IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ සිසුන් අමාරුවේ දාන්න එපා

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා සහභාගි නොවුණොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබෝදා කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟද සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශවල විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා සහ විසඳුම් ඇතුළත් නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසටද අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබූ ජනාධිපතිවරයා විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කර තිබිණි.

එසේම විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කර තිබේ.

මේ රටේ උසස් පෙළ විභාගය යනු වසර දෙකක මැරතන් තරගයකි. මේ තරගයේ දී ධාවකයන් වන්නෝ සිසුහු පමණක් නොවෙති. මාපියෝද තම සිසු දරුවන් සමඟ මේ මැරතන් එකේ දුවති.

උසස් පෙළ විභාගයේ තරගකාරී බව කොතරම්ද යත් ඇතැම් මාපියන්ට ඇතැම් විට හුස්මක් කටක් ගන්නටත් වෙලාවක් නැත. විභාගයට වෙහෙස වෙන දරුවන්ට සියලු‍ අවශ්‍ය දේ සම්පාදනය කරදී මවුපියන් යන්තම් සැනසුම් සුසුමක් හෙළන්නේ විභාගය අවසන්වීමෙන් අනතුරුව ය. ඉන්පසුව ප්‍රතිඵල එනතුරු ඔවුන් ගත කරන්නේද දරුවන්ගේ ප්‍රතිඵල කෙසේ වනු ඇතිදැයි යන අවිනිශ්චිත බවේ ගිලෙමිනි. විභාගයට පෙනී සිටි සිසු දරුවන්ද ප්‍රතිඵල එනතුරු සිටින්නේ ඇඟිලි ගණිමිනි. 

එසේ තිබියදී උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වනවිට මේ සිසු දරුවනුත් මාපියනුත් වැටෙන්නේ අලි අමාරුවක ය. ඔවුහු මානසික කඩා වැටීමකට ද ලක්වෙති. විභාගය ලියන සියලු‍දෙනා එය සමත්වන්නේ නැත. අසමත් වන සහ සමත් වුණත් පවතින දැඩි තරගකාරී බව හේතුවෙන් සරසවි වරම් අහිමි විය හැකි සිසුන්ට ඊළඟ වසරේ විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් තිබිය යුතු ය. එහෙත් දැන් සිදුවන පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදවීම හේතුවෙන් එසේ ප්‍රමාණවත් කාලයක් ඔවුන්ට ලැබෙන්නේ නැත. එය සිසුන්ට පමණක් නොව මාපියන්ටද හිසරදයකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර නොබැලීමෙන් අසාධාරණයක් සිදුවන බව පවසමින් මවුපියන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ද මේ හේතුවෙනි. පෞද්ගලික ප්‍රශ්න වෙනුවෙන් දරුවන් ප්‍රාණ ඇපයට නොගන්නා ලෙසටද මවුපියෝ කියා සිටිති.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ ක්‍රියාමාර්ගය ගැනීමට ඔවුන්ට සාධාරණ වූ හේතු තිබෙන බවද අපි පිළිගනිමු. එහෙත් තමන්ගේ වෘත්තීය ගැටලු‍ විසඳා ගැනීම වෙනුවෙන් උසස් පෙළ සිසු දරුවන්ගේ අනාගතය ප්‍රාණ ඇපයට ගැනීමට ඔවුන්ට අයිතියක් නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ වෘත්තිකයන්ගෙන් අය කරන අසාධාරණ බදු අයකර ගැනීමේ ක්‍රමය ලිහිල් කරන ලෙස ඉල්ලා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගවලට අනුව උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ආචාර්යවරුන් ඉවත් වී සිටින බවය. 

මේ අනුව ඔවුන් කරන්නේ වෘත්තීය අරගලයක් බව පැහැදිලිය. එහෙත් අප පෙන්වා දෙන්නේ කුමන වෘත්තීය අරගලයකදී වුවද මෙරට ශිෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීම වැරදි බවය. උත්තර පත්‍ර පරීක්ෂාවේ ප්‍රමාදයෙන් අගතියට පත්වන උසස් පෙළ සිසුන්ට සහ ඔවුන්ගේ මාපියන්ට තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට මොනම සම්මේලනයක්වත් නැත. ජනාධිපතිවරයා විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කළේ එම සිසුන් සහ මාපියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනි.

අවසාන විග්‍රහයේදී කිව යුත්තේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම තවදුරටත් ප්‍රමාද කිරීම එම දරුවන්ගේ අනාගතයට මහා විනාශයක් කළ හැකි බවය.

(***)



අදහස් (4)

උසස් පෙළ සිසුන් අමාරුවේ දාන්න එපා

Rata Perata Tuesday, 25 April 2023 11:41 AM

උසස්පෙළ ලියන දවස්වල විදුලිය දෙන්න කියලත්, ජනමාධ්‍යවලින් ලොකු බලපෑමක් කළා නම් හොඳයි. දැන් මේ වික්කාම නිකන් බබා වගේ කතා කළාට ඒ ළමයින්ට පාඩම් කරන්න එළිය දෙන්න මැදිහත් වුණේ නැහැනේ... ඒ වගේම සමස්ත ජනතාවම තමන්ගේ පටු දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් ප්‍රාණ ඇපයට ගන්න තකතීරු තකතීරු දේශපාලුවන් ගැනත් තොරතුරු ඕනේ...

:       3       10

Prabath Tuesday, 25 April 2023 11:54 AM

විභාගද අත්‍යාවශ්‍ය සේවයක් ලෙස නම්කර මැතිවරණ කොමසාරිස්ට දෙන බලතල, උත්තර පත්‍ර බැලීමේ කාලසීමාවත් දෙන්න.

:       4       2

sweneWednesday, 26 April 2023 03:47 PM

විභාගයට අභාග්‍යයක් කළ විදුලි සැපයුමත් අත්‍යවශ්‍ය සේවාවක්... ඇමැති සහ ජනපති එය හරියාකාරව ඉෂ්ඨ කළේ නැහැ නේද?

:       1       6

Nandasena gr Tuesday, 02 May 2023 06:25 AM

ඒක පාර්ශවීයයි. රනිල්ට දැන් කොච්චර කාලයක් මේ වෘත්තීකයෝ කියනවාද සාකච්ඡාවක් දෙන්න කියලා. නම්‍යශීලී නායකයෙක් නම් සාකච්ඡාවක් දෙන්න තිබ්බා. අදටත් හිතුවක්කාරකමට ඒක නොදී තග දානවා. අනික ඉල්ලුම්පත් දාන්න කලින් පරණ හිඟ මුදල ගෙවන්න එපායැ ගුරුවරුන්ට. කවුද කැමති වෙන්නෙ අතින් කාලා හරක් බලාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site