IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


උතුරු - නැගෙනහිර වයස්ගත දේශපාලනයට ඇනපු ටොක්ක

  18_SLMA_P3_Back

අපි අවි ගත්තු කාලේ අපේ පිහිටෙන් තමයි ඔයගොල්ලන් ප‍්‍රසිද්ධ වුණේ අපි හින්ද තමයි ඔයාලට ඡුන්දෙ ලැබුණේ. පිටරටවල්වල ගියේ. ජාත්‍යන්තර ප‍්‍රසිද්ධිය වගේ සියලූම දේ ලැබුණේ. එහෙම වෙලා දැන් අපිව ප‍්‍රතික්‍ෂේප කරන එක හරිම අසාධාරණයි. අපි කවද හරි උතුරු නැගෙනහිර මුල්බැසගෙන තියෙන ඔය වයසක දේශපාලනය අතුගාල දානවා.”


මේ විදිහට අසන්නට ලැබුණේ වව්නියාවේ පෞද්ගලික හෝටලයකින්. පසුගියදා දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර මැතිවරණ කටයුතු පිළිබඳව හා නාම යෝජනා පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට වව්නියාවේ පෞද්ගලික හෝටලයක දවස පුරා පැවත්වුණු සාකච්ඡුාවක් අතරතුරය. මේ කතාව කීවේ දෙමළ ජාතික සන්ධානයට කියලා නම් නියත8යි. නමුත් මේ කතාව කිව්වේ කව්ද, මොකටද කියන එකයි ප‍්‍රශ්නේ. දෙමළ ජාතික සන්ධානය කියන්නේ උතුරු නැගෙනහිර මුල් බැසගත් ප‍්‍රධානම බලවතා වෙච්ච දේශපාලනය. ඉතින් මේ බලවතාට මේ ඊයේ පෙරේදා ලොකු ටොක්කක් ඇන්නා. ඒ වෙන කවුරුත් නෙමෙයි කලක් අවි දරා පසුව පුනරුත්ථාපනයවී දැන් සමාජගත වෙලා ඉන්න හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක්.


දේශපාලනය කියන්නේ කොයි වගේ වටපිටාවක්ද කියලා අපි කවුරුත් දන්නා දෙයකි. එයට කදිම නිදසුනක් වූවේ පසුගිය ජනාධිපතිවරණය. කොයි බලවතා වුනත් අවසානයේදී ජනතා කැමැත්තට නීතියට යුක්තියට හා සාධාරණයට හිස නැමෙනවා. ගෙවෙන හැම තත්පරේකම හැමදේම වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන ලෝකේ උතුරු නැගෙනහිර දේශපාලනය ගැන මේ දිනවල දැඩි උණුසුම් තත්ත්වයක් උදාවෙලා. දෙමළ ජාතික සන්ධානය කියන්නේ අද වෙනකොට පක්‍ෂ හතරක එකතුවකින් සැදුම්ලත් පක්‍ෂයක්. මුලින් නම් පක්‍ෂ 5ක් තිබුණා. වර්තමානයේ ගජේන්‍ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ මේ වන විට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙලා දෙමළ ජාතික සන්ධානයට දැඩි ලෙසින් විරෝධය පාමින් ඔවුන්ගේ මැතිවරණ කටයුතු හෙළා දකිමින් ප‍්‍රචාරක කටයුතු කරනවා. මේ පක්‍ෂයට අද වෙනකොට දෙමළ ජාතික සන්ධානය එපා වුණ බොහෝ පිරිසක් ඒකරාශි වෙලා.


දෙමළ ජාතික සන්ධානය අද අවුල් ජාලාවක් වෙලා. මොකද මේකේ ඉන්න පක්‍ෂ 4 වන ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ටෙලෝ සහ ඉලංකෙයි තමිල් අරුස කච්චි යන පක්‍ෂ ටික එකතු කරගෙන එක පක්‍ෂයක් විදිහටවත් ලියාපදිංචි කරගෙන නැහැ. මේ අය මැතිවරණයට තරග කරන්නේ ඉලංකෙයි තමිල් අරුස කච්චි පක්‍ෂයෙන්. ඒ එක පැත්තක්.

5

යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට නාම යෝජනා භාරදීමට පැමිණි නඬේෂපිල්ලෙයි විද්‍යාධරන්.

 


දෙමළ ජාතික සන්ධානය සමඟ තරග වදින තවත් පක්‍ෂයක් තියනවා. ඒ ආනන්ද සංගරීගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ. මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර පිහිටි සෑම දිස්ත‍්‍රික්කයකටම ඔවුන් නාම යෝජනා භාරදීලා අවසන්. ඉතින් මේ ප‍්‍රධාන පක්‍ෂ දෙකේ බලපෑම දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්ටයි ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්‍ෂ නායක මාවෙයි සේනාධිරාජාටයි හොඳටම දැනිලා.


මෙහෙම පීඩනයකින් වව්නියාවේ පෞද්ගලික හෝටලයක සාකච්ඡුාවකට ආපු දෙමළ ජාතික සන්ධානයේ ලොක්කන්ටයි, සොක්කන්ටයි ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. ඒ ටික දවසක ඉඳන්ම පොඩිවට ඇවිළෙමින් තිබුණු හිටපු කොටි සාමාජිකයන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියපු කටකතා ඇත්තක් කරමින්.


යුද්දෙන් පස්සේ 13,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය වුණා. මේ අයගෙන් සාමාජිකයන් 300ක් විතර දේශපාලනයට එන්න උනන්දුවක් තිබුණා. ඉතින් මේ අයගේ නායකයා වුණේ යාපනයේ පළවෙන පුවත්පතක් වන උදයන් පුවත්පතේ හිටපු කර්තෘවරයකු වෙච්ච නඬේෂ පිල්ලෙයි විද්‍යාදරන්.


ඉතින් මෙයා එදා පුනරුත්ථාපනය වෙච්ච සාමාජිකයන් පස්දෙනෙක් විතර එක්ක ඔය කියන හෝටලයට ඇවිත් ආර්. සම්බන්ධන්ටයි මාවෙයි සේනාධිරාජාටයි යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්කවලින් දෙමළ ජාතික සන්ධානයෙන් ලබා දෙන නාම යෝජනා ලැයිස්තුවෙන් පුනරුත්ථාපනය වෙච්ච දෙදෙනෙකුටවත් අවස්ථාව දෙන ලෙසටයි. මේ යෝජනාව දෙමළ ජාතික සන්ධානය ප‍්‍රතික්‍ෂේප කළා. ඊට පස්සේ විද්‍යාධරන් එක් අයෙකුටවත් අවස්ථාව දෙන්න කියලා ඉල්ලා සිටියා. නමුත් ආර්. සම්බන්ධන් සහ මාවෙයි සේනාධිරාජා එක හෙළාම ප‍්‍රතික්‍ෂේප කරමින් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය කියන්නේ දැන් ප‍්‍රජාතන්්ත‍්‍රවාදී පක්‍ෂයක්. එහෙම වාතාවරණයක් තියෙනකොට හිටපු කොටි සාමාජිකයන් ඇතුළත් කිරීමෙන් ගැටලූ මතු වෙන්න පුළුවන්. ඒක නිසා පළමුව ප‍්‍රාදේශීය මට්ටමින් දේශපාලනයට තරග කරලා පසුව මහ මැතිවරණයකට තරග කරන්න කියලයි.
මේ කතාවත් එක්ක හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට හිඳුම්xහිටුම් අමතක වෙලා කෑගහන්න ගත්තා. ”මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු කාලේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු කරුණා අම්මාන්ට පිල්ලෙයාන්ට ජාතික ලැයිස්තුවලින් මැති ඇමතිකම් දුන්නා නම් අපේ වැරැුද්ද මොකද්ද” කියලා. මේ ගාලගෝට්ටියත් එක්කම අදාළ හෝටලයෙන් මාධ්‍යවේදීන් එළියට දැම්මා. දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සාකච්ඡුාවේ ඉතිරිය ද කරගෙන ගියා. නමුත් අවසන් ප‍්‍රතිඵලය වුණේ පෙර පරිදි සියලූ යෝජනා ප‍්‍රතික්‍ෂේප වීමයි.


එදා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් හිතන්නට ඇති එහෙම ප‍්‍රතික්‍ෂේප කළාම ඒ අය නවතියි කියලා. නමුත් වුණේ නොහිතපු දෙයක් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යාපනය දිස්ත‍්‍රික්කයට ස්වාධීන පක්‍ෂයක් මඟින් නාම යෝජනා දුන්නා. එහෙම දුන්නු මේ අයට මැතිවරණය වෙනුවෙන් තරග කරන්න ලැබුණේ මකුළුවා ලකුණින්.


මකුළුවා ලකුණ ලැබුණු මේ අය ගැන මේ දවස්වල උතුරු නැගෙනහිර ක‍්‍රියාත්මක දෙමළ වෙබ් අඩවිවල පුවත්පත්වල ලොකු ප‍්‍රසිද්ධියක් ලැබිලා. මේ නිසා දෙමළ ජාතික සන්ධානය දැන් හිතනවා ඇති, ටොක්ක ඇන්න නෙමෙයි ඇනගත්තා කියලා. දවසින් දවස මේ අයට මෙහෙම ප‍්‍රසිද්ධියක් ලැබෙනකොට අනිත් පැත්තෙන් ගජෙන්‍ද්‍රකුමාර් පොන්නම්බලම්ලා සහ ආනන්ද සංගරී නැගිට්ටහම විශාල බලවේගයක් දැන් දෙමළ ජාතික සන්ධානයට එරෙහි වෙලා.


දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට නාම යෝජනා භාරදුන් පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ. සාමාජික කණ්ඩායමේ නායක නඬේෂපිල්ලෙයි විද්‍යාධරන්ගෙන් කරුණු විමසන්න හිතුවා. ඉතින් නව දේශපාලන මාවත ගැන කිව්වේ මෙවැනි අදහසක්.


”අපි මේක පටන්ගන්න හැදුවේ ඇත්තටම දෙමළ ජාතික සන්ධානෙත් එක්ක එකතු වෙලා. අපිට ඒ අයගේ පක්‍ෂයත් එක්ක එකතුවෙලා වැඩ කරන්න  ඕන කියලා හිතුණා. ඒක හින්ද තමයි අපි මුලින්ම ඒ අයගේ කැමත්ත ගන්න ආවෙ. නමුත් අවසානෙදි එයාලා අපිව මගහරිනවා. ඒක හරිම අසාධාරණයි. දැන් අපි වෙනම අපිට  ඕන මාර්ගයේ ගිහින් ජනතාවට සේවයක් කරනවා.’’


‘‘අපි මුලින් අවි අරන් හිටපු නිසා තමයි අද ඒ ගොල්ලන් ඔය තත්ත්වෙට ඇවිත් ඉන්නේ. නමුත් දැන් අපිව මගහැරියා. දැන් අපි අලූත් ගමනක් පටන් අරන්. දැන් අපිට අපේම සාමාජිකයෝ 10,000කට වැඩිය ඉන්නවා. ඒ වගේම ඒ අයගේ ඥාතීන් සාමාන්‍ය වැසියන් ගොඩක් ඉන්නවා. මැතිවරණයෙන් පස්සේ අපේ බලපෑම සහ අපේ නැගිටීම කොයි වගේද කියලා ඒ අය දැන ගනියි.


මොකද දැන් අපි පුනරුත්ථාපනය වෙලා ගෙදරට ඇවිත් ඉන්නේ. අපි ගැන බලන්න කවුරුත් නැහැ. අපිට පිහිට වෙන්න කවුරුත් නැහැ. අපේ ගොඩක් අය ඉන්නවා අත් කකුල් නැති අය. ඒ අය වෙනුවෙන් දැන් කව්ද පෙනී සිටින්නේ. ඒක නිසා අපේ අයට පිහිටවෙන්න අපිම තීරණය කළා.


අනෙක් එක මේ අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අපිට දේශපාලනයට එන්න අයිතිියක් තියනවා. කරුණා අම්මාන්ට පිල්ලෙයාන්ට අයිතියක් තියනවනම් ඇයි අපිට බැරි. අපි පුනරුත්ථාපනය කරනකොටවත් ආරක්‍ෂක අංශ කව්රුවත් අපිට කීවේ නැහැනේ අපිට දේශපාලනය කරන්න බැහැ කියලා. ඒක නිසා ආයේ අපි කාත් එක්කවත් සාකච්ඡුා කරන්න යන්නෙ නැහැ.දැන් අනිත් පැත්තෙන් අපිට ඇතැම් දේශපාලන පක්‍ෂ චෝදනා කරනවා අපි තාමත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්. එහෙම සම්බන්ධතා තියනවා, එහෙම තියෙද්දි කොහොමද දේශපාලනය කරන්නේ. නිතරම හමුදා බුද්ධි අංශ අය මේ අයගෙන් ප‍්‍රශ්න කරනවා කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත අපිට කිසිම එහෙම සම්බන්ධයකුත් නැහැ. අපිට එහෙම  ඕනත් නැහැ. බුද්ධි අංශ අය එනවා මාසෙකට සැරයක් වගේ ඇවිත් ඒ අයගේ රාජකාරිය කරලා යනවා එච්චරයි. මේවා අපි එන්න හදනකොට මුලින්ම පාගලා දාන්න කරන වැඩ. අපි ඒවට අහුවෙන්නෙත් නැහැ. ඉස්සරහට තියපු කකුල ආපහු ගන්නෙත් නැහැ.’’


විද්‍යාධරන්ගේ මේ කතාවෙන් තේරුම් යන්නේ මේ අය කුමන හෝ මාර්ගයකින් ලොකු වෙනසක් කරන්නට ලෑස්ති වන බවය.


දෙමළ ජාතික සන්ධානයට එරෙහිව හැදෙන්නේ මේ මකුළුවාය. ගජෙන්‍ද්‍ර පොන්නම්බලම් එක්ක ආනන්ද සංගරී එකතුවෙන් උතුරු නැගෙනහිර එක්සත් ජාතික පක්‍ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධාන ඇතුළු අනෙක් පක්‍ෂවල බලපෑම එල්ල වෙන විට ආර්. සම්බන්ධන්ටයි මාවෙයි සේනාධිරාජාටයි මාරුවෙන් මාරුවට ටොකු ඇනගන්නට වන්නේය.

m



අදහස් (0)

උතුරු - නැගෙනහිර වයස්ගත දේශපාලනයට ඇනපු ටොක්ක

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 127 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 166 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 68 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 29 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 47 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 482 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1301 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site