IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොම වෙයිද ?

  •  මේෂ, මිථුන, සිංහ,කන්‍යා, ධනු, කුම්භ  ලග්න  හිමියන්ට තනතුරු  නිල තල වරප‍්‍රසාද සමග ජීවිතයේ නව සුබදායී වෙනසක්

 

  •  වෘෂභ,- කටක,- තුලා, - මකර-, ලග්න හිමියන්ට පෙර පින පෑදෙන යමක් සිදුවේ.

 

  •  වෘශ්චික, මීන ලග්න හිමියන්ට අපෙක්ෂා නොකළ දෙයකින් හදිසි වාසියක්.

 

නව වසරේ ග‍්‍රහ ගමන ඔබේ අධ්‍යාපන ආර්ථික රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු මෙසේය.

මේෂ ලග්නයට අනුව ලග්නාධිපති කුජ හා යෝග කාරක රවි, ගුරු බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවන නව වසර ශුභඵලදායී අයුරින් ගතවන්නේය. ඔබගේ ආර්ථික, රැකියා, විවාහ ආදී කාර්යයන්හි  වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. මිල මුදල්  හෝ වෙනත් බාහිර ප‍්‍රශ්න ඇතිව අතහැර දමා තිබූ වැඩ නැවත ඇරඹීමට අවශ්‍ය කටයුතු සකස් වෙයි.

විශේෂයෙන් විවිධ තරාතිරමේ අයගේ උදව් උපකාර මත අනාගත දියුණුවට හේතු වන කාර්යයන් රැසක් සකස් වේ.  වසරේ මුල් මාස 06 පැහැදිලි සුබපල රැසක් ගෙන දෙනු ඇත. ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාභ ගෙනදෙයි. තනතුරු නිලතල වරප‍්‍රසාද මුල් මාස 06 තුළ හිමිවන්නේය. අවසන් මාස 06 යම් යම් අවහිර බාධා ප‍්‍රමාද මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන බැවින් එතැන් සිට දෙවරක්, තෙවරක් සිත යොමා ඥානාන්විතව කටයුතු කරන්න. ඔබට නව ආදායම් මාර්ග ගොඩනැගෙන වසරකි.

 

වෘෂභ ලග්නයට අනුව නව වසරේ ග‍්‍රහ ගමන සුබ අසුබ මිශ‍්‍ර අයුරින් පවතින නිසා ඉදිරි වසර ඔබේ වැඩ කටයුතු ක‍්‍රියාකාරකම් කෙරෙන්ද සුභ අසුභ මිශ‍්‍ර බවක් පෙන්නුම් කරයි. පොදුවේ ඔබට නව වසරේ මුල් මාස 06 යම් යම් අවහිර බාධා ප‍්‍රමාද මධ්‍යයේ තම දෛනික කාර්ය කටයුතු කර ගැනීමට සිදු වුවත් මෙම වසරේ අවසන් මාස 06 අභියෝග මැඩගෙන ඉදිරිය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ.  රැකීරක්ෂා කටයුතුවලත් තම වෙළෙද ව්‍යාපාර ආදී කටයුතුවලට බලපෑ අවහිර බාධා ප‍්‍රශ්නකාරී ගතිද පහව යනු ඇත.

මැයි සිට දෙසැම්බර් අතර කාලය තුළ ගෙදර දොර දියුණුවක් ද ඇතිවේ. භෞතික සම්පත් ද නොඅඩුව ලැබේ. සිතට සතුටක් සැනසුමක් දැනෙන දෑ සිදුවේ.  පොදුවේ ඔබේ වැඩවලට විවිධ රහස් සතුරු බලවේග ප‍්‍රශ්ණකාරී ගති හා කුමන්ත‍්‍රණවලින් බාධක යෙදුනත් ඒවා මැඩගෙන තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට පිළිවන්කමක් ඔබට ලැබේ.

 

මිථුන ලග්නයට අනුව උදාවන වසරේ ග‍්‍රහ ගමන සුභදායී අයුරින් සැකසෙන්නේ 2013 අපේ‍්‍රල්වලින් පසුවයි. එතෙක් කාලය ඔබට විවිධ  අවහිර බාධා කලකිරීම් සහගත ගති මධ්‍යයේ සිය කාර්යය කටයුතු  කරගෙන යාමටත් අරමුණු සැලසුම් ඉටුකර ගැනීමටත් සිදුවේ.

පොදුවේ ඔබට ලබන වසරේ මැයි මස සිට පවත්නා තත්වයේ සැලකිය යුතු යහපත් වෙනසක් බලාපොරොත්තු විය හැකි අනාගත සුබ සිද්ධිය සඳහා කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවේ. තම වැඩ කටයුතුවලට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ආධාර උපකාර පවා ලැබෙනු ඇත. රැකියා හෝ පදිංචියේ කිසියම් වෙනසක් මාරුවක් වුවද සිදුවේ. වැඩිපුර  දීර්ඝ ගමන් යෙදෙනු ඇත. අවබෝධ ඥාණය, ධාරණ ශක්තිය හොඳින් ගොඩනැගෙන වසරකි. ආර්ථික හා වෘත්තීය ලාභ ප‍්‍රයෝජන සැලසුනත් හදිසි වියදම් ද යෙදෙන දෑ සිදුවේ. ස්වයං ව්‍යාපාරවල වැඩි දියුණුව සැලසෙන වසරකි.

 

කටක ලග්නය අනුව උදාවන වසරේ ග‍්‍රහ ගමන මුල් මාස 06 තුළ සුබදායී බැවින් එම කාලය තුළ සැලසුම් කරන බොහෝ වැඩ කටයුතු රැසක් සාර්ථක වනු ඇත.  අධ්‍යාපන රැකියා විවාහ වැනි අංශවල ප‍්‍රගතියක් සිදුවේ. ඔබට මෙම වසරේ ආර්ථික ලාබ ගෙනදුන්නත් මිල මුදල්  අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට අපහසු තත්වයක් ගෘහ ජීවිතයේදී ඇතිවේ. ගමන් බිමන්වලට මෙන්ම අනුන්ගේ වැඩවලටත් ඔබගේ ධනය, ශ‍්‍රමය වැයවන අවස්ථා යෙදේ. දැඩි ලෙස බලාපොරොත්තුව සිටි වැදගත් කාරණයක් ඉටුවීම තුළින් සිතට සතුට සැනසීම ඇතිවේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමටත් ඉන් සාර්ථක ප‍්‍රතිපල අත්කර ගැනීමටත් මෙම වසරේදී අවස්ථාව සැලසේ.

පොදුවේ උගත් කමට දැනුමට කුසලතාවට නිසි තැන ලැබෙන වසරකි. විවාහ බාධක දෝෂ මැයි සිට පහව ගොස් අවිවාහකයන්ට විවාහ සැප පවා හිමිවීම නව වසරේ පෙන්නුම් කරන සුභ ප‍්‍රතිපලයකි.

 

සිංහ ලග්න හිමියන්ට උදාවන නව වසර පැහැදිලි සුබපල රැසක් ගොඩනැගෙනු ඇත. ග‍්‍රහ ගමන සුබව යෙදෙන බැවින් ගත වු වසරට වඩා උදාවන වසර යහපත්වෙයි. අධ්‍යාපන, රැකියා, ව්‍යාපාර ෙක්‍ෂත‍්‍රයේ කටයුතුවල උනන්දුව වැඩිවෙයි. ඒ ඒ කාර්යයන්හිදී වගකිව යුත්තන්ගේ ප‍්‍රසාදයටද ලක්වන  කරුණු ඇතිවෙයි. මැයි මාසයේ සිට ආදායම් තත්වයේ වර්ධනයක් ඇති කරයි.

නැති වු වස්තුව මෙන්ම  නැති වී ගිය රැකියා තනතුරු පමා වු වැඩ යනාදී බොහෝ කාර්යයන් නැවත ලැබේ. රැුකියා අපේක්ෂිතයන්ගේ හා විවාහ අපේක්ෂිතයන්ගේ  අපේක්ෂා ද ඉටුවෙයි. තමා පෙර අනාගත අභිවෘද්ධිය උදෙසා  පදිංචියේ වෙනසක් ඇතිකර ගැනීම සඳහා සිත ක‍්‍රියා කරන වසරකි. එම අරමුණද එලෙස සාර්ථක කර ගත හැකිය. විශේෂයෙන් සෑම දෙයින්ම ලාභ ප‍්‍රයෝජන ලැබෙන වසරකි.

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට නව වසරේ ග‍්‍රහ ගමන ශුභාශුභ මිශ‍්‍ර බැවින් දිවියේ තම සියලූ වැඩ කටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ‍්‍ර බවක් ඇති කරයි.

විශේෂයෙන් ඔබ සිතන සැලසුම් කරන වැඩ සියල්ලම සාර්ථක කර ගැනීම අපහසු වුවත්, හොඳින් සිතා බලා සැලසුම් සහගතව කරන කාර්යය කටයුතු අභියෝගයට ලක් නොවේ. ඒවා කෙසේ හෝ සාර්ථක කර ගත හැකි රැකියාවේ ස්ථාන වෙනසක් අනාගත යහපත උදෙසා සැලසේ. පසුගිය කාලයේ අතපසු වු වැඩ කටයුතු රාශියක් මෙම වසරේදී නිමකර ගැනීමටත්  අවස්ථාව සැකසේ. උත්පත්ති කේන්දරයේ සඳු ග‍්‍රහයා 7 වන 8 වන ස්ථානවල සිටි කන්‍යා ලග්න හිමියන්ට සිතට වදදෙන යම් යම් ප‍්‍රශ්න ඇතිවේ. ගෘහ ජීවිතයේ  ගැටලූ ශරීර සනීපය දුර්වලවීම්, හවුල් කටයුතුවල අර්බුද, සතුරු කරදර රහස් කුමන්ත‍්‍රණ වැනි දේට මුහුණ දෙන්ට සිදුවේ.

විශේෂයෙන් ඔබ ආගම වත් පිළිවෙත් පුද පූජා වන්හි නියුතු වෙමින් වසර තුළ කටයුතු කිරීම වඩාත් යෙහෙකි.

තුලා ලග්න හිමියන්ට නව වසරේ ග‍්‍රහ ගමන ශුභාශුභ මිශ‍්‍ර අයුරින් ගතවන නිසා ඔබ සැලසුම් සහගතව සැලකිල්ලෙන් විමසිල්ලෙන් යුතුව තම අත්‍යාවශ්‍ය  කාර්යය කටයුතුවල නියුතු වන්න. වරින් වර තමා බලාපොරොත්තු නොවූ සැලසුම් නොකළ  මාර්ගවලින් විවිධ ලාභ ප‍්‍රයෝජන සැලසෙයි. ආර්ථික  හා රැකියා යන කාර්යන්හිද ශුභදායි වෙනස්කම් ඇති කරයි.

බොහෝවිට ඔබ මෙම වසර තුළ සෑම කටයුත්තක්ම ඉතා සැහැල්ලූවෙන් සළකා ක‍්‍රියා කරන බැවින් තමාගේ දියුණුව ද ප‍්‍රමාණවත් අයුරින් ඇති නොවේ. ඔබට නව වසරේ මුල් මාස 6 ආර්ථික රැකියා ව්‍යාපාරික මෙන්ම අධ්‍යාපන කටයුතු වලට අයහපත් නොවුණත් ඒවායේ  යම්කිසි සංවර්ධනයක් ප‍්‍රගතියක් ඇති කළත් අවසන් මාස 06 මේවායේ වැඩවලට විවිධ අවහිර බාධා මතුවේ.

විදෙස් රැකියා අපේක්ෂා හා විදෙස් ගමන් බලාපොරොත්තු සාර්ථක වෙයි. යුගදිවියේ සාමය, සතුට බිදීයන දෑ සිදුවන බැවින් ඒ කෙරේ වඩාත් සැලකිලිමත් වන්න.

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට උදාවන නව වසර ඔබගේ අධ්‍යාපන, රැකියා විවාහ ආදී කාර්යයන්හි ප‍්‍රගතියට වැඩි දියුණුවට  ශුභදායී වෙනසක් ඇති කරයි. 2013 මැයි තෙක් කාලය යම් යම් අවහිර බාධා ප‍්‍රමාද මධ්‍යයේ නමුදු ශුභදායී වෙනස්කමකට භාජනය වේ.  ගෙදර දොර වාසනාවන්ත බවක් ඇති කරයි. අවිවාහකයන්ට මංගල යෝග උදාකරන අතර ආදර දිවියේ කටයුතුවල වැඩි දියුණුවක් ඇති කරයි.

විශේෂයෙන් ගතට සිතට  සැපත සතුට දනවන කාර්යන් රැසක් මුල් මාස 06 තුළ සිදුවේ. අවසන් මාස 06 කාර්ය කටයුතුවලට විවිධ අවහිර බාධා මතුකරන අතර අත්‍යාවශ්‍ය වැඩ ප‍්‍රමාද වන දෑ සිදු වන්නේය. එසේම ලැබෙන මුදල් නිකරුනේ වියදම් වී යන කරුණු යෙදේ.

වසරේ මැද භාගයෙන් පසු ආගමික වත්පිළිවෙත් පුද පූජාවන් හි නියුතු වෙමින් කටයුතු කරන්න.

ධනු ලග්න හිමියන්ට උදාවන වසරේ ග‍්‍රහ ගමන ශුභදායක අයුරින් බලපාන බැවින් දිවියේ නව දියුණුවක් අභිවෘද්ධියක් 2013 වසරේ ඇති කරයි.

ජීවනෝපාය මාර්ගයන්හි පැහැදිලි වෙනසක් නව ආදායම් මාර්ග හිමිවීමක් ඇති කෙරේ. පරිසරය යහපත් වීම නිසා රාජකාරි වගකීම් නිසිලෙස ඉටු කිරීමටත් හැකිවේ. තනතුරු නිලතල වරප‍්‍රසාද හිමිවන වසරකි. බලාපොරොත්තු ඉටුවන සැලසුම් ක‍්‍රියාවට නැංවීමට හැකි වෙයි.

මෙම වසරේ මැයිවලින් පසු පවතින තත්වයේ කැපී පෙනෙන යහපත් වෙනසක් ඇති වන්නේය. සතුරු කුමන්ත‍්‍රණ පරාජය කළ හැකිවෙයි. අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම විවාහ යනාදියේ අපේක්ෂා ඉටුවීම නිසා සිතට සතුට දනවන වසරක් ද වේ.

තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙන දිවියේ නව පරිවර්තනයකට මුල පිරෙන ශුභදායි වෙනස්කම් රැසක් සිදුවන නව වසරක් බවට පත්වේ.

මකර ලග්නයෙන් උපන් ඔබට ලබන්නාවු නව වසර ශුභපල මෙන්ම අශුභපල මිශ‍්‍රව ගෙනදෙන මධ්‍යස්ථ වසරකි. වසර පුරාවටම ඔබ ඉපැයීම් මාර්ග සම්බන්ධයෙන් සැලසුම් සහගතව ඇප කැපවී කටයුතු කරන නිසා ආදායම්, වියදම් සමසේ පවත්වාගෙන යාමට හැකිවේ. මිල මුදල් හා වෙනත් භෞතික සම්පත් ලාභද ලැබේ.

කෙසේ වෙතත් යම් යම් අවස්ථාවල ගැටලූ පැනනැගුණත් හවුල් හෝ ස්වයං ව්‍යාපාරවල නියුතු වන්නන්ට ඒවායේ සැලකිය යුතු දියුණුවක් ගෙනදෙනු ඇත. විශේෂයෙන් මෙම වසර තුළ ඔබ සැලසුම් නොකළ බලාපොරොත්තු නොවූ මාර්ගයක නැතහොත් දෙයකින් ඔබට විශේෂ ලාභ ප‍්‍රයෝජනයක් ගෙනදෙන්නේය.

බලාපොරොත්තු වන සැලසුම් කරන දෑ කල් යයි. උරුම හිමිකම් ප‍්‍රශ්න දේපල ආරවුල් මතු වීමේ ප‍්‍රවණතාවක් පවතින බැවින් ඒ කෙරෙහි සැලකිලිමත් වන්න. මුල් මාස 06 අධ්‍යාපන විවාහ අංශවල කරදර ප‍්‍රශ්න මතු නොවේ.

කුම්භ ලග්නය හිමි ඔබට උදාවන නව වසර ගත වු වසර තුළ තරම් ගැටලූ බාධා මතු නොවන ප‍්‍රශ්න අඩු වසරකි. මෙය වැඩි වශයෙන් සුබදායී වෙනස්කම් රැසක් සිදුවන වසරකි.

ඉදිරිපත් වන බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. පසුගිය කාලයේ මුදල් අපහසුවෙන් හෝ වෙනත් බාහිර ප‍්‍රශ්න මැද හෝ අතපසු වු වැඩ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු මෙම වසරේ නැවත ඇරඹීමට හැකිවනු ඇත.
අඩපණව පවතින කටයුතු ප‍්‍රතිසංවිධානය වේ. තමා නිරත වන රැකියා ව්‍යාපාරයන්හි දියුණුවක් අභිවෘද්ධියක් ද ඇති කරයි. විශේෂයෙන් මෙම වසරේ ඔබට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ගුණවතුන්ගේ ඇසුර ලැබේ. එමෙන්ම ආධාර උපකරද ලැබේ.

අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගේ  සිත් උසස් අධ්‍යාපනයට යොමු වී එවැනි දේට සම්බන්ධ වේ. ඇනහිට තිබු විදෙස් ගමන් බිමන් රැකියා ලාභ ගොඩනැගීමද නව වසරේ සිදුවෙයි.

මීන ලග්නයට අනුව ග‍්‍රහ ගමන එතරම් ශූභදායි නොවෙන බැවින් දිවියේ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු විශේෂයෙන් මැයි පසුවන තෙක් කාලය තුළ ඔබට ඉටුකර ගැනීමට සිදු වන්නේ නොයෙකුත් අවහිර මෙන්ම බාධා මධ්‍යයේය.
සමස්ථයක් වශයෙන් ගත්කළ අධ්‍යාපන, රැකියා, විවාහ යනාදියේ වැඩි දියුණුවට කටයුතු පිළියෙළවීමක් 2013  මැයිවලින් පසු ක‍්‍රමයෙන් ඇති කරයි.

පොදුවේ උප්පත්ති කේන්ද්‍රයේ සඳු ග‍්‍රහයා 1 වැනි 2 වැනි කොටුවල සිටි අයට විවිධ ප‍්‍රශ්න කරදර ඇති කළත් අපලකාරී බවක් පෙන්නුම් කළත් සෙසු අයට දැඩි පීඩාකාරී බවක් පෙන්නුම් නොකරයි.

කෙසේ වෙතත් උදාවන නව වසර ඔබේ දිවියේ අත්‍යාවශ්‍ය කාර්ය කටයුතු කෙරෙන් විශේෂ සුබදායී තත්ත්වයක් පෙන්නුම් නොකරයි. ඉවසිලිවන්තව බුද්ධිමත්ව සිතා තීන්දු තීරණ ගෙන කටයුතු කළ යුතු වසරකි. ශරීර සනීප කෙරෙහි නිබදව සැලකිලිමත් වන්න.

 

බෙන්තොට  හේමන්ත වීරසිංහ



අදහස් (0)

උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොම වෙයිද ?

සමන්ත මගුල්දමණ Monday, 31 December 2012 10:17 PM

වසරක ගෙවී නව වසරක් ලබන දිනේ ග්‍රහ කල අපල‍ දෙන බව ලිපියෙන්ම පෙනේ එනමුත් සිතට ගෙන වීරිය ඇතිව සෙනේ සමරමු උදාවන වසරෙහි ජයම ගෙනේ (නි)

:       0       0

ඉන්දික Wednesday, 02 January 2013 01:46 AM

ලෝ වැසි සියළුම දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! (නු)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 06 January 2013 09:50 AM

මට නම් හොදයි. (නි)

:       0       0

විජය Sunday, 30 December 2012 09:52 PM

මෙම ලිපිය පළ කළ සැමට සුභ නව වසරක් වේවා! (නි)

:       0       0

චානක Monday, 31 December 2012 03:19 PM

සියලු දෙනාටම සුභ නව වසරක් වේවා! (නි)

:       0       0

චානක Monday, 31 December 2012 03:15 PM

උදාවූ නව වසර ලක්වාසී සියල්ලන්ටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා! (නි)

:       0       0

ලක්මාලි Wednesday, 10 April 2013 11:39 AM

මට නම් වරදක් නැ . (ස)

:       0       0

චාමර Tuesday, 01 January 2013 02:51 PM

ඉතාම සුභ නව වසරක් වේවා..!(නු)

:       0       0

නිෂූ (ලන්ඩන්) Monday, 31 December 2012 02:09 AM

හපොයි මට නම් හොද නැහැ. (නි)

:       0       0

හිල්මි Monday, 31 December 2012 03:20 AM

ලග්න පලාඵල කොහොම වෙතත් අර පහළ ඉන්න ගෑනු ළමයා නම් හරි ලස්සනයි. (නි)

:       0       0

අසිරු Tuesday, 01 January 2013 08:31 AM

හිතේ තියෙන හැම පැතුමක්ම ඉටුවන,සාමය සතුට පිරි,ආදරය සෙනෙහස ලැබෙන,නීරෝගිමත් වාසනාවන්ත සුන්දර, සුබම සුබ අලුත් අවුරුද්දක් ‍වේවා........................(ස)

:       0       0

නෙත්මි Tuesday, 15 January 2013 12:52 PM

සැමට සුබ නව වසරක් වේවා (ස)

:       0       0

හීන්කන්ද Sunday, 06 January 2013 02:03 PM

සාමය සතුට පිරි ප්‍රීතිමත් සුභ නව වසරක් වේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 31 December 2012 06:50 PM

ඔබට සුභ නව වසරක් වේවා! (නි)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 03:35 PM

මේවා ගැන හිතන්න එපා තමන් අදහන ආගම අනුව යහපත්ව කටයුතු කරන්න හිත තමයි හැම ‍දේටම මුල් වෙන්නේ (ස)

:       0       0

මුතු Thursday, 03 January 2013 01:43 PM

ඔවු හිල්මි ගෑනු ළමයා නැතුව පලාඵල දැමිමා නමි සුභයි. ගෑනුළමයි දැකීමෙන් මේ අවුරුද්දේ බොහෝ අයට අසුබ විය හැක (ස)

:       0       0

ක්‍රිෂ් Saturday, 05 January 2013 03:33 PM

සුබ හෝ අසුබ බව රැදෙන්නේ තමා කරන කියන දේ අනුවය (ස)

:       0       0

ඩික්සන් Thursday, 03 January 2013 01:45 PM

සුබ නව වසරක් වේවා ! (ස)

:       0       0

දමිත් Saturday, 05 January 2013 03:34 PM

සැමට සුබ නව වසරක් වේවා (ස)

:       0       0

කුෂානි Tuesday, 01 January 2013 09:03 PM

හැමෝටම සුභ නව වසරක් වේවා..!(නු)

:       0       0

මිලාන් Monday, 31 December 2012 12:36 PM

ඔබට සුභ නව වසරක් වේවා! (නි)

:       0       0

යසන්තා සංජීවනි Friday, 05 July 2013 02:04 PM

මට නම් හොදයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 116 0

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 65 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 243 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 506 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව
2024 මැයි මස 17 1926 5

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැද


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
2024 මැයි මස 17 345 2

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 784 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2333 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1997 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site