දකුණු ඇමෙරිකාවේ ඇමෙසන් මහා වන මැද මැෂ්කෝ පිරෝ නම් ගොත්‍රිකයන් පිරිසක් සිටින බව මින් වසරකට පෙර දැනගත් නමුත් ඔවුන්ගේ සමීප ඡායාරූප දැකගත හැකි වූයේ මෑතදීය. කැලෑ කපන්නවුන් හා තෙල් සමාගම් ඇමෙසන් වනාන්තරයට ඇතුළුවීමත් සමග මේ ගොත්‍රිකයින් ඔවුන්ගේ නිජබිම අතහැර ඇමෙසන් ගඟේ ඊසාන දිග ලාස් පියඩ්රාස් ගඟ අසබඩට පැමිණි බව සොයාගෙන ඇත. සෙසු ලෝකයේ මිනිසුන් හා කිසිම සම්බන්ධයක් නැති ඔවුන්ගේ පිරිමි නිර්වත්ත්‍රව සිටින අතර ගැහැණු යන්තම් විලි වසාගෙන සිටිති. දුනු හී අතැතිව කැලේ යන එන මේ ගෝත්‍රික ගැහැණු පිරිමි මිනිසකු දුටුවිට ආවේග ශීලිව හැසිරෙති. ඔවුන්ගේ ඡායාරූප පවාගෙන ඇත්තේ ඔවුනට හොරෙනි. කැස් බෑ බිත්තර අල බතල, මස්, මාළු, අල, කොළ, පණුවන් ද ඌරන් වැනි ටැපීර් හා පෙකිරි සතුන් ද මුවන් හා වඳුරන් ද මරා ආහාරයට ගැනීමට ඔවුහු පුරුදු වී සිටිති. ලොව නොදන්නා තවත් මෙවැනි ගෝත්‍ර 15ක් පමණ ඇමෙසන් වනාන්තරයේ සිටිතියි ද කැලෑ කැපීම හා තෙල් ගවේෂණ නතර නොකළහොත් ඔවුන් වඳ වී යතියි ද පරිසර විද්‍යඥයො කියති. සෙසු ලෝකයේ කිසිම මිනිසකුට මෙතෙක් ඔවුන් හමවීමට හැකි වී නැත.

2025 ඔක්තෝබර් මස 08
1428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙසන් ගෝත්‍රයට ශිෂ්ට මිනිසා අරහං