තිබෙනවා.
මා පහරකෑමට ලක්වූයේ රාතී‍්‍ර 9.30ට පමණ. නමුත් මා රෝහල්ගත කිරීමට ඉහළ නිලධාරින් කි‍්‍රයා කළේ 11.53ටයි. එතෙක් මාව මූලස්ථාන පොලිසියේ තියාගෙන සිටියා. දැන් මගේ බෙල්ලේ අමාරුවක් තිබෙනවා. වම් කකුල හිරිවැටී තිබෙනවා යැයිද ඔහු පැවසීය.
මෙම සිද්ධියට සම්බන්ධ විදේශීය තරුණයන් දෙදෙනා නෝර්වේජියානු ජාතික තරුණයන් දෙදෙනෙකු බවට කරුණු අනාවරණය වී ඇති අතර ඔවුන් සමග පැමිණි තරුණිය රුසියානු සම්භවයක් ඇති උස්බෙකිස්ථානු තරුණියක් බවටද කරුණු අනාවරණය වී ඇත. ති‍්‍රරෝද රිය පදවා ඇත්තේ විශ‍්‍රාමික පොලිස් නිලධාරියකු විසින් යැයිද කියයි.
රාති‍්‍ර කාලයේ අවන්හලකදී සිදුවූ සිදුවීමක් මෙම සිද්ධියට මූළිකවී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාළහාමි සනීපවෙලා ඉන්න. රස්සාවෙන් අයින් වෙන්න එහෙම එපා. සාධාරනය ඉටුවන තුරු සටන ගෙනියන්න. පවුල රැක ගන්න.ඔබ දිනුම්. නැත්නම් පරාදයි.පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇහුවාම ලැජ්ජා හිතෙනවා නේද? (නි)
වගකිවයුත්තන් ඇත්තටම නිදිද? නැත්නම් බොරුවට නිදිද? පොඩ්ඩන්ගේ විශ්වාසය නැතුව කොහොමද නීතිය ක්‍රියාත්මක කරවන්නේ. (නි)
කුමාරසිරි, දැක්කේ නැද්ද කියලා තිබෙනවා දරුවන් තුන්දෙනෙකුගේ පියෙක් කියලා. මම හිතන්නේ ගුටිකද්දීත් වෙඩි තියන්න නැත්තේ දරුවන් මතක් වෙලා වෙන්න ඇති. මොකද වෙඩි තිබ්බා නම් අන්තිමට වෙන්නේ පාරදිගේ ගිය ඇමති කෙනෙක්ගේ අහිංසක සේවකයකුට කිසිම හේතුවක් නැතුව වෙඩි තිබ්බ කියලා මෙයාවම හිරේ දමාවි. (නි)
මේ රාළහාමි, තමුන් දැන් බබා වගේ කතා කලට ඕන තරම් අසාධාරණ වැඩ කරලා එති. හොඳම වේදේ පොළොවේ ගහපු එක. ගහන්න තිබුනේ .(අ0
ඇත්තටම රාළහාමි එකක් දෙකක් ගුටිකන කොට නිකමටවත් තුවක්කුවේ ටිගේර්රෙයට ඇගිල්ල ගියේ නැද්ද? (ස)
මේ කතාවේ සම්පත් සහ සිල්වා යන මහත්වරුන්ට මගේ ස්තුතිය.ඒ වැඩේ නොකළත් ඒ විදිහේ එඩිතරකමක් තිබීම ගැන (නි)
රට බල්ලාට ගිහින් නැහැ.දේශපාලනය බල්ලාට ගිහින්. (නි)
මධ්‍යම පළාතේ පොලිස් අධිකාරීවරයා පිළිබද මට ගැටළුවක් මතුව තිබෙනවා (නි)
ගුටි කන්න ඕන පොලිස් නිලධාරීන් ඉද්දි මේ වගේ නිලධාරීන් ගුටි කන එක්ක ඇත්තටම කනගටුයි (දී)
අඩුම ගන්නේ තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ නීතියෙන් ලබා දී ඇති අවිය පාවිච්චි කරන්න පොලිස් නිලධාරියෙකු ලෙස ඔබට බලය සහ පුහුණුව දීලා තිබෙනවා. ඔබ පොලිස් නිලධාරියෙක් විදිහට එසේ නොකර ජනතා මුදලින් ලබා දුන් ගිනි අවිය නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් පාවිච්චි නොකර ජනතා මුදලින් ලැබුන නිල ඇදුමත් අැගලා, මෙසේ ගුටි කෑම නිසා තමයි අද මහජනතාවට නීතිය සහ පොලිසිය ගැන කළකිරීමක් ඇත්තේ. ජනතාව පොලිස් නිලධාරීන්ගෙන් මීට වැඩිය ඍජු අර්ථාන්විත සමාජ ප්‍රතිරූපයක් බලාපොරොත්තු වෙනවා. ඔබට එම ආදර්ශය දෙන්න තිබුනා, වෙඩි තියන්න නොවෙයි ගිනි අවිය එල්ල කර ඔවුන්ව යටපත් කරන්න තිබුනා, අඩුම ගන්නේ ගුටි නොකා. බලන්න ඔවුන් චන්ඩි වෙන්නේ හොද මිනිසුන්ගේ නිහැඩියාව නිසා බවයි මගේ හැගීම. (නි)
තංගල්ලේ කෙනාට හොඳට සලකල තිබුනා නම්, මෙයාල මෙහෙම වෙන්නෙ නැහැ.මෙවැනි සිද්දීන් සංචාරක ව්‍යාපාරයට බලපාවිද ? (ස)
හොඳ වැඩේ අපේ රටට එන සුද්දන්ට. මේ විදිහට තව ටික දිනකින් කොටින්ගෙන් රට බේර ගත්ත වගේ කොටින්ට ආධාර කරපු සුද්දො ටිකත් අපේ රටෙන් පන්නලා දානවා සත්තයි. (ස)
මෙච්චර කල් පොලීසියේ ඉඳලත් දේශපාලන බලවතුන් ඉන්නේ නීතියට ඉහලින් කියලා දන්නේ නැති නම් සොරි තමා, ඒ වගේම ලංකාවට එන මිලියන ගණනක සංචාරකයන්ගෙන් විශාල කොටසක් මේ කතාවේ දැක්වෙන විදිහේ අය (පරණම රස්සාව කරන අය ) බාල පෝන් විකුණන චීන්නු , කුඹුරු වැඩට එන ඉන්දියානුවෝ තමා. (නදී)
රාජකාරි ගිනි අවිය ලඟ තියෙද්දි කුඩු වෙන්න තියන්නෙන් නැතුව ගුටි කෑව එක ගැන දුකයි. (ස)
මේක තමයි අද ලංකවේ සබේ තත්වය , ඉතාම භයානකයි , අර සමහර හින්දි චිත්‍රපටි වල වගේ , ලංකවේ ඉන්න මෝඩ මිනිසුන්ට මේක තෙරිලා නැහැ, ලොකු ණයක් අරන් පාරක් දෙකක් හැදුවම දැන් ලංකාව හරිම දියුණුයි කියල හිතන් ඉන්නේ (දිල්)
මම නම් වෙඩි තියනවා ඕනෑ දෙයක් වෙන්න කියලා, මොකාගේ ගෝලයෙක් වුණත් මට කමක් නැහැ (නි)
ඔක්කොටම කලින් මේ අනිත් ඉහල තනතුරු දරන පොලිස් නිලධාරින් ගැන හොයලා බලන්න (දී)
මේ අය මුළු රට වසියන්වම හැමදාම පොළොවේ ගසයි.(නදී)
දේශපාලකයෝ ඔබ දෙපලව පොලවේ ගැහුවේ එක පාරයි. දැන් මේක ප්‍රසිද්ද කලාම මුළු ජීවිත කාලෙම පොළවේ ගහයි. එයිට ඉස්සර වෙලා නෝනත් එක්ක ඔය රැකියාවෙන් අස්වෙන්න.(නදී)
කවුරු මොව කීවත් ඔය නිල ඇඳුම ඇන්දට පස්සේ බල්ලෙකුට වඩා අන්තයි (අ)
කල කිරිල වැඩක් නැ මේවට නීතිය ක්‍රියාත්මක වෙනවා කියල ප්‍රවෘත්ති තිබුන නේ (අ)
මැරෙන්න තියන් නැතිව ඇවිදින්න බැරි වෙන්න තිබ්බා නම් මුළු ලංකාවම එඩිතරයි.(නදී)
පොලිසිය බල්ලට ගිහින් රටත් බල්ලට ගිහින් දේශපාලකයෝ බල්ලට ගිහින් බල්ලා රට ගිහින් දැන් කියයි ලංකාවේ මානව හිමිකම් උල්ංගනයය වෙනවා කියලා.(නදී)