IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇඹිලිපිටිය ගොවියෝ මණ්ඩලයට දත නියවා පෞද්ගලික වෙළෙඳුන් එන තුරු බලා සිටිති

(රෝහණ සමරවීර)

 මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය වලව විශේෂ බල ප්‍රදේශයට අයත්   කුඹුරුවල මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් 70% ක්  ප්‍රමාණයක් මේ වනවිට නෙලා අවසන්ව තිබේ.

එහෙත්  වී  ගොවීන් විසින්  එම  අස්වැන්න  වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණ වලට  අළෙවි නොකර පෞද්ගලික වෙළෙඳුන් එන තුරු බලා සිටින බව එම ප්‍රදේශවල ගොවි නියෝජිතයෝ පවසති.

පෞද්ගලික වී වෙළෙන්දන් තම කුඹුරු වලටම පැමිණ රජයේ අනුමත මුදලට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීම නිසා වී අලෙවි මණ්ඩලයට තම වී අස්වැන්න අලෙවි නොකරන බව ඇඹිලිපිටියල කුට්ටිගල, පදලංගල, වරායාය, උස්වැව, මොරකැටිය යන ප්‍රදේශවල වී ගොවිහු පවසති.

පෞද්ගලික වී මෝල් හිමියන් පමණක් මෙලෙස ගොවීන්ගෙන්  වී මිලදී ගතහොත් සහල් මිල පෞද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට හසුවෙන  බවත් එම හේතුවෙන්  ඉදිරියේදී සහල් මාෆියාවක් රටේ ඇතිවී පාරිභෝගිකයින් දැඩි පීඩනයට ලක්වීම නොවලැක්විය හැකි බවද  ජනතාව පවසති.

සහල් මිල  පෞද්ගලික වී මෝල් හිමියන්ගේ ග්‍රහණයට හසුවී සහල් මිල වැඩිකළ හොත් රජය සහල් විදෙස් රට වලන් ආනයනය කිරීම  පියවර ගතහොත් ඉදිරියේදී  ගොවියා නැවැත කබලෙන් ළිපට වැටීම නොවලැක්විය හැකි බවටද වී ගොවීහු බිය පළකර සිටිති.

එම නිසා රජය ගොවීන්ට නොමිලේ පොහොර ලබා දෙන නිසා ගොවීන්ගේ වී අස්වැන්නෙන් යම් කොටසක් අනිවාර්යෙන්ම රජයට අළෙවි කිරීම සදහා යම් කොන්දේසියක් හෝ පනවා මෙම ගැටලුවට මැදිහත් වන ලෙසට වී ගොවීහු රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ වනවිට තෙත වී ‘කපපු ගමන්* කිලෝවක සහතික මිල  රුපියල් 44 ක් වන අතර තෙතමනය ‍14% දක්වා ඇති වී කිලෝවක් රුපියල් 50  ක මිලකටත් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු  බවට ගොවි ගම්මාන වල දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ. අතර රජයේ වී ගබඩා වී මිලදී ගැනීම සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බවද ගොවි නියෝජිතයෝ පවසති.

රජයේ වී මිලදී ගැනීමේ පටිපාටිය එසේ වුවත්  පෞද්ගලික වී වෙළෙන්දන් එම රජයේ සහතික මිල අභිබවමින් පිළිවෙලින් තෙත වී කිලෝවක් රුපියල්45 ත් රුපියල් 46 අතර මිලකටද, තෙතමනය 14 ක් දක්වා ඇති වී කිලෝවක් රුපියල් 55 කට හෝ 56  ක් වැනි මිල ගණන් යටතේ කුඹුරටම පැමිණ තමන්ගෙන්  මිලදී ගන්නා බව ඇඹිලිපිටියේ වී ගොවීහු පවසති.

අපි වැඩි මිල ගණන් වලට වී මිලදී ගන්න එක ඇත්ත නමුත් පසු ගිය කන්න වලට වඩා මෙවර  40%  ක අස්වැන්න අඩුවීමක් තිබෙනවා.

මෙවර යල කන්නයේ ගොයමට වැලදී තිබුණු මයිටා රෝගය හේතුවෙන්  නමුත් ඉදිරියේදී හාල් මාෆියාවක් ඇති වන්නේ නැහැ. රජය හාල් වලට පාලන මිලක් දැම්මොත් කොහොමද අපි හාල් වැඩි මිලට විකුණන්නේ යැයි වී මිලදී ගැනීමට වෙල් යායකට පැමිණ සිටි ව්‍යාපාරිකයෙක් වන ඩබ්ගඅමරසිරි මහතා පැවසීය.

ඇඹිලිපිටිය මහවැලි අධිකාරි බල ප්‍රදේශයේ වී ගොවීන්ගේ වී මිලදී ගෙන එම අස්වැන්න ගබඩාකර ගැනීම සදහා මේවන විට කච්චිගල,  මොරකැටිය, කුට්ටිගල, අම්බලන්ගොඩ, සූරියවැව යන ප්‍රදේශ වල වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා සූදානම් කර ඇති නමුත් ඒවා  හිස්ව පවතින බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

කුට්ටිගල  වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේ කළමණාකරු එස්ගඑම්ගජේග නිරෝෂන් මහතාගෙන් මේ පිළිබදව විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සදහා රජය විසින් උපරිමයෙන් මුදල් ලබා දී තිබෙනවාග නමුත් පෞද්ගලික වෙළද ව්‍යාපාරිකයන් ගොවීන් ළඟට ගිහිල්ලා වැඩි මිලකට වී අස්වැන්න අරගෙන යනවාග එම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී අළෙවි කිරීමක් සිදු වන්නේ නැහැ,

කුටිටිගල ගබඩාවට පමණක් වී කිලෝ 2000 ක ප්‍රමාණයක් පමණයි මෙවර ලැබී තිබෙන්නේ අනෙක් සියලුම වී ගබඩා හිස්ව පවතිනවා. 

අපි ගොවීන්ට වාචිකව හා ලිඛිතව ඉල්ලීම් කරලා තිබෙනවා වී අලෙවි මණ්ඩලයේ ගබඩා වලටත් වී ප්‍රමාණයක් ලබා දෙන්න කියලා නමුත් එය රජයෙන් ගැසට් කරලා නැහැ. ඒ කෙසේ වෙතත් ගොවීන් අපට වී අලෙවි කරන්නේ . යයිද  එස්. එම්. ජේ. නිරෝෂන් මහතා පැවසීය.

 

 



අදහස් (2)

ඇඹිලිපිටිය ගොවියෝ මණ්ඩලයට දත නියවා පෞද්ගලික වෙළෙඳුන් එන තුරු බලා සිටිති

thilak Sunday, 23 August 2020 12:09 PM

මේ මිල තරගයෙන් දිනන්නේ ගොවියයි. එම නිසා මෙය හොඳ ප්‍රවනතාවක්. රජය කල යුත්තේ අවසානයේ පාරිභෝගිකයාට සාදාරන මිලකට සහල් ලැබෙනවාද යන්න සහතික කිරීම පමණි.

:       0       39

de silva Tuesday, 25 August 2020 09:16 AM

රජය කළ යුත්තේ සහල්වලට පාලන මිලක් දමලා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම, වෙළෙන්දෝ වී හැංගුවොත් රටින් ගෙන එන්න.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site