ඉන්දියාවට තිරුපති මහා දෙවොල නම් ලංකාවට කතරගම මහා දෙවොලය. මේ දෙක ඒ තරමට ලෝක ප‍්‍රසිද්ධය. අනුහස්ය. දෙස් විදෙස් රාජ්‍ය නායකයන්ගේ පටන් ජාති-ආගම් භේදයකින් තොරව බැතිමතුන්ගේ ගෞරවයට පාත‍්‍රවන තැන්ය.
කතරගම මහා දේවාලය ගැන කතා කරන විට එය කතරගම දෙවියන් ජීවමානව වැඩ සිටින තැනක ඉදිවූ දේවාලයකි. මෙහි යන එන පිරිස දිනපතා ජන ගඟකි. සිංහල-දෙමළ පමණක් නොව දෙස් විදෙස් කොයි කවුරුත් බැතිමත්ව වන්දනා කරන තැනකි.
කතරගම මහා දේවාලය, ගැන පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කොට තිබිණි. එතුමා පැවසුවේ කතරගම දේවාලයත් තිරුපති වැනි ස්ථානයක් බැවින් ඒ ආකාරයට ඉදිකිරීම් කටයුතු හා සංවර්ධනය කිරීම් කළ යුතු බවය.
එහි පසු අර්ථය රටටත් පොදු ජනතාවටත් අනුහස් ඇති ස්ථානයක් මීට වඩා සංවර්ධනය වී, භක්තිය වැඩිදියුණු වන පරිදි පොදු පහසුකම්වලින් ද සමන්විතව නිර්මාණය විය යුතු බවය.
ඒ අනුව ”අලූත් වන කතරගම” ගැන ලියන්නට අපි සිතුවෙමු. කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන බස්නායක නිලමේ ඞී.පී. කුමාරගේ මහතා ”අලූත් වන කතරගම” ගැන දැක්වූයේ මෙවැනි අදහසකි.

”මා බස්නායක නිලමේ ධුරයට පත් වූ පසු වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කීප විටක් කතරගම මහා දේවාලයට පැමිණියා. දේවාලයට දිනපතා විශාල බැතිමතුන් පිරිසක් එනවා. ඒ අයට පහසුකම් ඉතාම අල්පයි. වර්තමානයේ කතරගම ඇති පහසුකම් මේ සා විශාල බැතිමතුන් පිරිසකට ඔරොත්තු දෙන්නෙ නෑ. මේ තත්ත්වය අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා දැක්කා. එතුමා පසුගියදා කතරගම පැමිණි අවස්ථාවේ මට යෝජනා කළා, වහාම තිරුපති දේවාලයට යන්න. එහි ගිහින් එතැන යන පිළිවෙළ අධ්‍යයනය කර පැමිණිලා, තිරුපති ආකාරයට කතරගම දේවාලය හා අවට ප‍්‍රදේශය බැතිමතුන්ට පහසුවක් වන පරිදිත්, භක්තිය වැඩිවන ආකාරයටත් ගොඩනගන්න කියා. ඒ අනුව මහා දේවාලය හැර ප‍්‍රධාන දොරටුවේ සිට ඒ අවට ගොඩනැගිලි අංගසම්පූර්ණව වෙනස් වීමට නියමිතයි. අගමැතිතුමා උපදෙස් දුන්නෙ තිස්ස නගරයේ ඉඳන්ම මේ සංවර්ධන කටයුතු කතරගම දක්වා සම්පූර්ණයෙන් ආරම්භ විය යුතු බවටයි. ඒ අනුව දැන් කටයුතු ආරම්භ වෙලා තියෙන්නෙ. ඉදිරි කාලය තුළ කතරගම බොහෝ දුරට අලූත් වේවි. මේ සංවර්ධන කටයුතු අධීක්ෂණය සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාත් පත්කර තිබෙනවා.’’
අලූත් වන කතරගම මහා දේවාලය අවට කඩිනම් සංවර්ධන ව්‍යාපෘති රැුසක් මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව බැතිමතුන්ගේ පහසුව සඳහා විශ‍්‍රාම ශාලා වැසිකිළි 100ක්, ඉතා පිරිසිදු පානීය ජල ව්‍යාපෘති දැන් ලහි ලහියේ සිදුවෙමින් පවතී.
”මේ ව්‍යාපෘතිවලදී පැරණි නේවාසික ගොඩනැගිලි කඩා ඉවත් කර අලූත් ගොඩනැගිලි මහා පරිමාණව ඉදිවෙනවා, රාජ්‍ය අංශයේ හා පුද්ගලික බැතිමතුන්ගේ ආධාර ඇතිව. ඒ සඳහා කැමති බැතිමතුන්ට දායකත්වය භාර ගැනීමේ ශක්තියක් තිබෙනවායි” කුමාරගේ මහතා පවසයි.
”කතරගම මහා දේවාලය, ඉන්දියාවේ තිරුපතිවලටත් වඩා බලසම්පන්න බව බොහෝ දෙනා දරන අදහසක්. එම නිසා කතරගම වන්දනාවේ විශාල වශයෙන් ඉන්දියානුවෝ එනවා. ඒ අය තිරුපති ගිහින් එවැනි මහා චිත‍්‍රයක් මවාගෙන මෙහි එන්නේ. නමුත් ඒ චිත‍්‍රය කතරගමට ආවම නෑ. හැම අතින්ම ඔවුන් අපහසුතාවයට ලක්වෙනවා. පුංචි පුංචි ගොඩනැගිලි. මේ තත්ත්වය ත‍්‍රි’මල කෝනේශ්වරම්, හලාවත මුන්නේශ්වරම්, යාපනය නල්ලූර් කෝවිල්වල නෑ. ඉතාම දියුණුයි, සංවර්ධිතයි. නමුත් තවම කතරගම ඒ තත්ත්වය නෑ. සමහර ඉන්දියානුවෝ කියනවා කතරගමට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නෙ එහි පාලකත්වයට දිගටම සිංහල බෞද්ධයන් පත්වීම නිසා කියලා. මා ඒ කතාව ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ප‍්‍රකාශ කළා. හැබැයි ඉදිරි කාලයේදී කතරගම මහා දේවාලය තිරුපති දේවාලය තත්ත්වයට ගෙනැත් අංගසම්පූර්ණ ගොඩනැගිලි වශයෙනුත් පොදු පහසුකම් අතිනුත්, ආදර්ශමත් පාලනයක් අතිනුත් වෙනසක් කරනවා.”
මේ අනුව කතරගම දේවාලයට වෙනමම මල්වත්තක් කඩවර දේවාලය ළඟ නිර්මාණය වෙනවා. දැන් එහි වැඩ සීයට 90ක් අවසන්. ඒ වගේම කතරගම දේවාලය සතුව තවම ඉන්නෙ එක ඇතයි. පෙරහරවල් සේරටම යන්නෙ මේ ඇතා. සමහර දවස්වල දිනපතාම පෙරහරවල්. ඇතා මහන්සි පිට වුණත් එක දිගට යවන්න වෙනවා. ”අලූත් වන කතරගම”ට ඇත් සංචිතයක් ලබාදීමටත් දැනට සාකච්ඡුා වී තිබෙනවා. එබැවින් ඉදිරි වසර කීපය තුළ කතරගම පිළිබඳ චිත‍්‍රය සම්පූර්ණයෙන් වෙනස් වෙන යුගයක් වේවි.’’
බස්නායක නිලමේ ඞී.පී. කුමාරගේ මහතා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි පිරිසකගේ ශ්‍රද්ධාව, භක්තිය, බලාපොරොත්තුව, කැටි වුණ තැන් වල ආශ්චර්යවත් දේ සිද්ධවෙනවා. එවැනි හාස්කම් තිබෙන තැනක් තමා කතරගම දේවාලය. මිත්‍යාවක් නම් අවුරුදු සිය දහස් ගණනක් පවතින්න බැහැ.(ම)
මිත්‍යා විස්වාස අතර තරගයක්..(හේ)
කල් පසුවී හෝ මෙවැන්නක් කිරීම වාසනාවක්. දෙවි පිහිටයි! (නි)
බුදුන්වහාන්සේ දේශනා කළ කාළාම සුත්‍රය ලාංකික බෞද්ධයන්ට දිනපතාම අසන්නට ලැබේවා.කාළාම සුත්‍රයෙන් බුදුපියාණන්වහාන්සේ ලොවට දායද කළ ඒ මහාගු පණිවිඩය සියලුම දෙනාටම වහාවහා අවබෝධවේවා..! (බ)
දෙවියන් විශ්වාස නොකරන්නා ආත්මයක් නැති පුස්සක් පමණි. කතරගම දෙවියන්ගේ බලය දන්නෝ දනිති. නොදන්නෝ බහුබූත දොඩවති. උන්වහන්සේගේ නාමය සදාකල් වැජඹේවා. කතරගම පුණ්‍ය භූමිය දියුණුවෙන් දියුණුවට පත්වේවා.! (ර)
මිනිස්සු නොපෙනෙන දෙවියන්ගෙන් පිහිට යදිනවා. තමන්ගේ ආත්ම විශ්වාසය අතහරිනවා. (නි)
බොහොම වැදගත්, හරබර ලිපියක්. මීළඟ වාරයේ ම ශ්‍රී ලංකාවට ගියාම කතරගම දේව පූජාවට සහභාගිවී නව කතරගම අසිරිය බැලීමට අමතක කරන්නේ නැහැ. මට මතකයි අප පවුලේ සියලු දෙනා සමඟ පළමු වරට කිරිවෙහෙර වන්දනා කර කතරගම දෙවිදුන්ට පූජා පැවැත්වීම සඳහා ගිය ගමන. එදා අප ගියේ පැද්දෙන වැල් පාලමක් මතිනුයි. මහා දේවලයට පිවිසෙන දොරටුව අභියස අවන්හල්, විසිතුරු භාණ්ඩ විකුණන වෙළඳ සැල් නිසා එදා කතරගම පුදබිමක් හැටියට වඩා අපට පෙනුනේ එහෙන්මෙහෙන් අටවාගත් වෙළඳ භූමියක් ලෙසයි. කෙසේ වුවත්, දේවාල පරිශ්‍රයත් කිරිවෙහෙර පුදබිමත් ඒ සංකල්පනාව වෙනස් කරා.... (ම)
රුවන්, එහෙම කියන්න එපා. මම කතරගම දෙවියන්ගේ බැල්ම අත්දැක තිබෙනවා. මරණයෙන් 3-4 සැරයක් බේරිලා තියෙනවා. ඒ කතරගම දෙවි සමිඳුගේ බලයම නිසා කියලා මම හොඳටම විශ්වාස කරනවා, දන්නවා. (නි)
ජනක වැනි අය ඉන්නතුරු මිසදිටුවෝ රජවෙනවා. (නි)
ඇත්තටම මමත් කතරගම දෙවියන් බොහෝම ඉහළින් විශ්වාස කරනවා (නි)
හොඳ ලිපියක් (නි)
විශ්වාසය කරනවා යනු අපි ප්‍රත්‍යක්ෂයෙන් නොදන්නා දෙයක් ඇත්ත සේ පිළිගනිමයි. මෙහි ඇති භයානක පැත්ත නම් නියම ඇත්ත දැනගැනීමට ඇති අවස්ථාව මගහැරිමයි. විශ්වාසය නිසා තමා නොදන්නා දෙයක් දන්නවා යන වැරදි වැටහීම ඇතිවේ. මෙය ලෝකයේ යුද ගැටුම්, ත්‍රස්තවාදයට මුලික පසුබිම සපයා ඇත. එනිසා දේවත්වය අත්විදින්න විස්වාසය මත පදනම් නොවී. (කෞ)
හොද වැඩක්. නමුත් පෞරාණිකත්වය ඒ විදිහටම තියෙනවනම් හොඳයි. (ම)